Match එක පරාද උනත් අපේ උන් කරපු දේ, මන් හිතුවේ අතට අහු වෙන එකකින් කෙලල අරි කියල
\
ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර පිටියේ පැවති තුන්වන එක්දින තරගයෙන්ද ශ්‍රී ලංකාව පරාජයට පත් වුනා. ලකුණු 362ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45යි පන්දු දෙකක් තුල සියලු දෙනා දැවී රැස් කරගත හැකි වුයේ ලකුණු 285ක් පමණි.
දිගින් දිගටම අවස්තාව නොලැබී නැවතත් කණ්ඩායමට එක්වූ සුපිරි පිතිකරු ධනංජය ද සිල්වා සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 66කදි ලකුණු 84ක් ලබා ගත්තේ තමන්ට අවස්තාව නොදුන් බලධාරීන්ට අතුල් පහරක් එල්ල කරමින්. ධනංජයගේ ඉනිමට හතරේ පහර අටක් සහ දැවැන්ත හයේ පහර තුනක් අන්තර්ගත වූවා. කෙසේ වෙතත් සෙසු කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට අවස්තාවක් හිමි වූයේ නැහැ.
මෙම පරාජයෙන් අනතුරුව බොහෝ දෙනාගේ අවදානයට ලක්වූයේ පල්ලේකැලෙ ක්‍රීඩා පිටියට එක්වූ රසිකයන් විසින් පරාජයෙන් පසුවද පිටියේ රැදි සිටිමින් ක්‍රීඩා පිටිය පිරිසිදු කිරීමයි.




source - nethgossip



