අපි මෙහෙම වැඩක් පටන්ගමුද ?

asankadinesg

Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    හරි කාලෙකට පස්සේ අද තමයි අලුත් දෙයක් කියලා දෙන්න වෙලවක් සෙට් වුනේ... අද කියලා දෙන්න යන්නේ කොහොමද Swingarm එකේ බුෂ්, බෙයාරින් ගහන්නේ කියලා.. මේකට පාවිච්චි කරලා තියෙන්නේ Yamaha FZ-16 එකක්. ඒ වුනාට අනිත් බයික් වලත් කරන්නේ මේ වගේම සමාන විදිහකට තමයි.. වැඩි කතා නැතුව වැඩේට බහිමු...

    හරි විදිහනම් කි.මී. 12000 වගේ Swingarm එක ගලවලා චෙක් කරලා grease කරන්න ඕන. ඒ වුනත් සර්විස් වල ඉන්න එවුන් කවදාවත් ඕව චෙක් කරන්නේ නෑ. උන් කරන්නේ කේබල් ඔයිල් කරලා, break හදලා, චේන් ඇජස්ට් කරලා, තව පොඩි වැඩ ට්කක් කරන එක විතරයි. ඉන්දියන් ජපන්කියලා වෙනසක් නෑ හරියට පාව්ච්චි කරනවනම් ඉන්දියන් බයික් වුනත් ගොඩක් කල් ලෙඩක් නැතුව පාවිච්චි කරන්න පුලුවන්...:yes::yes::yes:


    මේ වැ‍ඩේට අපිට ඕන වෙනවා....

    ස්විං ආම් බුෂ් දෙකයි..

    yf3i.jpg


    ස්විං ආම් බෙයාරින් දෙකයි. ( සමහර සර්විස් වලින්නම් බෙයාරින් 4 ගහනවා.එතකොට වැඩි කාලයක් අදින්න පුලුවන් )
    hit0.jpg


    ඔයිල් සීල් දෙකයි..( පරන ඔයිල් සීල් එක කැඩිලා නැත්තම් අලුත් ඒවා දාන්න ඕනේ නෑ. පරන එකම දන්න )
    xffu.jpg


    Lithum-based grease එකක් ඕන වෙනවා..
    2orj.jpg


    බයික් එක සෙන්ටර් ස්ටෑන්ඩ් ගහල තමයි වැඩේට බහින්න ඕන.
    lhtc.jpg


    දැන් පිටිපස්සේ ටයර් එක ගලවන්න ඕන..
    ga70.jpg

    7bnf.jpg


    දැන් පිටිපස්සේ එන මඩ්ගාඩ් එක වගේ එන එක ගලවන්න ඕන. 10 mm ඇණ 4 තියනවා ගලවන්න
    crv5.jpg

    g605.jpg

    jr94.jpg


    මේ තියෙන්නේ ගැලව්වට පස්සේ
    jilz.jpg


    දැන් ගියර් පැඩල් එක ගලවන්න ඕන. මේ වැඩේට ඇලන්කිය ක් ඕන වෙනවා..
    ztds.jpg

    r2c9.jpg


    ඊලගට මොනෝ ශොක් එක ගලවන්න ඕන. මේ ඇනේ ගැලවුවාම හරි..( 17 mm ඇණයක් තියෙන්නේ )
    g8h5.jpg


    දැන් ස්විං ආම් එක හයිවෙලාතියන ඇනේ ගලවන්න ඕන. මේකනම් ටිකක් බරදාලා කරකවන්න වෙයි. අනිත් එක තියෙන්නෙත් ලොක් නට් එකක්..
    k4vt.jpg


    දැන් foot rest එක සෙට්වෙලා තියන එක ගලවන්න ඕන.( 12 mm ඇණ 3 තියනවා)
    i7vv.jpg


    දැන් ඉස්සරහා ස්පොකට් කවර් එක ගලවන්න ඕන.. ( 10 mm ඇණ 2 )
    z2cs.jpg


    ඊලගට චේන් එක ගලවලා අයින් කරන්න.
    uw2l.jpg


    දැන් මෙහෙමයි පේන්නේ.
    6t2r.jpg


    ඊලගට මේ රබර් ගාඩ් එක ගලවන්න ඕන..
    65b0.jpg

    x4hb.jpg


    දැන් පිටිපස්සේ බ්රේක් ලයිට් ස්විච් එකට යන ලයින් එක ගලවන්න ඕන.
    0wuw.jpg

    6aa2.jpg


    ඔක්කෝම නට් ටික ගැලවුවනම් දැන් නිකම්ම ස්විං ආම් එක ගලවන්න පුලුවන්
    48t3.jpg

    de79.jpg

    f5k1.jpg


    හරි දැන් ස්ව්ං ආම් එකේ වැඩේ තමයි ති‍යෙන්නේ

    දැන් මේ thrust cover එක ගලවන්න
    lbas.jpg

    8xiq.jpg


    දැන් ස්විං ආම් බුෂ් එක ගලවන්න ඕන. මේක නිකම්ම තද කරාම ගැලවෙනවා
    h87m.jpg


    මේ තියෙන්නේ ස්විං ආම් බුෂ් එක.
    i39p.jpg


    0rj2.jpg


    දැන් ඔයිල් සීල් එක ගලවන්න ඕන. ඔයිල් සීල් එක තියෙන්නේ ස්විං ආම් එකේ ආතුල් පැත්තේ. මේක ගලවද්දි කැඩෙන්නේ නැතිවෙන්න ගලවන්න. එතකොට පරණ එකම ආයිත් දාන්න පුලුවන්.
    ix7x.jpg

    t6me.jpg


    දැන් තමයි ටිකක් අමාරු වැඩේ තියෙන්නේ. ඒ තමයි බෙයාරින් එක ගලවන එක..
    npwx.jpg


    මේකත් හොදයි නැත්නම් භුමිතෙල් ටිකක් දාලත් වැඩේ කරන්න පුලුවන්..
    en3x.jpg


    මේවගේ එකක් පාවිච්චි කරන්න බෙයාරින් එක ගලවන්න. නැත්නම් ලේත් එකකට ගියත් කරගන්න පුලුවන්..
    rhwk.jpg

    75xx.jpg

    j8sx.jpg

    hvq5.jpg


    මේ දේ ගෙදර කරනවනම් මතක තියාගන්න නිකම් බිම තියලා මේ විදිහට කරන්න එපා. ස්විං ආම් එක හීරෙනවා..

    මෙන්න බෙයාරින් එක ගැලව්වට පස්සේ.
    doqx.jpg


    මේ විදිහට දෙපැත්තෙම බෙයාරින් ගලවන්න ඕන. දැන් ස්විං ආම් එක භුමිතෙල් දාලා හොදට සුද්ද කරන්න..
    v85b.jpg


    තව චේන්, ස්පොකට් වගේ තැනුත් සුද්ද කරන්න.
    2t8k.jpg

    u3x0.jpg


    දැන් බෙයාරින් එක සෙට් වෙන තැන්ටිකේ හොදට Grease ගාන්න.
    0vko.jpg


    බෙයාරින් එක ගහද්දි කෙලින්න මිටියෙන් කෙලින්න එපා. ලෑල්ලක් එගේ එකක් තියලා ගහන්න. අනිත් එක හැම වෙලාවෙම බලන්න බෙයාරින් එක කෙලින්ම සමානව ඇතුලට බහිනවද කියලා. වැඩේ ශුවර් නැත්නම් ලේත් එකකට ගිහිනුත් කරගන්න පුලුවන්. ( මම නම් පලවෙනි පාර මේක කරන්නගිහින් බෙයාරින් 2ක්ම තලා ගත්තා. කොහෙමහරි අන්තිමට වැඩේ ගොඩ දාගත්තා.)

    qjer.jpg

    azg9.jpg

    u1xc.jpg


    දැන් ඔයිල් සීල් දෙකත් ගහන්න. ( ඔයිල් සීල් සෙට්වෙන්නේ ඇතුල් පැත්තෙන්)
    kebx.jpg

    39y8.jpg


    හරි දැන් බෙයාරින් ගී%ස් කරන්න.
    bdq5.jpg


    දැන් ස්විං ආම් බුෂ් දාන්න
    mz9y.jpg

    u8up.jpg


    දැන් රබර් ගාඩ් එක දාන්න
    95fo.jpg


    දැන් ඉතින් කෑලි ටික හයි කරන්න තමයි තියෙන්නේ
    zkvq.jpg

    xaz1.jpg

    8wfe.jpg

    nch4.jpg

    wety.jpg

    au8k.jpg

    zgf2.jpg

    uv34.jpg

    vvq2.jpg

    cche.jpg

    6rpy.jpg

    7vrw.jpg

    5lrd.jpg


    ඔන්න් වැඩේ ඉවරයි. :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    ස්වින්ග් ආම් එක ග්‍රීස් ගහන්න ඔය වගේ ඔක්කොම් අගලවන්නම ඕනද? නෑත්නම් නිකන් පිටින් ගහන්න පුලුවන් විදිහක් තියනවද
     
    Last edited:

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    මේ ටිකේම හරියට වැඩ.. එ නිසා කාලෙකින් එන්නත් බැරි වුනා.. අද නම් කියල දෙන්න යන්නේ පොඩි වැඩක්. ඒ තමයි කොහොමද බයික් එකට හැසාඩ් ලයිට් සිස්ටම් එකක් හයි කරන්නේ කොහොමද කියලා.. හැසාඩ් කියන්නේ ඩබල් සිග්නල් සිසිටම් එකට :D:D:D

    ගොඩදෙනෙක් මේ ස්විච් එක තමයි දාන්නේ එත් ඉතින් මේක දැම්මා කියලා ඒතරම්ම ලුක් එකක් එන්නේ නෑ කියලා තමයි මගෙනම් අදහස..
    i8bc.jpg


    මමනම් ඔය සිස්ටම් එකට යුස් කරන්නේ මේ සුවිච් එක. මේක හයි කරාම quality එකට තියනවා..
    rudm.jpg


    මේක හයිකරාට කොහොමද රිලේ එකට හයි කරන්නේ කියලා දැම්මේ නැත්නම් වැඩක් නෑනේ. දැන් දාන්න යන්නේ ඒක කරන විදිහ..

    සැයු - මචන්ලා කොයි වෙලාවකවත් බයික් එකේ ඔරිජිනල් වයරින් එක තැන් තැන් වලින් කපන්න එපා.

    මෙන්න ඩයග%ම් එක

    9wqe.jpg


    මෙතන IN 4001 Diode දෙකක් පාචිච්චි කරලා තියෙන්නේ ආරක්ෂාවට.

    අද නම් දාන්න පුලුවන් උනේ පොඩි පෝස්ට් එකක් තමයි.. අද හෙටම තව හොද පෝස්ට් එකක් දාන්නම්. එතකං ඔන්න අපි ගියා...


    පොඩි වැරැද්දක් වුනා.
    මෙතනට IN 4001 Diode දාන්න බෑ. බැට්රියෙන් එන ඇම්පියර් ගාන වැඩියි. ඒ නිසා IN 4001 Diode දෙක පට්ටට රත් වෙනවා. ඒ නිසා ඇම්පියර් 3 විතර ඩයෝඩ් 2 හයි කරන්න.. අනිත් එක Diode දාලා තියෙන්නේ ආරක්ෂාවට නෙමෙයි. Diode දැම්මෙ නැත්තම් සිගනල් දැම්මත් හැසාඩ් ඔන් වෙනවා. ඒක නවත්තන්න තමයි Diode දාන්නේ
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඔන්න මම ඊයේ ඩිස්ක් break pad මාරු කරා. කි.මී. 21000 පැද්දා ඔරිජිනල් ආපු දෙකෙන්. තව පදින්න පුලුවන්. ඒ වුනාට කෝකටත් කියලා අලුත් ඒවා දැම්මා.

    em7m.jpg


    3ogv.jpg


    iqnw.jpg


    qusk.jpg


    ඩිස්ක් break pad වලට රු 600 ගියා. පැය 1/2 වැඩක්....:yes::yes::yes::yes:
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ මම මාසෙන් මාසෙ ඩිස්ක් පෑඩ් මාරු කරනව බන්..
    වැස්සට සෙට් වුනාම ඉක්මනට යනව බන්... මාසයක් දෙකක් පරක්කු උනොත් ගෙවිල ඩිස්ක් එක හීරෙනවා. දැන් ඩිස්ක් එකට කෙළ වෙලා උපරිම.. ඩිස්ක් එක මාරු කරන්න වෙනව අද හෙටම..