අපි මොනවද කරන්නේ
පිස්සු වගේ ඕයි ,
ඒ අස්සේ
චීනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට කොරෝනා වෛරසය වැළඳුනහොත් සුදුසුම දේ චීනයේම සිටීම බව චීනයේ විදේශ භාෂා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ‘මා චුන්ග් වූ’ මහතා සඳහන් කරයි.
ශ‍්‍රී ලංකාවට වඩා ඉහළම වෛද්‍ය ප්‍රතිකාර චීනයේ ඇති බවද ඔහු සඳහන් කළේය.
දැනට වෛරසය පාලනය කිරීම 80% ක පමණ සාර්ථකත්වයක් ඇති බවත් ඉදිරි කෙටි කාලයේදී එය සම්පුර්ණයෙන්ම පාලනය කරනු හැකි බවත් ඔහු පැවසීය.
මෙම වෛරසයට ශ්‍රී ලංකාවට වඩාත් ඉහල වෛද්‍ය පහසුකම් තිබෙන නිසා හොඳම දෙය චීනය තුල සිටිනා තැන සිටීම ද ඔහු තව දුරටත් කියා සිටියේය.
චීනයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් ගෙන එන මගීන් දියතලාව හමුදා කඳවුරට ගෙන ඒම සම්බන්ධයෙන් එම දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන් විරෝධය පළකරති.
බදුල්ල දිස්ත්‍රික්කයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ දියතලාවේදී කොරෝනා රෝගී තත්ත්වයන් පරික්ෂා කිරීම සඳහා කිසිදු පහසුකමක් නැති බවයි.
එවන් තත්ත්වයකදී ඔවුන් වෛද්‍ය පරීක්ෂණ කටයුතුවලට නැවතත් කොළඹට ගෙන ඒමේදී ගැටලු ගණනාවක් ඇති වන බවද සංගමයේ සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.
දියතලාව හමුදා කඳවුරේ තබා ගත්තද මෙවන් වසංගතයක් පැතිර යාමට නතර කිරීමට ඔවුන්ට හැකියාවක් නැති බව සංගමයේ අදහසයි.
මෙවන් වෛරසයක් ආසාදිත පිරිසක් රට කෙළවරේ සිට රට මැදට ගෙනැවිත් දැමීම තවත් ගැටළුවක් ඇති කිරීමක් බවද ඔවුන් පෙන්වා දෙයි.
කොරෝනා වෛරසය වේගයෙන් පැතිරී ගොස් ඇති චීනයේ ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට සියලූ කටයුතු සූදානම් කරමින් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ඔවුන් මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු සති දෙකක කාලයක් සඳහා දියතලාව හමුදා කඳවුරේ විශේෂ රැඳවුම් කොටසක් සූදානම් කර ඇතැයිද අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
එම සිසුන් කොරෝනා රෝග ආසාදිතයන්දැයි මෙම රැදවුම් කාලයේදී පරීක්ෂා කිරීමට නියමිතව තිබේ.
පිස්සු වගේ ඕයි ,
ඒ අස්සේ




