අපි මොන ගොඩට ද ?

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    sri_lanka_hotels.jpg


    ලබන වසර සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සඳහා යෝජනා ලබා ගැනීම මේ දිනවල සිදුකෙරෙනවා. මීට අදාළ සාකච්ජාවක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජනාධිපතිවරයා අතර ඊයේ පැවැත්වුණා. ඒ, අරලියගහ මන්දිරයේදීයි. මෙම අවස්ථාවට එක්වු ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, 2011 - 2015 කාලය තුළ දී කි‍්‍රයාත්මක කිරීමට නියමිත සාර්ව ආර්ථික සැලසුම් පිළිබඳව පුළුල් විග‍්‍රහයක් ඉදිරිපත් කරනු ලැබුවා. ශී‍්‍ර ලංකාව ආසියාවේ නැගී එන රටක් බවට පත්කිරීමේ රජයේ අරමුණ සාර්ථක කිරීමේ ප‍්‍රතිපත්ති රාමුව යටතේ මෙම සාර්ව ආර්ථික සැලසුම් ඉදිරිපත් කර ඇති බව සඳහන්. ප‍්‍රාදේශීය සංවර්ධනය වෙනුවෙන් වැඩසටහන් 09 ක් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ හඳුනාගෙන තිබෙනවා.
    රුහුණු උදානය, උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය, සබරගමුව අරුණාලෝකය, වයඹ පුබුදුව, රජරට නවෝදය, කඳුරට උදානය, පුබුදමු වෙල්ලස්ස සහ බටහිර රන් අරුණ මෙම ප‍්‍රාදේශීය සංවර්ධන වැඩසටහන් 09 යි. 2015 වසරේදී මෙරට ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් පන් දහසේ මට්ටමට ළඟාකර ගැනීම ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.


    මේකේ උඹලා වැටෙන්නේ මොන ගොඩටද කියලා රිප්ලයි එකක් දාලා යන්න අමතක කරන්න එපා.


     
    Last edited: