අපි රටේ පාලකයෝ තෝරන විදිය හරිද?

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මැතිවරණයකින් වෙන්නේ ජනප්‍රියම පුද්ගලයන් රට පාලනය කරන්න තෝරාගන්න එක. ඇත්තට ජනප්‍රියම පුද්ගලයන්ද නැත්නම් දක්ෂම පුද්ගලයන්ද රටක් පාලනය කලයුත්තේ?

    අපි හිතමු මහා මැතිවරණෙට ඉල්ලන්න ඉස්සෙල්ල යම් කිසි standard evaluation process එකක් තියෙන්න ඕනා කියල. එකෙන් ඒ evaluation එකේදී, එක එක කැටගරි වලින් points දෙන්න ඕන. positive and negative points. එකෙන් අවශ්‍ය points ගාන නැති යම් සෙට් එකක් drop වෙන්න ඕනා. ඉතුරු ටිකට තමයි nomination දෙන්න ඕන. ඊට පස්සේ එක එක පුද්ගලයා ගත්ත ලකුණු ප්‍රසිද්ද කරන්න ඕනා. ඊට පස්සේ election එකේදී මිනිස්සුන්ට පුළුවන් කැමති අයට ඡන්දය දෙන්න.

    hypothetical ඒවා වෙන්න පුළුවන්, එත් මන් කැමති මේක ගැන උඹලගේත් මේ වගේ තියන පිස්සු අදහස් දැනගන්න?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලකුණු දීල ප්‍රසිද්ද කරාම ලකුණු වැඩි එකාට චන්දෙ දෙන්න කියල නොකියා කියනව වගේ වැඩක් වෙනවනෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    baiyo , wahallu, toiyo, samajawadiyo, kuddo, baddo, ballo, eki meki noki serama innakan owa wedak ne,
    monawa kiuwath echarai, onama horu tika goda dagena wahalu wage inna
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ලකුණු දීල ප්‍රසිද්ද කරාම ලකුණු වැඩි එකාට චන්දෙ දෙන්න කියල නොකියා කියනව වගේ වැඩක් වෙනවනෙ.

    ඒක මචන්, points breakdown එකත් එක්කම ප්‍රසිද්ද කලාම. මොන කැටගරීස් වලින්ද පොර ලකුණු දාලා තියෙන්නේ කියල මිනිස්සු දැනගන්නවා. සහ negative points වලින් උගේ අවුල් පැති මිනිස්සු දැනගන්නවා. ඉතින් මේ කරුණු උදව් වෙනවනේ කෙනෙක් ට තීරණයක් ගන්න.මේක නිකන් hypothetical එකක්. වැඩි දියුණු කරන්න අඩුපාඩු ඕනෑතරම් ඇති. මීට වඩා හොඳ solutions අනිවාර්යෙන් ඇති. හිතට එන ඒවා දාපන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,813
    113
    මේ රට හදන්න බෑ බන්. හදන්න හිතන මහන්සියත් අපරාදේ. අපේ උකන්නලට ඕන මී හරක් ටිකට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට හෙන ගහපන්, ගංවතුර ගලපන් කිය කිය ඉන්න තමයි.
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ඕෂදී නම් ප්‍රසිද්ධ කරා එයාගේ ලකුණු ....184ක් කිව්වා ..ශිෂ්‍යත්වෙන්....:yes::yes::D
     
    • Haha
    Reactions: Nimesh777

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,588
    72,784
    113
    මාලඹේ
    මේ රට හදන්න බෑ බන්. හදන්න හිතන මහන්සියත් අපරාදේ. අපේ උකන්නලට ඕන මී හරක් ටිකට ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට හෙන ගහපන්, ගංවතුර ගලපන් කිය කිය ඉන්න තමයි.
    රට හදන්න කලින් උබ හැදියන් බං.
    රට නිකම්ම හැදෙයි 🤣🤣🤣🤣
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    අනේ ඔබ එවන් පාලකයකු වේ නම්...

    පාලකයෙක්‌ වෙන්න අපි මොනතරම් කැමතිද? පංති කාමරයක වේවා, වැඩබිමක, ආයතනයක, පන්සලක, ගමක, නගරයක, රටක පාලකයා, නායකයා වෙන්න අකමැති කෙනෙක්‌ නොමැත. ඔබ ඔබෙන් අහල බලන්නකො නායකයෙක්‌ වෙන්න ඔබ අකමැතිද කියලා. ඔබ දැනටමත් නායකයෙක්‌ වෙන්න පුළුවන්. මිනිසා තරග කරන්නේද, සටන් වදින්නේද, අනුනට කැපිලි කෙටිලි දමන්නේද නායකත්වයට පාර සකස්‌ කර ගැනීමටය. නැතිනම් නායකත්වය ආරක්‍ෂා කරගැනීමටය.

    වෛරය, ක්‍රෝධය, සැකය නායකත්වය සොයා යන ගමනේ අතුරු ඵලයක්‌ය. නායකත්වය සෙවීම මිනිසාට පමණක්‌ උරුම දෙයක්‌ නොවේ. සෑම සත්වයෙකුටම පොදුය. සත්වයා මහා අකුසල් ප්‍රමාණයක්‌ රැස්‌ කරගන්නේ මේ නායකත්වයට ඇති ගිජුභාවය නිසාය. මෙවැනි අකුසල් රැස්‌කරමින් ඔබ මේ පාලනය කිරීමට යන්නේ කවුරුන්වද? අනුන්මය. අනුන්ව පාලනය කිරීමට යන ඔබ මොහොතක්‌වත් සිතුවාද තමාට තමාවත් පාලනය කර ගැනීමට නොහැකි ලෝකයක තමාට අනුන්ව පාලනය කිරීමට නොහැකි බව. කවුද ඔබට මේ අවබෝධය ලැබීම වලක්‌වන්නේ. තන්හාවයි. අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකරගනිමින්, විවිධ සටකපට උපක්‍රම යොදමින්, මුසාබස්‌ දොඩවමින්, නැතිගුණ පෙන්වමින් ඔබද පාලනය මුවහත් කරගන්නවා.

    බලය උදෙසා මොනතරම් ගහමරා ගන්නවාද, පාවාදීම් කරනවාද, කුලල් කාගන්නවාද, අනුනට මඩ ගසනවාද? බලයට ඇති කෑදරකම, ගිජුබව නිසාම තළුමරමින් ඉහත චර්යාවන් සිදුකිරීම බලය ලබාගැනීමට කළයුතු චාරිත්‍රයක්‌ බවට පත්වෙලා. මේ හැම දෙයම මේ අය සතුටින්මයි කරන්නේ. තිබෙන සැප ආරක්‍ෂා කරගන්න, ඇති සැප වැඩිකරගන්න, නැති සැප ඇතිකරගන්න ලෝකය පස්‌සෙ දුවනවා. දුක්‌ විඳිමින් සැප සොයනවා. වර්තමානයේ සොයන සැප ලැබිලා නැහැ. ඒ නිසා අනාගතය තුළ සොයනවා. ඔවුන් දන්නෙ නැහැ අනාගතය කියල කියන්නෙ වර්තමානයටමයි කියලා. වර්තමානයමයි අතීතය වූවේත් කියලා. මේ අයට හති දැනෙන්නෙ නැහැ. විඩාවක්‌, නිදිමතක්‌ දැනෙන්නෙ නැහැ. සැප සෙවීමට, ආරක්‍ෂා කරගැනීමට, වැඩිකර ගැනීමට ඇති තන්හාව නිසා.

    තන්හාව කියන්නේ හොඳ දක්‍ෂ මැහුම්කාරියක්‌. ඇය විසිහතර පැයේම ඉඳිකටුවයි, නූලයි අත තබාගෙනයි සිටිනුයේ. ඉන්ද්‍රියයන්ට පස්‌සයවන හැම කැමැත්තක්‌ම තද මැස්‌මකින් මසන්න. දක්‍ෂ මැහුම්කාරියගේ මේ වෙලීම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. කැමැත්තෙන්ම සසර බන්ධන වලට කොටුවෙන සත්වයාට, මේ තන්හාවේ මැහුම්කාරිය අතදිගහැර උදව්කරනවා. කුමක්‌ සඳහාද? ඔබව බවය සමඟ බන්දන්න, උපාදානය කරවන්න. අපිට හිතෙනවා ලෝකයේ දක්‍ෂම මැහුම්මහන දරුවෝ ඉන්නේ කටුනායක පැත්තේ කියලා. ඒත් ඒක මුලාවක්‌. ඒ අය මහන මැහුම් අවුරුද්දකින්, දෙකකින් නැතිනම් පහකින් දිරලා යනවා. ගැලවිලා යනවා. ඒත් තන්හාවේ මැහුම්කාරිය මහන මැහුම, ගසන වෙළුම කල්ප ගණනාවකට කැඩෙන්නේ නැහැ. ඇයට විඩාවක්‌, නිදිමතක්‌, වෙහෙසක්‌ නැහැ. හැම තත්පරයකම ඔබ ඉදිරියේ ඇය සීරුවෙන් සිටිනවා. ඔබට පස්‌සය වන සෑම රූපයක්‌ සමඟම ඔබව වේදනාව විඳීමට සලස්‌වනවා. ඇලීම්, ගැටීම්, උපේක්‍ෂා වශයෙන්.

    ඔබ කවදාහරි නිවීම ලබන්නේ තන්හාවේ මැහුම්කාරිය හඳුනාගෙන ඇයගෙන් මිදුනුදාටය. එතෙක්‌ ඔබ කුසල් අකුසල් පිsරුණු මඟක නායකයින්ද, පාලකයින්ද වීමේ දොළදුක සංසිඳුවාගැනීමට අකුසල්ම කරගසාගනිමින් ගමන් කරයි.

    තිරිසන් ලෝකයේ සතුන් සහ පක්‍ෂීන් දෙස ඔබ හොඳින් බලන්න. ඔය තිරිසන් සතුන් කිසිවෙක්‌ රාත්‍රියට හෝa දවාලට එක දිගට පැයක්‌ නිදාගන්නේ නැහැ. ඒ සතුන්ට නිදාගන්න වාසනාවක්‌ නැහැ. පිනක්‌ නැහැ. ගසක අත්තක්‌ සෙලවුනොත්, කොළයක්‌ වැටුනොත්, තවත් සතෙකුගේ හඬක්‌ ඇසුනොත්..... මේ ආකාරයට නිරතුරුව බියට පත්වී නින්ද කැඩෙනවා. තිරිසන් සතුන් මුළු රැයම නිදාගන්නේ බයෙන්. මෙය අහම්බයක්‌ නොවේ. කර්ම විපාකයක්‌මයි. කර්මය තමයි පෙර ජාතිවල මිනිස්‌ ආත්ම වල ඉපැදිලා ලොකු කුඩා පාලකයෝ වෙන්න ගිහින් කරපු අකුසල්. මිනිස්‌සු බියගන්වලා, පීඩනයට පත්කරලා, මුලාකරලා, අතීත භවවල කරපු අකුසල් මරණින් මතු විපාක දෙන්නේ ඔය විදිහට. ලොකු කුඩා පාලකයන්, නායකයන් මියගිය පසු පාංශකූල පොලේදී අනුශාසනා, දේශනා, ගුණකථා, බැනර, ශෝක ප්‍රකාශ, සැරසිලි වලින් ඔවුන්ව නිවන් දැක්‌වුවද සැබෑ යථාර්ථය කටුකය. ඔබ හොඳින් නිරීක්‍ෂණය කර බලන්න. තිරිසන් සත්ව ප්‍රජාවේ නායකත්වය වෙනුවෙන් එම සතුන් වියරුවෙන් ගැටෙන හැටි. වියරුව මරාගනිමින් නායකත්වයට සටන්වදින විලාසය. මේ සියල්ල එම සතුන්ගේ සංසාරික හුරුපුරුදුය.

    ශ්‍රී සද්ධර්මය පවතින අවස්‌ථාවක, වාසනාවන්ත මනුෂ්‍ය විලාසයක්‌ ලබා, නායකත්වයට ඇති ගිජුභාවය නිසා, අනන්ත අප්‍රමාණ අකුසල් සිදුකර තිරිසන් ආත්මයක්‌ ලැබූ පසු, නැවතනම් කල්ප ගණනාවකට සුගතිගාමී ජීවිතයක්‌ නම් ලැබිය නොහැකිය. මන්ද තිරිසන් සත්ව ප්‍රජාව තුළ ඇති වෛරය නිසා දුකෙන් දුක කරාම, තිරිසන් ලෝකයෙන් නිරය කරාම ඇදී යාම එම ස්‌වභාවය නිසාය. බලන්නකො මේ තරම් වටිනා මනුෂ්‍ය ජීවිතයක්‌ ලබපු ඔබ, අනුන්ව පාලනය කරන්න ගිහිල්ලා කල්ප ගණන් අපාදුක්‌ විඳින සත්වයන් බවට පත්වෙනවා. මොන තරම් අවාසනාවක්‌ද.

    හැබැයි සමහරු ඉන්නවා, පෙර පිං නිසාම ආයාසයකින් තොරවම නායකත්වය, ප්‍රධානත්වය ලැබෙනා අය. ඒ අය බදාගැනීමකින්, තෘෂ්ණාවකින් තොරවම නායකත්වය දරනවා. බහුතරයේ අකමැත්තෙන් නායකත්වය අතහරිනවා. ඔහු තමන්ට ලැබූ අවස්‌ථාව නිසා කුසලයක්‌ රැස්‌කරගන්න දක්‍ෂ වෙනවා. ඔබම සිතන්න. ඔබ බදාගත්තොත් ඔබට උරුමවන්නේ සතර අපායමය. ඔබ අතහැරියොත්, මධ්‍යස්‌ථවූවොත් ඔබට සුගතිය උරුමවෙනවා.

    මේ ලෝකයේ සැබෑම ශ්‍රේෂ්ඨම පාලකයා තමයි, මෙලොව තමාට පාලනය කිරීමට තරම් දෙයක්‌ නොමැති බව දකින තැනැත්තා. ඔහු ඉන්නේ සම්මා සම්බුද්ධ ශාසනයක පමණයි. ඒ තමයි අරිහත් උත්තමයා. උන්වහන්සේ තමා තුළ තමා නැතැයි දකිනවා. මම තුළ සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැතැයි දකිනවා. කුමක්‌ද එහෙනම් මෙතැන තිබෙන්නේ. වේගයක්‌. ඇතිවෙමින් නැතිවෙන රූපයක්‌ සහ සිතක්‌ පමණක්‌ බව දකිනවා. පස්‌සය නිසා හටගන්නා වේදනාව සත්වයාව ක්‍රියාකාරීත්වයට පත්කරනවා. ඇතිවුනාවූ පස්‌සයද, වේදනාවද අනිත්‍ය බව උනවහන්සේ අවබෝධයෙන් දකිනවා. පාලනය කිරීමට යමක්‌ නොමැති තැන පාලකයෙක්‌ අවශ්‍ය නැහැ. දැන් බලන්න පාලනය කිරීමට කිසිවක්‌ම නොමැති තැනක, පාලකයෝ වෙන්න ගිහිල්ලා මිනිස්‌සු මොන තරම් මෝහයකද වෙලී සිටින්නේ. අනේ දෙවියනේ අවිµව මොනතරම් අසාධාරණයක්‌ද මේ සතවයාට කරන්නේ.

    පාලකයන්. ප්‍රධානීන්, නායකයන් වෙන්න වෙරදරන ඔබට ලෝකයේ ශ්‍රේෂ්ඨම පාලකයා වෙන්න මඟක්‌ තියෙනවා. ඔබ මේ මඟ දිනාගත්තොත් එම ජයග්‍රහණය නැවැත උදුරාගන්න මේ තුන්ලෝකයේම කිසිවෙකුටත් බැහැ. ඔබට කරන්න තිබෙන්නේ සුළු දෙයයි.

    "සිතේ පාලනයෙන් ඔබ මිදෙන්න. සිත පමණක්‌ ඔබේ පාලනයට යටත්කරගන්න"

    මෙතෙක්‌ කල් ඔබ ක්‍රියාත්මක වූයේ ඔබට අයිති නැති සිත ඔබට අණකළ මග ඔස්‌සේය. ඔබ මේ මොහොතේම ඔබේ සිතට නියෝග කරන්න. "දැඩිව" නියෝග කරන්න.

    "සිත ඔබ මෙතුවක්‌ කාලයක්‌ ඔබට අවශ්‍ය ආකාරයට මාව ක්‍රියාත්මක කළා. සතර අපායට, දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝකවල ගාල්කළා. කල්ප ගණන් සංසාරයේ ඇවිද්දුවා. මෙතුවක්‌ කල් මම අවිµdව නිසා ඔබට රැවටුණා. මින්මතු ඔබ කියන දේ කරන්නේ නැහැ. මම කියන දෙය ඔබ කළ යුතුයි"

    ඔබට පුළුවන් නම් මේ තීරණය ක්‍රියාත්මක කරන්න, ඔබ තමයි මේ ලෝව ශ්‍රේෂ්ඨතම පාලකයා. ඔබට අයිති නැති, ආගන්තුක සිතක්‌, ඔබව බවයේ සිරකරුවෙක්‌ කරගෙන සිටින අසාධාරණයෙන් ඔබව මුදාගන්නා ශ්‍රේෂ්ඨම පාලකයා ඔබ වෙනවා.

    ඔය ඇතිවන නැතිවන සිත ඔබේ පාලනයට ගතහොත්, ඔබට පුළුවන්කම ලැබෙනවා මුළු විශ්වයේම පාලනය ඔබ අතට ගන්න. රටක්‌, නරගයක්‌, ගමක්‌, ආයතනයක්‌, පන්සලක්‌, ආරණ්‍යයක්‌ නොවේ මුළු විශ්වයම. ඔබේ නිවන් මෙහෙයුමේදී සමාධියේ උපරිම තලයකට පැමිණෙන විටක, ප්‍රඥාව විසින් මුළු විශ්වයම අනිත්‍යභාවයේ වේගයෙන් සියුම්කොට ඔබ ඔබේ දෝතට ගන්නවා. රූපය අනිත්‍යභාවයට පත්වෙන වේගය තුළින් විශ්වය යනු තම දෑතට ගතහැකි හිස්‌දෙයක්‌ය යන්න ඔබ දකිනවා. ප්‍රඥාවෙන් ඔබ විශ්වය ඔබේ ග්‍රහණයට ගන්නවා. මෙතෙක්‌ විශ්වයේ පාලනයට යටත්වූ ඔබ, විශ්වය යනු අතිදැවැන්ත වේගයට හසුවන, සතරමහා ධාතූන්ගේ ස්‌වභාවයක්‌ බව අවබෝධයෙන් දකිනවා. මෙතෙක්‌ විශ්වය ලෙසින් ඔබ දකිමින් සිටියේ පස්‌සය නිසා හටගන්නා වේදනාවක්‌ බව දකිනවා. ඔබට දැනෙනවා ඔබ ලෝකයෙන් එතෙරවුනාය කියලා. සමාධියේ උපරිම තලයකදී ඔබට වැඩෙන ප්‍රඥාව තුළිනුයි විශ්වයේ පාලනය ඔබට ලබාදෙන්නේ. ඔබ කවදාවත් හිතන්න එපා මොන ධ්‍යානයේදීද ඔබට මේ ඥාණයන් ලැබනේනේ කියලා. එහෙම හිතුවොත් ඒවා කෙළෙස්‌ ධර්මයන්. එසේ වුවහොත් නිවීම ඔබෙන් ඈතට යනවා. මේවා ධර්මයේ ආශ්චර්යයන්. හේතුඵල ධර්මයන්. හේතුව තමයි සැබෑ මධ්‍යම ප්‍රතිපදාවේ හික්‌මීම. තුන් සිවුරත් පාත්‍රයත් හැර ඉතිරි සියල්ල අතහැරීම. අත්හැරීමෙන් අර්ථවත්වූ නිවන් මඟ අවසන් මෙහෙයුමේදී, අතහැරීමේ උපරිමය නිසාම තීව්‍රර වන ප්‍රඥාව විසින් ඔබට මේ ගුණයන් ලබාදෙයි. ජීවිතයේ එක්‌වරක්‌ පමණක්‌ මේ ඥානදර්ශනයන් පහළවේ. ඔබට ඒවා නැවත නැවත ආවර්ජනය කර දැකිය හැකිය. එහෙත් දැන් ඔබට මේවා අවශ්‍ය නැත. එය තවත් සිදුවීමක්‌ පමණක්‌මය. සියල්ල අයිති අනිත්‍යයටය. සිදුවූ එකම දෙය ඔබ ප්‍රමාදයෙන් මිදීම පමණකි. අප්‍රමාදීව කළයුත්ත කරගත්තා පමණකි.

    මනුෂ්‍ය ලෝකයේ අනුන්ගේ පාලකයෝ වෙන්න ගිහින්, සතර අපායට වැටෙන තමන්ගෙ සිත පාලනය කරගෙන ලෝකයෙන්ම එතෙරවෙන්න. ලෝකයම ප්‍රඥාවෙන් සියුම්කර ඔබේ දෑතට ගන්න. සැබෑ පාලකයෙක්‌ වන්න. නැවත ලෝකයට නොඑනා ලෙසින්ම ලෝකයෙන් සහමුලින්ම මිදීයන්න. සැනසිල්ලේ නිවීයන්න. සතියෙන් සිහියෙන් යුතුව, ස්‌වභාවධර්මය දෙස බලන්න. එවිට ධර්මයද, විනයද යන දෙකම ඔබ කෙරෙන් ආරක්‍ෂාවනු ඇත. ධර්මය සහ විනය පතපොතින් සොයා නොයන්න. නමුත් දැනුම ලැබීමටනම් ඔබ පතපොත නිරතුරුව පරිහරණය කරන්න.

    SOURCE: https://www.facebook.com/MahaRahathunWediMagaOsse/posts/d41d8cd9/2140437459405404/
     
    • Like
    Reactions: Nimesh777

    Sen-lu

    Well-known member
  • තියරියක් විදිහට සැහෙන්න හොඳයි. MARXISM වගේ පොතේ තියෙන කම් හොඳයි. ප්‍රායෝගිකව කරන්න අමාරුයි (අමාරුයි කියන්නෙ බැම වගේ තමයි)

    අපි අර ඡන්දෙ ක්‍රමේ වෙනස්‌ කරා මතකයිනේ. ඒකත් අනාගත්ත එකේ මේතරම් complex system එකක් අපේ උන් කොහොම අනා ගනීද.

    හැබැයි කණාවට වත් පත්තු උනොත් හොඳ system ekak වෙයි.
     
    🙏
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,044
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    එතකොට ඔහොම කරනවා කියමුකෝ..කවුද පොයින්ට් දෙන්නේ..කවුද පොයින්ට් දෙන නිර්නායක නීරණය කරන්නේ ..විද්වත් මඩුල්ලක්ද. ..එතකොට කවුද ඒගොල්ලන්ව පත් කරන්නේ... :rolleyes2:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක මචන්, points breakdown එකත් එක්කම ප්‍රසිද්ද කලාම. මොන කැටගරීස් වලින්ද පොර ලකුණු දාලා තියෙන්නේ කියල මිනිස්සු දැනගන්නවා. සහ negative points වලින් උගේ අවුල් පැති මිනිස්සු දැනගන්නවා. ඉතින් මේ කරුණු උදව් වෙනවනේ කෙනෙක් ට තීරණයක් ගන්න.මේක නිකන් hypothetical එකක්. වැඩි දියුණු කරන්න අඩුපාඩු ඕනෑතරම් ඇති. මීට වඩා හොඳ solutions අනිවාර්යෙන් ඇති. හිතට එන ඒවා දාපන්.
    මැතිවරණ කොමිසම වගේ එකකින්නං නිල වශයෙන් ඔහොම ලකුණු දීල ඒ අනුව නාමයෝජනා බාරගන්න ප්‍රතික්ෂේප කරන වැඩේ හරියන්නේ නෑ හැමෝටම සම අවස්ථා දෙන්න එපැයි. මැකෝ නිතරම කියන්නේ "ලංකාවේ ලොකු පොඩි පක්ෂ කියල ජාතියක් නෑ තියෙන්නෙ පක්ෂ, ජනප්‍රිය අපේක්ෂකයෝ කියල ජාතියක් නෑ හැමෝම අපේක්ෂකයො" කියල. ඔහොම ලකුණු දෙන්න ගියාම ලකුණු වැඩි එකාට නොනිල තල්ලුවක් දුන්න වෙනව කොච්චර සාධාරණව ලකුණු දාල තිබුනත්.

    ස්වාධින ආයතනයකින් වගේ නං ඔහොම වැඩක් කරන්න පුළුවන්. අර manthri.lk එකේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලගෙ වැඩ බලල පළවෙනිය දෙවනිය කියල ලැයිස්තුවක් දාල තියෙන්නෙ ඒ වගේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    එතකොට ඔහොම කරනවා කියමුකෝ..කවුද පොයින්ට් දෙන්නේ..කවුද පොයින්ට් දෙන නිර්නායක නීරණය කරන්නේ ..විද්වත් මඩුල්ලක්ද. ..එතකොට කවුද ඒගොල්ලන්ව පත් කරන්නේ... :rolleyes2:
    මැතිවරණ කොමිසම වගේ එකකින්නං නිල වශයෙන් ඔහොම ලකුණු දීල ඒ අනුව නාමයෝජනා බාරගන්න ප්‍රතික්ෂේප කරන වැඩේ හරියන්නේ නෑ හැමෝටම සම අවස්ථා දෙන්න එපැයි. මැකෝ නිතරම කියන්නේ "ලංකාවේ ලොකු පොඩි පක්ෂ කියල ජාතියක් නෑ තියෙන්නෙ පක්ෂ, ජනප්‍රිය අපේක්ෂකයෝ කියල ජාතියක් නෑ හැමෝම අපේක්ෂකයො" කියල. ඔහොම ලකුණු දෙන්න ගියාම ලකුණු වැඩි එකාට නොනිල තල්ලුවක් දුන්න වෙනව කොච්චර සාධාරණව ලකුණු දාල තිබුනත්.

    ස්වාධින ආයතනයකින් වගේ නං ඔහොම වැඩක් කරන්න පුළුවන්. අර manthri.lk එකේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලගෙ වැඩ බලල පළවෙනිය දෙවනිය කියල ලැයිස්තුවක් දාල තියෙන්නෙ ඒ වගේ.

    This!

    ස්වාදීන ආයතනය පත් කරන්නේ කව්ද? කෙටියෙන්ම කියනවා නම් පාලකයෝ පත් කරන අය පත් කරන්නේ කව්ද කොහොමද?
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    oken democracy nathiwenawa
    karanna thiyena hodama de thama iskole kale idan politics wala practical side eka wage dewal aniwarya karala ugannanna one. Minissunge deshapalana saksharathawa ihalata dammoth hoda kattiya parliment ewi.
    wade thiyenne dan inna godak un owa karanna kemathi ne moko dannawa unta shot eka wadinawa kiyala. Minissu moda wima unta wasi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    This!

    ස්වාදීන ආයතනය පත් කරන්නේ කව්ද? කෙටියෙන්ම කියනවා නම් පාලකයෝ පත් කරන අය පත් කරන්නේ කව්ද කොහොමද?
    ඒකෙන් අදහස් කරේ කොමිසම ලකුණු දාන වැඩේ සාධාරණ වෙන්න වෙන කාටහරි පවරනව කියන එක නෙවෙයි කොමිසම පරණ පුරුදු විදිහට වැඩේ කරගෙන යනව. කැමති අයට ස්වාධීනව තමන්ගේ ක්‍රම වලට ලකුණු දාල ප්‍රසිද්ද කරන්න පුළුවන් ඒකෙන් නාමයෝජනා ගන්න එකට කිසිම බලපෑමක් නෑ. මිනිස්සුන්ට කැමති නං අරක බලල ඒ අනුව හොඳ උන් බලල චන්දෙ දෙන්න පුළුවන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,640
    14,286
    113
    ඒකෙන් අදහස් කරේ කොමිසම ලකුණු දාන වැඩේ සාධාරණ වෙන්න වෙන කාටහරි පවරනව කියන එක නෙවෙයි කොමිසම පරණ පුරුදු විදිහට වැඩේ කරගෙන යනව. කැමති අයට ස්වාධීනව තමන්ගේ ක්‍රම වලට ලකුණු දාල ප්‍රසිද්ද කරන්න පුළුවන් ඒකෙන් නාමයෝජනා ගන්න එකට කිසිම බලපෑමක් වෙන්න බෑ. මිනිස්සුන්ට කැමති නං අරක බලල ඒ අනුව හොඳ උන් තෝරගන්න පුළුවන් අකමැති නං නිකන් ඉන්න පුළුවන්.

    ඒක ඉතින් දැනුත් කරන්න පුළුවන් නේ. elections වල කිසි වෙනසක් නෑ කැමති උන් ලකුණු දාල පෙන්නනවා.
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඒකෙන් අදහස් කරේ කොමිසම ලකුණු දාන වැඩේ සාධාරණ වෙන්න වෙන කාටහරි පවරනව කියන එක නෙවෙයි කොමිසම පරණ පුරුදු විදිහට වැඩේ කරගෙන යනව. කැමති අයට ස්වාධීනව තමන්ගේ ක්‍රම වලට ලකුණු දාල ප්‍රසිද්ද කරන්න පුළුවන් ඒකෙන් නාමයෝජනා ගන්න එකට කිසිම බලපෑමක් වෙන්න බෑ. මිනිස්සුන්ට කැමති නං අරක බලල ඒ අනුව හොඳ උන් තෝරගන්න පුළුවන් අකමැති නං නිකන් ඉන්න පුළුවන්.

    හරි, ලකුණු දාන එක පැත්තකින් තියපන්කෝ. අඩුම තරමේ අවම අධ්‍යාපන සුදුසුකමක්වත් බලන්නේ නැනේ. දැක්කනේ ග්‍රාමසේවකයෙක් රට කරපු හැටි.