Agreed. හැබැයි මචන්. ජනතාවට තෝරන්න දෙන ලිස්ට් එකෙන් පිට චන්දෙ දෙන්න බැනේ. ඉතින් අවම වශෙයන්. රටක් පාලනය කරන පුද්ගලයෙක් ට තියෙන්න ඕන සුදුසකම් තියනවද නැද්ද කියල බලන එක වැරදිද? දැන් company එකකට කෙනෙක් hire කරද්දී, එන CVs ඔක්කොම final round එකට ගන්නේ නැනේ. අදාල requirements නැති උන් CV screening වලින් drop කරනවා. සුදුසු සෙට් එක interview කරවන එයාලගෙන් කැමති කෙනෙක් තෝරාගන්නවා.
උඹලා කියන දේ හරි දැනට තියන රාමුව තුල. මන් මේ කියන්නේ out of box සීන් එකක්. නිකන් සාකච්චාවක් සඳහා පමණයි.
අනික මේක කවදාවත් කරන්න දෙන්නේ නැති එකක්. මොකද system එක run කරන උන්ම එපැයි මේක වෙනස් කරන්න. උන් කවදාවත් ඔහොම දෙයක් කරන්නේ නැ. මන් මේක දවල් දැක්ක හීනයක්.