අපි ලංකාවට එනවා

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    අපි ලංකාවට එනවා

    අපි ලංකාවට එනවා: චෝදනාවලට පිළිතුරු දෙන්නත් ලෑස්තිවෙන්න




    knikc.jpg



    ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වහා සොයා බලන්නැයි ජාත්‍යන්තර ප‍්‍රජාව අවස්ථා කිහිපයකදී ලක් රජයෙන් ඉල්ලීම් කළ බවත් එහෙත් ලංකාව එම ඉල්ලීම් පිළිබඳ නිසි අවධානය යොමු නොකළ බවත් බ්‍රිතාන්‍ය නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය නික් ක්ලෙග් පවසා තිබේ. එරට පාර්ලිමේන්තුව අමතමින් ඔහු පෙන්වා දෙන්නේ ශ‍්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දීමට ලංකාවේ රජයට සිදුවනු ඇති බවය.



    ශ‍්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනාවලට ද පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේදී පිළිතුරු ලබාදිය හැකි බවද බි‍්‍රතාන්‍ය නියෝජ්‍ය අග‍්‍රාමාත්‍ය නික් ක්ලෙග් වැඩිදුරටත් පවසා තිබේ. මේ අතර සමුළුවට සහභාගි වීමට තම රජය තීරණය කර ඇති බවද බ්‍රිතාන්‍ය පැවසීය.



    Link