අපි වෙනුවෙන් අපි
අපි වෙනුවෙන අපි අරමුදල යටතේ අනුරාධපුර ඉපොලෝගම ඉදිකල රනවිරු නිවාස යෝජනා ක්‍රමයේ නිවාස සදහා රණවිරු පවුල් වලින් මුදල් අයකර ගැනීමට රජය කටයුතු කිරීමට එරෙහිව ඊයේ සවස රණවිරු පවුල් 1500ක් පමණ සහභාගීත්වයෙන් විරෝධතාවක නිරතව තිබේ.
ජනාධිපතිවරණයට පෙර උත්සවාකාරයෙන් මෙම රණවිරු ගම්මානයේ නිවාස රණවිරු පවුල්වලට භාරදී තිබේ. නමුත් එම නිවාසවල මූලික අවශ්‍යතා හෝ සැපිරී තිබී නැති අතර නිවාස සදහා රුපියල් 30000 ට වඩා වැයකර විදුලිය සහ ජලය ලබා ගැනීමට නිවාස ලාභීන්ට සිදුව තිබේ.
මෙසේ තිබියදී එම එක් නිවසක් සදහා රණවිරුවකුගේ වැටුපෙන් ලක්ෂ 8ක මුදලක් මාස් පතා රුපියල් 4000 බැගින් වෙන් කර ගන්නා බවට රජය දැනුම්දී ඇත.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් පෙන්වාදෙන්නේ "අපි වෙනුවෙන් අපි" අරමුදලෙන් රටේ ජනතාවගෙන් මුදල් එක්රැස්කර රණවිරුවන් වෙනුවෙන් සකසා දුන් මෙම නිවාස වලින් මේ ආකාරයෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම කණගාටුවට කරුණක් බවයි. එමෙන්ම යුද්ධය නිමාවී වසරක් ගතවීමටත් පෙර රණවිරුවන්ට මේ ආකාරයෙන් සැලකීම මගින් ආණ්ඩුවේ බොරු දේශප්‍රේමයේ නිරුවත හෙළිදරව් වූ බවද ඔවුන් පවසයි.

"අපි වෙනුවෙන් අපි" අරමුදලින් හැදූ නිවාසයකින් ලක්ෂ 8 බැගින් රජය අය කර ගනී.