අපි වෙනුවෙන් වෙහෙසෙන සේවකයොත් Herman Miller පුටුවක ස
ඊලියන් ගුණවර්ධන
කළමනාකාර අධ්යක්ෂ
JAT Holdings
මිටි බැඳෙන රම්පේ කොළ කැපෙන විට දැනෙන සුවඳ විඳි කාලයේ ඊලියන් පුංචි කොලුවෙකි. ඒ සුවඳ පරදා අලුත් තීන්ත සුවඳ නැඟෙන කල ඔහු ධන කුවේරයෙකි. ව්‍යාපාර තරුවකි. දුකත් සතුටත් කඳුළත් සිනහවත් අතර ගලා ආ ජීවිතයේ ගල් මෙන් ම මල් ද විය. ඔහු තරුවක් වූයේ ඒ සියල්ල අබිබවා යන්නට ගත් අවදානම නිසාය.
මේ ඒ අවදානමේ කතාවයි.
JAT Holdings සමාගම හදපු ඔබ ව්‍යාපාර නායකයෙක් ද.... ව්‍යාපාරිකයෙක් ද....
ඔය හැඳින්වීම් දෙකට ම වඩා, 'යමක් වඩා හොඳින් ම සහ වෙනස් විදියකට කරන්න හිතන කෙනෙක්...' කියන හැඳින්වීමටයි මං කැමැති.
ව්‍යාපාරික ඉලක්ක හඹා යෑමේදි ඔබ කොහොම කෙනෙක් ද...
ව්‍යාපාරික ඉලක්කවලදි ප්‍රබල ම කාරණය වෙන්නේ ලාභය. ලාභයක් නැති බිස්නස් කරලා වැඩක් නැහැ. හැමදේ ම කරන්න නම්, ව්‍යාපාරය හොඳින් පවත්වාගෙන යෑමයි, වැදගත්. ලාභයක් නැතිනම් ව්‍යාපාරයක ඉදිරියක් නැහැ.
ජීවිතයේ ප්‍රධාන අරමුණත් මුදල් ඉපැයීම ද...
නැහැ. සතුට විඳීම. මං බිස්නස් එකක් වුණත් තෝරාගන්නේ, කරන්නේ සතුටක් තියෙනවා නම් විතරයි. සතුටින් කරන දේ සාර්ථකත්වය කරා යනවා.
ඔබේ ව්‍යාපාර තුළ සතුට රැඳිලා තියෙන්නේ කොහොමද...
JAT ලාංඡනය තුළ ම දලුලන පුංචි කොළ දෙකක් තිබෙනවා. ඉන් අර්ථ ගැන්වෙන්නේ සොබාදහම. මං සොබාදහම අසීමිතව විඳින කෙනෙක්. අවුරුදු තුනකට කලින් හදපු මේ JAT ගොඩනැඟිල්ල ලබන මාර්තු වන විට සම්පූර්ණයෙන් ම වෙනස් හරිත ගොඩනැඟිල්ලක් බවට පත් කරනවා. අපේ සෑම නිෂ්පාදනයක්මත් පරිසර හිතකාමියි. ඉතින්, වැඩ කරන පරිසරය සහ අපි නිෂ්පාදනය කරන දේ පිළිබඳ මං විශාල සතුටක් තෘප්තියක් විඳින කෙනෙක්.
මොකක්ද JAT අර්ථය....
ජෙස්වි සහ ටිරෝන් කියන මගේ අයියලා දෙන්නත් මාත් එකතුව පටන් ගත් ව්‍යාපාරයක් මේක. අපේ නම්වල මුල් අකුරු වලින් හදපු නම තමයි JAT. පස්සෙ කාලෙක ඒ දෙන්න ම ව්‍යාපාරයෙන් ඉවත් වුණා. මං JAT නමත් එක්ක ව්‍යාපාරය දිගට ම කළා.
ලොව මිල අධිකම 'Office chairs' මෙරටට ගෙන්වන්නෙත් ඔබ...
ඔව්. Herman Miller… කියන්නෙ ඇමරිකාවේ නිපදවන ලෝකයේ මිල අධිකම කාර්යාල පුටු. රුපියල් අසූදාහෙන් පටන් ගත්ත ම එක්ලක්ෂ හැත්තෑ දහස දක්වා මිල ගණන් දිවෙනවා. අපේ රටේ ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වාඩිවෙන්නෙත් JAT සමාගම ප්රදානය කළ මේ පුටුවල. ඒ වගේ ම අපේ සමාගමේ සෑම සේවකයෙක් ම වාඩි වෙන්නෙත් Herman Miller පුටුවල. අලෙවි කරලා ලාභයක් ලබනවා වගේ ම ඒ වෙනුවෙන් මහන්සිවන අයත් එවැනි පුටුවක සුවපහසුව විඳිය යුතුයි.
ඔබ සේවකයන්ට හොඳින් සලකන Boss කෙනෙක් හැඩයි...
තමන් වැඩකරන්නේ සතුටින් පිරුණු පරිසරයක නම්, සේවකයන්ගේ ඵලදායිතාව වැඩියි. තුන්සිය දෙනකුට 'බුෆේ - ලන්ච්' එකක් නොමිලයේ දීම ලේසි නැහැ. නමුත් JAT සමාගම එහෙම කරනවා. ආයතනයක් දියුණු වෙන්නෙ එහි හිමිකරුවා නිසා හෝ 'Boss' කෙනෙක් නිසාම නෙවෙයි. ටීම් එකක් විදියට වැඩකරන නිසා. ඒක මං හැම වෙලාවෙ ම හිතනවා.
ඔබ සමාගමේ බහුතරය, පිටරට නිෂ්පාදන. ඒවා අපේ රටට මොන තරම් ගැළපෙනව ද කියන එක ගැන ඔබ හිතනවද... නැද්ද...
හුඟක් හිතනවා. ඒ නිසාම, ලොව ඉහළ ම තත්වයේ නිෂ්පාදන පමණයි අප ගෙන්වන්නේ. Permoglaze සහ Crown තීන්ත වර්ග ගෙන්වන්නේ එංගලන්තයෙන්. ආරම්භයේ පටන් Sayerlack ගෙන්වූයේ ඉතාලියෙන්. Herman Miller කාර්යාල පුටු ඇමරිකාවෙන්. ඔය වගේ ලොව සුපතළ Brands පමණයි අප ගෙන්වන්නේ. ඒවා ඉහළම තාක්ෂණයෙන් සහ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන.
පිටරටින් ගෙන්වා තීන්ත බෙදාහරින ඔබ, මේ කර්මාන්තය ගැන මොනවද දන්නේ...
හැම දේම. අපිට කර්මාන්තශාලා දෙකක් තිබෙනවා. තීන්ත බිඳුවක් ගාණේ හැදෙන හැටි අවශ්‍ය සංයෝජන.... මිශ්‍රණය..... අමුද්‍රව්‍ය මේ සියල්ල පිළිබඳ දැනුමක් නැතිනම් මේ වැඩේ කරන්න බැහැ. මේ කර්මාන්තය තුළ කාට, මොන ගැටලුවක් ආවත් 'ඊලියන්ට කතා කළොත් දැනගන්න පුළුවන් ෙවයි...' කියලා හිතෙන තැන මං ඉන්නවා.
තමන් ගැන පමණට වඩා විශ්වාසය තැබීම, (Over Confidence) ව්‍යාපාරිකයකුට හොඳ දෙයක්ද...
කරන දේ හරියට කිරීම තුළ පමණක් නෙවෙයි, මට එහෙම හිතන්න තවත් විශාල කාරණාවක් බලපානවා. ඒ, දෙවියන් වහන්සේ පිළිබඳ විශ්වාසය. ඕස්ට්‍රේලියාවේ මගේ පළමු ගේ ගන්නකොට මං ලොකු මුල්‍ය ප්‍රශ්නෙකට මුහුණ දුන්නා. මගේ සැපයුම්කරුවන්ට නියමිත දිනයට එක දවසක් හෝ කලින් මුදල් ගෙවීමයි මගේ ප්‍රතිපත්තිය. ගේ ගනිද්දි ඉතාලියට ඒ මුදල් යැව්වා. ගේ පිළිබඳ තීරණය තිබුණේ වැට උඩ. නමුත් නොහිතපු විදියට ඉතාලියේ නීතිමය ප්‍රශ්නයක් උඩ සැපයුම්කරු මුදල් ආපසු එව්වා. ගනුදෙනුව ප්‍රමාද වුණා. මට ගේ ගන්න පුළුවන් වුණා. ඉන් පස්සේ මං ඕස්ට්‍රේලියාවේ ගෙවල් තුනක් ගත්තා. ලොකු කමක් නෙවෙයි, අපි යමක් හිතනවා නම්, ඊට කැපවෙනවා නම් ඒ තැනට අප ඔසවා තබන කෙනෙක් ඉන්නවා කියලයි මට කියන්න ඕනේ.
මොකක්ද ඔබේ Management Style එක...
මගේ හැම සේවකයකුටම මං කියලා තියෙන්නේ 'ඊලියන්' කියලා මට පළමු නමින් කතා කරන්න කියලා. ඒ සංස්කෘතිය ගොඩනඟන්න මං හුඟක් උත්සාහ කළා. හුඟක් අය ඒකට කැමැති වුණේ නැහැ. අන්තිමේ ඉහළ කළමනාකාරිත්වය එක්ක රහස් ඡන්දයක් තැබුවා. 23ක් තිබුෙණ් 'No' කියලා. 'yes' එක්කෙනයි. ඒ මං විතරයි.
ඔය දේවලින් සියයට සියයක ප්‍රතිලාභයක් සේවක මට්ටමින් ආයතනයට ලැබෙනවද...
මං හැමෝටම පඩි ගෙවන්නේ සියයට අනූනවයක් නෙවෙයි. සියයට සියයක්. මං එහෙම ගෙවනවා නම්, හොඳින් සලකනවා නම් පෙරළා, ඔවුන්ගේ සේවය ද මං එලෙසම බලාපොරොත්තු වනවා. තමන් තමන්ට Leader කෙනෙක් වෙලා වැඩකරනවටයි මං කැමැති. කවුරුවත් කාටවත් supervice කරන්න අවශ්‍ය නැහැ. එහෙම වෙනවා කියන්නේ. ආයතනයක් සිය සේවකයන් ඇදගෙන යාමක්. මං ඒකට කැමැති නැහැ.
ඔබ කේළම් මත තීන්දු තීරණ ගන්න Boss කෙනෙක් ද...
කිසිසේත් නැහැ. කේළම් කියාගෙන එන අයට මගේ ආයතනයේ තැනකුත් නැහැ.
සේවකයන්ගේ වැරැදි අඩුපාඩුවලට සමාව දීම Boss කෙනකුගේ යුතුකමක් කියලා ඔබ හිතනවද...
මම එහෙම අයට හැදෙන්න අවස්ථා දෙක තුනක් දෙනවා. බැරිම නම් අස්කරලා දානවා. එහෙම තීරණයක් ගන්න බැරි නම් එයා සාර්ථක පාලකයෙක් නෙවෙයි. අනෙක් අතට හොඳ ආකල්ප නැති මිනිසුන් තියාගන්න එක ආයතනයකට විෂයි.
කවුද ඔබ කැමැතිම ජාත්‍යන්තර ව්‍යවසායකයා...
'Sir Richard Brandson….' මගේ මිත්‍රයා. ඔහු, Virgin Group එකේ නිර්මාතෘ. ගුවන් සමාගම්.... තරු හෝටල් ඇතුළු සමාගම් 400 ක් ඔහුට අයිතියි. ඔහුගේත් මගේත් Management Style එක තරමක් සමානයි. ඔහු ඉතා දක්ෂ ව්‍යාපාර නායකයෙක්. කටපුරා කිව හැකි ජ්‍යෙෂ්ඨයෙක්. ඔහුගේ පෞරුෂත්වය ආකල්ප සහ දැඩි අවදානම් ගැනීමේ කැමැත්ත කියන ගතිගුණවලට මං හුඟක් කැමැතියි. අපේ රටේ හොඳ මනුෂ්‍යයන් හැටියට පිළිගත හැකි ව්‍යාපාරිකයන් හිටියට හොඳ නායකත්වයක් දීපු අය අඩුයි.
මොකක්ද ඔබේ පළමු රස්සාව...
Yahala Group සමාගමේ සභාපතිගේ Personal Assistant. වයස දහ අටයි. ඒ රස්සාව කරන ගමන් මං 'CIM' Marketing Exams කළා. තානාපතිවරුන් ප්රභූවරු, ඉහළ ව්‍යාපාරිකයන් ඇතුළු ඉහළ පැළැන්තියයි, ඔහුගේ ගනුදෙනුකරුවෝ. මං තමයි හැමදේ ම සම්බන්ධීකරණය කළේ. ඒ රස්සාවෙන් මං හොඳ සමාජ සබඳතා ජාලයක් ඇතිකරගත්තා. අවුරුද්දකට පස්සෙ 'Medical Rep' කෙනෙක් වෙලා වෙනත් සමාගමකට ගියා. අවුරුදු 24 වෙනකොට ඩෙල්මේජ් සමාගමේ Marketing Manager වුණා.
අවදානම් ගැනීම ව්‍යාපාරික ජීවිතයට මොන තරම් වැදගත් කියලද ඔබ හිතන්නේ...
අවදානම තුළමයි දියුණුව තිබෙන්නේ. මං ඩෙල්මේජ් සමාගමෙන් අස්වෙලා තනියම තීන්ත, MDF බෝඩ් සහ දැව ආරක්ෂක, ආනයනය කරන්න පටන් ගත්තෙ අවදානමක් අරන්. ප්‍රාග්ධනයක් අතේ නැතිව, මිනිස්සු සහ කර්මාන්තය ගැන විතරක් දැනගෙන ඒ වැඩේට අත ගැහුවේ ස්ථිර රස්සාවත් අත් හැරලා. එතකොට මට වයස 25 යි. දරු දෙන්නෙකුත් ඉන්නවා. දැඩි විශ්වාසයකින් සහ කැපවීමකින් වැඩ කිරීම තුළ ඕනෑම කෙනකුට අවදානම හොඳ අතට හරවා ගන්න පුළුවන්.
පළමු බිස්නස් එකෙන් උපයපු ලාභය මතකද...
මුළු අවුරුද්දට ම ලක්ෂ දෙක තුනක් හොයන්න ඇති. 1993 - 1997 තමයි ව්‍යාපාරයේ පහුකරපු අමාරුම කාලය. ඒ ආරම්භක යුගයේ වුණත් මට හොඳ පාරිභෝගික ජාලයක් හිටියා. ඔවුන් මාව හුඟක් විශ්වාස කළා. හැම අවුරුද්දෙන් අවුරුද්දකම ඉදිරියට ගියා මිස අපි වැටුණෙ නැහැ.
ව්‍යාපාරය වෙනුවෙන් ඔබ ගත් හොඳම තීරණය මොකක්ද...
Product range එක වැඩි කරන අතර ම නිසි තැන්වලට නිසි පුද්ගලයන් යෙදවීම. ඉතාලියෙන් සහ මැලේසියාවෙන් තමයි මං හොඳම තීන්ත සහ දැව ආරක්ෂක ගෙන්වූයේ. අවුරුදු 14 කට පෙර බංග්ලාදේශයේ මාකට් එකටත් මාලදිවයිනටත් ව්‍යාපාර පුළුල් කළා. අද ඉන්දියාවට නියෝජිතවන එකම ශ්‍රී ලාංකික ආයතනය වෙන්නෙත් අපි.
ඔබ පවුලේ කී වැනියද...
අයියලා දෙන්නෙක් සහ අක්කට පස්සෙ මං. මට පස්සෙ නංගි. අනෙක් හැමෝටම වඩා වෙනස් විදියට හිතුව දරුවෙක් මං. මිදුල අතුගෑවත් මං ඒක කළේ මගේ ම ඩිසයින් එකකට. හැම වෙලාවෙම මට ඕන වුණේ අම්මට උදව් වෙන්න. ඇත්තටම මං තමයි පවුලෙ හොඳම පුතා. වයසට වඩා හුඟක් දේ ගැන, ඉදිරිය ගැන මං හිතුවා.
පුංචි පුතෙකුගේ ලෝකයේ වීරයා තාත්තා. ඔබට තාත්තා දැනුණෙ කොහොමද...
මට අවුරුදු හයේදියි තාත්තා නැති වුණේ. තාත්තගේ මිනිය ගෙනියන්න හදද්දි, මං තාත්තගේ මූණ ඉඹලා හදිසියෙන් දුවලා ගියා කියලා අම්මා කියනවා. මගේ තාත්තා 'Lloyd of London' රක්ෂණ සමාගමේ ශ්‍රී ලංකා කළමනාකාර අධ්යක්ෂවරයා. තාත්තගේ නමත් ලොයිඩ්. ඒ නිසා ක්ෂේත්රයේ තාත්තව හැඳින්වූවේ 'Lloyd of Lloyds' නමින්. ලොකු වෙනකොටයි මං දැනගත්තෙ තාත්තා එයාගේ ක්ෂේත්රයේ නමක් හදපු කෙනෙක් වග. ඒ ආඩම්බරය බෙදාගන්නවත් මං ලොකු සමාගමක් හැදුවා කියලා දකින්නවත් තාත්තා අද නැති එක ගැන දුකයි.
අධිෂ්ඨානය.... අරමුණු.... ඒ ළමා කාලයේත් ඔබට තිබුණ ද...
මං ඉස්කෝලෙ යන කාලෙ ඇති තරමට, රගර් ෆුට්බෝල් ඇත්ලටික් කළා. උසස් පෙළ කරන කාලෙ පාසල් රග්බි කණ්ඩායමේ නායකයාත් මං. මොන සෙල්ලම කළත් විභාග සමත් වෙනවා කියන අධිෂ්ඨානය මට තිබුණා. මං ඒ වෙනුවෙන් වැඩ කළා. ඉලක්කයට ගියා.
අම්මගෙ දැඩි පාලනයෙන් ඔබට මිදෙන්න බැරි වෙන්න ඇති...
කිසිසේත් නැහැ. අම්මා අපිට නිතර දෙවියන්වහන්සේ ගැන, හොඳ නරක ගැන කියා දුන්නට සිගරට් බොන්න එපා... අරක එපා... මේක එපා.... කිව්වෙ නැහැ. අදටත් මං සිගරට් එකක් අල්ලන්නවත් කැමැති නැහැ. ඒ එදා අම්මා ලබා දුන් අවබෝධයට මිස බයකට යටත් වෙලා නම් නෙවෙයි.
එතකොට ඔබ පාසල් ගියේ...
ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලට. අයියලත් එහෙමයි. අක්කයි නංගියි ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයට.
'ව්‍යාපාරික ඥානය....' ඔබට ලේ උරුමයෙන් ලැබුණු දෙයක්ද...
නැහැ. ඒත් මගේ ඇඟේ තිබුණා. අවුරුදු එකොළහක වයසෙදි, අම්මා එපා කියද්දී දෙහිවල අපේ ගේ පිටුපස්සෙ ලොකු රම්පෙ පඳුර කපලා බයිසිකලේ තියාගෙන ගිහින් මං දෙහිවල මාකට් එකේ වෙළෙන්දන්ට විකුණලා තියෙනවා. ඒ රම්පෙ පඳුර දලුලන පඳුරුලන ගාණේ මං ඒකෙන් යම් මුදලක් හෙව්වා. අම්මා ඉස්කෝලෙ යන්න දීපු බස් ෆෙයාර් එක කැටේට දාලා හැමදාම රේල්පාර දිගේ ඇවිදගෙන ඉස්කෝලෙට ගියා. මහන්සිවෙලා යම් මුදලක් හෙවීම එකතු කිරීම ඒ කාලෙත් මං ආසා කළා.
ජීවිතයේ දුක් අමාරුකම් කවදාවත් ඔබට දැනිලා තියෙනවද...
මං රම්පෙ විකුණලා හොයපු සල්ලි දුන්නෙ අම්මට. තාත්තා නැති ගෙදර අම්මා බොහොම අරපිරිමැස්මෙන් වැඩකරන හැටි දැකලා පුංචිකමට මං එහෙම කරන්න ඇති. දවසක් අම්මා ගෙදර සල්ලි හිඟ කතාවක් කියද්දි, 'මගේ කැටේ රුපියල් විසිහතරක් ඇති අම්මා ඒක ගන්න... කියලා මං කිව්වලු. මට මතකවත් නැති පුංචි කාලේ මං එහෙම කළේ හැඟීමක් තිබුණු නිසා. අයියලා ඇඳපු ඇඳුම් ඇන්ඳා මිස මං අම්මගෙන් අලුත් දෙයක් ඉල්ලුවා කියලා මට මතක නැහැ.
ඔබ අද සමාජෙට උදව් කරනවද...
ඔබ දන්නවද... මං සෙන්ට් තෝමස් ශිෂ්‍ය නායකයෙක් වූ දවසෙ පින්තූරේ, මගේ කලිසම අඟල් ගාණක් කොටයි. මොකද මට තිබුණෙ එක යුනිෆෝම් එකයි. අපි උස ගියාට, ඒ ඇඳුුමම හෝද හෝදා ඇන්දා. මේ දේවල් හොඳට මතකයි. ඒ නිසාම උදව් උපකාර අවශ්‍ය තැනක මං දෙපාරක් හිතන්නෑ. JAT සමාජ සත්කාරක හැම වැඩසටහනක් ම ක්‍රියාත්මක කරන්නේ ඒ උතුම් සිතුවිල්ලෙන්.
ප්‍රශ්නවලට මුහුණ දෙන එකද ලේසි, මඟ හැරලා ඉන්න එකද...
ඒවා එක්ක හැපිලා ඒවට මුහුණ දීලා විසඳුමත් හොයාගෙන ඉක්මනින් නිදහස් වෙන්නයි මං කැමැති. ප්‍රශ්න මඟ හරින්නවත් ඒවා එක්ක ජීවත් වෙන්නවත් මං කැමැති නැහැ. ව්‍යාපාරයක් වුණත් පාඩු ලබනවා නම් වහලා දානවා.
ඔබ 'වාසනාව' විශ්වාස කරනවද...
මට අනුව නම් වාසනාව උදා වෙන්නේ මහන්සියෙන් වැඩකරන මිනිසුන්ට. ඒක දෙවියන්වහන්සේගෙන් අපිට ලැබෙන දෙයක්.
එතකොට ඔබ ජ්‍යොතිෂය විශ්වාස කරනවද...
කොහෙත් ම නැහැ. මේ එක ව්‍යාපාරයක්වත් ගොඩනැඟිල්ලක්වත් හැදුවේ ඔය කිසිම වෙලාවක් නැකතක් බලලා නෙවෙයි. ඕවා පස්සෙ යන එක විහිළුවක්. මං විශ්වාස කරන්නේ මං කරන දේ ගැන සහ දෙවියන් වහන්සේ පිළිබඳ විතරයි. අවුරුදු 24ක් ගතවෙලා. මං ජාත්‍යන්තර ක්ෂේත්රයේ විසිරුණු ව්‍යාපාරයක් හදලා. අද වෙනකල් මට වැරැදිලා නැහැ.
දැන් ඔබේ වයස කීයද...
මේ අවුරුද්දට 50 යි. මට අවුරුදු 26ක දුවක් ඉන්නවා. එයා අනීකා. ගිය මාසෙ විවාහ වුණා. පුතාට වයස 23 යි. රිචඩ් මේ සමාගමේ අධ්යක්ෂවරයෙක්. අකීනා මගේ පුංචි දූ වයස දහයයි.
ඔබ හුඟක් දෙවියන් ගැන කතා කරනවා. ජීවිතය තුළත් මේ කතා කරන දේ තිබෙනවද...
මං පල්ලිය බදා ගත් කතෝලිකයෙක් නෙවෙයි. හැබැයි මගේ ජීවිතයේ දැක්මක් තිබෙනවා. ඒ දැක්ම තුළ මනුෂ්‍යත්වය තිබෙනවා. දේව වචනය අනුව ජීවත් වෙන්න උත්සාහ කරනවා.
අවුරුදු 50ක් වෙලත් කොහොමද ඔය තරුණ පෙනුම රැකගන්නේ...
මං ප්‍රශ්නවලින් ඔළුව පුරවගන්න කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේ කියන්නෙ, 'ඔබේ ප්‍රශ්න මට බාර දෙන්න....' කියලා. ව්‍යායාමවලින් වගේම, ලෝකෙ වටේ සංචාරය කිරීමෙනුත් මං විශාල ආස්වාදයක් ලබනවා. මං කොහොමටත් සතුටින් ජීවත්වන කෙනෙක්.
එතකොට මේ රටට තව තවත් රැකියා අවස්ථා හදන එක සතුටක් නෙවෙයිද...
පවුල් තුන්සියයක් JAT සමාගම හා බැඳිලා ජීවත් වෙනවා කියන එක සතුටක් තමයි. ඒ වුණත් මාත් ජීවත් වෙන්නේ වැඩකරන අය නිසානේ. ඒක දෙපාර්ශ්වයට ම බෙදිලා යා යුතු සතුටක්.
මොකක්ද ඔබෙන් කෙනකුට ගන්න පුළුවන් ලොකුම ආදර්ශය...
අවංකව වැඩ කිරීම. තමන් කරන හැම දේකටම අවංක විය යුතුයි.
ෆැෂන්වලට ඔබ හුඟක් වියදම් කරනවද...
ලස්සනට අඳින්න පලඳින්න හොඳ වාහනයක් පදින්න, ලෝකෙ වටේ ඇවිදින්න, මං හුඟක් ආසයි. ඒ වෙනුවෙන් වියදම් කිරීම වරදක් නෙවෙයි. හම්බ කරනවා වගේ ම ජීවිතය විඳින්නත් මිනිස්සු පුරුදු වෙන්න ඕනේ.
කවුරු හරි හිතනවා නම් ඊලියන් ගුණවර්ධන කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕනේ...
අවදානම ගන්න දෙපාරක් නොසිතිය යුතුයි. ජීවිතේ පුංචි තැනෙකින් හරි ආරම්භ කළ යුතුයි. කරන වැඩේ ගැඹුරට ම බැහැලා හදාරලා කළ යුතුයි. මගේ ජීවිතයේ හිමින් ගමන් නැහැ. හිතුවා කළා. වැරදුණොත් අත්හැරියා. අවදානම් නොගත්තොත් ජීවිතයේ දියුණුවත් නැහැ. ඒක මං හැමෝටම කියන දෙයක්.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
from : http://www.silumina.lk/2016/01/31/_art.asp?fn=sl1601311

TFS Machan!