අපි හලියට පස්න කලේ නෑ.. විමල් ආයෙත් එන්නකො

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    තංගල්ල පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ලබන හෙට (12) පෙරවරුවේ යළිත් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කැඳවා තිබේ.

    ඔක්තෝබර් 08 වන දින ප්‍රකාශය ලබා ගන්නා අවස්ථාවේදී අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම හේතුවෙන්, එම ප්‍රකාශය සටහන් කරගෙන ඇත්තේ වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් වීමද මෙම යළි කැඳවීමට හේතුව වී ඇත.

    මෙම කැඳවීම සිදු කර ඇත්තේ ‘පුවක්දණ්ඩාවේ සනා’ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරු සමඟ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය මැතිවරණ සමයේදී ආහාර ලබාගත් බවට වීරවංශ මහතා විසින් සිදු කරන ලද ප්‍රකාශයට අදාළවය.

    පසුගිය ඔක්තෝබර් 08 වන දින ද ඒ සම්බන්ධයෙන් වීරවංශ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තද, එම ප්‍රකාශය ප්‍රමාණවත් නොවන බව සලකා මෙම කැඳවීම යළි සිදුකර ඇති බවට වාර්තා වේ.
     
    • Haha
    Reactions: Golden2015

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,693
    15,040
    113
    Milagiriya
    558215583-1141573371405155-2968080551646011921-n.jpg
     
    • Haha
    Reactions: kinkon and ttj

    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    ආන්ඩුව හිතන් ඉන්නේ මෙහෙම කරාම ලොකු වැඩක් කියලා. අනවශ්‍ය ප්‍රසිද්දියක් මේ හරහා විපක්ශයට ලැබෙනවා. මොන වැඩේ කරන්න ගියත් නා ගන්නවා.