අපි හැමෝම ගෝත්‍රිකද?
~අපි හැමෝම ගෝත්‍රිකද?~
"හැමෝම මොකක් හරි ගෝත්‍රයකට අයිතියි.. ගෝත්‍රයකට හරි කණ්ඩායමකට හරි අයිති නොවී ඉන්න කිසිම මනුස්සයෙක්ට බැහැ. ඒ නිසා ගෝත්‍රිකවාදයට විරුද්ධව කතා කරන එකම විහිලුවක්"
ගෝත්‍රිකවාදයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන මම වැනි අයට නිතරම මුහුණ දෙන්න වෙන තර්කයක් තමයි ඒ. මේ තර්කය ගැන කතා කරන්න කලින් පොඩි කාරණා ටිකක් සඳහන් කරන එක වැදගත්.
මානව පරිනාමය සිදුවෙලා තියෙන්නේ කණ්ඩායම් වශයෙන් ක්‍රියා කරන්නට, හැඩ ගැසෙන්නට සහ තමන් අයත් ගෝත්‍රයට පක්ෂපාතභාවය දක්වන්නට කියන එක අපි හැමෝම දන්න කාරණයක්. එක් එක් ගෝත්‍රයට තදින් බැඳුනු සංස්කෘතික, වාර්ගික අනන්‍යතාවයක් මත එක් ගෝත්‍රයකට අයත් පුද්ගලයන් තවත් ගෝත්‍රයකට අයත් පුද්ගලයන්ගෙන් වෙන් කෙරෙන හැඟීමක් අපට ස්වභාවයෙන්ම උරුම වෙලා තියෙනවා.
අතීතයේදී සදාචාරය පිළිබඳ ආකල්ප ගොඬනැගුනෙත් මේ ගෝත්‍රය කියන සංකල්පය වටා කියන එක නිරීක්ෂණය කරන්න පුලුවන්. උදාහරණයක් කියනවා නම්, යල්පැන ගිය බොහෝ සදාචාරාත්මක ආකෘතීන්ට අනුව මිනීමැරීම වැරදි වුනේ ඝාතනයට ලක් වුන පුද්ගලයා තමාගේ ගෝත්‍රයට අයත් කෙනෙකු වූ අවස්ථා වලදී විතරයි. තමාගේ ගෝත්‍රයෙන් පිට මිනිස්සු ඝාතනය කිරීම වරදක් විදියට දකිනවා වෙනුවට සාමාන්‍යය දෙයක් විදියටයි සැලකුනේ.
ඔය විදියේ අතීතයකින් සහ ඔය විදියට සැකසුනු මනසකින් යුක්ත අපි වර්තමානයේ එළඹිලා තියෙන්නේ එක් ගෝලීය ජනසමාජයක් විදියට මිනිස්සුන්ට ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන යුගයකට. විවිධ සංස්කෘතීන් වලට, ජනවර්ග වලට අයත් මිනිසුන් එකිනෙකා හා මිශ්‍රව දිනපතා එකිනෙකා හා සමඟ කටයුතු කරන යුගයකට. අතීතයේ වගේ එක් එක් ගෝත්‍රයකට අයිති නීති රීති වෙනුවට මේ විදියට එකට මිශ්‍ර වෙලා තියෙන සියලු සංස්කෘතීන්ට, ජනවර්ගයන්ට පොදු සදාචාරාත්මක ආකෘතීන් ගොඬනගාගන්න සිද්ධ වෙලා තියෙන යුගයකට...
සරලවම කියනවා නම් අර අතීතයේ ජීවත් වුන, හෙල්ලයක් අරන් තමාගේ ගෝත්‍රයෙන් පිට මිනිසුන්ට විරිත්ත විරිත්ත කොළ අතු ඇඳගෙන උඩ පැන පැන අනෙකුන් දිහා එදිරිගාමී විදියට බලන ගෝත්‍රික වනචාරියාට වර්තමාන ලෝකය තුළ ඉඩක් නැහැ.
ඒ නිසයි අපට ස්වභාවයෙන් උරුම වුන ගෝත්‍රික නැමියාව බුද්ධිය පාවිච්චි කිරීම හරහා මනුෂ්‍යත්වයේ නාමයෙන් පසෙක තැබීම අත්‍යාවශ්‍යය කාරණයක් වෙන්නේ. මොකද, වර්තමානයේදී අප පියනැගිය යුතු වෙන්නේ අන් මිනිසුන් පරයා එක් එක් ගෝත්‍රයක යහපැවැත්ම වෙනුවෙන් ක්‍රියාකරන අනාගතයකට වෙනුවට, පොදුවේ මිනිස් සංහතියේ යහපැවැත්ම උදෙසා සියලු මිනිසුන් එක්ව ක්‍රියාකරනා ලෝකයකටයි.
ඔන්න ඔතනදි තමයි මේ සටහන ආරම්භයේදී මම සඳහන් කල තර්කය එල්ල වෙන්නේ..
"ගෝත්‍රයකට හරි කණ්ඩායමකට හරි අයිති නොවී ඉන්න කිසිම මනුස්සයෙක්ට බැහැ. ඒ නිසා ගෝත්‍රිකවාදයට විරුද්ධව කතා කරන එකම විහිලුවක්"
එදිනෙදා ජීවත් වෙද්දි එක් එක් අවස්ථාවන් වලදී එක් එක් කණ්ඩායම් වලට පක්ෂපාතීත්වය දක්වන්න අප හැමෝටම සිද්ධ වෙන බව හැමෝම දන්න කාරණයක්. උදාහරණ ගත්තොත් :- තමා රැකියාව කරන ආයතනට අනෙක් ආයතන වලට එරෙහිව, තමාගේ ප්‍රියතම ක්‍රීඩා කණ්ඩායමට අනෙක් කණ්ඩායම් වලට එරෙහිව, තමාගේ මතවාදීමය කඳවරු වලට අනෙක් මතවාදීමය කඳවුරු වලට එරෙහිව...
ඒත් එක්කම කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි නිරායාසයෙන් විවිධ කණ්ඩායම් වලටද අයිති වෙනවා. ජනවර්ගයෙන් පටන් ගත්තම, ආගමික නිර්-ආගමික, ක්‍රිකට් තරඟ බලන නොබලන, මුද්දර එකතු කරන නොකරන, පොත් කියවන නොකියවන, කවි ලියන නොලියන, පරිප්පු වලට නිවිති දානවට කැමති අකමැති.... ඔය විදියට.
දැන් මෙහෙම විවිධ කණ්ඩායම් වලට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් පක්ෂපාතීත්වය දක්වන්නට වුනාය කියල, විවිධ කණ්ඩායම් වලට අයිති වුනාය කියල හැමෝම ගෝත්‍රිකයෝ වෙනවද? ගෝත්‍රිකවාදයට විරුද්ධව කතාකරන්න තියෙන අයිතිය නැතුව යනවද?
ගෝත්‍රිකවාදයේ ප්‍රධානම ලක්ෂණය තමයි "තමන්ගේ ගෝත්‍රයට අයත් පුද්ගලයන්ට, ඔවුන් තමන්ගේ ගෝත්‍රයට අයිති වීම නිසාම සහයෝගය දැක්වීම සහ අනෙක් ගෝත්‍ර වලට අයත් පුද්ගලයන්ට, ඔවුන් වෙනත් ගෝත්‍රයකට අයිති වීම නිසාම එදිරිවාදීකම දැක්වීම" කියන හැසිරීම.
ඒ කියන්නේ ගෝත්‍රිකයා යනු සැමවිටම තමන්ගේ ගෝත්‍රයට පක්ෂපාතීත්වය දක්වන ගමන් අනෙක් ගෝත්‍ර කෙරේ එදිරිවාදීව බලන කෙනෙක්. කොටින්ම ඔහුගේ චින්තනය හරි වැරැද්දක් මත පදනම් වෙන්නේ නැහැ. යම් සිද්ධියක් ගත්තාම ඔහුගේ නිගමනය පදනම් වෙන්නේ ඒ සිද්ධිය විමසීමෙන් වෙනුවට, ඒ සිද්ධියට මුල් වුන පුද්ගලයන් නියෝජනය කරන ගෝත්‍රය මොකක්ද කියන කාරණය මතයි. (අවුරුදු පහක කුඩා දරුවෙක් ඇතුළු අට දෙනෙකුගේ ගෙල කපා ඝාතනය කිරීමට සුනිල් රත්නායක නම් සෙබළා වරදකරු වූ අවස්ථාවේ අපේ ජනසමාජයේ සමහර පිරිස් වල හැසිරීම මේ කාරණයට මට මතක් වෙන හොඳම උදාහරණයක්)
ඉතින් ඒ වෙනුවට ගෝත්‍රය යන සංකල්පය පෙරට දමා මිනිසුන් ගැන නොසිතන, ගෝත්‍රය යන සංකල්පයම ප්‍රතික්ෂේප කරන, ගෝත්‍රවාදය යනු වර්තමාන ලෝකයෙන් තුරන් කල යුතු ආකල්පයක් බව සිතන, කිසිම දවසක සිංහලයෙකුගෙවත්, දමිළයෙකුගෙවත්, මුසල්මානුවෙකුගේවත්, ආගමිකයෙකුගේවත්, නිර්-ආගමිකයෙකුගේවත්, පිරිමියෙකුගේවත්, ගැහැණියකුගේවත්, පැත්ත ඔහුගේ වාර්ගික හෝ ආගමික හෝ ලිංගික අනන්‍යතාවය මත පදනම් වෙලා නොගන්න පුද්ගලයෙකුත් "ගෝත්‍රිකයකු" කියල හඳුන්වන එක අමුම අමු මෝඩ කමක් නෙමේද? යම් වචනයක අර්ථය නොසලකා හැරලා ඒ වචනය තේරුමක් නැති විදියට සිත් සේ පාවිච්චි කිරීමක් නෙමේද?
සරල උදාහරණයක් ගන්න.
ඔබ උසාවියක විනිශ්චය කරුවෙක් වී සිටිනවා යැයි සිතන්න. ඔබේ විනිශ්චය විත්තිකරුගේ සමේ පැහැය හෝ ජාතිය හෝ ආගම හෝ ලිංගිකත්වය මත පදනම් වෙනවා නම්, ඔබව ගෝත්‍රිකයෙක් ලෙස හැඳින්වීමේ කිසිම වරදක් නැහැ.
නමුත් ඔබේ විනිශ්චය විත්තිකරුගේ ජාතිය මතවත්, ආගම මතවත්, ලිංගිකත්වය මතවත් පදනම් නොවනවා නම්.. අදාල නඩුවේ සාක්ෂි මත පමණක් පදනම් වනවා නම්, විත්තිකරුගේ ගෝත්‍රය මත ඔහුට කිසිම පක්ෂපාතී බවක් හෝ විරුද්ධවාදී බවක් ඔබ නොදක්වනවා නම්... ඔබ වැනි තවත් අය සිටින නිසාම ඔබටත් ගෝත්‍රිකයෙක් කියා යමෙක් කියයි නම්.. ඒ කියන කෙනා එක්කෝ අමු මෝඩ ගොන් තකතීරුවෙක් විය යුතුයි. නැත්නම් පටු දේශපාලන ඇජෙන්ඩාවකින් ක්‍රියාකරන වංක තක්කඩියෙක් විය යුතුයි.
ඒ නිසා පොත් කියවීම විනෝදාංශය කරගත් ඔබ..චිත්‍රපට බැලීම විනෝදාංශයක් කරගත් ඔබ.. ක්‍රිකට් තරඟ බැලීමට ප්‍රිය කරන ඔබ.. ඒ දේවල්ම විනෝදාංශය කරගත් තවත් මිනිසුන් සිටින නිසාම ගෝත්‍රිකයෙක්ය කියා කවුරුන් හෝ කියනවා නම්, ඒ ගොන්වහන්සේලා අලවන ලේබලය ගලවා කුණුකූඩයට දමන්න මොහොතක්වත් පසුබට වෙන්න එපා.
යම් පුද්ගලයකුගේ වාර්ගික, ආගමික, ලිංගික අනන්‍යතා මත පදනම් වෙලා හරි වැරැද්ද තීරණය නොකරන ඔබ බාසිලෝනා පාපන්දු කණ්ඩායමට සහය දුන් පළියට ගෝත්‍රිකයෙක් නොවේ. ඔබ විසි එක්වන සියවසේ ජීවත් වන ශිෂ්ඨාචාරගත මනුෂ්‍යයකි.
මෝඩ ගෝත්‍රික තක්කඩින්ගේ ගැටවලට හසු නොවන්න. ගෝත්‍රිකත්වයට අද මෙන් හෙටත් හැකි සෑම අයුරකින්ම විරුද්ධ වන්න. වඩාත් හොඳ අනාගතයකින් යුත් මිනිස් සමාජයක් වෙනුවෙන් ඔබේ දායකත්වය දෙන්න.
.
.
.
- ජේමිස් බණ්ඩා