පිරිමි දරුවකු වැඩිවියට පැමිණීම හඳුනා ගත හැකි ලක්‍ෂණ
ගැහැනු දරුවකුගේ වැඩිවියට පත්වීම ආරම්භය වයස අවුරුදු 11 දී පමණ සිදු වුවත් පිරිමි දරුවකුගේ වැඩිවියට පත්වීම ආරම්භ වන්නේ වයස අවුරුදු 12 දී පමණය. මෙය වසර දෙකකට පෙර හෝ වසර දෙකකට පසු ආරම්භ වීමට පිළිවන. එය සාමාන්‍ය තත්ත්වයකි.
මෙසේ වැඩිවියට පත්වීම ආරම්භ වී එය වයස අවුරුදු 18 හෝ 20 පමණ දක්‌වා සිදුවිය හැකිය.
පිරිමි දරුවකු වැඩිවියට පත්වීමේ වෙනස්‌කම ආරම්භ වන්නේ ඔහුගේ වෘෂණ තුළිනි. ඒවා වර්ධනය වීම ආරම්භයත් සමඟ පිරිමි දරුවකු වැඩිවියට පත්වීම ආරම්භ වී ඇතැයි තීරණය කළ හැකිය.
හයිපොතැලමස මගින් ශ්‍රාවය කරනු ලබන එල්. එච්. ආර්. එම්. (LHRM) නමැති හෝමෝනය මගින් පිටියුටිරි ග්‍රන්ථිය උත්තේජනය කරනු ලබයි. එවිට පිටියුටිරි ග්‍රන්ථිය මගින් එල්. එච්. (L H)) සහ එෆ්. එස්. එච්. (F.S.H) නමැති හෝමෝනය ශ්‍රාවය කරයි. එල්. එච්. හෝමෝනය මගින් ටෙස්‌ටෙස්‌ටරෝන් නමැති පිරිමි හෝමෝනය වෘෂණ කෝෂවල නිෂ්පාදනය කරන අතර, එෆ්. එස්. එච්. හෝමෝනය මගින් වෘෂණ කෝෂවල ශූක්‍රානු නිෂ්පාදනය ආරම්භ කරයි.
පිරිමි දරුවකු වැඩිවියට පත්වීම ආරම්භ කිරීමට පෙර වෘෂණ කෝෂයක පරිමාව මිලි ලීටර් 04 ක් පමණ වේ.
වැඩිවියට පත් වූ පිරිමි දරුවකුගේ වෘෂණ කෝෂ මිලි ලීටර් 15 ත් 25 ත් අතර ප්‍රමාණයක් දක්‌වා වර්ධනය විය හැකිය.
වෘෂණ කෝෂ වර්ධනය වීම ආරම්භ වීමත් සමඟ ඔහුගේ ලිංගික ප්‍රදේශයේ රෝම කූප වර්ධනය වීම පටන් ගනී. මුලින්ම ශිෂ්ණය මුල වර්ධනය වීම ඇරඹේ. ඉන් පසු ශිෂ්ණය දෙපසට පැතිරී යයි. ඒ සමගම කිහිලිවල රෝම වර්ධනය ද ආරම්භ වේ.
මෙම වෙනස්‌කම් සිදුවන විට පිරිමි දරුවාගේ ශිෂ්ණය වර්ධනය වීමත් සිදු වේ.
පිරිමි දරුවකු වැඩිවියට පත්වීමේදී ඉතා පහසුවෙන් හඳුනාගත හැකි කඩහඬ වෙනස්‌වීම ආරම්භ වන්නේ වෘෂණ කෝෂවල වර්ධනය මිලි ලීටර් 08 ක් පමණ වන විටදී ය.
වෘෂණ කෝෂ වර්ධනය වීම ආරම්භ වී, කිහිලිවල රෝම වර්ධනය ද සිදුවන විට උඩු තොලේ රැවුල වැවීම පටන් ගනී, මෙම ලක්‍ෂණ මතුවන විට පිරිමි දරුවාගේ උස යැම, මාංශ පේෂි වර්ධනය වීම ද දැකිය හැකිය.
වැඩිවියට පත්වීම සම්පූර්ණ වන විට කලවා ප්‍රදේශයේ රෝම වර්ධනය ද සිදු වේ. මුහුණේ රැවුල වැවීම ද වර්ධනය වී තිබේ. පිරිමි දරුවකුගේ මුහුණේ රැවුල වැවීම සහ සිරුරේ රෝම කූප වර්ධනය සිදුවීමේ ප්‍රමාණය තීරණය වන වැදගත් සාධකයක් වන්නේ පියාගේ ජානය.
වයස අවුරුදු 12 පසුවන විට බොහෝ විට වෘෂණ කෝaෂවල ශූක්‍රානු නිපදවීම ආරම්භ වී තිබේ. මෙම අවධියේදී ශුක්‍රානු නිෂ්පාදනය වන්නේ ඉතා කුඩා ප්‍රමාණයකි.
පිරිමි දරුවාගේ මෙම වැඩිවියට පත්වීමේ ලක්‍ෂණ මතුවන විට ඔහු තුළ විරුද්ධ ලිංගික ආශාවන් ඇති වේ. ලිංගික උත්තේජනයක් මගින් වින්දනයක් ලබා ගැනීමට සිත් පහළ වේ. ස්‌වයං වින්දනයක් සිදුවුවහොත් ශුක්‍රානු සහිත ශුක්‍ර ධාතු පිට වේ.
ස්‌වයං වින්දනයක් සිදු නොවුනද ශුක්‍රානු එකතු වී තිබී එය පිට විය හැකිය. බොහෝ විට එය සිදුවන්නේ නින්දේදී ය. මෙය ලිංගික හැඟීමකින් හෝ ලිංගික හැඟීමකින් තොරව වුව සිදුවිය හැකිය.
වැඩිවියට පත් වූ පිරිමි දරුවකුගේ ශිෂ්ණය ප්‍රාණවත් වූ විට අඟල් 3 1/2 සිට 5 1/2 ප්‍රමාණය දක්‌වා විය හැකිය.
පිටවන ශූක්‍ර තරලයේ ප්‍රමාණය තීරණය වන්නේ මතුවන ලිංගික උත්තේජනය, සහ ශුක්‍රානු පිට වූ වාර ගණන සහ කාලය අනුවය. දින තුනක් පමණ ශුක්‍ර පිට නොකළ වැඩිවිය පැමිණි පිරිමි දරුවකු තුළින් ශුක්‍රානු මිලි ලීටර් 2 1/2 - 5 ත් අතර ප්‍රමාණයක් පිට වේ.
වැඩිවියට පත් නොවීම.
වයස අවුරුදු 14 පමණ වන විටත් වැඩිවියට පත් වීමේ ලක්‍ෂණ පහළ නොවේ නම් එය හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ හෝ ජානවල ගැටලුවක් විය හැකිය. මෙවැනි තත්ත්ව යටතේ මතුවන බහුල ජානමය තත්ත්වයක් වනුයේ KLINFELTER SYNDROME ය. මෙවැනි පිරිමි දරුවන් නිරෝගී දරුවන් දහසකට එක් අයකු පමණ දැකිය හැකිය.
මොවුන්ගේ වෘෂණ කෝෂ කුඩාය. ශිෂ්ණය වර්ධනය වීම අඩු ය. ශිෂ්ණය ප්‍රාණවත් වීම අඩුය. මෙවැනි දරුවන් වයස අවුරුදු 18 දී පමණ අසාමාන්‍ය ලෙස උස යා හැක. ශුක්‍රානු නිෂ්පාදනයක් සිදු නොවේ. ශුක්‍ර තරලය ඉතා ස්‌වල්පයක් තිබිය හැකිය. මොවුනගේ කටහඬ වෙනස් වීමක් සිදු නොවේ. එනිසා ගොරෝසු හඬක් මතු නොවේ. රැවුල මාංශපේශි වර්ධනය අඩු ය.
මෙවැනි දරුවන් සමලිංගිකයන් ලෙස වැරදි අයුරින් නොසිතිය යුතුය.
මෙවැනි දරුවන්ගේ වයස අවුරුදු 14 - 15 වන විටදීත් ද්විතික ලක්‍ෂණ මතු නොවීම, කටහඬ වෙනස් නොවීම පවතී නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම කළ යුතුය.
ගැහැනු දරුවකුගේ වැඩිවියට පත්වීම ආරම්භය වයස අවුරුදු 11 දී පමණ සිදු වුවත් පිරිමි දරුවකුගේ වැඩිවියට පත්වීම ආරම්භ වන්නේ වයස අවුරුදු 12 දී පමණය. මෙය වසර දෙකකට පෙර හෝ වසර දෙකකට පසු ආරම්භ වීමට පිළිවන. එය සාමාන්‍ය තත්ත්වයකි.
මෙසේ වැඩිවියට පත්වීම ආරම්භ වී එය වයස අවුරුදු 18 හෝ 20 පමණ දක්‌වා සිදුවිය හැකිය.
පිරිමි දරුවකු වැඩිවියට පත්වීමේ වෙනස්‌කම ආරම්භ වන්නේ ඔහුගේ වෘෂණ තුළිනි. ඒවා වර්ධනය වීම ආරම්භයත් සමඟ පිරිමි දරුවකු වැඩිවියට පත්වීම ආරම්භ වී ඇතැයි තීරණය කළ හැකිය.
හයිපොතැලමස මගින් ශ්‍රාවය කරනු ලබන එල්. එච්. ආර්. එම්. (LHRM) නමැති හෝමෝනය මගින් පිටියුටිරි ග්‍රන්ථිය උත්තේජනය කරනු ලබයි. එවිට පිටියුටිරි ග්‍රන්ථිය මගින් එල්. එච්. (L H)) සහ එෆ්. එස්. එච්. (F.S.H) නමැති හෝමෝනය ශ්‍රාවය කරයි. එල්. එච්. හෝමෝනය මගින් ටෙස්‌ටෙස්‌ටරෝන් නමැති පිරිමි හෝමෝනය වෘෂණ කෝෂවල නිෂ්පාදනය කරන අතර, එෆ්. එස්. එච්. හෝමෝනය මගින් වෘෂණ කෝෂවල ශූක්‍රානු නිෂ්පාදනය ආරම්භ කරයි.
පිරිමි දරුවකු වැඩිවියට පත්වීම ආරම්භ කිරීමට පෙර වෘෂණ කෝෂයක පරිමාව මිලි ලීටර් 04 ක් පමණ වේ.

වැඩිවියට පත් වූ පිරිමි දරුවකුගේ වෘෂණ කෝෂ මිලි ලීටර් 15 ත් 25 ත් අතර ප්‍රමාණයක් දක්‌වා වර්ධනය විය හැකිය.වෘෂණ කෝෂ වර්ධනය වීම ආරම්භ වීමත් සමඟ ඔහුගේ ලිංගික ප්‍රදේශයේ රෝම කූප වර්ධනය වීම පටන් ගනී. මුලින්ම ශිෂ්ණය මුල වර්ධනය වීම ඇරඹේ. ඉන් පසු ශිෂ්ණය දෙපසට පැතිරී යයි. ඒ සමගම කිහිලිවල රෝම වර්ධනය ද ආරම්භ වේ.