එල්ටීටීඊයේ අපූරු තාත්තාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්..!
එල්.ටී.ටී.ඊ.සංවිධානයට බලහත්කාරයෙන් ළමයින්ව පැහැරගෙන ගොස් බඳවා, අවසානයේ සිය දියණියද පැහැරගෙන ගොස් එල්.ටී.ටී.යට බාර දුන් කිළිනොච්චියේ පුද්ගලයෙකුට වවුනියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සශි මහේන්ද්‍රන් මහතා විසින් ඊයේ (25) දහවල් ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කොට තිබේ.
2008 වර්ෂයේදී ඔහු වරින් වර මෙම ක්‍රියා වල නිරතව සිට ඇති අතර 2009 වර්ෂයේදී සිය දියණිය ද පැහැරගෙන යාම සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිළිනොච්චිය පොලීසියට පවුලේ ඥාතීන් විසින් පැමිණිලි කොට තිබේ.
පොලීසිය මෙම පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇතත් ඔහු එවකට එල්.ටී.ටී.ඊ.සංවිධානයේ සිටි බැවින් ඔහුව අත් අඩංගුවට ගැනීමට නොහැකි වී තිබේ.
යුද්දයේ අවසන් සමයේදී ඔහු යුදහමුදාව වෙත බාරවී රජයේ පුනරුත්ථාපන වැඩ පිළිවෙල යටතේ පුනරුත්ථාපනය වී නිදහස ලබා කිළිනොච්චියට පැමිණීමෙන් පසුව අදාල පැමිණිල්ල මත ඔහුව අත් අඩංගුවට ගෙන කිළිනොච්චිය දිසා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
කිළිනොච්චිය දිසා අධිකරණයෙන් මෙම නඩුව වවුනියාව මහාධිකරණය වෙත යොමු කිරීමෙන් පසුව ඊට අදාලව නඩු විමසීමෙන් පසුව සියළු චෝදනාවලට ඔහු වැරදිකරුවීම නිසා මහාධිකරණ විනිසුරුවරයා ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙළේය.
කෝ ඒකා මලබද්දේ , ලෙමන් පෆ් වීරයෝ සද්ද නැහැ.