දැන් නම් මචං සිරාවටම කලකිරිලා තියෙන්නේ මේ රටේ නායකයෝ කියලා බෝඩ් ගහන් ඉන්න එවුන් ගැන. තනිකරම ඡංද වලට රට පාවලා දෙන කොන්ද පණ නැති හැත්තක් ඉන්නේ. කට්ටියට වුනේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්. දැන් ඉන්න ආරක්ෂක ලේකම් කිව්ව කතාව බලපන්. ඕකාගේ අම්මා තාත්තා හරි ගෑණි, ළමයි හරි කොටින්ගේ බෝම්බෙකට අහුවෙලා එහෙම තිබ්බා නම් ඔය අවලමා ඔහොම කතාවක් කියයිද? මේ රටේ අම්මලා තාත්තලා කීදෙනෙක්ට ළමයි නැති වෙන්න ඇත්ත, ළමයි කී දාහකට දෙමව්පියෝ නැති වෙන්න ඇද්ද. ඒ දේවල් කරපු එවුන්ව නැති කරපු එක සමරන එක තහනම් කරපු එක නම් ලොවෙත්ම දෙමළ ඡංද වලට බයේ කරපු පොන්න වැඩක්. සිරාම පොන්න වැඩක්. යකෝ ආමි එකේ කොල්ලෝ බෙල්ලෙ වැල දාගන්නවා මූගේ කතාවට. LTTE එක කියන්නේ ලංකාවෙම එවුන්ලු. සාමාන්‍යය බුද්ධිය තියෙන කෙනෙක්ට වුනත් තේරෙනවා. ලංකාව කියන නම වෙනස් කරලා වෙනම ඊලමක් ඉල්ලපු එවුන් ලංකාවේ කියලා කියන්න පොර කොහෙන්ද දන්නේ නෑ ඉගෙන ගෙන තියෙන්නේ. කල්පනා කරන් යද්දි බං පොර ප්‍රාථමිකේ පාස් වත්ද කියලා හිතෙනවා
නෑ බං සිරාවටම හිතෙනවා. පොඩ්ඩක් හිතපන් ඉතින් ලංකාවෙන් වෙනම කෑල්ලක් ඉල්ල ඉල්ල අවුරුදු තිස් ගානක් යුද්ධ කරපු එවුන් අපේම එවුන් කියලා කියන්න තරම් මොන පොන්නකමක්ද කියලා. රටේ වැදගත් තනතුරක් තියෙන කෙනෙක් විදියට. කොහොමත් උඩ ඉන්නේ සුපිරි සෙට් එකක්. ඕකේ මොළකාරයා කොච්චර නම් මොලයක් තියෙනවාද කියනවා නම් ඡංද 29ක් පැරදුනේ පට්ටම පට්ට මොලේ නිසා.
රටට යන කලදසාව ගැන නම් දුකයි ඉතින්. මටත් දෙමළ යාලුවෝ ඉන්නවා. මට ඒ අය එක්ක ප්‍රශ්නයක් නෑ. නමුත් කොටි එක්ක නම් ප්‍රශ්නයක් තියෙනවා. කවුරු හරි කියනවා නම් කොටි කියන්නේත් ලාංකිකයෝ කියලා, මම එහෙනම් ලාංකිකයෙක් නෙමෙයි. මොකද ලාංකිකයෝ කවදාවත් රට බෙදා ගන්න රණ්ඩු කරන් නෑ. මිනිස්සු මරන් නෑ. හැබැයි දැන් උඩ සෙට් එකේ ඉන්න උදවිය ඒකාලේ මිනිස්සු මැරුවා. උන් සැබෑ ලාංකිකයෝද කියලා හිතන්නට කාරණා බොහොමයි !!!!!
මෙතුමා කියන්නෙ ඇත්ත
මෙයා කියන්නෙ සත්යවශයෙන්ම දැන් රජයේ ප්‍රතිපත්තිය
සමහරවිට කින්ඩියට කියනවද දැන්නෙත් නැ
"යුද්දයෙන් මැරුනෙ මේ රටේම කන්ඩායම් දෙකක් අතර ඇති උන යුද්දෙන්"
කව්ද මේ කියන කොටස්දෙක? ඔබතුමා කොඉ කොටසටද අයිති?
ඔබතුමා එක කොටසක්වත් නැද්ද??
රජයට රටට විරුද්ධව කවුරුහරි යුද්දකරනවනම් රට තුල ඒ ත්‍රස්තයො තමයි...එතකොට රජයක් රට ජනයා බේරගන්න ඒක මර්දනය කලයුතුයි.ඒකට බය වෙන්න ඕන නෑ..ඒක රජයේ නෛසර්ගික වගකීම.
රජය-LTTE දෙකොටසට මෙය කියන විදිහට මේ ගොල්ලො මේ ආන්ඩුව අයිති නෑ..මේ අයට කොටිත් එකයි,,හමුදාවත් එකයි,,,මේ ගොල්ලො හරියට නොර්වේ වලින් අපු ගානයි..මේකයි මේ ආන්ඩුවෙ ඇත්ත,,ඒක මෙය පෙන්නුවා,
මැරුන කොල්ලො අපරාදෙ උන්ගෙ ජීවිත නැතිකරගත්තෙ
Last edited:


