අපේ අගේ ඉන්නා දූවිලි කීඩෑවෝ..

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,639
    6,843
    113
    දූවිලි කීඩෑවෝ..


    මේ අය බැලූ බැල්මට පිට සක්වළින් ආ ජීවීන් පිරිසක් වගෙයි. ඒත් වෙනසකට ඇත්තේ ඒ අය දැනටමත් ඔබේ නිවස ආක‍්‍රමණය කර තිබීමයි. අපේ පියවි ඇසට ඒ අය නොපෙනෙන නිසා අප ඔවුන් ගැන සොයන්න වද වෙන්නෙ කිසියම් ආකාරයක රෝගී තත්වයක් ඇතිවුණොත් විතරයි.

    මේ අය ගැන අපට පෙන්නා දෙන්න වීඩියෝවක් තනා තියෙනවා, ජර්මන් ජාතික කණ්ඩායමක්. සීප්‍රෝ සයන්ස් ප්‍රොඩක්ෂන්ස් (Sciepro Science Productions) නම් සමාගම තමයි, මේ සජීවීකරණ වීඩියෝව නිෂ්පාදනය කර ඇත්තේ. එයින් ඔබට දැක ගන්න පුළුවන් නිවසෙහි වෙසෙන දූවිලි කීඩෑවන් එහා මෙහා යමින් මිනිසාගෙන් පිටවෙන අප ද්‍රව්‍ය ආහාරයට ගෙන ජීවත්වෙන හැටි.

    මේ කීඩෑවන් බොහෝ විට ජීවත් වන්නේ මිනිස් වාසස්ථානවල මිනිසා සමගයි. විශේෂයෙන් නිදන කාමරවල, කුස්සියේ වගේ තැන්වල තමයි ඔවුන්ට යැපෙන්නට අවශ්‍ය දේවල් තියෙන්නේ. ඔබ දන්නවා ද? සාමාන්‍ය මෙට්ටයක මෙවැනි කීඩෑවන් මිලියන දෙකක් හෝ තුනක් ඉන්නා බව.


    1.jpg


    මේ රූප රාමු සීප්‍රෝ සයන්ස් ප්‍රොඩක්ෂන්ස් නම් ජර්මන් ජාතික කණ්ඩායම නිපදවූ ඒ වීඩියෝ වෙන්. ඔවුන් එහා මෙහා යමින් මිනිසාගෙන් පිටවෙන අප ද්‍රව්‍ය ආහාරයට මෙයින් දැක ගත හැකියි.


    මේ නොපෙනෙන තරම් කුඩා සතුන් ඇඳ ඇතිරිලිවල ගෘහභාණ්ඩවල ජීවත්වෙමින්, මිනිසාගේ සිරුරෙන් ගිලිහුණු සම්පියලි ආහාරයට ගන්නා හැටි මේ වීඩියෝවෙන් ඔබට දැකගන්න පුළුවන්.

    ඔබේ අරියුමින් තොරව ඔබේ ඇසට හොරා ඔබේ වාසභවනයට ඇතුළු වන මේ ‘අනවසර අමුත්තා’ වූ කීඩෑවකුගේ සාමාන්‍ය දිග මිලි මීටරයකින් හතරෙන් පංගුවකි.


    2.jpg



    පිටසක්වළින් ආ ජීවියකු බඳු මේ ඉතා කුඩා ජීවියා දිවි රැක ගන්නේ මිනිසාගේ සිරුරෙන් ගිලිහී බුමුතුරුණු, ඇඳ ඇතිරිලි, මෙට්ට කොට්ටවලට, නිවසේ ගෘහභාණ්ඩ මතට වැටෙන පුංචි සම් කැබලි ආහාරයට ගනිමිනි.



    ඇදුම හා එවැනි අසාත්මිකතාවලට ප‍්‍රධාන හේතුව වන්නේ මේ කීඩෑවන්ගේ වසුරුයි. ඒවා පරාග රේණු තරම් ම ඉතා සියුම්. ඒවා පරාග මෙන් වාතය පුරා විසිර යනවා.

    මේ කීඩෑ වසුරු දිනකට කීපවතාවක් වායුගෝලයට මුදා හරෙනවා. මේ සතා අපේ ඇසට පේන්නෙ නෑ කීවාම ඊට වඩා තවත් කුඩා දෙයක් වන වසුරු කොහොමටත් පෙන්න විධියක් නැහැ. සැටියක වාඩි වී හෝ ඇඳක නිදා සිටින විට මේ කීඩෑ වසුරු හුස්ම ගැනීමත් සමග සිරුරට ඇතුළත් වෙනවා.

    වෛද්‍ය සජීවීකරණය මගින් තමයි මේ සතුන් හැසිරෙන අපට දැක ගැනීමට ලැබෙන්නේ. මේ කටයුත්ත සාර්ථක කර ගන්නට අවස්ථාව උදා කර දුන්නේ සයන්ස් ප්‍රෙඩක්ෂන්ස්හී ආරම්භක සෙබස්ටියන් කවුලිට්ස්කි හා ප‍්‍රවීණ සජීවීකරණ ශිල්පියකු වූ සංකල්ප් චවාන් යන දෙදෙනායි.

    මේ වීඩියෝකරණය ගැන අදහස් දක්වමින් කවුලිට්ස්කි කියන්නේ ඔහුත් ඔහුගේ කණ්ඩායමත් උත්සාහ කළේ සාමාන්‍ය කැමරාවලින් ගත නොහැකි දෙයක් කැමරාවට නඟා පෙන්වන්නට අවශ්‍ය වුණු බවයි.

    මේ සඳහා ඔවුන් කොයිතරම් වෙහෙස වුණාද කීවොත් මේ සඳහා ඔවුන් කළ කැපවීම දක්වන්නට කවුලිට්ස්කිටවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. හිසෙහි වසනා කීඩාවන් හෙවත් උකුණන් වඳ කර දැමීම සඳහාත් මේ සජීවීකරණ ක‍්‍රමය යොදා ගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.


    3.JPG



    උණුසුම් පරිසරයන් තුළ මේ කීඩෑවන් හොඳින් වර්ධනය වෙනවා.




    4.JPG



    දූවිලි කීඩෑවන්ගේ වසුරු දිනකට කීපවතාවක් වාතයට මුදා හැරෙනවා.




    5.JPG



    ඇදුම හා වෙනස් ආසාදනවලට හේතුව මේ කීඩෑවන්ය.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඔව් මුන්ට තමයි ඒ.
    කැ*ම වදයක් බං ඔකුන්. මට ඇලජි. විසඳුම air purifier එකක් හරි දිගටම 18°C ට විතර කූල් කරලා A/C එකේම ඉන්න එක හරි තමා. වෙන මුකුත් විදියක් හරිගියෙ නෑ මටනම්. නැත්තම් හුමාලෙ අල්ලන්න ඕන මුලු කාමරේටම. ජරාම ඇලජි එකක් ඕක. රෙදි කඩේකට ගියත් රෙද්දක් දෙකක් තේරුවාම ලඟ ඉන්න උන් බලනවා මුට කොරෝනද කියලා වගේ. කිබුහුම් යනවා nonstop. Mask දැම්මත් වැඩක් නෑ එහෙමට. Oxypura එකටවත් හරියන්නෑ.