"අපේ අබේ"

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    ඔන්න මචන්ලා අබේවර්ධන කියලා පුත්තලම පැත්තෙ පොරක් ඡන්දෙ ඉල්ලුවලු.දැන් ඔය ඡන්ද වලට පෝස්ටර් එහෙම ගහනවනේ බරටම මේකත් ගැහුවලු පොස්ටර් එකක් "අපේ අබේ" කියලා මේකට නම්බර් එකත් දාලා මුගෙ ෂපෝටර්ලා සෙට් එක පෝස්ටර් ගහනවලු හැම ගහක් ගලක් ගානෙම.දන්නවනේ ඉතින් ඡන්ද කාලෙට තාප්ප එහෙම බේරගන්න බැහැනෙ ඔන්න අබේගෙ කට්ටියත් අලුත්ම තාප්පයක් වැහෙන්නම ගැහුවලු අර කලින් කියපු පෝස්ටර් එක.දැන් තාප්පෙ තියෙන්නේ මෙන්න මෙහෙමලු "අපේ අබේ අපේ අබේ අපේ අබේ" කියලා. කොහොමින් කොහොමහරි තාප්පෙ පොස්ටර් ගහලා ඉවර වේගෙන එනකොට මේ සීන් එක දැක්කලු මේ ගෙදර හිටපු ආච්චි කෙනෙක් ආච්චි එලියට ඇවිල්ලා තාප්පෙ දිහා බැලුවලු
    "අපේ අබේ අපේ අබේ අපේ අබේ" අලුතින් හදපු තාප්පෙ පුරාම මේක ආච්චිට මලෙත් උපරිම එකට තද වෙලා කිව්වලු.

    "මේ යකෝ අබේ උඹලාගෙ වෙන්න ඇති ඒ උනාට තාප්පෙ අපේ.අපි අලුතින් ඕක හැදුවේ ඕවා ගලවන් ගිහිල්ලා ඔය අබේ කියන එකා ඉන්න තැනක ගහපියව් ඌ එතකොට දැනගනීවි ඌ උඹලගේ කියලා".