අපේ අම්මලා තාත්තලා අපිට පොඩිකාලේ කියපු බො
පොඩි කාලේ අපිව බය කරලා කවදාවත් දැකපු නැති චරිත ටිකක් පෙන්නලා එයාලට ඕනේ කෑම ටික කවා ගන්න අපේ අම්මලා තාත්තලා හරිම දක්ෂයි. මේක ඉතින් කවදාවත් කවදාවත් නවතින දෙයක් නෙවෙයි නේ. එයාලා පොඩි කාලෙත් එයාලට කෑම එහෙම කවා ගන්න මේ කතන්දර ටික කියන්න ඇති ඒ අයගේ දෙමාපියන්ට.
1. හප්පා/තැත්තා
ජීවිතේට දැකලා නැති වුනත් අපිට පොඩි කාලේ කෑම එහෙම කවාගන්න උවමනා වුනාම බිම ඉන්න කුඹියට වුනත් මේ නම කියලා කතා කරලා කවාගන්න හරි දක්ෂයි. අලියගේ සිට හරකා වෙනකනුත්, හුනාගේ සිට කැරපොත්තා වෙනකනුත් මේ නම කියලා හඳුන්වන්න හරි දක්ෂයි.
2. බිල්ලා
“ඔන්න බබෝ බිල්ලා එනවා, අඬන එවුන් අල්ලනවා”
මෙහෙම කියලා අපේ අම්මලා තාත්තලා අපිව පොඩි කාලේ අපි අඬන කොට නලවගන්න කියනවා. වැඩේ කියන්නේ අපි කවදාවත් දැකලා නැති මේ චරිතය ගැන කිව්ව් ගමන් අඬන එකත් නවත්තනවානේ.
නිශ්චිත පෙනුමක් නැතත් බිල්ලා කිව්වම ඔලුවට එන්නේ ඔලුව ඉඳන් රෙද්දක් පොරවාගෙන ජනෙල් අස්සෙන් එබිලා බලන කෙනෙක්ව. අඬන ළමයි අල්ලන්න එන මේ චරිතය අපිව ලොකු වෙනකොට භාවිතයට ගන්නේ දේශපාලකයා තමයි. ඒ නොදකින නොපෙනෙන චරිතයක් හෝ ක්රියාවක් හඳුන්වන්නයි.
3. බබාලා ගිලින මාමා
“ඔයා කෑවේ නැත්නම් අර මාමා ඔයාව තෙල් ගාලා ගිලිවී ඔන්න!”
පොඩි එකෙක්ට කෑම කවන ආසන්නයක ටිකක් මහත, රැවුල එහෙම වවාගත්තු කෙනෙක් එහෙම හිටියොත් එයාව ගොඩක් වෙලාවට මේ නමින් හඳුන්වලා ළමයාව බය කරන වෙලාවල් නම් එමටයි. ඒ වගේම අර මනුස්සයට පොඩ්ඩක් රවලා ළමයා දිහා බලන්න කිව්වොත් තවත් වැඩේ ඉස්තිර වෙනවා.
4. ඇඬුවොත් ටීවී එකට නැගලා ඉන්නවා අර මාමලා වගේ.
පොඩි කාලේ අපිට මොනවා හරි උවමනා වුනාම අපි කරන්නේ ඒක ඉල්ලලා අඬන එක තමයි, ඒ කාලේ මේක ළමයි විදිහට ඒක හෙන ජොලි වැඩක් වුනාට අපේ අම්මලට තාත්තලාට මේක හෙන වාතයක් වෙන එකක් කියලා ආපහු කියන්න උවමනා නැහැනේ. ඉතින් අපේ අම්මලා කියන්නේ “ඔයා ආපහු ඇඩුවොත් මම යනවා, ගිහින් අර ටීවී එකට වෙලා ඉන්නවා.”
ඒකාලේ අපි හිතන්නේ ටීවී එක ඇතුලේ ඉන්නේ ඇත්ත මිනිස්සු කියලානේ, පස්සෙනේ සීන් එක දන්නේ!
5. හොඳට හොදි දාගෙන කන්න ඕනේ නහරවල හොදි දුවන්න
මෙහෙම කියන්නේ අපේ ආච්චිලා, අපි කන බත් එකට මහා ගොඩක් හොදි දානවා එයාලා. ඇහුවම කියන්නේ නහරවැල් දිගේ හොදී දුවන්න කන්න ඕනේ ලු. හොදි විතරක් කන්න බැරි නිසා එකට හරියන්න බත් දාගෙන අමාරුවෙන් හරි ගිලිනවා. එතකොට බත් ගොඩක් කැවිලා නේ.
කාරනා තේරෙන වයසට ආවම, නහර වල දුවන්නේ හොදි නෙවෙයි ලේ කියලා තේරුණාම, අපේ හිතට අපි ගැන එන අනුකම්පාව ගැන අපිට කියා දෙන්න එපා මහත්තයෝ.
6. හඳේ හාවා
ලෝකෙම ප්රසිද්ධ බොරුවක් වෙන මේක අපේ අම්මලා තාත්තලා අපිව සනසගන්න තවමත් භාවිතා කරනවා, පොඩි කාලේ හඳේ තියෙන්නේ ආවාට කියලා කිව්වට තේරෙන්නේ නැති නිසා ආවාට වලින් හැදුනු හඳේ තියෙන ඒ අපුරු හැඩය හාවෙක් කියලා කියලා දෙන්න බුදු බණේ තියෙන ධර්ම කතාවක් හරහා තමන්ට සමපාත කරගන්න තරමට අපේ දෙමාපියන් නිර්මාණශීලි වුනා.