අපේ අය අණ්‌වීක්‌ෂය නිපදවා තිබෙන්නේ ජාන්ස

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපේ අය අණ්‌වීක්‌ෂය නිපදවා තිබෙන්නේ ජාන්ස

    Top :nerd:
    2011 පෙබරවාරි 09 විදුසර විද්‍යා සඟරාවෙන් උපුටා ගන්නාලදි
    'අණ්‌වීක්‌ෂය නිපදවූයේ ඕලන්ද ජාතික සකාරියස්‌ ජාන්සන් විසින් බව ලෝකය පොදුවේ පිළිගනියි. වර්ෂ 1590 දී සකාරියන් ජාන්සන් සිය පියා සමග එක්‌ ව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස අණ්‌වීක්‌ෂය බිහි විණැයි යන්න ඒ අනුව විවාද රහිත සත්‍යයක්‌ බවට පත් ව ඇත. එහෙත් අභයගිරි කැණීම් තුළින් හමු වූ සියුම් රටා සහිත රන් දම්වැල් කැටයම් අණ්‌වීක්‌ෂයක්‌ භාවිතයෙන් තොර ව සිදු කළ නොහැකි බව ද සත්‍යයකි. එම කැටයම් අණ්‌වීක්‌ෂයකින් නිරීක්‌ෂණය නො කොට හඳුනා ගැනීම පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට අභයගිරි කෞතුකාගාරයේ තබා ඇත). එහෙත් වර්ෂ 1590ට පෙර අනුරාධපුර යුගයේ දී සිංහල කලාකරුවා අණ්‌වීක්‌ෂයක්‌ භාවිත කළ බව පිළිගැනීමට අපි මැළි වෙමු."
    අපේ අය අණ්‌වීක්‌ෂය නිපදවා තිබෙන්නේ
    ජාන්සන්ට බොහෝ කලින්

    ශ්‍රී ලංකාවේ පාසල් විෂය නිර්දේශය තුළ විද්‍යාව අනිවාර්ය විෂයකි. එහෙයින් යටත්පිරිසෙයින් හය ශ්‍රෝණිය දක්‌වා වත් උගත් සැවොම විද්‍යාව ඉගෙනගෙන ඇත. එනිසා ශ්‍රී ලංකාවේ විශාල පිරිසක්‌ සංඛ්‍යාත්මකව විද්‍යා අධ්‍යාපනයේ "අ"යන්න හෝ කියූවෝ වෙති. දැනට බොහෝ කාලයකට පෙර පටන් මෙලෙස විද්‍යාව විෂය පාසල තුළ උගන්වන හෙයින් පරම්පරා තුනක්‌, හතරක්‌ පමණ වත්, පාසල් විද්‍යා අධ්‍යාපනය ලබා ඇත. එහෙයින් විද්‍යාව ශ්‍රී ලාංකිකයන්ට සමීප විෂයයකි.

    කෙතරම් සමීප විෂයයක්‌ වුවත් විද්‍යාව බටහිරට අයත් විෂය පථයක්‌ ලෙස තවමත් අපට අවිඥානිකව ම හැඟී යයි. මේ විද්‍යාව සමග එකට ගැටගැසී ඇතැයි අවිඥානිකව හැඟී යන තවත් මාතෘකා කිහිපයක්‌ ද බටහිරයන්ට අයත් මාතෘකා සේ පොදුවේ පිළිගැනීමක්‌ පවතී. විද්‍යාව සමග කොතෙක්‌ සම්බන්ධ දැයි ප්‍රමාණාත්මකව ගැනිය නොහැකි වුවත් ඒ සමග සිහිපත් වන එකී මාතෘකා නම් තාක්‌ෂණය, නූතනත්වය හා ඉංග්‍රීසි භාෂාවයි. විද්‍යාව බටහිරයන්ට පමණක්‌ අයත් වූවක්‌ නො ව එය ඒ ඒ සංස්‌කෘතීන් තුළ විවිධාකාරයෙන් පවතින්නක්‌ බව විදුසර පාඨකයෝ මැනැවින් දනිති. ඒ අනුව යුරෝපයේ බටහිර විද්‍යාව බිහි වී වැඩුණු අතර අතීතයේ ශ්‍රී ලංකාව තුළ සිංහල විද්‍යාවක්‌ පැවතියේ යෑයි අපට කිව හැකි ය. එහෙත් වර්තමාන පිළිගැනීම අනුව බටහිර විද්‍යාව සර්වත්‍ර විද්‍යාවක්‌ සේ ගෙන ඉගෙනීමේ දී අපේ විද්‍යාවේ දැනුමට යම් අසාධාරණයක්‌ නො වන්නේ ද? විද්‍යාව ඒ ඒ සංස්‌කෘතියට ආවේණික වන්නා සේ ම එම සංස්‌කෘතීන්ට හිමි බලයක්‌ ද වෙයි. බටහිර සංස්‌කෘතියේ බලය වර්තමාන ලෝක තත්ත්වය තුළ සිංහල සංස්‌කෘතියට හිමි බලය ඉක්‌මවා යන බැවින් බටහිර විද්‍යාව, සිංහල විද්‍යාව අභිබවා සිටි. එසේ වූ පමණින් පහත පරස්‌පරයන් යුක්‌ති යුක්‌ත වේ ද?

    අණ්‌වීක්‌ෂය නිපදවූයේ ඕලන්ද ජාතික සකාරියස්‌ ජාන්සන් විසින් බව ලෝකය පොදුවේ පිළිගනියි. වර්ෂ 1590 දී සකාරියන් ජාන්සන් සිය පියා සමග එක්‌ ව සිදු කළ පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස අණ්‌වීක්‌ෂය බිහි විණැයි යන්න ඒ අනුව විවාද රහිත සත්‍යයක්‌ බවට පත් ව ඇත. එහෙත් අභයගිරි කැණීම් තුළින් හමු වූ සියුම් රටා සහිත රන් දම්වැල් කැටයම් අණ්‌වීක්‌ෂයක්‌ භාවිතයෙන් තොර ව සිදු කළ නොහැකි බව ද සත්‍යයකි. එම කැටයම් අණ්‌වීක්‌ෂයකින් නිරීක්‌ෂණය නො කොට හඳුනා ගැනීම පවා අසීරු ය. (එම රන් දම්වැල දැනට අභයගිරි කෞතුකාගාරයේ තබා ඇත). එහෙත් වර්ෂ 1590ට පෙර අනුරාධපුර යුගයේ දී සිංහල කලාකරුවා අණ්‌වීක්‌ෂයක්‌ භාවිත කළ බව පිළිගැනීමට අපි මැළි වෙමු.

    දුරේක්‌ෂය සොයා ගැනීමේ ගෞරවය ගැලීලියෝ ගැලිලිට හිමි වීම දෙවරක්‌ සිතා බැලිය යුතු කරුණක්‌ නො වේ. ක්‍රි.ව. 1564-1642 කාලවකවානුවේ විද්‍යා ලෝකයේ පෙරැළියක්‌ සිදු කළ ගැලීලියෝ ඒ තරමට ම ප්‍රචලිත ය. මහා පරාක්‍රමබාහු මායා රාජ්‍යයේ අධිපතිකම් කළේ පඬුවස්‌නුවර සිට ය. පඬුවස්‌නුවර කැණීම්වල දී පරාක්‍රමබාහු සමයට අයත් පුරාවස්‌තු සමග දුරේක්‌ෂයක්‌ සඳහා භාවිත කරනු ලැබූ කාච දෙකක්‌ හමු වූ බව එතරම් ප්‍රචලිත කාරණාවක්‌ නො වේ. යුද තාක්‌ෂණයේත්, නාවික තාක්‌ෂණයේත්, වාරි තාක්‌ෂණයේත් අසහාය ශ්‍රී ලාංකික වීරයා විසින් දුරදක්‌නයක්‌ භාවිත කරනු ලැබුවේ 1164 දී පමණ ය. එහෙත් ගැලිලියෝ දුරේක්‌ෂය නිපදවූ බව අපි පිළිගනිමු.

    විද්යුතය ධාරාවක්‌ මෙන් ගමන් කරන බව ද, ඒ සඳහා මාධ්‍යයක්‌ අවශ්‍ය බව ද, එක්‌ එක්‌ මාධ්‍යයට අදාළ ප්‍රතිරෝධයක්‌ ඇති බව ද සොයාගැනීම බටහිර විද්‍යාවේ දැවැන්ත

    පෙරැළියකි. මේ පෙරැළියේ පුරෝගාමීන් මයිකල් ෆැරඩේ හා ඕම් ය. විදුලි කෙටීමේ දී ඇති වන ආලෝකය දෙවියන් වහන්සේ බවට හඳුනාගත් සංස්‌කෘතියක්‌ තුළ ඉහත සොයා ගැනීම්වලට ලැබෙන වටිනාකම ඉතා ම ඉහළ ය. එම වටිනාකම් හරහා ම ප්‍රචලිත වූ දැනුම අපි අද ද වනපොත් කරමු. එහෙයින් ෆැරඩේ හා ඕම් අදට ද විද්‍යා ලෝකය තුළ දී අපට වීරයන් ය.

    එහෙත්, අකුණු ගැසීමක දී විද්යුත් ධාරාවක්‌ ජනිත වන බව ද, එම විද්යුත් ධාරාව මාධ්‍යයක්‌ හරහා ගමන් කරවිය හැකි බව ද, ආරෝපණයක්‌ භූගත කිරීමෙන් ධාරාව ශුන්‍ය කළ හැකි බව ද අනුරාධපුර අවධියේ සිංහලයෝ දැන සිටිය හ.

    එපමණක්‌ නො ව, එම ධාරාව ගෙන යන මාධ්‍යයට නියමිත ප්‍රතිරෝධයක්‌ ඇති බව ඔවුන් දැන සිටියේ ඕම් ගේ මුතුන් මිත්තන් අකුණු ආලෝකයට වැඳ වැටෙන සමයේ දී ය. ඉහත දැනුම උපයෝගී කරගනිමින් භාතිකාභයතිස්‌ස රජු විසින් රුවන්වැලිසෑයට අකුණු සන්නායකයක්‌ සවි කරනු ලැබුවේ ක්‍රිස්‌තුස්‌ වහන්සේ ලොව පහළ වන කාලයේ දී ය. (ක්‍රි. ව. 1). අකුණු සන්නායකය භූගත කරනු ලැබුවේ රිදී කම්බියකිනි. ඒ රිදීවල විද්යුත් ප්‍රතිරෝධීතාව පහළ අගයක්‌ ගන්නා බවට ඔවුන් සතු වූ දැනුම නිසාවෙනි. එසේ නැත හොත් රිදීවල සන්නායකතාව සාපේක්‌ෂව ඉහළ අගයක්‌ ගන්නා බව දැන සිටි නිසාවෙනි.

    භාතිකාභයතිස්‌ස රජු අකුණු සන්නායකයක්‌ රුවන්වැලි සෑයට සවි කළ බව අසත්‍යයක්‌ යෑයි යමෙකුට පැවසිය හැකි ය. එහෙත් මහාවංශ කර්තෘ හිමියන් මේ පවත මහාවංශයේ සටහන් කරන්නේ ක්‍රි.ව 6 වැනි සියවසේ දී ය.

    ෆැරඩේ හා ඕම් සොයාගත්තා යෑයි පිළිගැනෙන දැනුම අඩු තරමින් මහානාම හාමුදුරුවන් වත් දැන සිටියේ ක්‍රි.ව. 6 වැනි සියවසේ දී ය.

    ඉතින් මේ කරුණු දැන දැන ම අපි බටහිර විද්‍යාවේ ගුරුවරුන් හා පුරෝගාමීන් පිළිගනිමු. ඒ කිසියම් විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ හෝ විද්‍යාත්මක චින්තනයක්‌ හෝ නිසා නො වේ. බටහිර සංස්‌කෘතිය සතු බලය නිසාවෙනි.
     
    Last edited:

    sam@

    Well-known member
  • Apr 17, 2007
    4,087
    496
    83
    39
    Jem city
    maxxa post bro...
    අපේ අයට මොනවා වුනාද කියල මමත් වෙලා වකට hithanawa ........:(
    engineering වලත් අද අපි ඉගෙන ගෙන කරන දේවල් අදට වඩා හොදින් එදා කරලා තියෙනවා බන් ...:)

    එක තම ඇත්ත ..

    ඒ තාක්ෂනෙට මොකද වනේ කියල අපි හොයා ගන්න ඕනි ...
    එහෙම හොයා ගත්ත දවසට අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන්...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    maxxa post bro...
    අපේ අයට මොනවා වුනාද කියල මමත් වෙලා වකට hithanawa ........:(
    engineering වලත් අද අපි ඉගෙන ගෙන කරන දේවල් අදට වඩා හොදින් එදා කරලා තියෙනවා බන් ...:)

    එක තම ඇත්ත ..

    ඒ තාක්ෂනෙට මොකද වනේ කියල අපි හොයා ගන්න ඕනි ...
    එහෙම හොයා ගත්ත දවසට අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුළුවන්...

    :rolleyes::rolleyes:ow..ban....issara karala tiyena ewwa..dakkama....dan api inna one metana neme...e widiyatama giyanam...:nerd:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    ලොකයේ මීට අවුරුදු 12000 - 4000 පෙර කාලය ඊලගට ක්‍රිස්තු පූර්ව මුල යුග වල අති දියුණු ශිෂ්ඨාචාර තිබිලා තියනවා. නුමුත් ඒවායී තාක්ශනය සම්බන්ධ සියලුම සාක්ෂි විනාශ කරමින් ඒවා එක පාරටම නැතිවී ගොස් තිබෙනවා , ඊජිප්තු පිරමීඩ කුමක් සදහා හෑදුවක්ද බව නිශ්චිතව තහවුරු කර නෑ. ඒව නිපදවීමට යොදාගත් කිසිම ආම්පන්නයක සාධකත් නෑ. ඇණයක් ගැහැව්වනම් මිටියක් තියෙන්නම ඕන , ඒත් ඔය එකතැනකවත් මිටියක්නම් හමුවෙලා නෑ. මම විශ්වාස කරන විදියට එම තාක්ශනය ගෙනාපු අයම තාක්ශනය එක්කම ශිෂ්ඨාචාරත් විනාශ කරල දාන්න ඇතියි කියලා.තාක්ශනය කාගෙද කියල විවිධ මත තියෙනවා , බොහෝ අය විශ්වාස කරනවා පෘතිවියට පිටින් මේ දේවල් ආවයි කියලා

    Code:
    http://ebookee.org/Chariots-of-the-Gods-Unsolved-Mysteries-of-the-Past_121823.html
     
    Last edited:

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    gd post machan
    11.gif
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Owa kiyawa kiyawa Club gane natana set bihikarala wedak neban.... mahansi wela igena ganilla... Nethnam api karanneth politician la wage atheethaya param bana eka vitharai....

    Hebei good post aaa...