අපේ ඉතිහාසය ගැන හිතන්නට යමක් .............

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අපේ ඉතිහාසය ගැන හිතන්නට යමක් .............

    ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත නමැති දුර්ලභ කෘතියේ සහ රාවණ රාජාවලිය, රාවණ පුවත, රාවණ හටන, රාවණ විස්තරය, රාවණ රජුගේ ගුවන් විස්තර කවි, කුරුණෑගල විස්තර නමැති පුස්කොළ පොත්වලද ද රාවණ රජතුමා පිළිබඳව කරුණු එමට ය.

    මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත.
    :frown:

    අපේ සමහර උගතුන් විසින් මිත්‍යා කථාවක් ලෙස ඉවත් කිරීමට තැත දරන එසේම මනස්ගාත යැයි කියනු ලබන රාවණ රජු ගැන මහාවංශයේ ද දැකිය හැකි ය. පහත සඳහන් වන්නේ මහාවංශයේ ඒ ගැන ලියා ඇති ආකාරය යි.

    “රාමායනභරතාදි ලෝකියාසු කථ සුපි
    රාමස්ස වික්ක්‍රමඤ්ච වතස්ස රාවණ ඝාතිනෝ”
    (මහාවය-පි.64-පරි 42)

    නූතන සමහර සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉවත් කරනු ලැබ ඇති මහායාන ග්‍රන්ථයක් වන “ලංකාවකතාර සූත්‍ර” යේ ද සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාවේ සමන්ත කූඨයට ගුවන් රථයෙන් (පුෂ්පකයානය) රැගෙන ආ බව ය. කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමණල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දෙසූහ. (ලංකාවතාර සූත්‍රය පරි. 1 - ගාථා 23, 24, 25, 26, 27, 28, 29, 30 ගාථා බලන්න) මෙම පුෂ්පකයානය රාම රාවණ යුද්ධයෙන් අනතුරුව ඉන්දීය රාම කුමරු විසින් පැහැර ගනු ලැබ සීතා දේවියත් සමග ඉන්දියාවේ අයෝධ්‍යාවට ගියේ ය. මහා භාරතයේ ඒ බව මෙසේ සඳහන් වේ.
     
    • Like
    Reactions: great ace

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    විශ්ව සාහිත්‍යයේ කිසිදු කෘතියක දැකීමට නොමැති රාවණ රජුගේ දියණියක් පිළිබඳව සෙල්ලිපියක් අපට හමු විය. යාල බඹරගස්තලාව නාගපබ්බත රාජමහා විහාරයට අයත් ලෙන් 60 ගණනින් එක ලෙනක දැකීමට ඇති එම සෙල්ලිපිය මෙසේ ය.

    “පරුමික රවණ ඣිති ශොහිලි ලෙණෙ ශගශ”
    (‘සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්’ ග්‍රන්ථයේ - 25 පිට)
     
    edirijv

    Member
    Oct 6, 2011
    216
    2
    0
    මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත.
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත.

    :no::no::no::no::no::(:(:(:(:( ape ithihasaya engalanthaye .