අව්‍යාකෘත ප්‍රශ්න..
අව්‍යාකෘත ප්‍රශ්න ( ටිකක් පමණි )
1. ලෝකය ශාශ්වත (සදාකාලික) ද? නැතහොත්
2. එය අශාශ්වත ද?
3. ලෝකය අන්තවත් ද? නැතහොත්
4. අනන්තවත් ද?
5. ජීවයත් ශරීරයත් එකක් ද, නැතහොත්
6. ජීවය අනිකක් ද?, ශරීරය අනිකක් ද?
7. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේ වේ ද? නැතහොත්
8. මරණයෙන් පසු නොපවත්නේ වේ ද?
9. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත් නොපවත්නේත් වේ ද? නැතහොත්
10. තථාගත තෙම මරණයෙන් පසු පවත්නේත්, නොපවත්නේත් නොවේ ද?
‘’මාලුංක්‍යපුත්ත, එක්තරා පුරුෂයෙක් විෂ පොවන ලද ඊතලයකින් විදින ලද්දේ යැයි සිතමු. ඔහුගේ් මිතුරෝත්, නෑදෑයෝත් ඔහු ශල්‍ය වෛද්‍යයකු වෙත ගෙන යන්නාහ. එවිට තුවාල ලත් පුරුෂයා මෙසේ කියයි. මට විද්ද පුද්ගලයා ක්ෂත්රියයෙක් ද, බ්‍රාහ්මණයෙක්ද, උස ද, මිටි ද, මේ විස්තර දැන ගන්නා තුරු මේ ඊතලය අදින්නට නොදෙමි. මේ ඊතලය විදින ලද්දේ කෙබඳු දුන්නකින් ද, එහි දුනුදිය කවර වර්ගයකට අයත් ද? ආදී ප්‍රශ්න අසමින් සිටින පුද්ගලයා කිසිවක් නොදැන ම කලුරිය කරන්නේ ය. එසේම භාග්‍යවතුන් වහන්සේ මට මේ ප්‍රශ්න කියා නොදෙතොත් මම ඔබ වහන්සේ ළඟ බඹසර නොවසන්නෙමි’ යි යම් කිසිවෙක් කියන්නේ නම් ඔහු ඒ ප්‍රශ්න වලට පිළිතුරු නොලබා ම කලුරිය කරන්නේ ය.’’

එසේ නම් බුදුන් වහන්සේ ඇසූ ප්‍රශ්න සහ පිළිතුරුත් කවරේ ද? වරක් උන්වහන්සේ වදාළ පරිදි ම අසමු. ‘ආයුෂ්මතුනි, මා ඔබට මෙතෙක් කීවේත්, දැන් කියන්නේත් එක ම දෙයකි. එනම්, දුක සහ දුකින් මිදීම ගැන පමණි’.