Drone වැඩ කරන්නේ කොහොමද - Part 02
යාලුවනේ කට්ටියගේ කමෙන්ට්ස් දැක්කම හිතනවා කට්ටිය ගොඩක් මේ ත්‍රෙඩ් එක ගැන උනන්දු කියල...
හරි මං විශ්වාස කරනවා දැන් ඔයාලට drone පියාසර කරන විදිහ ගැන ලොකු දැනුමක් තියෙනව කියල..
මේකේ part 01 බලපු නැති කෙනෙක් ඉන්නව නම් මේ link [ http://www.elakiri.com/forum/showthread.php?p=21890432#post21890432 ] එකට ගිහින් part 01 කියවලා එන්න part 02 කියවන්න..
දැන් අපි එහෙනම් මේ කොටසේ වැඩේට බහිමු
මම මේ ත්‍රෙඩ් එකෙන් පටන් ගන්න යන්නේ copter එකක hardware කොටස් හා drone එකට ඒවගේ දායකත්වය ගැන ලොකු දැනුමක් දෙන්නයි...
සාමාන්‍යයෙන් උසස් වර්ගයේ copter එකක සාමාන්යෙන් පද්ධති 06 ක් දකින්න පුළුවන් අපිට, ඒ තමා ...
1). Power supply system
2). Flight Controlling system
3). Sensors & Navigation system
4). Telemetry system (optional)
5). FPV system (optional)
මම උඩ දල තියෙන පද්ධති වලින් "optional" පද්ධති හැරෙන්න අනෙකුත් සියලුම පද්ධති copter එකකට අනිවාර්ය අංග.. ඔය හැම පද්ධතියකම විවධ වර්ගයේ පරිපථ දකින්න පුලුවන්.. ඉදිරියේදී අපි ඒ හැම කොටසක් ගැනම අපි වෙන වෙන සරලව කතා කරන්න තමයි හිතන් ඉන්නේ.. හරි අපි දැන් එකින් එක පද්ධති ගැන කතා කරන්න පටන් ගමු.. !!
මම ඉස්සෙල්ලාම Power supply system වලින් පටන් ගන්නවා මොකද මේ හැම පද්ධතියක්ම වැඩ කරන්න මුලිකවම නිසි ආකාරයෙන් ඕනේ විදුලිය.. එක නිසා අපි බලමු මේකට විදුලිය සැපයෙන්නේ කොහොමද කියල..
සාමාන්‍යයෙන් copter එකක power supply system එකේ ප්‍රධාන කොටස් 3 ක් දකින්න පුළුවන්..
1). Battery
2). Power Distrubution Board (PDB)
3). Power module
සාමානයෙන් අපි දන්නවා Rechargeble batteries වර්ග කිහිපයක් තියෙනව.. ඒවා තමයි
+ Nickel Cadmium (NiCd) battery
+ Nickel-Metal Hydride (NiMH) battery
+ Lithium Ion (Li-ion) battery (අපේ ෆෝන්වල තියෙන්නේ මේ වර්ගය)
+ Lithium Polymer (Li-Po) battery
මේවගෙන් අපි Drone, RC cars වලට පාවිච්චි කරන්නේ Lithium Polymer (Li-Po) battery. මේකට හේතුව, අනෙක් බැටරි වලට සාපේක්ෂව Li-Po වල ප්‍රමාණය හා බර අඩු අතර Capacity ද වැඩිය .. ඒ වගේම මේ බැටරි වල පොඩි අවාසියකුත් නැතිව නෙමෙයි.. ඒ තම මේ බැටරි වර්ගය recharging කරන්න පුලුවන් වාර ගණන අඩුයි හා safety එක අඩුයි අනිත් බැටරි වර්ග එක්ක සංසන්දනය කරනකොට..
හරි අපි දැන් බලමු Li-Po බැටරි පාවිච්චි කරනකොට ඔයාල දැනගෙනම ඉන්න ඕනේ දේවල් මොනද කියල... පොඩ්ඩක් මේ පින්තුරය බලන්නකෝ...
+ Voltage - සාමාන්‍යයෙන් Li-Po බැටරියක් හැදෙන්නේ Li-Po cell කිහිපයක් එකතු වෙලා.. එකේ එක Cell එකක සාමාන්‍ය voltage එක 3.7V වෙනවා. එහෙනම් Li-Po බැටරියේ voltage එක පෙන්නලා තියෙන්නේ Li-Po cell ඔක්කොගෙම voltages එකතු විදිහට...
බලන්නකෝ උඩ තියෙන පින්තුරයේ ඇති Li-Po බැටරියේ 2S 7.4V සදහන් කරලා තියෙනවා. ඔකේ "S" කියන්නේ Li-Po බැටරියේ ඇති cell ගන්නට. ඔයාගේ Li-Po බැටරියේ 4S කියල සදහන් කරලා තියෙනව නම් Li-Po බැටරියේ cell 04 ක් තියෙනවා.. ඒ කියන්නේ Li-Po බැටරියේ ගන්න පුළුවන් උපරිම voltage එක 4 x 3.7V = 14.8 V වෙනවා.. සාමාන්‍යයෙන් Quardcopter එකකට නම් 2S-4S අතර බැටරි පාවිච්චි කරන අතර Hexa හා Octacopter වලට 6S හෝ ඊට වැඩි බැටරි භාවිතා කරනවා..( ඇත්තටම අපි භාවිතා කරන බැටරිය මොකක්ද කියල තීරනය කරන්නේ අපේ copter එකේ ඇති මෝටරවලට අනුවයි..)
+ Capacity - ඇත්තටම මේකෙන් අපිට බැටරියකින් විදුලිය කොච්චර වෙලාවක් එක දිගට ගන්න පුලවන් ද කියන එක ගැන අදහසක් ගන්න පුලුවන්..
බලන්න උඩ බැටරියේ capacity එක කියල තියෙන්නේ 5000mAh කියලා.එකෙන් කියන්නේ ඇත්තටම බැටරිය full charge සිට discharge වෙනකම් 5A current එකක් එකදිගට පැය 01 ක් ගන්න පුලුවන් කියන එක... එහෙම කිව්වා කියල අපිට එකෙන් කියන්නේ නැ 5A වලට වඩා වැඩි current එකක් බැටරියෙන් ගන්න බැ කියල.. ඒ කියෙන්නේ අපිට 5A වලට වඩා current එකක් ගන්න පුළුවන් හැබැයි ඒ current එක ගන්න පුළුවන් කාලය අනිවාරයෙන් පැය 01 කට වඩා අඩු වෙනවා කියනඑක..
EX: හිතන්න ඔයාලගේ copter එකේ 5000mAh බැටරියක් තියෙනව කියල.. ඔයාගේ copter එකේ එක මෝටරයකින් ගන්න current 10A කියලත් හිතන්නකෝ (current නිතරම එකම අගයක තියෙන්නේ නැ). හරි අපි බලමු දැන් ඔයාගේ copter එක කොච්චර වෙලා යවන්න පුලුවන්ද කියල (ප්‍රයෝගිකව ඒ ඒ අවස්ථා අනුව මෙම කාලය අනිවාර්යෙන් වෙනස් විය හැක).
මෝටර 4න්ම ලබාගන්න current එක = 4 x 10A = 40A
පියාසර කාලය = capacity / මුළු current පරිභෝජනය x මිනින්තු 60
= 5Ah / 40A x 60
= 7.5 min
පේනවනේ කොච්චර අඩු කාලයක්ද අපිට පියාසර කරන්න පුළුවන් වෙන්නේ කියල.. එක නිසා කට්ටිය මතක තියාගන්න ඕනේ දෙයක් තමයි හැම තිස්සෙම අඩු බරක් ගෙනියන්න පුළුවන් copter එකක් වගේ හදනකොට පුළුවන් තරම් අඩු current පරිභෝජනයකින් වැඩි thrust එකක් ගන්න පුළුවන් මෝටර තෝරාගන්න ඔනී.. එහෙම නැති උනොත් ඔයාලට සිද්ධ වෙනව වැඩි capacity එකක් තියෙන බැටරියකට යන්න නැත්නම් බැටරි කිහිපයක් යොදාගන්න.. හැබැයි ඔය දෙකෙන් මොකක් කරත් එකෙන් වෙන්නේ තවත් බර වැඩි වෙන එක තමයි.. එතොට සමහරවිට ඔයලට මෝටරය වෙනස් කරන්නත් වෙයි මොකද බර වෙනස් උනාම එක thrust එකට බලපාන නිසා.. (මෝටර ගැන කරනොට කතා කරමු මේ ගැන හොදට)
+ Discharging Rate - මේක C Rating කියලත් හදුන්වනවා. ඇත්තටම මේකෙන් අපිට කියන්නේ අපිට Li-Po බැටරියකින් ආරක්ෂාකාරී විදිහට, ඒ කියන්නේ බැටරියට හානියක් නොව පරිදි කොච්චර current එකක් අපිට ගන්න පුලුවන ද කියන එක..
Ex:
බලන්න බැටරි එකේ තියෙනවා 50C කියලා.. එකෙන් කියන්නේ අපිට capacity එකේ සදහන් current එක වගේ කීගුණයක් current එක ගන්න පුලුවන්ද කියල...
50 x C = 50 x 5A = 250A
ඒ කියන්නේ අපිට උපරියමය 250A වගේ ලොකු current එකක්
ගන්න පුළුවන් ආරක්ෂාකරිව..
2). Power Distrubution Board (PDB)
non-voltage regulated PDB
PDB එකක ප්‍රධානම ක්‍රියාව තමයි බැටරි සම්බන්ධතාවය copter එකේ මෝටර් 04 ට බෙදල දෙන එක.. PDB එකක් අපි තෝරාගන්නකොට පොදුවේ අවධානය යොමු කරන්න ඕනේ මේකේ පරිපථයට ආරක්ෂාකාරී ලෙස හසුරවන්න පුළුවන් උපරිම current එක කොච්චරක් ද කියල.
හිතන්න quardcopter එකක මෝටරයකින් අදින current එක 20A නම්, PDB එකක් ගන්නකොට බලන්න ඕනේ 20A x 4 = 80A current එකක් ගෙනියන්න පුලුවන්ද කියල PDB එකකට.
උඩ මම දාලා තියෙනවා PDB පින්තුර දෙකක්... මම කියනව ඔය පින්තුර දෙකේ තියෙන්නේ ඇත්තටම වෙනස් වර්ගයේ PDB දෙකක් කියල.. (අමුත්වෙන් කියන්න ඕනේ නැ පින්තුර දෙක දැක්කම පෙන්වානේ). උඩම තියෙන
PDB එක ඇවිල්ල voltage regulated PDB එකක් වන අතර අනිත් එක non-voltage regulated PDB
එකක්.
හිතන්න අපි ගාව copter එකට සවි කරන්න LED හා FPV කැමරාවක් තියෙනවා කියල.. ඒ වගේම අපිට අපේ copter එකේ මෝටර් අනුව පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ 4S බැටරි එකක්..(එක තේරුනේ නැනේ.. අපි බලමු මෝටර ගැන කතා කරද්දී කොහොමද මෝටර අනුව බැටරිය තීරනය වෙන්නේ කියල) ඒ කියන්නේ ඔයාල දන්නවා බැටරියේ voltage එක 14.8V කියල. අපිට ඒ වගේ වෙලාවක කෙලින්ම බැටරියට LED හා FPV කැමරාවක් සම්බනධ කරන්න බෑ නේ... අන්න ඒ වගේ තැනවලදී අපිට voltage regulated PDB පාවිච්චි කරන්න පුළුවන් අපිට LED, FPV Camera වගේ අඩු voltage වලින් වැඩ කරන උපකරණ සම්බන්ද කරන්න. ඒ කියන්නේ voltage regulated PDB එකේ බැටරි සම්බන්ධතාවය මෝටර් 4ට බෙදල දෙනවට අමතරව voltage එක 12V හා 5V වලට වෙනම අඩු කරල දෙන එක කරනවා..
non-voltage regulated PDB එකක voltage regulators නෑ, ඒ කියන්නේ එය කෙලින් බැටරියෙන් එන current එක copter එකේ මෝටර් 04 ට බෙදල දෙන එක විතරයි කරන්නේ...
2). Power Module
ඇත්තටම අපි Power Module පාවිච්චි කරන්නේ බැටරියෙන් Flight Controller එකට (මේක තමයි drone එකේ මොලය.. ඉස්සරහට කතා කරමු මේ ගැන අපි) විදුලිය සපයන්න. සාමාන්‍යයෙන් Flight Controller එකක් වැඩ කරන්නේ 5V - 12V දක්වා පරාසයක තමයි.. එක නිසා බැටරියෙන් voltage එක Flight Controller එකට ඕන ගානට regulate කරන එක තමයි මේකේ ප්‍රධානම වැඩේ.. එක නිසා ඒ ඒ Flight Controller වලට හරියන විදිහට විශේෂිතව නම් කරපූ Power Module දකින්න පුළුවන් අපිට වෙළදපොලේ..
Power Module සාමාන්‍යයෙන් power input 01 හා power output 02 ක් දකින්න පුළුවන්. power input 01 එකට බැටරිය සම්බනධ කරනවා. ඒ වගේම power output 02න් ලොකු රතු හා කළු වයර් ඇති දෙක PDB එකට සම්බන්ධ කරනවා.. ඊට පස්සේ අනිත් පුංචි වයර 6ක් විතර තියෙන එක Flight Controller එකට සවි කරනවා..
ඔන්න drone එකක power supply system එක ගැන මම හිතනවා හොද අදහසක් ගන්න ඇති කියල.. ඔය වගේම තමයි ඉතින් power supply system එක ඔයාල ලොකු ලොකු ගණන් දීල ගන්න DJI phantom වගේ drone වල පොඩි පොඩි වෙනස්කම් කරලා තියෙන්නේ ඉතින්.. හරි එහෙනම් අපි ඊලග post එකෙන් ඒ කියන්නේ part 03 වලින් හම්බෙමු Flight Controll system එක ගැන කතා කරන්න. එකේ යටතේ Remote controll වලින් කොහොමද drone එක පාලනය වෙන්නේ, flight controller එකෙන් කොහොමද, මෝටර පාලනය වෙන්නේ, මෝටර් කොහොමද සම්බන්ද වෙන්නේ වගේ තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනව අපිට.. එහෙනම් ආයේ හමුවෙමු යාලුවනී... අහ ඔයාලගේ අදහස් comments කරලා යන්නත් අමතක් කරන්න එපා...

1).Power supply system

ගන්න පුළුවන් ආරක්ෂාකරිව.. 2). Power Distrubution Board (PDB)
voltage regulated PDB

Last edited: