අපේ උන්ගේ කවි ලිවිල්ල
අර බෙල්ලන්විල ඇතා හුරතලේටලු තල්ලුවක් දාලා තියෙන්නෙ කියලා ජමරෙට කවියක් සෙයාර් වෙනවා. ටෞකණ්ඩ අපේ එවුන් හැමුත්තටම කවි ලියනවා.
හැම මගුලටම කිව්වම ආයේ හැම මගුලටම ලියනවා.
අනිත් එවුනුත් අනේ අපොයි කියාගෙන සෙයාර් කරනවා.
ලංකාවට ජුරාසික් පාර්ක් එකේ ටීරෙක්ස් ආවොත් මේම ලියයි---------
ඉස්ලා නුබ්රා දුපතේ ඉඳලා
අපව සොයාගෙන ආ ගමනක්
චුට්ටක් නැට්ටේ එල්ලෙන්නද මම
ආසයි පදින්න එක සැරයක්
හැපුවේ නෑ ඒ ඇන්නා පමණයි
ටී රෙක්ස් චුට්ටගෙ හුරතලයක්
සියඹලා දෙන්නද ඇඹුල බලන්නට
හපලා කන්නට ඉල ඇටයක්.
ගොඩ්සිලා ආවොත්-----------------
බලාන උන්නා මූද පුරාවට
මොකද්ද මන්දා කලබලයක්
ආයේත් ඇවිදින් ජපානෙ යන්නද
ගොඩ්සිලා මාමේ තව සැරයක්
න්යස්ඨික අවියෙන් ගැහුවේ නෑ අපි
ඒකත් අපගේ හුරතලයක්
ආ දෙන් අද මම තරහම තරහයි
ජපානේ පාළු වු සුරපුරයක්.
න්යස්ඨික බෝම්බයක් ගැහුවොත්--------------
පාලුවු අහසේ යානාවක ඉඳ
අතැරියේ උඹ නපුරු කමකටද
අහිංසක බෝම්බෙ කල වරද කුමක්ද
ගව් ගනනාවක් පහත හෙලන්නට
නිදහසේ පහලට වැටෙනා නුඹ වෙත
දෑතම ඔසවා පිලිගන්නන් අප
පුංචි බෝම්බය අතැරියේ නැත
මනුස්සකම දත් සිංහල අප සැම
ලිව්වේ Don supz