අපේ උන්ට පිස්සුද ? මෝඩ හරක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපේ උන්ට පිස්සුද ? මෝඩ හරක්

    අපේ වල අපිම කපා ගන්න උන්
    මුට පල්ලියෙන් කුට්ටියක් යනවා ඇති. නොදකින් ..

    check below post



    බෞද්ධයෝ කල්එළියේ ඉස්ලාම් පල්ලියක් හදති.. විවෘත කරන්න ලොකු හාමුදුරුවෝ යති
    June 24, 2014 at 3:20 pm | lanka C news
    බෞද්ධයෝ කල්එළියේ ඉස්ලාම් පල්ලියක් හදති.. විවෘත කරන්න ලොකු හාමුදුරුවෝ යති

    කල්එළියේ අලූතින් ඉදි කරන ලද අල්මස්ජිඞ් සුභාෂානි ජුම්මා පල්ලිය විවෘත කිරීම ගමේ පන්සලේ හාමුදුරුවන්ගේ ද සහභාගිත්වය ඇතිව පසුගියදා සිදු කෙරිණි.

    නව පල්ලිය විවෘත කරමින් එය ජනතා අයිතියට පත් කිරීම පිළිබඳ ප‍්‍රකාශය පල්ලි භාරකාර මණ්ඩලයේ ප‍්‍රධාන භාරකාර අල්හාජ් එම්.ටී. කමර්ඞීන් මහතා කියවීය. ඒ.එල්.එම්. අලියාර් මෞලවිතුමන් විසින් කුරාණයේ පාඨ කියවා ආගමික වතාවත් කරනු ලැබීය.

    මේ අවස්ථාවට වැඩම කළ මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයේ ධර්මාචාර්ය රූපහ සෝරත හිමියෝ අනුශාසනාවක් කරමින් මෙසේ පැවසූහ.

    ‘වසර තිහක් තිස්සේ මේ ගමේ පන්සලේ වැඩ වසමින් මුස්ලිම් ජනතාවත් සමඟ සහයෝගයෙන් වැඩ කරන්නට ලැබීම මහත් සතුටක්. එවන් අවස්ථාවක නව පූජනීය ස්ථානය විවෘත කරන්නට ආරාධනා කිරීමත් මහත් සතුටට හේතුවක් වෙනවා. ආගම දහම අකුරට අදහමින් ඉගැන්වීම් වලට අනුව ජීවිතය හැඩ ගස්සවා ගත් පිරිසක් බව මට මේ ජනතාව හදුන්වන්න පුලූවනි.

    මෙහි ඉදි කිරීම් කළේ වැඩි වශයෙන් සිංහල ජනතාවයි. ආගම දහම, ඇදුම, පැළදුම, ආහාර පාන අතින් වෙනස්කම් ඇතිව වුවත් අපි එකම රටක ජීවත් වෙන්නේ මනුෂ්‍යත්වයෙන් පිරිපුන්වයි. ජීවත් විය යුත්තේ එසේයි. එවිට මිනිසාට වැඩදායී ලෙස ජීවත් විය හැකියි. මේ ප‍්‍රදේශයේ ජනතාව ඒ ආකාරයෙන් සැදී පැහැදී කටයුතු කිරීම මහත් වාසනාවක්’
    3,372 Viewers
     
    Last edited: