අපේ කාලයේ තුවක්කු 2

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපේ කාලයේ තුවක්කු 2

    අපේ කාලයේ තුවක්කු පළමුවැනි කොටස මා ආරම්භ කලේ චූර්ණිකාවකිනි. මෙන්න දෙවැනි කොටසට අදාළ චූර්ණිකාව. ජ්‍යෙෂ්ට ශිෂ්‍ය භටයන් ලෙස පුහුණුව හමාර කරන සියලුම ශිෂ්‍ය භටයන්, දියතලාව පුහුණු කඳවුර වෙත යාමට පෙර, දිවුරුම් ප්‍රකාශයකට අත්සන් තැබිය යුතුය. මෙහිදී, ඛණ්ඩය භාර නිලධාරියා, ඛණ්ඩය පෙළගස්වා, සියලු දෙනාම දකුණු අතේ අල්ල ඉදිරියට සිටිනසේ වැලමිටෙන් අත නවා, දිවුරුම් දීමේ ඉරියව්වෙන් සිට ඛණ්ඩ භාර නිලධාරියා විසින් කියවනු ලබන වාක්‍යයක් කියවනු ලබයි. 1968 වර්ෂයේදී මා මුලින්ම මේ වාක්‍යය කියවූ හැටි මට මතකය. එහිදී අපි දිවුරුම් දුන්නේ දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් ලංකාව ආරක්ෂා කරන බවටය. (1971 කැරැල්ලේ චුදිතයන්ට එරෙහිව නැගු චෝදනාව වූයේද දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ රාජ්‍යයට අයත් ලංකාව පැහැර ගන්නට තැත් කිරීමය) මෙම දිවුරුම් දෙන අවස්ථාවට සාමදාන (සමාදාන නොවේ) විනිශ්චයකාර වරයකුද සහභාගිවූ අතර, ඔහු සිය අත්සන යොදා දිවුරුම සහතික කළේය. මෙය ඇත්ත වශයෙන්ම ඉතා ගරුගම්භීර ලෙස සිදුවිය. අධිරාජ්‍යවාදී සහ යටත්විජිතවාදී ස්වරූපය එහි තිබුනද ශිෂ්‍ය භටයාගේ අභිමානයට ඉන් හානියක් නොවූ බවයි මගේ හැඟීම.

    ඉතින්, අපේ කාලයේ තුවක්කු වලින් මීළඟට මා ඔබට හඳුන්වා දෙන්නේ .303 ලී එන්ෆීල්ඩ් වර්ගයේ රයිෆලයයි. (.303 Lee Enfield Rifle)


    800px-lee-enfield_rifle.jpg



    no4_live_11.jpg



    leeenfield_2.jpg


    ලෝක ඉතිහාසයේ මෙතෙක් පාවිච්චි කල තුවක්කු අතරින් මේ තුවක්කුවට හිම්වන්නේ අද්විතීය ස්ථානයකි. මෙය ‘බෝල්ට් ඇක්ෂන් Bolt Action’ ක්‍රමයට සැකසු තුවක්කු අතරින් ව්ශිෂ්ඨතම තුවක්කුව ලෙස හැඳින්විය හැකිය. දැන් ඔබේ ප්‍රශ්නය මම දනිමි. බෝල්ට් ඇක්ෂන් කියන්නේ මොකක්ද? එය ඉතා සරලව පැහැදිලි කල හැකියි. ඔබ දන්නවානේ ඔබේ නිවසේ දොරවල් වලට සවි කර ඇති ‘සොයිබය’ නමැති කොටස. මේ තියෙන්නේ.

    brass-door-bolt-xy-5001.jpg


    ඔබ මේකට කියන්නේ වෙනත් නමක්ද? හොඳයි, නම මොකක් වුනත් මට අවශ්‍ය වුනේ, මේ කොටසේ ක්‍රියාකාරිත්වය ඔබට හොඳින් මතක තිබෙන නිසා, ඒ ඇසුරෙන් කරුණු පැහැදිලි කරන්නයි. මේ කොටස ඉංග්‍රීසියෙන් හඳුන්වනේ ‘ඩෝර් බෝල්ට්’ කියලා. ඔබට මතකනේ, අගුල දැමීමටනම්, මේ කොටස ඉදිරියට (දොරේ තිබියදී උඩට, පහලට හෝ පැත්තට විය හැකියි) තල්ලු කර, එහි හිස කොටස පැත්තට නැවීමයි කල යුත්තේ. එමෙන්ම අගුල ඇරීමටනම්, ඒ ක්‍රියාවම ප්‍රතිවිරුද්ධ දෙසට කල යුතුයි. ඉතින් බෝල්ට් ඇක්ෂන් රයිෆලයෙන් වෙඩිල්ලක් තැබීමට හා වෙඩි තැබූ පසු හිස් පතරොම ඉවත් කිරීමටත් කලයුත්තේ එම ක්රියාවමයි. දැන් තේරුනා නේද බෝල්ට් ඇක්ෂන් එක. හැබැයි දොරේ බෝල්ට් එකනම් ඔබට වමට හෝ දකුණට නැවිය හැකියි. එහෙත් රයිෆලයේ බෝල්ට් එක නැවිය හැක්කේ දකුණු පැත්තට පමණයි.

    ලී එන්ෆීල්ඩ් රයිෆලයට දීර්ඝ ඉතිහාසයක් තියනවා. එය හැකි තරම් සංක්ෂිප්තවයි මම ඉදිරිපත් කරන්නේ. එයට හේතුව නීරස භාවය හැකිතාක් අඩුකර ගැනීමයි. ඔබ දැක ඇති, නැත්නම් අහලා ඇති, අපේ රටේත් ඉස්සර තිබුන, සමහර විට දැනුත් හොරට තියාගෙන ඉන්න, ‘බෙහෙත් කොටන තුවක්කු’ කියන තුවක්කු වර්ගය. බෙහෙත් කොටන කියන්නේ බෙහෙත් දාලා කාට හරි කොටනවා නෙවෙයි. ඒ වර්ගයේ තුවක්කු වලට තිබුනේ පතරොම් නෙවෙයි. තුවක්කුවේ බටය අගින් වෙඩි බෙහෙත් සහ මූනිස්සම් ඇතුළු කරලා කුඩා පුළුන් කෑලි, ඉතා කුඩා රෙදි කෑලි, ඔබලා හීනි දිග ලී කූරකින්, ඒවා හොඳින් හිර වෙන්න කොටනවා. ඒ ලී කූරට කිව්වේ ‘අච්චුක් කූර’ (Ram Rod) කියලා. ඉන්පසු තුවක්කුවේ බටයේ මුල පැත්තේ (තුවක්කුවේ මිට පැත්තේ) ඇති නිපල නමැති ස්ථානයට ගිනි තබනවා. (පසු කාලීනව නිපල මතට ගැස්සිය හැකි කොකෙක් නිර්මාණය කෙරුනා) ඉතින් හිතාගන්න පුළුවන් නේද යුද්ධයකදී එක වෙඩිල්ලක් තියලා ඊළඟ වෙඩිල්ල තියන්න කොච්චර වෙලා යන්න ඇද්ද කියලා. (දැනට පාවිච්චි කරන ටී 56 වැනි අවියකින්, ඉතා හොඳින් පුහුණු සොල්දාදුවකුට, විනාඩියකට උණ්ඩ 600 ක් පමණ වෙඩි තැබිය හැකියි.) මෙසේ තුවක්කු කට පැත්තෙන් වෙඩි බෙහෙත් කවලා වෙඩි තියන තුවක්කු හැඳින්වුණේ ‘මස්ල් ලෝඩර්ස්’ (Muzzleloaders) කියලයි. තුවක්කුවේ මිට පැත්තෙන් ඇරලා එතනින් පතරොම් ඇතුළු කරලා වෙඩි තියන ක්‍රමය ආවේ ඊට පස්සේ. එවැනි තුවක්කු වලට කියන්නේ ‘බ්රීච් ලෝඩර්ස්’ (Breech Loaders) කියලයි.


    17270_0084_1_lg.jpg



    4_10_with_cartridges.jpg



    ලී එන්ෆීල්ඩ් රයිෆලයේ නිර්මාතෘ ලෙස සැලකෙන්නේ ඇමෙරිකානු ජාතික ‘ජේ.පී. ලී’ නමැත්තායි (1831 – 1904) ඔහු විවිධ තුවක්කු වර්ග නිර්මාණය කිරීමේ පුරෝගාමියෙක්. .303 ලී එන්ෆීල්ඩ් රයිෆලය මුලින්ම නිපදවුනේ එංගලන්තයේ ලන්ඩන් නුවර උප නගරයක් වූ එන්ෆීල්ඩ් ප්‍රදේශයේදී 1902 වර්ෂයේදී. ලී මහතාට කරන ගවුරවයක් වශයෙනුත්, රයිෆලය නිපදවූ ප්‍රදේශයට කෙරෙන ගවුරවයක් වශයෙනුත් මෙය ලී එන්ෆීල්ඩ් රයිෆලය නමින් නම් කරනු ලැබුවා. මේ රයිෆලයේ කැලිබර් එක වුනේ .303 ඒ නිසා මේ රයිෆලයේ සම්පූර්ණ නම ‘.303 ලී එන්ෆීල්ඩ් රයිෆලය’ යන්නයි. මෙහි මුල්ම මෝස්‌තර 1880 ගණන් වල සිට බ්‍රිතාන්‍ය හමුදා විසින් භාවිතයට ගැණුනා. කෙසේ වෙතත් 1960 දශකය වනවිට බ්‍රිතාන්‍යය මෙය හමුදාවල පාවිච්චියෙන් ඉවත් කළා. ලංකාවේ මෙය පාවිච්චියෙන් ඉවත් කෙරුනේ 1980 දශකයේ මැද හෝ අග භාගයේදී. අවසාන වරට මෙය ලංකාවේ භාවිත කලේ පොලීසියයි.


    සාමාන්‍යයෙන් ගිනි අවියක (firearm) තත්වය, හැකියාව, මනින ලෝක සම්මත මිනුම් දඬු තිබෙනවා. ඒ මිනුම් දඬු අනුව 303 රයිෆලයට ලැබෙන්නේ වැදගත් තැනක්. ඒ ගැන කෙටි විස්තරයක් මේ.

    වර්ගීකරණය = බෝල්ට් ඇක්ෂන් රයිෆල්

    නිපදවූ රට = මහා බ්‍රිතාන්‍යය

    පාවිච්චි කිරීම = 1895 සිට 1960 දශකය දක්වා


    ලෝකයේ සමහර රටවල අදටත් පාවිච්චි කෙරේ. කිසිදු රටක අලුතෙන් නිපදවන්නේ නැත.

    පාවිච්චි කල විශේෂ අවස්ථා

    1 වැනි ලෝක මහා සංග්‍රාමය


    2 වැනි ලෝක මහා සංග්‍රාමය

    කොරියානු යුද්ධය


    අරාබි ඊශ්‍රායල් යුද්ධය

    ඇෆ්ඝනිස්තාන් අර්බුදය


    නිෂ්පාදන ඉතිහාසය

    සැලසුම්කරු = ජේම්ස් පැරිස් ලී


    මෙතෙක් නිපදවා ඇති අවි ගණන = 17,000,000 වඩා වැඩිය.

    මෙතෙක් නිපදවා ඇති මෝස්‌තර ගණන 13 කි

    තුවක්කුවේ දිග = පැරණි මෝස්තරය අඟල් 30 යි. නව මෝස්තරය අඟල් 44 යි.

    තුවක්කු බටයේ දිග = අඟල් 25 යි

    තුවක්කුවේ බර = රාත්තල් 8.8 (4 කි.ග්රෑම්)

    උණ්ඩ පිටවන සාපේක්ෂ ප්‍රවේගය (Muzzle Velocity) = තත්පරයට අඩි 2441 (මීටර් 744)

    සාඵල්‍ය දුර (effective range) (වෙඩිල්ලකින් ස්ථිරව ප්‍රතිඵලයක් ලැබෙන උපරිම සීමාව) = යාර 550 යි (මීටර් 503)


    වෙඩි උණ්ඩයක් ගමන් කරන උපරිම දුර (maximum range) = යාර 3000 යි (මීටර් 2743)


    වරකට තුවක්කුවට යෙදිය හැකි පතරොම් ගණන (magazine capacity) = 10 යි.

    උපුටාගැනීමකි
     

    BLNinja

    Banned
    Apr 4, 2012
    119
    7
    0
    කරුනාකරලා බ්ලොග් එකේ ලිපියේ ලිංක් එක දාන්න