අපේ කාලයේ නියමයන් 🤪🤪🤪

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    අපේ කාලයේ නියමයන්


    1. ලොරන්ස්ගේ යාන්ත්‍රික පිළියම් නියමය
    සෑම යාන්ත්‍රික දෝෂයක් පිළියම් කිරීමේදී අත් ග්‍රීස් වලින් වැසුනු විට නාසය කැසීමට පටන් ගනී.


    2. ඇන්තනිගේ කම්මල් නියමය
    ආයුධයක් බිම වැටුනු විට අත දැමීමට අපහසුම කොන වෙත පෙරළී යයි.


    3. කොවෑක්ගේ න්‍යාය
    වැරදි නම්බරයක් ඇමතීමේදී කාර්යබහුල නාදය කිසිවිටෙක නොඇසෙයි.


    4. කැනන්ගේ කර්මවාදය
    අද වැඩට වාර්තාකිරීමට පමාවූ හේතුව ලෙස වාහනයේ ටයරයේ හුළං යෑම යැයි කරණු ඉදිරිපත් කළහොත් පසුදින සත්‍යවශයෙන්ම වාහනයේ ටයරයේ සුළං යනු ඇත.


    5. ඕ බ්‍රයන්ගේ විචලන නියමය
    ඔබ සිටිනා පෝළිම මාරුකලහොත් ඔබ සිටි පෝළිම දැන් සිටිනා පෝළිමට වඩා වේගයෙන් ඉදිරියට යයි.


    6. බෙල්ගේ නියමය
    ඔබ නානකාමරයේ සිටින විට දුරකථනය නාදවීමේ සම්භාවිතාව ඉහල යයි.


    7. රූබිගේ සමාසද සිද්ධාන්තය
    ඔබ දන්නා කිසිවකු මුණ ගැසීමේ සම්භාවිතාව ඔබ කවුරුත් නොදකීවායි පතන අවස්ථාවකදී ඉහල යයි.


    8. විලොබීගේ නියමය
    ඔබ මැසිම වැඩ කරන්නේ නැති බව ඔප්පු කිරීමට තැත් කිරීමේදී එය වැඩ කරයි.


    9. සැඩ්‍රාගේ ජීවමිති නියමය
    කැසීමේ සැරබව අදාල ස්ථානයට අත පෙවීමට ඇති දුරට සමානුපාතික වේ.


    10. බ්‍රෙඩාගේ නීතිය
    සෑම අවස්ථාවකදීම බිත්තියට ළඟ අසුන් ගැනීමට නියමිත අය පැමිණෙන්නේ අවසානයටය.


    11. ඕවන්ගේ නියමය
    උනුසුම් කෝපි/තේ කෝප්පයක් රසවිදීමට සැරසෙද්දී එය නිවෙනතුරු කිරීමට ලොක්කා වැඩක් පවරනු ඇත.


    12. වූලිගේ නියමය
    ඔබ බොහෝ රෑ වන තුරු වැඩ කරන කිසිම දවසක ලොක්කා නොසිටින නමුත් ඔබ අන්තර්ජාලයේ සැරිසරන විට ඔහු අනිවාර්යෙයන්ම ළඟ සිටියි.

    ඇත්ත නේ 🤪😂😂😂

    ඊ මේලයකි.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ට්‍රැවල් රිස්ට්‍රික්ශන් නියමය,

    වැඩ නැතුව ගෙදර නැවතී සිටින දින ගණන, වැඩට යාමට හැකි දිනය ලංවන විට, තවත් කරිෆිවු දික් වුණානං හොඳයි කියා සිතෙන දින ගණනට සමානුපාතික වේ.