මට මේ නූල දාන්න හිතුනේ dimu999 ගේ නුලක් (http://www.elakiri.com/forum/showthread.php?t=1510908). මේ නූල දැක්කම මට හිතුනේ ලංකාවේ 90% කට ලංකාවේ ටී.වී. වහක් වෙලා කියලා. මට හිතෙන්නෙ මේකට හේතුව ලංකවේ චැනල් වල යන මෙලො රහක් නැති දැක්කත් බඩ යන මෙගා ඩ්රාමා කියලයි. ඒත් පොඩ්ඩක් හොයලා බැලුවොත් යමක් ගන්න තියන හිතන්න දෙයක් ඉතුරු කරන මහන්සි වෙලා ලස්සනට හදපු කටක් ඇරල හොද නිර්මාණයක් කියල කියන්න පුලුවන් ටෙලිත් තාම අපේ රටෙත් තියනවා කියලා දකින්න පුලුවන්. මම මේ නූල එලකිරි එකේ දන්නෙ මම මේ දවස්වල තොර බේරා ගෙන බලන ඒ වගේ හොදයි කියල හිතෙන ටෙලි කීපයක් අදුන්වලා දෙන්න.
කරුමේ කියන්නෙ මේ ටෙලි ඔක්කොම යන්නෙ මට පෙන්නනම බැරි ....වහිනියේ . කොහොම වුනත් හොද දේට හොදයි කියන පදනමේ ඉදන් මම වැඩේ පටන් ගන්නම්.
මේ දවස් වල මම ආසාවෙන් බලන ටෙලියක් තමා තුන්මන් තැන්න කියන්නෙ. සැම සෙනසුරාදාකම රෑ 9.00 මේක විකාශය වෙනවා . හැබැයි දැන්නම් කොටස් තිහක් විතර විකාශය වෙලා ඉවරයි . ඒත් කලින් ගිය කොටස් ඔක්කොම නෙට් එකේ බලන්න තියනවා. ගිගා 2ක් (approx 31*60mb) විතර වියදම් කරල බැලුවත් පාඩු නෑ.
මේක අධ්යක්ශනය කරල තියෙන්නෙ ෂර්ලි පි. දෙලංකාවල. ෂර්ලිගෙ පරන ටෙලි ගොඩක් තියනව චතුර්ය, ඕලු කියන්නෙ ගොඩක් ජනප්රිය වෙච්ච ටෙලි දෙකක්. ඒත් මම වැඩියෙන්ම අස කලේ දෙගම් මැදියාව කියන ටෙලියට. ඒක සුපිරියටම හදල තිබ්බ හින්ද තමා මම තුන්මන් තැන්නත් බලන්න පටන් ගත්තෙ. තුන්මන් තැන්න ගැන කියනවා නම් මේක මතුපිටින් යන ආදර කතාවට යටින් මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් ගැන, අපිට සමාජයේ දකින්න ඉන්න එකිනෙකට වෙනස් චරිත ගැන හදුන්වා දීමක් වෙනවා කියල මට හිතෙනවා. එතකොට තම තමන්ගෙ සිතැගි පරිදි මේ දේවල් තෙරුම් ගන්න ප්රේක්ශකයාට අවස්තාවක් ලැබෙනවා. භසිලු, තාරා වගේම අනෙක් චරිත වලට පන දෙන නලු නිලියනුත් තමන්ගෙ වැඩේ හරියටම කරනවා. කැමරා කරනයත් අපි මේ දවස්වල දකින 2.50හෙ ලෙවල් එකෙන් එහාට ගිහිල්ල මහන්සි අරන් කරල තියනව. ශූටින්ග් ලොකේශන්ස් එහෙමත් පට්ටට තොරලා තියනවා. ඒක හින්ද සතියට පැය බාගයක් අරන් මේක බැලුව කියලා පඩුවක් වෙන්නෙ නෑ.
මම කතා කරන්න හිතපු අනිත් ටෙලිය නම් මේ වෙද්දි විකාශය වෙලා ඉවරයි. පියවි කියන්නෙ චාමර පීරිස් කියන ඩිරෙක්ටගෙ ලස්සන නිර්මානයක්. ආකිටෙක්ට් කෙනෙක් උන චාමරගෙ නිර්මානාත්මක හැකියාව ටෙලියෙත් ඔනෙ තරම් දකින්න තියනවා. යුනි කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතර ඇතිවෙන අදරයකින් පටන් ගන්න කතාව අපි හිතන්නෙවත් නැති පැතිවලට ගලාගෙන යනවා.
චාමර මොන දේ පෙන්නන්න හැදුවත් මම දැක්කෙ යුග දෙකක තරුණ අයගෙ වෙනස්කම් වගේම සමානකම්. කැමරාකරණයෙදි වගේම එඩිටින්ග් වලදිත් අමුතු අමුතු වැඩ දලා තියනවා. ඒ හැම දේකින්ම බලන් ඉන්න අයගේ හැගීම් හසුරවන්න චාමර ට්රයි කරලා තියනවා. කොහොම හරි මේ ටෙලියට ටෙලිය වගේම ලස්සන තේමා ගී දෙකකුත් හදලා තියනවා.
ටී.වී. එකේ ගිහින් ඉවර උනත් ඔක්කොම කොටස් ටික නෙට් එකේ තියනවා . බැලුවට පාඩුවක් වෙන එකක් නෑ.
පියවි බලල ඉවර උනා විතරයි ඉරිදා රෑ 9.00 බෙල්ට් එකටම චාමරගෙම අලුත් ටෙලියක් පෙන්නනවා යාය 4.
පලවෙනි කොටස ගිය ඉරිදා ගියා. මම එකත් බෙලුවා. යාය 4 කියන ගමට යන මධ්යවේදීන් පිරිසකට ගමේ තරුණයෙක් දෙන මෙමරි චිප් වගයක තියන විඩියෝ ගලපලා හදා ගත්ත කතාව චාමර ටෙලියක් කරල අපිට පෙන්නනවා. මේකත් පට්ට ටෙලියක් වෙයි කියලා මට හිතෙනවා.
චාමර මීට කලින් කරපු අයාල් කියන ටෙලිය අසාවෙන් බලපු අය මේකත් බලන්න. මට අයාල් එච්චර දිරෙව්වෙ නැති උනත් යාය 4 නම් පට්ට කතාවක් වෙයි කියල ශුවර්.
මම මේ ටෙලි ගැන විතරක් ලිව්වෙ මට තියන සීමිත කාලෙන් බලන්න පුලුවන් උන හොද ටෙලි 3නක් නිසයි. මේ වගේම හොදයි කියන්න පුලුවන් තවත් ටෙලි ඕන තරම් ඇති. ඒවගේ විස්ත්තර බෙදාගමු. එතකොට වත් මේවගේ හොද ටෙලි වල රේටින්ග්ස් වැඩි වෙලා ටී.වී. වල ඉන්න මන්දබුද්දිකයන්ට තේරෙයි මෙගා ජරාවම පෙන්නල වැඩක් නෑ කියල . අනිත් එක තමා මම මේක ලිව්වෙ ලොකු විචාරයක් දෙන්නවත් පොර ටෝක් දෙන්න වත් නෙවෙයි ටී.වී. බලන සාමාන්ය ප්රේක්ශකයෙක් විදිහට හිතට දැනෙන දේ එක හින්දා ඔයාලත් තමන්ට හිතෙන දේ මෙතම කොමෙන්ටුවක් දාල කියලා යන්න....