අපේ ප්‍රථම 3D චිත්‍රපටය?

gsrilanka

Member
Feb 18, 2009
3
0
0
රොහාන් වැලිවිට

අපේ ප්‍රථම 3D චිත්‍රපටය සුසීමා?


3D හරහා ගාමිණී ෆොන්සේකා යුගයට



වෙස් වළා ගත් යෝධ මිනිසකු බියෙන් පැන යන ප්‍රතිවාදියාට දමා ගැසූ කෙටේරි පහර පියඹා ආවේ මදෙසටය. මට ඉබේම කෑ ගැසුණි. තවත් වරක ස්වයංක්‍රීය ගිනි අවියකින් නිකුත් වූ උණ්ඩය එළියට පැන මා ළය සිදුරු කරන්නාක් මෙන් දැනුණි. එය නම් ත්‍රාසය, භීතිය හා විශ්මය කැටි වූ අපූර්වතම අත්දැකීමක් බව නොකියා බැරිය. ඒ ත්‍රිමාන තාක්ෂණයේ මහිමයයි.
මෙය කියවන ඔබ කෙදිනක හෝ ත්‍රීමාන නැතහොත් 3Dසිනමා පටයක් නරඹා ඇතිදැයි මම නොදනිමි. එහෙත් ජීවිතයේ මුල් වරට එවැනි චිත්‍රපටයක අපූර්ව දසුන් කිහිපයක් නැරඹීමට මට අවකාශ ලැබුණි. එය හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයකි. අහම්බෙන් ලද අවස්ථාවක් නිසා චිත්‍රපටයේ වගතුග ද මම නොදනිමි.
සැබැවින්ම මේ වන විටත් ත්‍රීමාන තාක්ෂණය ලොව පුරා සිනමාව හා රූපවාහිනිය ආක්‍රමණය කර හමාරය. තත්පරයෙන්, තත්පරය සිදු වන එකී තාක්ෂණික විප්ලවය පිළිබඳ එළැඹි සිහියෙන් පසු වන ඔහු අපේ සිනමාව හා රූපවාහිනිය නවීන ත්‍රීමාන තාක්ෂණය හා මුසු කරන්නට වෙහෙසෙන නිර්මාණශීලී ගවේෂකයෙකි. විද්‍යුත් සංනිවේදන ක්ෂේත්‍රයේ විසි පස් වසරක අත්දැකීම් ඇති ඔහු රොහාන් වැලිවිටය.
විශේෂිත උපැස් යුවළක් පැළැඳ ජීවිතයේ මුල්ම 3Dවින්දනය මා ලැබූයේ ඔහුගේ Fine Vision පර්යේෂණ මැදිරිය තුළය. ඒ අප සංවාදයට අවැසි ඇසින් දුටු සාක්ෂියක් විලසිනි.
මොකක්ද මේ ත්‍රිමාන තාක්ෂණය කියන්නේ?
ත්‍රීමාන තාක්ෂණයට කලින් ලෝකේ තිබුණේ ද්විමාන තාක්ෂණය. ද්විමාන කියලා කියන්නේ දෙකක්. අපි යම් කිසි වස්තුවක් දිහා බලන්නේ ඇස් දෙකෙන්. සාමාන්‍යයෙන් මිනිසකුගේ ඇස් දෙක අතර පරතරය අඟල් 2.5 ක් විතර. ඒ නිසා කෙනෙක් ඇස් දෙකෙන් යම් වස්තුවක් දිහා බැලුවත් ඒක දකින්නේ දර්ශන දෙකක් විදිහට. ඒත් ඒ දර්ශන දෙක අතරේ සුළු වෙනසක් තියෙනවා. මේක හඳුන්වන්නේ විෂම දෘෂ්‍යතාව කියලා.
මේ විෂමතාවය මිනිස් මොළය මගින් සමතාවයට පත් කිරීම නිසා එම වස්තුව එක රූපයක් ලෙසින් ත්‍රිමානව දර්ශනය වෙනවා. මේ ක්‍රියාව රූගත කරලා (Filming a Projection) ප්‍රක්ෂේපනය කිරීම තමයි ත්‍රීමාන සිනමාව හා රූපවාහිනිය කියන්නේ. ඒ ත්‍රීමාන දර්ශන නරඹන්න විශේෂ උපැස් යුවළක් අවශ්‍ය වෙනවා. එක රූපයක් දිහා ඇස් දෙකෙන්ම බැලීම තමයි ත්‍රිමාන කියලා හඳුන් වන්නේ.
තවත් ක්‍රමයක් අපි අහලා තියෙනවා ප්ලස්මා තිරයක් මත ප්‍රක්ෂේපණ යන්ත්‍ර දෙකක් භාවිත කර රූප නරඹන?
ඔව්, ඒකට කියන්නේ සිල්වර් ස්ක්‍රීන් කියලා. සිල්වර් ස්ක්‍රීන් කියන්නේ රිදීතිරය කියන එක නෙවෙයි. නමුත් 3Dසිල්වර් ස්ක්‍රීන් එක මිල අධිකයි. මෙතනදි කරන්නේ ප්‍රක්ෂේපණ යන්ත්‍ර දෙක ඇස් දෙකක් හැටියට භාවිත කිරීම. නමුත් වර්තමානයේ අද මේ තිබෙන තාක්ෂණයේ දියුණුවත් එක්ක තනි ප්‍රොජෙක්ටරයකින් ප්‍රක්ෂේපණය කිරීමේ ක්‍රමය අද වෙළෙඳ පොළට ඇවිත් ඉවරයි. ඇත්තෙන්ම අර මුලින් කියපු සිල්වර් ස්ක්‍රීන් ක්‍රමය බොහොම පැරැණි යල් පැන ගිය එකක්.
3D චිත්‍රපට නැරඹීම සඳහාම වන විශේෂිත සිනමාහල් තියෙනවාද?
සිනමා ශාලාවේදී ශබ්දය එකයි. නමුත්3Dවලට අපි පාවිච්චි කරන ප්‍රක්ෂේපණ යන්ත්‍රය විශේෂ එකක්. ඒ වගේම තිරයත් විශේෂ තිරයක්. අපිට මේ තිරයත් එක්කත් පුළුවන් කරන්න. නමුත් උපරිම ඵල නෙලා ගන්න නම් අර විශේෂ තිරය පාවිච්චි කරන්න ඕනෑ. ආසන හත්සිය පනහ, දාහ නෙවෙයි, උපරිම ආසන තුන්සියයක ප්‍රමාණයකින් යුතු මිනි සිනමා ශාලා තමයි සෑදිය යුත්තේ. ආසන සියය, දෙසීය, උපරිම ආසන තුන් සියය දක්වා වන සිනමා ශාලා හදන්න තමයි අපි සැළසුම් කරලා තියෙන්නේ.
ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්. ඔවැනි තාක්ෂණ ක්‍රමවේදයක් අපේ රටට හඳුන්වාදීම ප්‍රතිඵලදායකයි කියා ඔබ සිතනවාද?
සීයට සීයක්ම ප්‍රතිඵලදායකයි. ඉතාම ඉක්මණින් HD තාක්ෂණය සහිත සිනමා ශාලා අපි ලංකාවට හඳුන්වා දෙන්න ඕනෑ.HD සිනමාහල් 3Dතාක්ෂණයටත් ඔබින විදියටත් හදනවා නම් තමයි වඩාත් හොඳ. මොකද 2012 විතර වෙන කොට මුළු ලෝකෙම 3D වලට යනවා. දැන් මුළු ලෝකෙම HD වැළඳ ගෙන ඉවරයි. ලංකාව තවමත් ඒ ගැන සාකච්ඡා පවත්වනවා.
ඔබ ආයතනය මගින් මෙවැනි සිනමා හල් ඉදි කරන්නට සැළසුම් කර තිබෙන බව පැවසුවා?
කොළඹ ප්‍රදේශශයේ සිනමාහල් දෙකක් සදන්නට අපි සැළසුම් කරලා ඉවරයි. දැනටමත් අපි ඒ සඳහා ප්‍රක්ෂේපණ උපකරණ පවා ගෙනත් තිබෙනවා. මේ දවස්වල අපි පර්යේෂණ කටයුතු කරගෙන යනවා.
sa10101415-2.jpg

අපේ රටේ 3D චිත්‍රපට නිෂ්පාදනය කිරීමටත් ඔබේ අදහසක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබ අධ්‍යක්ෂණය කරන ‘සුසීමා’ චිත්‍රපටයටත් එකී තාක්ෂණය උපයෝගී කර ගන්නා බව අපට දැන ගන්න ලැබුණා?
‘සුසීමා’ චිත්‍රපටයේ ගීත සියල්ලම 3D තාක්ෂණයෙන් නැවත රූගත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. චිත්‍රපටය මි. මී. 35 න් සහ HD වලින් දෙකෙන්ම රිලීස් කරනවා. HD වලින් කරන එකේ3D න් බලන්න පුළුවන්.
එතකොට ත්‍රීමාන චිත්‍රපට අපට ද්විමානවත් නරඹන්න පුළුවන් ද ?
ත්‍රීමාන චිත්‍රපටයක් රූගත කරන්න නම් අනිවාර්යයෙන්ම කාච දෙකක් ඕනෑ. එතකොට මේ කාච දෙක තනි කැමරාවක් හැටියට ලෝකෙ හදලා තියෙන්නේ දැනට පැනසොනික් සමාගම විතරයි. ඒකත් තවම ප්‍රාථමික යුගයේ තිබෙන නිසා වෘත්තීය මට්ටමේ චිත්‍රපටයකට ඒක භාවිත කරන්න බෑ. ඒක නිසා දැනට ත්‍රිමාන චිත්‍රපට නිර්මාණය කරන්නේ කැමරා දෙකක් භාවිත කරලා. ඇස් දෙක වෙනුවට කැමරා දෙකක් භාවිතා කරනවා.
මිනිසකුගේ ඇස් දෙක අතර තියෙන පරතරය අඟල් 2.5 යි. මේ ඇස් දෙක අතර තියෙන අන්තරය හැටියට තමයි අපි අර කැමරා භාවිතා කරන්නේ. එතකොට අපි දුර බලන කොට මේ කැමරා දෙක ළං වෙනවා.
අපි ඈත බලන කොට කැමරා දෙක ඈත් වෙනවා. ඒ විදිහට තමයි අපි රූගත කිරීම කරන්නේ. එතකොට මේ කැමරා දෙක එකට එකතු කරලා අපි පටිගත කරනවා හා සමානවම මේ කැමරා දෙක වෙන වෙනම පටිගත කරලා ඒක සංස්කරණය කළොත් ඒක ද්විමාන වෙනවා. හැම 3Dචිත්‍රපටයකින්ම 2D එකක් කරන්න පුළුවන්. හැබැයි හැම 2D එකකින්ම 3D එකක් කරන්න බෑ.
එතකොට දැන් ලොව පුරා රූපවාහිනී මාධ්‍යයටත් මේ 3D තාක්ෂණය ඇවිත් තියෙනවා?
ඔව්, ලෝකය පුරාම ඇමරිකාවේ 3 එලයිටි කියන ආයතනය තමයි පළමුවැනි සජීවි වැඩ සටහන විකාශය කළේ කොරියාවේදී, කොරියාවේ ක්‍රීඩා තරගයක්. මේකෙදි අපි සාමාන්‍යයෙන් කැමරා හයකින් කරන දේට කැමරා දොළහක් අවශ්‍ය වෙනවා. මොකද කැමරා දෙකක් ඕනෑ එක කැමරාවක් වෙන්න.
ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තවම 3D තාක්ෂණය භාවිත කරමින් රූපවාහිනිය නරඹන්න අවස්ථාවක් උදා වෙලා නැද්ද?
දැන් මේ වෙන කොට ලංකාවට ඇතැම් සමාගම් 3D රූපවාහිනිය හඳුන්වලා දීලා ඉවරයි. මේ 3Dතාක්ෂණය නැරඹීම සඳහා පාවිච්චි කරන්න ඕනෑ කණ්නාඩි ජාති දෙක තුනක් තියෙනවා. ලංකාවට දැනට ඇවිත් තියෙන්නේ ‘ෂටර්’ කියන කණ්නාඩිය. ඒක අපි චාර්ජ් කරන්න ඕනෑ. එහෙම නැත්නම් ඔරලෝසු බැටරියක් යොදා ගන්න ඕනෑ. මේ උපැසක් යුවළ ගොඩක් මිල අධිකයි.
අපේ රටේ මුදලින් එය මිල කළොත්?
ලංකාවේ මුදලින් අඩුම කණ්නාඩියකුත් රුපියල් 15,000 ක් විතර වෙනවා. ගෙදර දහ දෙනෙක් හිටියොත් මේ කණ්නාඩි ගන්න ලක්ෂ එක හමාරක් වැය වෙනවා. නමුත් ඊට වැඩිය මිල අඩු ක්‍රමයක් තියෙනවා ස්කියුලර් ෆෝලරයිසේෂන් කියන එක. මේ වර්ගයේ හොඳ කණ්නාඩියක් අපට ගන්න පුළුවන් රුපියල් 60, 70 ඉඳන් රුපියල් 1500.00 දක්වා වෙන මිලකට. මේ ෆෝලරයිසේෂන් ක්‍රමයට තමයි අපි සිනමා ශාලා හදන්න යන්නෙත්, ඒවා ප්‍රක්ෂේපණය කරන්න යන්නේත්.
sa10101415-3.jpg
මෙවැනි උපැස් යුවළ නොපළඳා 3D තාක්ෂණය නැරඹිය හැකි ක්‍රමයක් නැතිද?

තිරයේ ඉඳලා මීටර් 3.5 ක් මෙහා ඉඳලා බලන ක්‍රමයක් හොයා ගෙන තියෙනවා. හරියටම ඒ දුර සීමාවේ ඉඳන් නරඹන්න ඕනෑ. එතකොට හතර දෙනෙකුට විතර තමයි බලන්න වෙන්නේ. මේ ත්‍රීමාන ගතිය ඒ කියන්නේ ඩෙප්ත් එක සියයට සියයක්ම සාර්ථකව පෙනෙන ක්‍රමයක්. තාම ඒ තාක්ෂණය දියුණු වෙලා නෑ. නමුත් ඒ ප්‍රක්ෂේපණ යන්ත්‍ර වෙන ජාතියක්. එය ඉතාම මිල අධිකයි.
3D තාක්ෂණය බහුලව යොදා ගැනෙන්නේ ක්‍රියාදාම චිත්‍රපට සඳහා. ඇයි ඒ?
අපි සරලව කිව්වොත් මේ ත්‍රිමාන තාක්ෂණය කියන්නේ අර රාමුවෙන් එළියට පනිනවා කියන එකනේ. සාමාන්‍ය තිරයේ අපි දකින කෙනා තිරයට ඇලිලානේ ඉන්නේ. දැන් 3D වලදී ඒ ඇලුණ කෙනා එලියට එනවා. එක්කෝ වෙඩි තියන කොට බුලට් එක එනවා. ෆුට්බෝල් මැච් එකකදී නම් බෝලය එලියට එන්න ඕනෑ. ත්‍රීඩි රසය විඳින්න නම් ඒවා ඇක්ෂන් ෆිල්ම් වෙන්න වෙනවා. වර්තමානයේ නිර්මාණය වෙමින් පවතින්නේත් එවැනි චිත්‍රපට.
අපේ සිනමාවේ කඩා වැටීමට ප්‍රබල හේතුවක් වුණේ ප්‍රේක්ෂකයා සිනමාහල්වලින් ඈත් වීම. දැන් 3ඤ වැනි තාක්ෂණයකින් පුළුවන් වෙයි ද ඒ හිස් වුණ ප්‍රේක්ෂකාගාර නැවත පුරවන්න?
‘අබා’ වගේ චිත්‍රපටයක් අපි 3Dතාක්ෂණයෙන් කළා නම් එය ජාත්‍යන්තර මට්ටමට ළං වුණ නිර්මාණයක් වේවි. එවැනි තාක්ෂණයකින් මේ නිර්මාණයේ ගැඹුර වඩාත් තීව්‍ර කරන්න පුළුවන්. මේ වෙන කොට අපේ සිනමාව කර්මාන්තයක් හැටියට පාඩු ලබන තත්ත්වයකනේ තියෙන්නේ.
සෝමපාල ලීලානන්දගේ ‘පාට පොදක් තිලකලා’ ප්‍රසංගය බලන්න එල්ෆින්ස්ටන් රඟහලට මම යන කොට දැක්කා ඊට එහා පැත්තේ තියෙන ‘සිනෙසිටි’ එකේ ප්‍රදර්ශනය වුණ රැජිනි කාන්ත්ගේ දෙමළ චිත්‍රපටය බලන්න සෙනඟ පොර කනවා.
ඔය පොරකෑම තිබුණා එදා ගාමිණී ෆොන්සේකාගේ ‘ඔහොම හොඳද’, ‘කස්තුරි සුවඳ’, ‘හතර දෙනාම සූරයෝ’ චිත්‍රපටවලට. ඒ විතරක් නෙවේ ‘වැලිකතර’. ‘නිධානය’ වගේ චිත්‍රපටවලට. එදා ශිල්පීන්ට ස්ටාර් වැලියු එකක් තිබුණා. අද ඒක නෑ. මෙවැනි තාක්ෂණයක් මගින් අප චිත්‍රපට තැනුවොත් යළිත් අපේ සිනමාව කර්මාන්තයක් බවට පත් වේවි. ලබන වසරේ ජනවාරියේදී Fine Vision ආයතනය මගින් අපේ සිනමාවට අනිවාර්යයෙන්ම මේ 3Dතාක්ෂණය හඳුන්වා දෙනවා.​
 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,570
    113
    එකත් එහෙමද ඔය සුසිමා චිත්ත්‍රපටියෙ මම දන්න අයියා කෙනෙක්(දුශ්මන්ත පෙරෙරා) කුඩ්ඩෙක්ගෙ උප ප්‍ප්‍රදාන චරිතයක් කරා බලමු පොරව 3D වෙලා පෙනෙවිද කියලා:P