අපේ බලාපොරොත්තු සහ අරමුණු අතර වෙනස...

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    අපි හැමෝටම හීන බලාපොරොත්තු තියෙනවා. ඒත් ඒ දේවල් වලින් අපි කීයක් මේ වෙනකන් ලබාගෙනද? සමහර හීන කවදාවත් ලගින්වත් නොගිය දේවල් විදිහට අපේ හිත්වල දුකක් විදිහටම ඉතුරැකරන් කී දෙනෙක් මැරිලා යනවා ඇතිද ?

    මොකද්ද මේ අපේ හීනයි යතාර්ථයයි අතර Gap එක.

    ඒක හරිම සරල දේවල් තුනක්
    1. උත්සහය
    2. උනන්දුව
    3. කැපවීම

    මේ තුන විතරක් තිබුනොත් අපිට දියුණු වෙන්න පුලුවන්ද ?. කොහෙත්ම බෑ. අපි මොනයම් දේ කින් හරි සාර්ථක වෙන්න නම් ඔය තුන එක්ක තව ගොඩක් දේවල් එකතු වෙන්න ඕනේ. ඒ වගේම අර හීන වලට යනකම් ඔය තුන පොඩ්ඩක් වත් අඩු නොකර පවත්වාගෙන යන්න ඕනේ. ඔය දේවල් ටික හරියට කරගන්න බැරි අය නිතරම කියන දේවල් ටිකක් තියෙනවා. මම මේ කියන වචන ටික හොදට මතක තියාගන්න. මේ දේවල් නිතරම කියන අය ඉන්නවා නම් ඒ අයව පොඩ්ඩක් ජීවිතයෙන් ඇත් කලත් කමක් නෑ. එහෙම කරන්න අමාරැම නම් ඔවුන්ගේ ආකල්ප සිතුවිලි ඔබේ සිතට ඇතුලුවෙන්නට නොදී ඉන්න.

    මොනවද මේ වචන.

    1. ගොඩක් අය තමන් කරන දේවල් අසාර්ථක වෙනකොට මුලින්ම කියන දෙයක් තමයි. මේ රටේ ඉදලා හරි යන්නේ නෑ. හැබැයි බය නැතිව කියනවා ඌ මේ ලොකේ කොහේවත් තියා අගහරැ ලෝකෙට යැව්වත් එච්චරම තමයි.

    2. ආයේ නිතරම කියන වචනයක් අපි හරි අවාසනාවන්තයි. අපිට ලක් එකක් නෑ. ඔය වචනේ කියන එකෙකුට මහජන සම්පත පලවෙනි තැග්ග ඇදුනත් අවුරැද්දක් ඉදී. එතනින් එහාට ආයේ උගේ දෙයක් නෑ.

    3. හොද බිස්නස් එකක් කරන්න idea එකක් තියෙනවා බන් Capital එකක් නෑ නේ. ඕක කියන එකාටත් හත්මුතු පරම්පරාවෙම දේපල විකුණලා සල්ලී දුන්නත් අව්‍රැද්දකට වඩා ඌ කරන බිස්නස් එකක් නෑ.

    4. ජොබ් කරලා හරි යන්නේ නෑ බන් අපි එක එකාට කබුරනවා විතරයි. කවදාවත් අපිට සෙතක් වෙන්නේ නෑ. බොසාට කොච්චර කලත් වැඩක් නෑ. මම නම් මේ රස්සාවේ වැඩි කල් ඉන්නේ නෑ. ඔය කියන එකා මැරෙනකනුත් ඒ රස්සවෙම ඉදලා. උගේ පුතාලවයි, මුනුබුරන්වයිත් එතනම වැඩට දාලා තමයි මේ ලොකෙන් යන්නේ.
    තව ඔයවගේ කියන්න වචන ගොඩක් තියෙනවා.

    හදහන, දේශපාලනය, සමාජ ක්‍රමය. ජීවත් වෙන ප්‍රදේශය ඔය වගේ හැම දෙයක්ම තමන්ගේ අසාර්තකත්වයට හේතු විදිහට පෙන්වමින් මැරෙනකන් තමන්ගේ ජිවිතයටයි අනිත් හැම දේකටමයි ගරහලා කිසිම තෘප්තියක් නැතිව මැරිලා යන මිනිස්සු තමයි අපේ රටේ ගොඩක් ඉන්නේ.

    මේ කතාව මම මේ සමුහයේ කියන්න හිතුනේ ගොඩක් තරැණ වයාපාරිකයින් වෙන්න ආසා අය බහුතරයක් මේ සමූහයේ ඉන්න නිසාත් ඒ අය කර කියාගන්න දේවල් දැකලා හා නොකරන දේවල් දැකලා.

    හරි දැන් එන්නම් පොයින්ට් එකට.

    ඇයි අපේ හීන වලට අපිට යන්න බැරි.


    1. අනවශ්‍ය දේවල් අනවශ්‍ය වෙලාවල් වලදී අවශ්‍යතා කර ගැනීම.
    උදාහරණයක් පඩිය රැපියල් 35,000 Phone එක 125,000යි. පඩිය රැපියල් 50,000 කාර් එක පෙට්‍රල් ලීටරයට කිලෝමීටර් 8යි, financeඑක මාසෙට 45,000, ඉතින් මේ කාරණයෙදිත් මට කියන්න තියෙන්නේ. අපිට දුර පනින්න ඕනේ නම් එල්ලගෙන ඉන්න බඩු ටික අත ඇරලා පනින්න ඕනේ. මොකද ඒවත් එක්ක පනින්න ගියොත් ලගම වැටෙන්න පුලුවන්. ඒ වගේම ගොඩක්ම ලොකු දුරක් පනින්න ඕනේ නම් ටිකක් පස්සට ගිහින් පොඩි ගැම්මක් අරන් දුවගෙන ඇවිත් පනින්න ඕනේ.

    2. අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවේදී නොකිරීම.
    හරි මේකත් හරිම කෙටියෙන් මම කියන්නම්. අපේ ගොඩක් අය සල්ලී ගොඩාක් එකතු කරලා තමයි බිස්නස් කරන්න යන්නේ. එතකන් කල්දදා ඉන්නවා. අන්තිමට ජොබ් එපාවෙලා බිස්නස් එකක් කරන්න යනකොට අම්මටයි තාත්තටයි අසනීපයි ඒ වියදම් එක පැත්තකින්. ලමයින්ට උගන්නන බර වියදම්. Housing Loan එකට පඩියෙන් බාගයයි. වහනේ Finance එකට නෝනගේ පඩිය. ඉතින් මේ ආත්මේ නම් බිස්නස් එකක් කරන්න වෙන්නේ නෑ. ඒ හන්දා වයාපාර ලෝකයට එනවා නම් හොදම කාලේ තමයි තරැණ කාලේ. මොකද වගකීම් අඩුයි. වැටුනොත් අම්මලා තාත්තලා හරි උදව් කරයි. වැරදීම් උනොත් නිවරිදි කරගන්න බලන් අවදානමක් එක්ක උත්සහ කරන්න පුලුවන්. ගෙවල් වලින් පොඩි පොඩි වියදම් බලන් හින්දා තමන්ගේ වයාපාරයෙන් එන ලාභ වලින් ලොකු ප්‍රමාණයක් නැවත වයාපාරයටම ආයෝජනය කරන්න පුලුවන්.

    3. එක එකා කියන දේවල් කරන්න යන එක.
    බිස්නස් එකක් කියන්නේ හොද ඉවක් නැතිනම් කරන්න හොද දෙයක් නෙවෙයි. අපිට පරිසරයේ වෙන වෙනස්කම් හොදට පේන්න ඕනේ. ඒ වගේ අනිත් අය කරන දේවල් බලලා මටත් මේක මෙහෙම පුලුවන් නේ කියලා කවදාවත් කරන්න යන්න එපා. තමන්ගේ හිතෙන් පරිසරයෙන් ලැබෙන ඉගිවලින් වටහාගත් දේවල් එක්ක තමන්ට සුදුසුම වයාපාරය තෝර ගන්න. ආච්චිට ඕනේ හන්දාවත් Girl Friend ඒකට ආසා නිසාවත් මම මේ බිස්නස් එක පටන් ගන්නවා කියලා පටන් ගන්න එපා. අම්මා, තාත්තා, පවුල, යාලුවෝ සේවකයෝ ඔයාව දාලා ගියත් තනියම හරි යම් මට්ටමකට මොකක් හරි කරගෙන එදාවෙල හොයාගෙන ඉන්න පුලුවන් එකක් පටන් ගන්න පුලුවන් නම් බය වෙන්න කිසිම දෙයක් නෑ. ඒ හන්දා තමන්ට හොදටම පුලුවන් දෙයක් නවෝත්පාදනත් එක්ක බිස්නස් එකක් විදිහට හරවන්න පුලුවන් නම් සාර්තක වෙන්න ගොඩක් අමාරැ වෙන එකක් නෑ.

    4. කාලයත් සමග සමාජයත් සමග වෙනස් නොවීම.
    මේ ලෝකේ හැම මොහොතකම මොකක් හරි දෙයක් හෝ බොහෝමයක් දේවල් වෙනස් වෙනවා. හැබැයි අපි ඒ වෙනස්කම් එක්ක වෙනස් නොවී හිටියොත් අපිට ලොකු ගමනක් යන්න බැරි වෙනවා.

    5. වියදම් කළමණාකරනය නොකිරීම.
    මේකත් ලොකු ප්‍රශ්ණයක්. බිස්නස් එකෙන් එන සල්ලී හරියට රෝල් කලේ නැතිනම් අපි රෝල් වෙන දවස ඈතක නෙවෙයි.

    6. කාලයත් එක්ක විවිධ වයාපාරික අංශ වලට යොමු නොවිම.
    අවුරැදු ගානක් එකම දේවල් ටික කරලා ගොඩ යන්න බලන් හිටියොත් ලොකු අවදානමක් එක්ක යන ගමනක් තමයි තියෙන්නෙ. කාලේත් එක්ක එකිනෙකට වෙනස් අංශ වයාපාරයට එකතු කරගත්තොත් එක් අශයක කඩා වැටීමකට සාර්ථකව මුණ දෙන්න පුලුවන්.

    ඉතින් අපේ ඉන්න සහෝදර වරැන්ට මම කියන්නේ මේ ලෝකයේ ගොඩ යන්න පුලුවන් අවස්තා හදුනා ගන්න. හරි යන්න හෝ වරදින්න අලුත් දේවල් කරලා බලන්න. අපි ගෙවන පැය විසි හතර ගත්තොත් මේක ඇතුලේ අපේ එක එක අවශ්‍යතා තියෙනවා. දියුණු වෙන්න නව නිර්මාණ කරන්න. නව එකලස් කිරීම් කරන්න ඕනෑ තරම් අවස්තා තියෙනවා. හොදට හිතන්න, තව හිතන්න. ඔබට ක්‍රමයක් ලැබෙයි. ලේසියෙන්ම නැතිව. එක පාර ලොකු ලොකු කුට්ටිත් නැතිව පොඩි තැනකින් පටන් ගන්න. හොද හයිය හිතක් තියෙනවා නම් බය වෙන්න එපා ඔබට සාර්ථක වයාපාරිකයෙක් වෙන්න පුලුවන්.

    එහෙනම් අන්තිමට කියන්නේ මේකේ ඉන්න දැනට වයාපාර කරන අයටත් සතියකට තමන්ගේ වයාපාරය හැකි සෑම ක්‍රමයකින්ම අඩුම දෙතුන් පාරක් වත් ප්‍රවර්ධනය කරන්න. පුචාර්ණයක් නොමැති වයාපාරකට පැවැත්මක් නෑ.

    හෙට සිට ඔබේ සෑම හීනයක්ම ඉලක්කයක් කරගන්න. ඒ වෙනුවෙන් කැප වෙන්න.


    උපුටාගැනීමකී!