අපේ බුදුහාමුදුරුවෝ 07

Fox Mulder89

Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    අපේ බුදුහාමුදුරුවෝ 07

    💚💜 අපේ බුදුහාමුදුරුවෝ 07 💜💚

    💚 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 04 💚

    🌼 මෙතෙක් වත දරා සිටි යම් රාජකීය ආභරණ වටිනා සළුපිළි හිස්වැසුම් වේද මේ සියල්ල මුණි වැලෙහි බහා තබා දිව්‍යමය හස්තයකින් මවන ලද කොටකරඩු මල් දමක් වැනි වූ රතු වූ වැහිරි සිවුර ගෙන හැඳ ඒ මත්තෙහි රන්වන් වැහැරී සිවුරක් පොරවා දොඹ මල් ඇතිරිල්ලක් වැනි කුර සහිත අඳුන් මුව සම එකාංග කොට ජටා මඩුල්ල මුදා කෙස්වැටිය සමග නිසල බව සදහා හරහිද්ද ගසා මුතුලැල් සමග සාල්ලෙහි පබුලුවන් කෙණ්ඩිය බහා තෙතැනකින් නැමුණු කද ගෙන කදෙහි එක් කොණක කෙන්ඩියද, අංකුෂ පැස හා ත්‍රිදණ්ඩාදිය ද එල්ලා කද් බර දෙසරුවෙහි තබා දකුණු අතින් සැරයෙටිය ගෙන පන්සලින් නික්ම සක්මන් මළුව වෙත පිය මනින්නට වුනා.

    🌼 මෙලෙස ගෙනා කද බර සක්මන මැද තිබු ගල් තලාවේ බහා තබා සක්මන් මළුවේ ඔබ මොබ සක්මන් කරමින් තමන්ගේම පැවිදි වේශය දෙස බලමින් මෙසේ සිතන්නට වුණා. "මගේ මනදොළ සඵල වුනා. මේ පැවිද්ද ඉතාමත් පැහැපත්.මේ පැවිද්ද වනාහි බුද්ධාදී සියලු උතුමන් පසස්නා ලද්දක්. මගේ ගිහි බන්ධන සිඳීණී. අභිනික්මණ කළෙමි. මවිසින් උතුම් පැවිද්ද ලබන ලදී. මහණ දම් පුරමි. මග ඵල ලබමි."

    🌼 මෙසේ සිතමින් පැමිණ සක්මන මැද නිමවූ ගල් තලාවේ රන් පිළිමයක් මෙන් හිඳිමින් අට වැදෑරුම් පැවිදි සැපය ගැන සිතන්නට වුනා.

    💚 අට වැදෑරුම් පැවිදි සැපය.

    1. ධන ධාන්‍ය අයිතිය නැති බව.
    2. නිවැරදි පිඬු සිගීමෙන් අහර සෙවීම.
    3. නිවුණු ආහාර වැළඳීම.
    4.රජවරු රටවැසියන් පෙලා කහවුණු ලබා ගනිද්දී එවැනි රට වාසින් පෙලීමේ ආශාවක් නැති බව.
    5. පරිභෝග වස්තුවල කැමැත්තක් නැති බව.
    6. සොරුන් පැහැර ගනිතැයි බියක් නැති බව.
    7. රජ ඇමති ආදීන් හා සබඳතා නැති බව.
    8. සිවු දිගින්ම නිර්භය බව.

    🌼මෙසේ දවස් භාගයක්ම පැවිදි සුවය ගැන මෙනෙහි කරමින් සිටිමින් ගත කොට සවස් කාලයේ නැවතත් පන්සල වෙතට පිය මැන්නා.

    🌼 ඒ පන්සල මවා තිබුනේ අමුතුම ආකාරයට. හිමවත සිට ගලාගෙන පැමිණි මද වියලි සුළඟ රැගෙන පැමිණි පිරිසිදු වාතය ට ගිරි මුදුන්වල වැවෙන නානාවිදී පුෂ්පයන්ගේ සුවඳ තැවරිලයි තිබුනේ. ඒ සුවඳ මුළු පන්සලම සුවඳවත් කරමින් එක් පසෙක සිට අනෙත් පසට ගලා ගියා නිරන්තරයෙන්ම. තවුතිසා වෙහි පැවති මල් වර්ගයක් ඒ සුළඟ වැදී රිදී සීනුවක හඬ නංවනු ලැබුවා. ඊට අමතරව ඒ සදෙවූ සල් ගස් වල පිපි සල්මල් රැය පුරා විදිලුබුබුළු දල්වලා වගේ එලිය දෙනවා. ඒ එළියෙන් මුළු පරිසරයම දැල්විලා. ඔබ මොබ ඇවිදින රන් මුවන්ගේ ඇඟ විනිවද පේනවා. මෙම සදෙවූ අසපුවේ සිරි නරඹමින් පැමිණි සුමේධ තවුසා එහි ඇති වැල් හාන්සි පුටුවක දිගාවුණා. දිගා වෙලා මෙලෙස හිතන්න පටන්ගත්තා.

    🌼 එදා රාජ රාජ අමාත්‍යවරු හඬා වැටී නැවත නැවත ඇවිටිලි කරද්දීත් රජකම අත් හැරියා පමණක් නෙවෙයි කැමති කෙනෙකුට කැමති ලෙස ගෙනයන්න කියා සියලු භාණ්ඩාගාර විවර කරණු ලැබුවා. ඒ ගිහිගෙයි ආදීනව දැක ප්‍රමාණ කල නොහැකි දනය සහ යසස අතහැර වනයට පිවිස නිවන් මග සොයන්නට පැවිදි වූ මට තවත් විහාර කුමකටද? මෙතැන් පටන් තව දුරටත් ප්‍රමාදීව විහාරවාසීව හැසිරීම සුදුසු නොවේ. දැන් මම කාය හා චිත්ත විවේකය වර්ධනය කරන්නට පටන් ගන්න ඕනේ. මෙම බෙලිඵල වර්ණයෙන් පිරියම් කරන ලද රිදී මෙන් බිත්ති ඇති කොළ සෙවිළි කල පියස්ස පරෙවි පිය වර්ණ ඇති අසපුව මගේ රජ ගෙදර තිබු ගිහි සැපයටත් වඩා සැප ඇති තැනකි. නිවන් මගට බාධාවක්. ඒ නිසා මෙතැනින් ඉක්මණට නික්මෙන්න ඕනේ. මෙලෙස සිතමින් පන්සලේ ඇති දෝෂ අටක් දකින්නට වුනා.

    💚 දෝෂ අටකින් යුතු පන්සල.

    1. එය නිම කිරීමට මහත් උත්සාහයෙන් දැව ආදී ද්‍රව්‍ය රාශියක් සෙවිය යුතු බව එකකි.
    2. තණකොළ මැටි ආදිය වැඩුණු වැටුණු පසු නැවත ප්‍රතිසංස්කරණය කල යුතු බව තවකෙකි.
    3. සෙනසුන් වනාහි වැඩිමහල්ලන්ට ලැබිය යුතුය. අවේලාවෙහි නැගිටවන කල්හි සිතේ එකඟ බවක් නැති වෙයි. මෙසේ නොකල්හි නැගිටිය යුතු බව එකකි.
    4. ශිතෝෂ්ම වැළකීම නිසා සිරුරෙහි ඇති වන සුකුමාල බව එකකි.
    5. ගෙය තුල සිටින්නාට දොස් සහිත දෙය කිරීමට පහසුය. මෙසේ වරද සැඟවිය හැකි බව පස්වෙනි දෝෂයයි.
    6. මමත්වයෙන් අල්ලා ගැනීම සයවෙනි දෝෂයයි.
    7. ගෙයක හිමිබව දෙවැන්නෙකු සමග සිටීමකි. මේ සත්වෙනි දෝෂයයි.
    8. උකුණු මකුණු හිකනළු ආදී ගෘහස්තයන්හි වෙසෙන නානාවිධි සතුන් අටවෙනි දෝෂයි.

    මේ සියල්ල ගැන මනා ලෙස මෙනෙහි කරමින් හෙට උදැසනම මෙම පන්සල අතහැර දස ආනිසංසයෙන් හෙබි රුක්මුලට යායුතු බව තීරණයට එළඹුනා.

    හෙට එතැන් සිට

    තුසිත රාජපක්ෂ
    ප්‍රංශය
    08-05-2019

    මතු සම්බන්ධ කරුණු. --
     
    • Like
    Reactions: snm1990