ඒ ලෙවල් විභාගයෙන් ශිෂ්‍යන් හලන්නේ ලංකාවේ සිටින සියලුම ශිෂ්‍යන්ට ඉගෙන ගන්න ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැති නිසා. අද ලංකාවේ සිසුන්ට ඒ ලෙවල් සඳහා කරන්න පුළුවන් විෂයන් සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. මේ රටේ මැත්ස් , එකවුන්ටින් සහ ආර්ට්ස් හැර වෙන දෙයක් කරන්න ඇත්තෙම නැද්ද ? මේ විෂයන් වලින් අසමත් වුනා කියලා මිනිහෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න සුදුසු නැති පුද්ගලයෙක් වෙන්නේ නැහැ. එකවුන්ටින් වලට දක්ෂ නැති පුද්ගලයෙක් තොරතුරු තාක්ෂණ විෂයන් වලට දක්ෂ වෙන්න පුළුවන්. අධ්‍යාපනය ලැබීම මානව අයිතිවාසිකමක්. කාටවත් බැහැ යම් පුද්ගලයකුගේ අධ්‍යාපන වුවමනා වලට වැට බඳින්න. පුංචි කාලේ ඉඳලම යල් පැන ගිය නිදහස් අධ්‍යාපනයෙන් මොළ ටික සෝදාගෙන ආපු ශිෂ්‍යන් හිතන් ඉන්නේ එ ලෙවල් නැති වුනොත් ජීවිතයම ඉවරයි කියලා. එහෙම එකක් නැහැ! මේ රටාව ඔයගොල්ලන්ට පුරුදු කරලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන්. ඇත්තටම ඒ ලෙවල් වලින් ශිෂ්‍යන් හලන්නේ ලංකාවේ සිටින සියලුම ශිෂ්‍යන්ට ඉගෙන ගන්න ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැති නිසා. මේ ප්‍රශ්න වලට අමතරව මේ රටේ තව ප්‍රශ්නයකුත් තියෙනවා. ඒ ඊරිසියාව! ඊරිසියාව කියන ප්රශ්නය රුසියාවටත් වඩා ලොකුයි. නිදහස් අධ්‍යාපනයෙන් පුංචි කාලේ ඉඳල නොමිලේ ඉගෙනගෙන උසස් පෙලේ විෂයන් තමයි මේ ලෝකේ තියෙන උතුම්ම විෂයන් කියලා හිතාගෙන උසස් පෙළ පාස් වෙලා නොමිලේ ආණ්ඩුවේ සල්ලි වලින් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න සිසුන්ගේ ඊරිසියාවත් රුසියාවට වැඩ ලොකුයි කියලා කියන්න පුළුවන්. මොවුන් කැමති නැහැ මොවුන්ට වඩා ලකුණු අඩුවෙන් ගත්තු සිසුන් පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන මිනිහෙක් වෙනවා දකින්න. මොවුන් කැමති නැහැ පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති වෙනව දකින්නට . මොවුන්ගේ මොලවල් නිදහස් අධ්‍යාපනයෙන් සෝදලයි තියෙන්නේ. මෙවැනි පුද්ගලයන් නිසයි අද මේ රටේ ප්‍රශ්න ඇති වෙන්නේ. ලෝකේ යන රටාව සහ පුද්ගලික විශ්ව විද්‍යාලවල වැදගත්කම මොවුන්ට තේරුම් ගන්න බැහැ.