අපේ රටට private කැම්පස් ඕනිද ...???

අපට පෞද්ගලික විශ

  • අවශ්‍යයි

    Votes: 33 86.8%
  • අනවශ්‍යයි

    Votes: 5 13.2%

  • Total voters
    38
  • Poll closed .

Colombo_Dude

Member
Oct 19, 2012
888
106
0
Colombo
ඒ ලෙවල් විභාගයෙන් ශිෂ්‍යන් හලන්නේ ලංකාවේ සිටින සියලුම ශිෂ්‍යන්ට ඉගෙන ගන්න ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැති නිසා. අද ලංකාවේ සිසුන්ට ඒ ලෙවල් සඳහා කරන්න පුළුවන් විෂයන් සීමිත ප්‍රමාණයයි තියෙන්නේ. මේ රටේ මැත්ස් , එකවුන්ටින් සහ ආර්ට්ස් හැර වෙන දෙයක් කරන්න ඇත්තෙම නැද්ද ? මේ විෂයන් වලින් අසමත් වුනා කියලා මිනිහෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන්න සුදුසු නැති පුද්ගලයෙක් වෙන්නේ නැහැ. එකවුන්ටින් වලට දක්ෂ නැති පුද්ගලයෙක් තොරතුරු තාක්ෂණ විෂයන් වලට දක්ෂ වෙන්න පුළුවන්. අධ්‍යාපනය ලැබීම මානව අයිතිවාසිකමක්. කාටවත් බැහැ යම් පුද්ගලයකුගේ අධ්‍යාපන වුවමනා වලට වැට බඳින්න. පුංචි කාලේ ඉඳලම යල් පැන ගිය නිදහස් අධ්‍යාපනයෙන් මොළ ටික සෝදාගෙන ආපු ශිෂ්‍යන් හිතන් ඉන්නේ එ ලෙවල් නැති වුනොත් ජීවිතයම ඉවරයි කියලා. එහෙම එකක් නැහැ! මේ රටාව ඔයගොල්ලන්ට පුරුදු කරලා තියෙන්නේ නිදහස් අධ්‍යාපනයෙන්. ඇත්තටම ලෙවල් වලින් ශිෂ්‍යන් හලන්නේ ලංකාවේ සිටින සියලුම ශිෂ්‍යන්ට ඉගෙන ගන්න ආණ්ඩුවේ විශ්ව විද්‍යාලවල පහසුකම් නැති නිසා. මේ ප්‍රශ්න වලට අමතරව මේ රටේ තව ප්‍රශ්නයකුත් තියෙනවා. ඊරිසියාව! ඊරිසියාව කියන ප්‍රශ්නය රුසියාවටත් වඩා ලොකුයි. නිදහස් අධ්‍යාපනයෙන් පුංචි කාලේ ඉඳල නොමිලේ ඉගෙනගෙන උසස් පෙලේ විෂයන් තමයි මේ ලෝකේ තියෙන උතුම්ම විෂයන් කියලා හිතාගෙන උසස් පෙළ පාස් වෙලා නොමිලේ ආණ්ඩුවේ සල්ලි වලින් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න සිසුන්ගේ ඊරිසියාවත් රුසියාවට වැඩ ලොකුයි කියලා කියන්න පුළුවන්. මොවුන් කැමති නැහැ මොවුන්ට වඩා ලකුණු අඩුවෙන් ගත්තු සිසුන් පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන මිනිහෙක් වෙනවා දකින්න. මොවුන් කැමති නැහැ පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති වෙනව දකින්නට . මොවුන්ගේ මොලවල් නිදහස් අධ්‍යාපනයෙන් සෝදලයි තියෙන්නේ. මෙවැනි පුද්ගලයන් නිසයි අද මේ රටේ ප්‍රශ්න ඇති වෙන්නේ. ලෝකේ යන රටාව සහ පුද්ගලික විශ්ව විද්‍යාලවල වැදගත්කම මොවුන්ට තේරුම් ගන්න බැහැ.
 
Last edited:

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මේ ප්‍රශ්න වලට අමතරව මේ රටේ තව ප්‍රශ්නයකුත් තියෙනවා. ඊරිසියාව කියන ප්‍රශ්නය රුසියාවටත් වඩා ලොකුයි. නිදහස් අධ්‍යාපනයෙන් පුංචි කාලේ ඉඳල නොමිලේ ඉගෙනගෙන උසස් පෙලේ විෂයන් තමයි මේ ලෝකේ තියෙන උතුම්ම විෂයන් කියලා හිතාගෙන උසස් පෙළ පාස් වෙලා නොමිලේ ආණ්ඩුවේ සල්ලි වලින් ආණ්ඩුවේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න සිසුන්ගේ ඊරිසියාවත් රුසියාවට වැඩ ලොකුයි කියලා කියන්න පුළුවන්. මොවුන් කැමති නැහැ මොවුන්ට වැඩ ලකුණු අඩුවෙන් ගත්තු සිසුන් පුද්ගලික විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන මිනිහෙක් වෙනවා දකින්න. මොවුන් කැමති නැහැ පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවේ ඇති වෙනව දකින්නට . මොවුන්ගේ මොලවල් නිදහස් අධ්‍යාපනයෙන් සෝදලයි තියෙන්නේ. මෙවැනි පුද්ගලයන් නිසයි අද මේ රටේ ප්‍රශ්න ඇති වෙන්නේ. ලෝකේ යන රටාව සහ පුද්ගලික විශ්ව විද්‍යාලවල වැදගත්කම මොවුන්ට තේරුම් ගන්න බැහැ.

    samahara irisiya aya inna puluvan... eth mama danna vidiyata kiyannam...

    mama igenagatteth government campus ekakin ... mama karapu degree course eka Computer Science...

    Computer Science vala tiyana samahara theories igena ganna A/L maths valata vadaaa maths knowledge ekak oonee...

    udaharanayak vidiyata : Number Theory, NP Completeness etc etc....

    vage deval avata giyata karanna baa.. eka nisa normally A/L maths fail una kenek A/L pass una kenekta vada computer science valin issarahata ei kiyanna amarui... Mama katha karanne IT(Information Technology gana nemei hodee)

    Information Technology and Computer Science kiyanne loku paratharayakin duwana degree dekak...

    Namuth A/L fail una kenekta venas areas valin A/L pass una kenekta vada issarahata yanna puluvan...
     
    Colombo_Dude

    Member
    Oct 19, 2012
    888
    106
    0
    Colombo
    samahara irisiya aya inna puluvan... eth mama danna vidiyata kiyannam...

    mama igenagatteth government campus ekakin ... mama karapu degree course eka Computer Science...

    Computer Science vala tiyana samahara theories igena ganna A/L maths valata vadaaa maths knowledge ekak oonee...

    udaharanayak vidiyata : Number Theory, NP Completeness etc etc....

    vage deval avata giyata karanna baa.. eka nisa normally A/L maths fail una kenek A/L pass una kenekta vada computer science valin issarahata ei kiyanna amarui... Mama katha karanne IT(Information Technology gana nemei hodee)

    Information Technology and Computer Science kiyanne loku paratharayakin duwana degree dekak...

    මම තොරතුරු තාක්ෂනය ගැන කතා කරේ උදාහරණයක් විදිහට. ඕනේ නම් ඒ ලෙවල් නැතුව පුද්ගලික විශ්ව විද්‍යාල වලින් ඉගෙනගෙන ඉහලට යන්න පුළුවන් ගණිත දැනුම අවශ්‍ය නැති වෙනත් විෂයන් ගැන මට මෙතන කියන්න පුළුවන්
     
    Last edited:

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    මේක වැරදි කතාවක්. මේ කතාවට මම එකඟ වෙන්නේ නැහැ.

    mama kiwwe machan apith ekka A/L class giyapu set eke anith ewn ekka compare karala...

    udaharanak vidiyata mama dan Malabe awata tiyana company ekaka Software Engineer kenek... danna aya dananva ati... ape field eke lankave ganna puluvn uparima salary range eke tama inne...

    namuth math ekka matava vada A/L results adu una yaluwo mata vada degunayak vitara salary ganna aya innava...

    itin kiyapan kawda success?? uuda?? mamada?? :nerd::nerd::nerd:
     
    සොරි මචන් මම දැනුයි දැක්කේ. මම උඹේ පොස්ට් එක වැරදි විදිහට කියවල තියෙන්නේ. මම හිතුවේ උඹ ඒ ලෙවල් ෆේල් වෙච්ච කෙනෙකුට වෙනත් විෂයන් වලින් ඉහලට යන්න බැහැ කිව්වා කියලා
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    පිස්සු පුසා;12035769 said:
    ඕන විභාගේ හරියට පාස්වෙන්න බැරි උන්ට
    අනෙක්
    උන් කොහොමත් ආණ්ඩුවේ ඒවාට යනවා :yes::yes:
    :lol::rofl:කන හරහා ඇස් ඇරෙන්නට..:baffled:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේක ගැන එක එක පුද්ගලයාට විවිධ මත තියෙන්න පුලුවන්. නියම ප්‍රමිතියකට නැති උපාධි කඩ දාගත්තොත් වෙන්නේ හරියාකාරෙන් ළමයින්ට ඉගෙනගන්න බැරිවෙනවා. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහල යනවා. කරන්න තියෙන්නේ මේකයි

    සියලුම පෞද්ගලික අධ්‍යාපන ආයතන ප්‍රමිතිකරණයකට ලක්කරන එක.
    ඒ ඒ උපාධි වලට ඇතුලත්කිරීමේ අවම සුදුසුකම් තීරණය කරන එක සැලකිල්ලෙන් කරන්න ඕන දෙයක්. උදාහරණයකට තොරතුරු තාක්ෂණ උපාධියට උ.පෙල සාමාන්‍ය සාමාර්ථි තුනකින් කරන්න පුලුවන් උනාට ඉංජිනේරු උපාධියට ඊට වඩා ඉහල මට්ටමක් යෝජනා කරන එක.

    ඒ වගේම විශය ධාරාවන්ට අදාල උපාධිත් නියම කරන්න ඕන. සයන්ස් කරලා එස් තුනක් ගත්ත අයට MBBS/MD උපාධි දෙන ප්‍රයිවෙට් කඩ වලට නීතිමාලාවක් මගින් z score එක හෝ වෙනත් දෙයක් යටතේ ළමයි තෝරගන්න පුලුවන් නම් ඒක හොඳ දෙයක්.

    තවත් කරන්න පුලුවන් දෙයක් තමයි රජය පෞද්ගලික අංශයත් එක්ක එකතු වෙලා joint venture එකක් විදිගට විශ්ව විද්‍යාල ඇතිකරන එක. මුදල් ගෙවන්න වෙයි. හැබැයි රජයටත් ඒකෙන් වාසියක් වෙනවා. ඒ මුදල් පූර්ණ රාජ්‍ය විශ්ව විද්‍යාල වලට යොමුකරන්නත් පුලුවන්.