අපේ රටේ කාන්තාවන්

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අපේ රටේ කාන්තාවන්

    රැකියාවලට යොමු වීම නිසා දරුවන් ලිංගික ගොදුරු බවට පත්වීමේ අවදානම ඉහළ ගොස්‌ තිබේ. එහි භයානකම තත්ත්වය වන්නේ පියවරුන් සහ එක කුස උපන් සහෝදරයන් නිසා බාල වයස්‌කාර දරුවන් ගැබ් ගැනීම යි. අතීත ගැමි සමාජයේ කෘෂිකාර්මික ජීවන රටාවකට හුරු වූ අපේ ගැමි පවුලක දරුවන්ගේ රැකවරණයට අම්මා දිවා රාත්‍රි ළඟ සිටියා නොවේ ද? මවක්‌ දරුවන් සමග කටුමැටි ගෙදරක දොර අගුල්ලා නිදා ගනිද්දී තාත්තා නිදා ගන්නේ ප්‍රධාන දොරෙන් එළියේ පිළ උඩ තැබූ ලණු ඇඳක ය. එදා අඹු සැමියන් අතර තිබූ බැඳීම දරුවන්ට ඇඟවූයේ නැත. එහෙත් විවෘත ආර්ථිකයත් සමග පැමිණි වසංගත ඔස්‌සේ ලිංගික චර්යාවන් පොදු දර්ශන බවට අද පත්ව තිබේ. පාසල් දරුවන් අතර මෙය ඉතා ම සුලභ රසයක්‌ බවට පත් කිරීමට තාක්‍ෂණය පොහොසත් වී ඇත. මෙවැනි දෙයින් දරුවන් මුදා ගැනීම වත්මන් සමාජයේ දෙමව්පියන් මුහුණ දෙන බැරෑරුම් ප්‍රශ්නයකි. යම් හේතුවකින් දරුවෙකු නොමග ගියහොත් එහි වරද ද පැටවෙන්නේ වැඩි වශයෙන් මවට ය.

    මධ්‍යම හා දිළිඳු පාන්තික පවුල්වල පිරිමි බහුතරයක්‌ වර්තමානයේ ස්‌ථීර රැකියාවල නියුතු නොවීම කාන්තාවන් මුහුණ පාන්නා වූ තවත් අර්බුදයකි. එක්‌කෝ ඔවුහු දේශපාලනඥයන් පසුපස යන්නෝය. නැත්නම් මත් ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් පසුපස යන්නෝය. එසේත් නැතහොත් බොරු කයිවාරු කාරයෝ ය. ස්‌ථිර මාසික වැටුපක්‌ සැමියාගෙන් නොලැබෙන නිසා රැකියා නොමැති කාන්තාවන් වැඩි දෙනෙකුට ද ස්‌වයං රැකියාවල නියුතුවීමට සිදු වී තිබේ. දරුවන් හදා වඩා ගැනීමටත් වඩා පාසල් යන දරුවන් වෙනුවෙන් දැරීමට සිදුවී ඇති වියදම අති විශාල ය. රජයේ පාසල්වල ද විටින් විට නොයෙක්‌ වියදම් යෑයි කියමින් දෙමව්පියන්ගෙන් මුදල් කඩා වඩා ගන්නා අයුරු පිළිබඳ මැසිවිලි අඩුවක්‌ නැත. පාසල් යන වයසේ දරුවකුගේ වියදම එක වැටුපකට උසුලා ගැනීමට නොහැකි තරම් ය. නිදහස්‌ අධ්‍යාපනයට සිදුවී ඇති මේ ව්‍යසනයේ පීඩනයෙන් දුක්‌ විඳින්නේ පියවරුන්ටත් වඩා මව්වරුන් ය.

    කාන්තාවන් රැකියාවල නියුතු වීමත් සමග දරුවන් හදා වඩා ගැනීමේ අර්බුදයද ඉහළ ගොස්‌ තිබේ. උපයන වැටුපට සාපේක්‍ෂව මෙහෙකරුවන්ට අමතර මුදලක්‌ ගෙවීමට නොහැකිය. ඒ ගෙවීම කෙසේ හෝ සපුරා ගත්තත් විශ්වාසනීය මෙහෙකරුවන් සොයා ගැනීම ඊට වඩා ගැටලුවකි. මෙහෙකරුවන් සමග නිවෙස්‌වල හුදෙකලා වූ දරුවන්ට සිදු වූ අතවර, හිංසන පිළිබඳ ප්‍රවෘත්ති ඕනෑ තරම් ඇත. අනෙක්‌ අතින් වැඩිහිටි දෙමව්පියන්ට සිය ජීවිතවල මහලු කාලය නිදහසේ ගත කිරීමට නොහැකි වී තිබේ. බැරි මරගාතේ දරුවන්ගේත් දරුවන් රකින මහලු මව් පියවරු කොතෙක්‌ සිටී ද... ඔවුන්ගේ ලෙඩ දුක්‌ බලන්නට තම දරුවන් ළඟ සිටිය යුතු කාලයේ ඔවුන් සිදු කරන්නේ තමන්ගේ ලෙඩ දුක්‌ අමතක කර දරුවන්ගේ දරුවන් රැකබලා ගැනීමය. එවැනි මවුවරු සිටින දූවරු එක්‌ අතකින් සැනසීමේ රැකියාවල නිරතව සිටිනු ඇත. එහෙත් දවස පුරා මවුපියන්ගේ උණුසුමින් ඈත්ව සිටින දරුවන් එහි පළිය ගන්නේ රැකියාව නිම වී දෙමව්පියන් නිවෙස්‌ කරා ගිය පසුය. දවස පුරා කාර්යාලයේත්, මග තොටත් පීඩා විඳි ගැහැනියට නිවසට ගියත් නින්දට යනතුරු සැනසීමක්‌ නැත.

    සිංහල ගැමි සමාජයේ මව යනු උතුම් වස්‌තුවකි. පුරුෂාධිපත්‍යය ඇති සමාජ ක්‍රමයක්‌ අපට තිබුණ ද පවුලක තීරණ තීන්දු ගන්නී ගැහැනිය යි. දරුවන්ගේ හා පවුලේ පොදු කාරණාවකදී ඊට පිරිමියා එකඟ කර ගැනීමේ අපූරු හැකියවක්‌ අපේ ගැමි ගැහැනිය සතුව තිබිණි. ඇය නිරතුරුව සමාජයේ ගෞරවයට පාත්‍ර වූවා ය. එහෙව් සමාජයකට පිට රටවල කුණු කන්දල් ගලා ඒමට ඉඩ දුන් නිවටයෝ කවුරුන් ද?

    එදා විලි බිය ඇතිව නිවසේ සිරියා කාන්තාව බවට පත් වූ කාන්තාව අද විලි බිය නැතිව මහා සමාජයේ අපහාස විඳින අයුරු අපි සංවේගයෙන් යුතුව බලා සිටිමු. පොදු සමාජයට විවෘත වූ ගැහැනියගේ අවශ්‍යතා සපුරා ගැනීම සඳහා උපයන වැටුප ප්‍රමාණවත් නොවන තරම් ය. වරින් වර ගැහැනුන් රවටන විලාසිතා ප්‍රවේශයන් ඔවුන්ගේ මාසික වැටුපට තර්ජනයක්‌ පමණක්‌ නොව සාප්පු සවාරි ගානේ යවමින් කාන්තාවන්ගේ කාලය කා දැමීමට ද සමත් වනු ඇත. නිවාඩු දවසක දී වත් නිවසේ දරුවන් සැමියා සමග සතුටින් ගත කිරීමට ඇති කාලය විනාශ කර දමමින් ඇය සාප්පු සවාරි යන්නීය. ඇතැම් කාන්තාවන් මේ වෙනුවෙන් සිය සැමියාගේ කාලය හා මුදල් ද උකහා ගැනීමට සමතෝ ය.

    කාලාන්තරයක්‌ මෙකී රටාවට හුරු වන ගැහැනියට දරුවෙකු ගැනවත් සිතා නිවසේ නතර වීමට නොහැකි තරමට මේ සමාජය ඇයගේ සිතුවිලි හා චර්යාවන් උඩු යටිකුරු කර තිබේ. ළිඳේ වැටුණු මිනිසා ළිං කටෙන් ම ගොඩට පැමිණිය යුත්තා සේම මේ සමාජ ක්‍රමයට ම ආවඩමින් සිය අවශ්‍යතා ඉටු කර ගැනීමට ඇය ධෛර්යවන්ත විය යුතුය.

    සිය වැනි කාන්තා දිනයේ දී වත් කාන්තා හිංසන, අසාධාරණකම්, දුක්‌ පීඩා පිළිබඳ විඳවීම වෙනුවට ගිය නුවණ ඇතුන් ලවා වත් අද්දවා ගැනීමට සමස්‌ත ශ්‍රී ලාංකික කාන්තා සංහතියම අදිටන් කර ගත යුතුය. ඊට පිරිමි පාර්ශවයේ උපරිම සහයෝගය අත්‍යවශ්‍ය වේ.

    තුෂාරී කළුබෝවිල
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    ලංකාවෙ ගැහැණුයි පිරිමියි එක සමාන ව වැඩ කරනවා. ඒත් ගෙදර ආවමත් දරුවෝ බලන වැඩේ ගැහැණියට පමණක් බාර දීලා ඉන්න පිරිමි ලංකාවේ වැහි වැහැලා. දෙන්නම එක සමානව වැඩ කරනවනම් දෙන්නම ගෙදර වැඩත් බෙදාගෙන කරන්න ඕනෙ. එහෙම වුණාම අම්මා නැත්තන් තාත්තා හරි ලඟ ඉන්නවා.

    කොතෙකුත් ලේඛකයන් කෑගැහුවත් දැන් සමාජය වෙනස් කරන්න බැහැ. පිරිමින් තමන්ගේ දරුවන් ගැන මීට වඩා බලන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. මම දන්න කොතෙකුත් අය්යලා ඉන්නවා, අක්කලා මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා, ළමයි බලාගෙන, කෑමත් උයාගෙන ඉන්නවා. මේ කට්ටිය එක්කො යාළුවෝ ටිකත් එක්ක බොන්න යයි, නැත්තන් ක්‍රිකට් ගහයි. මේවට කවුරුවත් උත්තර බඳින්නෙ නෑ.
    :angry::angry::angry::frown::frown::frown:
     
    • Like
    Reactions: Topology

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    ammalawa langin thiyanna ooni nee.. lamainta podi kaale indala ugannanna ooni thamange thathwe thiyaagena inna.. sex education ekak denna ooni .. anika apee ratee lamainta lookaya gena denumak nee.. eeka thamai okkotama mula..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    නංගි ලිව් ඉන් ටුගෙදර්ද? මේක ලංකාව:no::no:ඔයාල වගේ අය තමයි කසාද දෙක තුන කරගන්නේ.අන්තිමට එකක්වත් නෑ...ඒකද හරියට ලමයි හැදිල්ල????????????
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ලංකාවෙ ගැහැණුයි පිරිමියි එක සමාන ව වැඩ කරනවා. ඒත් ගෙදර ආවමත් දරුවෝ බලන වැඩේ ගැහැණියට පමණක් බාර දීලා ඉන්න පිරිමි ලංකාවේ වැහි වැහැලා. දෙන්නම එක සමානව වැඩ කරනවනම් දෙන්නම ගෙදර වැඩත් බෙදාගෙන කරන්න ඕනෙ. එහෙම වුණාම අම්මා නැත්තන් තාත්තා හරි ලඟ ඉන්නවා.

    කොතෙකුත් ලේඛකයන් කෑගැහුවත් දැන් සමාජය වෙනස් කරන්න බැහැ. පිරිමින් තමන්ගේ දරුවන් ගැන මීට වඩා බලන්න ඕනෙ කියලයි මම හිතන්නෙ. මම දන්න කොතෙකුත් අය්යලා ඉන්නවා, අක්කලා මහන්සි වෙලා ගෙදර ඇවිල්ලා, ළමයි බලාගෙන, කෑමත් උයාගෙන ඉන්නවා. මේ කට්ටිය එක්කො යාළුවෝ ටිකත් එක්ක බොන්න යයි, නැත්තන් ක්‍රිකට් ගහයි. මේවට කවුරුවත් උත්තර බඳින්නෙ නෑ.
    :angry::angry::angry::frown::frown::frown:
    very true..
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    නංගි ලිව් ඉන් ටුගෙදර්ද? මේක ලංකාව:no::no:ඔයාල වගේ අය තමයි කසාද දෙක තුන කරගන්නේ.අන්තිමට එකක්වත් නෑ...ඒකද හරියට ලමයි හැදිල්ල????????????

    දෙක තුනක් කරගන්න එක වැරැද්දක් නෑ,කලින් ඒවා Divorce කරලා .
    වැරැද්ද තියෙන්නේ නොගැලපෙන මගුල් කරගැනීම සහ නොගැලපෙන බව දැන දැන එකට සිටීමයි.

    ලංකාව හෝ ඉන්දියාව හෝ අමරිකාව හෝ හැම රටකටම ඕක පොදුයි. ඇත්තම් කිව්වොත් අමරිකාවේ මිනිසුන් ලංකාවේ අයට වඩා ශිෂ්ඨයි මොකද පොඩි එකෙකුට movie එකක් ,game එකක් ගන්න බෑ වයස සම්පූර්ණ නැත්නම්. Adult,Mature,everyone,Teen only. those are major ratings.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන ජේආර් පප්පා තමා , විවෘත ආර්ථිකය කියන ලබ්බ ගෙනත් අපේ බඩවල්වලට බස්සල දැන් ලබ්බෙන් තොර ලොවක් නෑ , මැතිණිගේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය තිබ්බනම් මේක ගොඩක් වෙනස් වෙන්න තිබ්බා...

    :angry::angry:
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    මේකට සම්පූර්ණයෙන් වග කියන්න ඕන ජේආර් පප්පා තමා , විවෘත ආර්ථිකය කියන ලබ්බ ගෙනත් අපේ බඩවල්වලට බස්සල දැන් ලබ්බෙන් තොර ලොවක් නෑ , මැතිණිගේ සංවෘත ආර්ථික ප්‍රතිපත්තිය තිබ්බනම් මේක ගොඩක් වෙනස් වෙන්න තිබ්බා...

    :angry::angry:

    මෝඩ කථා කියන්න එපා. මට කියන්න බලන්න අඩුම තරමේ ලංකාවට ඕනා දේවල් මෙහේම හදනවා කියලා? එහෙනම් මේ Computers, Electronics බඩු කිසිම දෙයක් නෑ.
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0

    මෝඩ කථා කියන්න එපා. මට කියන්න බලන්න අඩුම තරමේ ලංකාවට ඕනා දේවල් මෙහේම හදනවා කියලා? එහෙනම් මේ Computers, Electronics බඩු කිසිම දෙයක් නෑ.

    mehe mona computer da ooi .. echchara deyak karanna puluwanda apee ewunta... hadanna ooni nee.. aduwata denawa nam eeth kamak nee... eekawath nee ne.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    මෝඩ කථා කියන්න එපා. මට කියන්න බලන්න අඩුම තරමේ ලංකාවට ඕනා දේවල් මෙහේම හදනවා කියලා? එහෙනම් මේ Computers, Electronics බඩු කිසිම දෙයක් නෑ.

    මැතිනිත් ගියෙ කාර් එකෙන් යාලුවා , කාර් මෙහෙ හැදුවද? 72 මිනිස්සු වරද්ද ගත්තෙත් ඕක , අපිට පුලුවන් දේ මෙහෙ කරනවා , බැරිදේ ගේනවා , එකයි කරන්න ගියේ , වැඩේ කෙල වුනේ මිනිස්සුන්න කාලය දුන්නෙ නැති එක.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මැතිනිත් ගියෙ කාර් එකෙන් යාලුවා , කාර් මෙහෙ හැදුවද? 72 මිනිස්සු වරද්ද ගත්තෙත් ඕක , අපිට පුලුවන් දේ මෙහෙ කරනවා , බැරිදේ ගේනවා , එකයි කරන්න ගියේ , වැඩේ කෙල වුනේ මිනිස්සුන්න කාලය දුන්නෙ නැති එක.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mehe mona computer da ooi .. echchara deyak karanna puluwanda apee ewunta... hadanna ooni nee.. aduwata denawa nam eeth kamak nee... eekawath nee ne.
    බොරුද මං කිව්වේ... කද මෙහෙ හිත බටහිර... තොපි හින්දා තමයි අපිටවත් හරියන්නැත්තේ
     
    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    බොරුද මං කිව්වේ... කද මෙහෙ හිත බටහිර... තොපි හින්දා තමයි අපිටවත් හරියන්නැත්තේ

    mehee innakam thopita hariyanne nee
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    Eth ammayi thaththai dennama lamai gana samanawa wagakeem gannawa nam, dennama gedara katayuthu bedagena karanawa nam, ehema prashna athi wenne na. Mage ammai thaththai dennama jobs karanawa. Eth oya kiyana prashna na ne.

    Mmm..mehema dekuth thiyenawa. Oke waradda ganu rassa karana eka kiyanna ba. Hamoma job karanne salli walatama nevei. asawata, thamange hakiyawa prayojanayata ganna ehemath job karanawa ne. Career ekath minissunta wadagath deyak. Naththan api mechchara igena ganna eke wadak na ne. Mama nam job ekak nokara gedara inna kamathi na.

    E nisa hondama wisanduma wagakeem bedagena sahayogen lamai gana hithala wada karana ekai, anika kothanata giyath thamange thathwe tiyagena inna ekai..
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    mehee innakam thopita hariyanne nee

    Api moda widihata randu welaa wadak na neda? ita wada hodai api apen me dewal patan gaththanam.

    Apita barida EK community eka hatiyata hoda samajayak hadanna patan ganna? Anith aya hadanakan inne nathuwa???