අපේ රටේ මාධ්‍යකරණය
ගව ඝාතනයට එරෙහිව හිමි නමක් ගිනි තබා ගැනීම රටේ අද විශාල වශයෙන් කතා බහට ලක්වෙමින් පවතී
මේ ලියන්නේ ගව ගාතනය හෝ සත්ව ගාතනය ගැන නොවේ ,ස්වයන් මිනිස් ගාතනයන්ට අනුබල සැපයීම නැත්තනම් සියදිවි ගැනීමට අනුබල දීම ගැනයි
කිසි ලෙසකින් සියදිවි හානිකර ගැනීම සාධාරණිය කර නොහැකි මුත් මෙම අවාසනාවන්ත ඉරණමට ලක්වූ ඔබ වහන්සේට අම මහා නිවන් සම්පත් ලැබේවායි පතමු
යම්කිසිවෙක් මිනීමැරීමට හෝ මිනීමැරීමට අනුබල දීම හෝ සිය දිවි නසා ගැනීමට අනුබල දීමද ලංකා නිතිය යටතේ බරපතල වැරද්දකි
මෙම හමුදුරැවෝ ගව ඝාතනයට විරුද්ධ වීම, අන්‍යආගම්කරණයට විරුද්ධවීම ආදී කරුණු කිහිපයක් මුල් කරගෙන දළදා මාලිගාව අසලදී සිය දිවි නසා ගන්නා බව ස්වර්ණවාහිනියට පළමුවෙන්ම දන්වා තිඛෙන්නේ මැයි 20 වෙනිදා ය. ඉන්පසු ඊයේ(24) උදයේදී ද කොළඹ ස්වර්ණවාහිනී කාර්යාලයට දුරකථන ඇමතුමක් මගින් යලි සිහිකැඳවීමක් සිදුකර තිබේ. ස්වර්ණවාහිනී කොළඹ බලධාරීන් කලින්ම තමන්ගේ මහනුවර මාණ්ඩලික වාර්තා කරු වන කමල් සුරවීර නමැති මාධ්‍ය සේවකයා ඒ වෙනුවෙන් යොදවා ඇත. මෙම ප්‍රාදේශීය මාධ්‍ය සේවකයා එක් මාධ්‍ය ආයතනයකට තම සේවා අලෙවි කරන්නෙක් නොවන අතර මාධ්‍ය ආයතන කිහිපයකටම අලෙවිකරන්නෙකි. ඒ සඳහා ඔහු සමග සහායකයන් රැසක් ද සේවය කරති. හිරු, ලංකාදීප, නෙත් ආදී ආයතන ඉන් කිහිපයක් වන අතර ඔහු ඒ ආයතනයන් වෙත දන්වා ඇත්තේ තමා අද ලංකාවේ ප්‍රධාන පුවතක් සපයන බවකි.
ස්වර්ණවාහිනිය මෙය ටෙලි නාට්‍යයක් මෙන් රූ ගත කිරීමට සැලසුම් කළා මිස හාමුදුරු කෙනෙක් සිය දිවි නසා ගන්න යනවා යයි මහනුවර පොලිසියට හෝ කිසිදු ආරක්ෂක අංශයකට දන්වා නැත. ලෝකයේ ඔනෑම වැදගත් මාධ්‍ය ආයතනයක් හෝ මාධ්‍ය වේදියෙක් කෙනෙකු සියදිවිනසාගන්නවායැයි තොරතුරක් ලැබුනහොත් මුලින්ම කරන්නේ ඒ පිලිබද ආරක්ෂක අංෂ දැනුවත් කිරීමය , එය කිරීමට මාද්‍ය කරුවෙක් අවශ්‍ය නොවේ සෑම මිනිසෙකුගේම වගකීම එයයි
කමල් සුරවීර ද තම ත්‍රිපාද පුවරුව පවා සූදානම් කරගෙන බෝවත්තේ ඉන්ද්‍රරතන සිය දිවි නසා ගන්නවා ෂූටිං කිරීමට ගොස් ඇත්තේ තම සහායකයන් පිරිස සහ කැමරා ආම්පන්න රැසක් ද රැගෙනය.
ගිනි තබා ගැනීමට පෙර කමල් සුරවීරට 'වොයිස් කට්' එකක්ද ලබා දුන් අතර ලියුම් දෙකක් ද ලබා දුන්නේය. මේ සියල්ල සිදුකරද්දී කමල් සුරවීර සහ පිරිස කෑ ගසා නැවැත්වීමට ඉදිරිපත් වූයේද නැත.'වොයිස් කට්' එකක් දී සිය දිවි නසා ගන්න යනවා පෙන්වූ ලෝකයේ එකම රූපවාහිනී නාලිකාව ස්වර්ණවාහිනිය විය යුතුය.
රටට, මිනිස්සුන්ට හෙණ ගැහිල ගියත් නිවුස් එකක් පෙන්නන්න,මිනිහෙක් මැරෙන එක විකුණාගත හැකි ප්ර්වුර්තියක් වෙනවානම් මිනිහ මැරෙනකම් කැමරා උලුප්පවාගෙන ඉන්න මාදයකරුවෝ ඉන්න රටක් මේක
තව ටික දවසකින් ස්වර්ණවාහිනිය මේ විදිහට ප්රවෘත්ති කියයි ....
ප්‍රධාන නිවේදක : "බළව සකි සඳ - නැසෙන පණ නළ"
" රට තොට තොරතුරු තුළින් අද අපි යන්නේ දිවුලන්ගමට..."
නිවේදක හඬ කැවි : " මල් කැකුළක් මිලින වෙලා"
( ප්‍රවෘත්තියට ඉදිරියෙන් ඵල වන සාරාංශ තීරුවේ : "මම එල්ලෙනවා" )
නිවේදක හඬ කැවි : "මුලින්ම ඒ නංගි තමන්ගෙ දුක් ගැනවිල්ල අපේ කැමරාවට මෙහෙම කිව්වා..."
"මට තවත් ජීවත් වෙලා වැඩක් නෑ.... එයා ආපහු එන්නෙ නෑ... මම ඒක නිසා මගේ ජීවිතේ අද නැති කර ගන්නවා... "
( ප්රවෘත්ති තීරුව : "බාල්කයේ ගැට ගැහුවා " )
නිවේදක : "එහෙම කියපු ඒ නංගි, දොර මුල්ලෙන් කොහු කඹ කැරැල්ලක් අරගෙන බාල්කයේ ගැට ගැහුවා... "
( පසුබිමින් තරුණිය මේසයක මතට නැග බාල්කයේ තොණ්ඩුවක් ගැට ගසනු පෙනේ... )
( ප්රවෘත්ති තීරුව : "මම මේ ලෝකෙන් යනවා" )
නිවේදක : "පුටුවක් යටින් තියාපු ඒ නංගි, පුටුව උඩට නැගලා, තොණ්ඩුව බෙල්ලට දා ගත්තා"
"මම මේ කාළකණ්නි ලෝකෙ අත ඇරලා යනවා... මට දුක නෑ... මට එයා නැතුව ජීවත් වෙලා වැඩක් නෑ..."
( ප්රවෘත්ති තීරුව : "නංගි එල්ලුණා" )
නිවේදක හඬ කැවි : "තොණ්ඩුව බෙල්ල වටේ තද කරගෙන ඒ නංගි හිටගෙන හිටපු පුටුව පයින් තල්ලු කළා... "
( පසුබිමින් අදාළ තරුණිය පුටුව පෙරලාගෙන එල්ලෙන අයුරු පෙනේ... )

Last edited: