අපේ රටේ 'විජ්ජාඥයෝ'!

Oct 18, 2015
16
12
3
අපේ රටේ 'විජ්ජාඥයෝ'!

අනේ හැබෑටම මොනවද මේ රටේ දැන් වෙන්නේ? ගොන් කට්ටඩි, සාස්තර කාරයෝ නම් කමක් නෑ. රටේ ඉන්න උගත් බුද්ධිමත් කියා ගන්න 'වියත්තු' නේ දැන් ඔක්කොටම වඩා පිස්සු කෙලින්නේ. වෛද්‍ය විද්‍යා මහාචාර්යවරු නාථ දෙය්යන්ට කියලා බෙහෙත් හොයා ගන්නවා. විශේෂඥ වෛද්‍යවරු දීගොඩයා වගේ පිස්සොන්ට රෙදි නැතිව කඩේ යනවා.

මෙන්න දැන් අළුත්ම එක. මෙන්න මේ විද්‍යාඥයෙක් කියලා කියා ගන්න එකෙක් හොලිවුඩ් විද්‍යා ප්‍රබන්ධ වලටත් වඩා අන්ත මනස්ගාත කියවනවා. හරියට අර 2012 ලෝක විනාශය වෙනවා කියලා ගහපු බයිලා වගේ. මූ එහෙම කියන්නේ කිසිම විද්‍යාත්මක දත්ත ඉදිරිපත් කිරීමකින් තොරව නිකන්ම empty claims විදියට. කණගාටුවට කාරණාව තමයි මිනිහටම හරියන චක් ගෝලයෝ සෙට් එකකුත් ඉන්න එක.
 
Attachments

  • Screenshot 2019-09-23 14.35.38 edited.jpg
    Screenshot 2019-09-23 14.35.38 edited.jpg
    37.7 KB · Views: 217
  • Screenshot 2019-09-23 14.35.53.jpg
    Screenshot 2019-09-23 14.35.53.jpg
    40.5 KB · Views: 101
  • Screenshot 2019-09-24 01.19.42.jpg
    Screenshot 2019-09-24 01.19.42.jpg
    28.1 KB · Views: 86
  • Like
Reactions: waca

D_Kalu

Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මේක අපේ රටේ 'වියතුන්' කියලා කියා ගන්නා ගොඩක් අයට අවුරුදු 45 පැන්නාට පස්සේ හැදෙන ලෙඩක්. උදාහරණ විදියට නලින් ප්‍රොපා, වකුගඩු චන්න, තව අර දීගොඩයගේ පස්සෙන් යන සංජය කියන වකුගඩු ඩොකා එහෙම ගන්න පුළුවන්. වෙන එකක් තියා අර GMOA එකේ සභාපති වෙච්ච පාදෙනිය ලොක්කාටත් ටික ටික ලෙඩේ හැදීගෙන එනවා වගේ.

    මට නම් හිතෙන විදියට හේතුව මේකයි. ඔය කට්ටිය නූතන විද්‍යාව ඉගෙන ගෙන යම් කිසි තැනකට ඇවිල්ලා හිටියට ලෝකයේ අනිත් දියුණු රටවල් වල ඉන්න සමකාලීනයන් එක්ක ගත්තාම ඉන්නේ ගව් ගාණක් පිටි පස්සෙන්. ඔය කිසිම කෙනෙක් ලෝකයට කිසිම අළුතින් දෙයක් එකතු කරලා නැහැ. ඒක ඒ ගොල්ලෝ එළිපිට පිළිගන්න අකමැති වුනත් තම තමන්ගේ හිත් ඒක දන්නවා. ඉතින් ඒ නිසා ගොඩ නැගුණු යම් හීනමානයක් මේ ගොල්ලන්ගේ තියෙනවා. ඉතින් ඒකෙන් ඉච්ඡාභංගත්වයට පත් වෙන එක වළක්වා ගන්න මනසින්ම කරන සංරක්ෂණ ප්‍රයෝගයක් කියලා තමයි මට නම් හිතෙන්නේ. මේක හරියට අර නරියා මිදි තිත්තයි කියලා කියපු කතාව වගේ. මෙහෙම හිතන්න තියෙන අනිත් සාක්ෂ්ය තමයි අපේ රටෙන් බිහිවෙච්ච ලෝකයේ ගෞරවයට පාත්‍ර වෙච්ච විද්‍යාඥයෝ කාටවත් ඒ කියන්නේ ආචාර්ය සරත් ගුණපාල, සිරිල් පොන්නම්පෙරුම, කවන් රත්නතුංග වගේ අයට ඔය ලෙඩේ හැදුනේ නැති එක.
     
    • Like
    Reactions: waca

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda

    :yes:
    hamawelema bududahama gena kiwata meyala wairayen irisiyeawen jiwathwena minissu
    meke inna Kariya wasam wage :yes:
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    :yes:
    hamawelema bududahama gena kiwata meyala wairayen irisiyeawen jiwathwena minissu
    meke inna Kariya wasam wage :yes:

    සම්පූර්ණ ඇත්ත. ඒ බව හොඳට තේරෙනවා ඔය නලින් ප්‍රොපා වගේ උන් එක්ක සංවාද කරන්න ගියාම උගේ කතා විලාශය දැක්කම. පොර කියන්නේ නම් බෞද්ධයෝ හැමෝම නිවන කෙරෙහි යොමු වෙන්න ඕන කියලා. ඒ උනාට පොරගේ නම් කිසිම නිවිච්ච ගතියක් නැහැ කතා කරන විදියේ නම්.

    අනිත් හිනා යන කාරණාව නම් ඔය 'බටහිර විද්‍යාව' කිය කිය බනින උන්ගේ ළමයි ඉගෙන ගන්නේ පිට රට විශ්ව විද්‍යාල වල. කොටින්ම කිව්වොත් මේ පෝස්ට් එක කියන මහින්ද පාතේගම කිය එකාගේ දුව ඉගෙන ගත්තෙත් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක. ඔච්චර 'බටහිර' විද්‍යාවට අකමැති නම් ඇයි එහෙම කරන්නේ? පිරිවෙණකට යවලා බුදු දහම, පාලි, සංස්කෘත වගේ දේවල් ඉගැන්නුවා නම් ඉවරයි නේ.
     
    ow bn
    un kiyanne wel ipanalle natala sellam karala wawen naana eka thamai jiwithe kiyala
    ewa ahana game un wel ipanalle natala ewagema pabayo wela innawa, kiyana unge lamai piataratawala wala ghn Dgree gahala hoda thanwalata yanawa

    nalinda silva thamai batahira widayawa kiyala baninnne instaintai, niwtontai
    eth mu krala thiyenna denata kaiwaru gahana eka witharai :yes:

    lankawenam Kunu adina ekage patan PHD thiyena eka dakwa godak un kuhakai, igena gaththa un parlimnt yawwa kiyala oka wena wenne na :lol:
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සම්පූර්ණ ඇත්ත. ඒ බව හොඳට තේරෙනවා ඔය නලින් ප්‍රොපා වගේ උන් එක්ක සංවාද කරන්න ගියාම උගේ කතා විලාශය දැක්කම. පොර කියන්නේ නම් බෞද්ධයෝ හැමෝම නිවන කෙරෙහි යොමු වෙන්න ඕන කියලා. ඒ උනාට පොරගේ නම් කිසිම නිවිච්ච ගතියක් නැහැ කතා කරන විදියේ නම්.

    අනිත් හිනා යන කාරණාව නම් ඔය 'බටහිර විද්‍යාව' කිය කිය බනින උන්ගේ ළමයි ඉගෙන ගන්නේ පිට රට විශ්ව විද්‍යාල වල. කොටින්ම කිව්වොත් මේ පෝස්ට් එක කියන මහින්ද පාතේගම කිය එකාගේ දුව ඉගෙන ගත්තෙත් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක. ඔච්චර 'බටහිර' විද්‍යාවට අකමැති නම් ඇයි එහෙම කරන්නේ? පිරිවෙණකට යවලා බුදු දහම, පාලි, සංස්කෘත වගේ දේවල් ඉගැන්නුවා නම් ඉවරයි නේ.
    :eek::eek:
     
    Oct 18, 2015
    16
    12
    3
    මෙන්න මූ දැන් කියන කතාව.

    "මේකනම් අලුත් කේස් එකක්!
    පෘථිවිය අපිත් අරන් හැටට හැටේ පාගල යනව. හරියට ලේලන්ඩ් බස් එකක් වගේ. පෘථිවිය බ්‍රේක් පෑගුවෙ නැත්නම් මල ජූලියයි. දිගටම ඇරලා ගියොත් ධන සෘණ ටැපලෙනවා. විදුලි බල තියරි එක නිශේධ වෙනවා. උත්පාදනය කරන්න විදුලිය කියල එකක් නැතිවෙනවා. විදුලි ඉංජිනේරු විද්‍යාව විසුරුවා හැරෙනවා. හැම එකකම තියෙන ඔක්කොම කරකැවෙන ඒවා, ඒ කියන්නෙ මෝටර් දුවන්නේ නැතිව ඔහේ මූණ දිහා බලන් ඉන්නවා. භෞතික විද්‍යාවට කෙල වෙනවා. නාසා එකේ වී ගබඩා කරන්න වෙනවා. වාහන ස්ටාර්ට් නැතිව යනවා. වාහන යකඩ වලට විකුනන්න වෙනවා. one zero one zero කියන සංකේත chip එකට තේරෙන්නේ නැති වෙනවා. පරිගණක මැලවෙනවා. සොෆ්ට්වෙයාර් භාෂාව අහන්නේ නැතිව යනවා. තොරතුරු තාක්ෂණය කුණු කුඩේට යනවා. මොබයිල් ෆෝන් දොරට අඩේ තියන්න ගන්න වෙනවා. මොබයිල් කුළුණු වල කුරුළු කුඩු හදනව. නෙලුම් කුලුනේ පරෙය්යෝ ලගිනවා. ටෙලිපොන් කියල වර්ගයක් තිබුනද කියලවත් මතක නැති වෙනව. වාරයේ නැව් ඔහේ ගිලෙනව. අහස් යාත්‍රා එයාපෝර්ට් එකේ මලකඩ කනවා. කාගේත් ඔලුව මඤ්ඤන් වෙනවා. ඔලුවෙන් ඇවිදින්න බලනවා. උතුර දකුණ මාරුවෙනවා. වයර් මාරුවෙනවා. මොලේ කොලොප්පන් වෙනවා. සුනඛයො වල්ගේ අල්ලන්න කරකැවි කැවි ඉන්නවා. ඒත් ඉතින්...බ්‍රේක් ගහ ගත්තොත් හරි තමයි. නැතිවුනොත් මඤ්ඤන් තමයි. බ්‍රේක් එක තාම හොයාගන්න බැරිවෙලා වගේ. බ්‍රේක් පැගුවොත් රාවණ යුගේ. නැති වුනොත් ගල් යුගේ. බ්‍රේක් ගහනව දැකගත්තොත් ඔබටත් කියන්නම්. එතකල් කෝකටත් රටේ තියෙන ගල් පර්වත ටිකවත් කඩන්න දෙන්නෙ නැතිව ආරක්ෂා කරලා තියා ගමු. බ්‍රේක් නැති වුනොත් රිංග ගන්න.

    (භය කරනව නෙවෙයි. ඇත්ත ඇති සැටියෙන් ලියවෙනව. බේරෙන මගකුත් තියෙන නිසා)"

    දැන් නම් මුගේ පිස්සුව හොඳටම තද වෙලා වගේ. මම හිතන්නේ දැන් නම් ඉක්මනට අපේ රටේ ඉන්න සැබෑ විද්‍යාඥායෝ මිනිස්සුන්ට මේ දේවල් ගැන ඇත්ත තත්ත්වය කියා දුන්නොත් හොඳයි මුන් වගේ උන්ගේ බොරු වලට රැවටෙන්න කලින්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    attachment.php

    මේකේ ගණිත සුත්‍රයත් දාන්න කියපන්.
     
    Oct 18, 2015
    16
    12
    3
    ඒවා මොකුත් නැහැ. බර වචන සෙට් එකකින් කියන කට වචන විතරයි. අහන්නත් බැහැ මොකද මුගේ wall එකේ comment කරන්න පුලුවන් උගේ friends ඒ කියන්නේ චක් ගෝලයන්ට විතරයි. කොටින්ම කිව්වොත් මුගේ posts වලට Ha Ha reactions දාපු නිසා මූ දැන් මාව block කරලා තියෙන්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලමයි රට ගියාම සමහර තාත්තලා අම්මලාට පිස්සු හැදෙනවා. සමහරු රහත් සෝවාන් වගේ මාර්ගඵල ලබනවා. තිත්ත ඇත්ත
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සම්පූර්ණ ඇත්ත. ඒ බව හොඳට තේරෙනවා ඔය නලින් ප්‍රොපා වගේ උන් එක්ක සංවාද කරන්න ගියාම උගේ කතා විලාශය දැක්කම. පොර කියන්නේ නම් බෞද්ධයෝ හැමෝම නිවන කෙරෙහි යොමු වෙන්න ඕන කියලා. ඒ උනාට පොරගේ නම් කිසිම නිවිච්ච ගතියක් නැහැ කතා කරන විදියේ නම්.

    අනිත් හිනා යන කාරණාව නම් ඔය 'බටහිර විද්‍යාව' කිය කිය බනින උන්ගේ ළමයි ඉගෙන ගන්නේ පිට රට විශ්ව විද්‍යාල වල. කොටින්ම කිව්වොත් මේ පෝස්ට් එක කියන මහින්ද පාතේගම කිය එකාගේ දුව ඉගෙන ගත්තෙත් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාලයක. ඔච්චර 'බටහිර' විද්‍යාවට අකමැති නම් ඇයි එහෙම කරන්නේ? පිරිවෙණකට යවලා බුදු දහම, පාලි, සංස්කෘත වගේ දේවල් ඉගැන්නුවා නම් ඉවරයි නේ.

    ඇයි බං තව අර එලියන්ස් සයන්ටිස් අන්කල් එංගලන්තේ ඉන්න පොර.
    මොනවා උනත් කාලෝ විතරයි වෙනස් නොවුනේ