අපේ ලිංගිකත්වය

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,553
    6,857
    113
    Gedara
    අපේ ලිංගිකත්වය

    හැමදාම කියන ඒවත් එක්ක වෙනස් දෙයක් ගැන් මටත් පොඩ්ඩක් කතාකරන්න හිතුනා.
    දෙමුහුම් සංස්කෘතිය

    මොකක්ද මේ දෙමුහුම් සංස්කෘතිය කියන්නේ? ඒ කියන්නේ සංස්කෘතීන් දෙකක හෝ කීපයක අතර මිශ්රවීමක් වගේ දෙයක් කියල හිතමුකෝ. එතකොට ඇයි මම ඒ වගේ වචනයක් භාවිතාකරන්නේ කියලා ප්රශ්නයක් අනිවාර්යයෙන්ම ඔයාල අහන්න පුළුවන්. අන්න ඒ ගැන තමයි මේ කතාකරන්න යන්නේ. මේ කතාකරන දෙවල් සමහරවිට ඔයාලගේ මතිමතාන්දර එක්ක සම්පූර්නයෙන්ම වෙනස් දෙයක් වෙන්න පුළුවන්. අනේ එහෙම කියල ඉතින් තරහගන්න එපා. ඉවසීමෙන් කියවල බලන්නකෝ. අනිත් කාරණය තමයි මේක සම්පූර්ණයෙන්ම මගේ හිතේ ඇඳුණු අදහසක් විනා කාගෙවත් අදහසක් නොවන බැවින් මගේ අදහස්වල අඩුපාඩු වලට වෙන කාටවත් බනින්න එපා හොඳේ.

    හරි දැන් යමු මාතෘකාවට. අපි කවුරුත් දන්නවනේ අපේ රට සිංහල බෞද්ධ සංස්කෘතියක් මූලික කරගත්තු රටක්. ඊට අමතරව ඉන් දියානු සංස්කෘතිකාංගත් අපේ සංස්කෘතිය එක්ක මිශ්රවෙලා තියනවනේ. පොඩි උදාහරණයක් කීවොත් කාලිංග මාඝ අපේ රට අල්ලගෙන හිටිය කාලේ එතෙක් අපි සැමරුව නව වසර වූ වෙසක් මංගල්යය වෙනුවට අප්රේල් වල තියන සූර්යමංගල්යය අපේ සංස්කෘතියට එක්වුණා. දැන් කියන්න එපා ප්රාග් ඓතිහාසික යුගයේ අපේ රටේ මිනිස්සු සූර්යවන්දනාව කලා. අන්න එහෙමයි මේක ආවෙ කියලා. අනේ ඉතින් ඒ යුගයේ අපේ රටෙ මිනිස්සු බෞද්ධවෙලා හිටියෙත් නැහැ නේ. අනික ගස් ගල් ස්වභාවික වස්තූන්ට මිනිස්සු වන්දනා කරන්නේ ඇයි කියල බුදුරජාණන් වහන්සේ දේශනාකරල තියනවනේ. හරි හෝ වැරදි හෝ ඉන්දියානු සංස්කෘතිකාංග අපි අතර තියනවා. ඒත් එම අංග අපේ සංස්කෘතියත් එක්ක එකට එකතුවීම අමාරුදෙයක් උනේ නැහැ. මොකද අපේ සහ ඔවුන් ගේ සංස්කෘතීන් වල තිබෙන සමානකම් නිසා. ඒ වගේම මම ඒක වැරදි කියල කියන්නෙත් නැහැ.

    ඔන්න ඔය සංස්කෘතිය ගැන කතා කලොත් ලංකාවේ ඉස්සරකාලෙ සමලිංගිකත්වය තිබුණද නැද්ද කියන්න තවම සාධක ලැබිලා නැහැ මම හිතන්නේ. බුදුදහමෙත් සමලිංගිකත්වයට විරුද්ධව කිසිම අදහසක් ප්රකාශවෙලා නැහැ (ඒ වෙනුවෙන් මම වෙනම ලිපියක් දාල ඇති). නමුත් විනය පිටකයෙදී භික්ෂූන් වහන්සේලාට එවැනි ක්රියා තහනම් කරලා තියනවලු. ඉතින් භික්ෂූන්වහන්සේලාට ස්ත්රීන් සමඟ ලිංගිකව හැසිරීමත් තහනම් නේ. ඒත් බයිබලයේ සහ කුරාණයේ නම් සමලිංගික ක්රියා තහනම් කරල තියෙනවලු.

    ඉතින් ඔන්න අපේ රට අන්තිමට සුද්දෝ අල්ල ගත්තා. උන් එද්දී අපේ සමහර පැලැන්තිවල ගැහැණු ඉණෙන් ඉහලට ඇඳුම් ඇන්දේ නැහැ. සුද්දියොත් දැන් බාගෙට ඇන්දට ඒකාලෙ හොඳට වැහෙන්න ඇඳුම් ඇන්දා. සුද්දා දැම්මා අපේ ගැහැණුන්ටත් නීතියක් ඇඟ වැහෙන්න ඇඳුම් අඳින්න කියලා. ඔන්න ඔහොම එයාලගේ නිරීක්ෂණ එක්ක, එයාලගෙ සංස්කෘතිකාංග එක්ක අපිටත් නීති රීති ආවා. ඔය නීතිත් එක්කම අපේ සංස්කෘතිය බටහිර සංස්කෘතිය එක්ක දෙමුහුම් වෙන්න පටන් ගත්තා. ඒකට තව උදාහරණයක් දෙන්නම්කෝ. ඉස්සර අපේ රටේ පිරිමි කොණ්ඩේ වවලා කරාබු දාලනේ හිටියේ. මට මතකයි අපේ සීයා කෙනෙක්ටත් දිග කොණ්ඩයක් තිබුණා. සුද්දා කොණ්ඩේ කොටට කපලා, කරාබු නැතුව, කලිසම් කමිස ඇඳලා හිටියා. ඉතින් දැන් අපේ කොල්ලෙක් කොණ්ඩේ වවලා, කරාබු දාල හිටියොත් අපි ඌට කාඩයෙක් වගේ කියනවා. එතකොට කොණ්ඩේ කොටට කපලා, කලිසම් කමිස ඇඳලා ඉන්න එකා ඩීසන්ට් බෝයි. මෙන්න මේ විදියට වික්ටෝරියානු සංස්කෘතිකාංග අපේ සමාජයේ මුල්
    බැස ගත්තා. හැමදේටම බටහිරින් එන දීන ගති කිව්වට අපි එහෙම නැහැ කියල හිතාගෙන ඉන්න දේවල් බොහොමයකුත් එහෙන් ආව දේවල් තමයි කියල අද අපේ අය දන්නේ නැහැ.
    ඔන්න ඔය විදියට 1883 දී අපේ නීතිපොතට එකතුවුනා
    ප්රසිද්ධියේ හෝ අප්රසිද්ධියේ වෙනත් පුද්ගලයෙකු සමඟ තදබල අශෝබන ක්රියාවක් කරන හෝ එබඳු ක්රියාවකට පාර්ශවකරුවෙකුවන හෝ එබඳු ක්රියාවක් යම් පුරුෂයෙකු ලවා කරවන හෝ කරවීමට තැත්කරන පුරුෂයෙකු වරදකට වරදකරුවෙකු වියයුතුය. ඔහුට අවුරුදු දෙක දක්වා කාලයකට දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාර ගතකිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කලයුතුය. එසේම කසපහර දීමකින් දඬුවම් කරනු ලැබීමටද ඔහු යටත් විය යුතුය"
    කියන වගන්තිය. මේකට 1995දී එම අපරාධයට ලක්වූවේ අවුරුදු 18ට අඩුකෙනෙක් නම් චූදිතයාට අවුරුදු 10ක් දක්වා සහ අවුරුදු 16ට අඩුකෙනෙක් නම් චූදිතයාට අවුරුදු 20ක් දක්වා බන් ධනාගාර ගතකරන්න පුළුවන් විදියට නීතියට සංශෝධනයක් ආවා. 365අ වගන්තියට අනුව වරෙන්තු රහිතව අතඅඩංගුවට ගත හැකි අතර ඇප නියම කිරීම කල හැකි නමුත් සමථයකට පත්කල නොහැකිය.

    ඇයි මේක පිරිමින්ට විතරක්? ඇතුළුකිරීම සඳහා අවයවයක් නැති නිසා ස්ත්රී සමලිංගිකත්වයක් තියෙන්න පුළුවන් කියල සුද්ද විශ්වාස කලේ නැහැල්ලු. නමුත් දැන් ලංකාවෙ ස්ත්රී සමලිංගිකත්වයට විරුද්ධවත් නීති තියනවා. එතකොට මේ නීතිය එද්දී ලංකාවේ සමලිංගිකත්වය තිබුණෙම නැද්ද? මම කලින් ගහැණුන් අඳින විදිය සම්බන්ධව උදාහරණයක් දුන්නා. දැන් පොඩි කථාවක් කියන්නම්. මේ කතාව මගෙන් අහගත්තු සමහරු මේ සයිට් එකේ ඇති. කමක් නැහැ අහන්නකෝ.

    ඔන්න ඝන වනාන්තරයක් මැද්දේ කිසිම දාක වෙනත් මිනිස් කොටසකගේ ආශ්රයක් ලැබිල නැති ගෝත්රයක් ඉන්නවා. කාලෙකදී වෙන මිනිස් කණ්ඩායමක් ඇවිත් මේ ගෝත්රය අල්ල ගන්නවා. අල්ලගෙන පාලනය කරනවා. ඉතින් ඒ අල්ලගත්තු උදවිය එයාලටම නීති දාගන්නේ නැහැ නේ. අර ගෝත්රයට තමයි නීති දාන්නේ. ඔන්න නීතියක් දානවා "රොකට් සැදීම සපුරා තහනම්" කියලා. මේකුන් රොකට් තියා බකට් වත් දන්නේ නැති ගෝත්රයක්. ඔන්න දැන් කට්ටිය හොයනවා, "රොකට් කියන්නේ කන දෙයක්ද? බීමක්ද? සතෙක්ද? කව්ද බන් මේ රොකට් කියන ඩයල් එක? ඇයි ඒක හදන්න තහනම්? " අන්න ඒ වගේ දේවල්. එතකොට එහෙම ගෝත්රයට එහෙම නීතියක් දාන්න අර පාලකයින්ට ආතල් එකක් නැතුව ඇති නේද? ඒ නිසා මට නම් හිතෙන්නේ සුද්දා 365අ ගෙනාවෙත් අපේ රටේ නොතිබුණ දේකට නෙවි තිබුණු දේකටමයි කියලා.

    අද අපි ගොඩාක් අයට අපේ සංස්කෘතිය වෙනස්වුණ විදිය ගැන කිසිම හැඟීමක් නැහැ. අපි හිතාගෙන ඉන්නව 2500ක මහඟු අතීතයේ අපේ ධීර වීර මුතුන්මිත්තන් ගෙන් ආව සංස්කෘතික ලක්ෂණ තමයි තවමත් අපි ගාව තියෙන්නේ කියලා. අපේ බෞද්ධ සාරධර්ම වලට අනුව සමලිංගිකත්වය වැරදි දෙයක් කියලා. ඒත් බෞද්ධ සාරධර්ම පද්ධතියක් ඇතිකල ධර්මය තුළ නම් එහෙම කිසිම දෙයක් සඳහන් වෙලත් නැතුව, කොහොමද මෙහෙම ලක්ෂණ අපේ සංස්කෘතියට එකතුවුණේ? ගම්පොල, මහනුවර යුග වලදී හින්දු දේවාල, නක්ෂත්ර, ජ්යෝතිෂ්ය කටයුතු පන්සල් වලට එකතුවුණා වගේද? නැහැ. එහෙම වෙන්න බැහැ. මොකද හින්දු දර්ශනය තුලත් සමලිංගිකත්වයට තහංචි නැහැ.
    එතකොට ?

    අද අපේ උදවිය සමලිංගිකත්වය බටහිරුන් විසින් අපේ රටවල් විනාශකරන්න බලෙන් ඔබ්බවන දෙයක් කියල බෙරිහන් දෙනවා. නමුත් ඔවුන් දන්නෙ නැහැ බටහිරුන් තමයි ඒකට විරුද්ධවුනේ කියල. ඉන් දියාව, චීනය වගේ අතීත ශිෂ්ටාචාරවල සමලිංගිකත්වය පැවතුණ බවට ඇති තරම් සාධක තියනවා. ලෝකේ සමලිංගිකත්වය පිලිබඳ පලමු මූලාශ්රය ලැබෙන්නේ අප්රිකා මහාද්වීපයෙන්. නමුත් වික්ටෝරියානු සංස්කෘතිකංග ඔඩුදුවපු අපේ සමාජය ඒ වගේ දේවල් ගැන විවෘතව හිතන්න ලෑස්ති නැහැ. නමුත් අපි මෙහෙම වෙලා තියෙන්නේ අපේ තෝරාගැනීමක් නිසා නෙවී කියල අපි දන්නවා. අපි ස්වභාවිකවමයි මෙහෙමවුනේ? ඉතින් කොහොමද අපි ස්වභාවිකත්වයට විරුද්ධව යන්නේ
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,505
    113
    නිධානයක් උඩ
    The Victorian era of British history (and that of the British Empire) was the period of Queen Victoria's reign from 20 June 1837 until her death, on 22 January 1901.

    ලංකාව පණ්ඩුකාභය ගෙන් පස්සේ වැඩිම කාලයක් පාලනය කලේ වික්ටෝරිය රැජිනයි.