අපේ සංවේදී නිලියෝ...........
ශ්‍රී ලංකාවේ රූපවාහිනී සේවාවන් මගින් විකාශනය කරනු ලබන ටෙලිනාට්‍ය වල රඟපාන නිළියන් විසිදෙනකු පමණ පසුගිය කාලයේ පොලිස් අත්අඩංගුවට පත්වූයේ ඔවුන් ගණිකා වෘත්තියේ යෙදෙන බවට චෝදනා නගමිනි. මෙම නිළියන්ගේ නම් ගම් ලිපින පමණක් නොව ඔවුන් ගණිකා වෘත්තියේ යෙදෙමින් සිටියදී විකාශය වෙමින් තිබූ ටෙලිනාට්‍ය රාශියක නම්ද පොලීසිය විසින් සොයා ගනු ලැබිණ. ජනප්‍රිය නිළියක් ගනුදෙනු කරුවෙක් සමග පැයක කාලයක් ගතකිරීම සඳහා රුපියල් පනස්දහසක මුදලක් අය කරන බව අනාවරණය වී තිබිණ. ශ්‍රී ලංකාවේ ටෙලිනාට්‍ය සංස්කෘතිය ඉතා පහත් මට්ටමකට වැටී තිබේ. ඊට ප්‍රධාන හේතුව නිළි වෘත්තියේ යෙදෙන සමහරු ගණිකා වෘත්තියට පිවිස සිටීම යැයි සමහරු කරන අර්ථ දැක්වීම සාධාරණ දැයි විමසා බැලීම වටී.
දිවයිනේ සමහර විද්‍යුත් සහ මුද්‍රිත ජන මාධ්‍ය හරහා ඇතැම්හු මෙම නිළියන්ට චෝදනා නගමින් ඔවුන් ගණිකා වෘත්තියේ යෙදීම හේතුවෙන් ටෙලිනාට්‍ය කලාව මහත් අවමානයකට ලක්වී තිබේ යැයි කියති.
එහෙත් මෙම ටෙලි නිළියන් එබඳු අවාසනාවන්ත ඉරණමකට තල්ලු වී ගියේ කෙසේදැයි විග්රහ නොවීම බලවත් අඩුපාඩුවක් සේ පෙනේ.
පොලිස් අත්අඩංගුවට පත්වූ එක් නිළියකගේ වයස අවුරුදු හතළිහකි. ඇය අත්අඩංගුවට පත්වූයේ කඩුවෙල පළාතේ පිහිටි හෝටලයකදීය. ගනුදෙනු කරුවාට ඇය අලෙවි වී තිබුණේ රුපියල් පන්දහසක් වැනි ලාබ මුදලකටය. ජනප්‍රිය යොවුන් රූමත් නිළියක් අලෙවි වන මුදල ඊට වඩා දස ගුණයකින් වැඩි වුවද රුපියල් පන්දහසකට ගනුදෙනුකරුවා පිනවන්නට සිදුවූයේ නිළිකම වසාගෙන මතුවෙන අගහිඟකම් හේතුව නිසා විය හැක.
මෙම නිළිය අමන්දා, වසූදා, වීදුරුමල්, සයුරුතෙර, ඉසුරු සොයා යන ටෙලි නිට්‍ය සහ තීර්ත යාත්‍රා, ඇසළ සඳ යන චිත්‍රපටවලද රඟපා ඇතැයි කියති.
තවත් නිළියකගේ වයස අවුරුදු විස්සකි. ඇය ඉරට උඩින්, ගැහැනු ළමයි, සරා, නිර්මලී, හිරුමලී යන ටෙලිනාට්‍යවලත් උකුසුඇස, ස්වීට් එන්ජල් යන චිත්‍රපටවලටද රංගනයෙන් දායක වූවාය. පැයක් සඳහා ඇය අය කළ මුදල රුපියල් 10,000කි.
මෙසේ අත්අඩංගුවට පත් වූ නිළියන්ගෙන් බොහෝදෙනෙක් “මෙගා” නමින් හඳුන්වන දීර්ඝ ටෙලිනාට්‍යවල රඟපාමින් රූපවාහිනියට එක්වූ තරුණියන් බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි පැවැසේ.
ඈත දුෂ්කර පළාත්වල ඉපිදී හැදුන වැඩුණ එතරම් උගත්කමක් නැති බොහෝ තරුණියන්ගේ වර්තමාන සිහිනයක් වන්නේ රූප පෙට්ටියේ නිළියන් බවට පත් වීමටයි. ඊට හොඳ ඉල්ලුමක්ද පවතී. පෞද්ගලික මට්ටමින් අද සිය ගණනින් ටෙලි නාට්‍ය නිෂ්පාදනය කෙරෙන අතර මේවාට යොවුන් රූමත් නිළියන් බඳවා ගනු ලබන්නේ ඉතා අඩු මිලකටය.
එයද පහසු කටයුත්තක් නොවන බව මෙම නිළියන් විසින් පොලීසියට ලබාදුන් කටඋත්තරවල සඳහන්ය.
මොන තරම් අඩු මිලකට රඟ පෑම සඳහා එක්වූවත් ඒ වරම පවා ලබාගන්නට මෙවැනි නිළියන් බොහෝ දෙනාට නිෂ්පාදකවරුන් යැයි කියා ගන්නා කණ්ඩායම් සමග යහන්ගත වීමට සිදුවී තිබේ.
ටෙලිනාට්‍යයේ සිය චරිතය තරමක් දුරට හෝ පවත්වාගෙන යන්නට නම් තිරනාටක රචකයා යැයි කියා ගන්නා පුද්ගලයා හෝ පුද්ගලයන් සමගද මෙම නිළියන්ට සැතපෙන්නට සිදු වෙයි. ඒ ඇය රඟපාන කොටස් වැඩිපුර ලියවා ගන්නටය.
එපමණක්ද නොව තමන්ගේ රූපය රූපවාහිනී තිරයේ සමීප දර්ශනයකට ගෙනඑන ලෙස ඉල්ලා සිටිමින් කැමරා අධ්යක්ෂවරුන් ඇතුළු ටෙලි නාට්‍යවලට සම්බන්ධ ඹ්ඪඨඩබඡධරඵ වරුන් සමග මොවුන්ට යහන්ගත වන්නට මොවුන්ට සිදුවී තිබිම මෙම මාෆියාවේ බිහිසුණු කම සහ නිළියන්ගේ අවාසනාවන්ත තත්ත්වය පෙන්වා දෙයි.
බොහෝ ටෙලිනාට්‍ය කොටස්වලට අද ගෙවන්නේ ඉතා අඩු මිලකි. එබැවින් නිෂ්පාදන වියදම අඩු කර ගැනීමට අරමුණු කර ගනිමින් ඈත පළාත්වලින් තරුණියන් නිළිවෘත්තියට බඳවාගැනීම අද ජයටම සිදුවන මානව හිමිකම් උල්ලංඝන ජාවාරමක් බවට පත්වී තිබේ. කන්න බොන්නවත් හරි හැටි නොලබන මෙම නිළියන්ට ගෙවන්නට පොරොන්දු වූ මුදල පවා බොහෝ විට නොලැබේ.
එම මුදල ලබා ගන්නට නම් යළිත් මුලසිටම නිෂ්පාදකවරුන් සහය අධ්යක්ෂවරුන් පිනවන්ට සිදුවෙයි.
මෙවැනි බොහෝ නිළියන් බිළිබා ගනිමින් ඔවුන් ගණිකා වෘත්තියට යොමු කරවන දැවැන්ත මාෆියාවක් සමහර වැඩිහිටි නිළියන් විසින් පවත්වාගෙන යනු ලබන බවත් මේ අතර අසන්නට ලැබේ. සුසන්ත විතානගේ ආකාස කුසුම් හරහා කතා කළේද එවන් මාතෘකාවකි.
මෙම වැඩිහිටි නිළියන්ට ඇත්තේ ඔවුන්ගේ අතීතය සමග බැඳුණ දිරාපත් වෙමින් යන රූපය පමණි. ඒ වගේම සමහර චිත්‍රපට ටෙලිනාට්‍ය අධ්යක්ෂවරුන් යැයි කියා ගන්න අය මොවුන්ගේ කිට්ටු හිතෛෂී වන්තයන්ය. ඔවුනට අවශ්‍ය අලුත් මුහුණු තමන් ළඟ සේවය කරන නිළි ගණිකාවන් හරහා සපයා දීම අද ඉතා සරුවට සිදුවන ව්‍යාපාරයකි.
අවසානයේදී බොහෝ නවක රූමත් ටෙලි නිළියන්ගේ අවසන් නවාතැන් පොළවන්නේ ගණිකා නිවසක් හෝ පෞද්ගලික මට්ටමේ ගණිකා වෘත්තියයි.
නිළියක් හැටියට ඇයටද විවිධ විලාසිතා සුවඳ විලවුන්, කනකර ආභරණ ඇතුළු තවත් අත්‍යවශ්‍ය දේවල් බොහෝය. ඒවා සපයා ගන්නට ටෙලි නාට්‍යවලින් හම්බවෙන තුට්ටුදෙකින් බැරිය. නිළියක් හැටියට රූපවාහිනී තිරයේ චරිතයක් හෝ දෙකක් රඟ පා යළි ආපසු සිය ගමට ගිය නිළියන් ගැනද අසන්නට නැත. ඒ ඔවුන්ට යළි සිය ගමත් සමග සම්බන්ධකම් පවත්වන්නට නොහැකි තත්ත්්වයක් උදාවී තිබෙන බැවින්ය. මෙවැනි විෂම අත්දැකීම් රැසකට ගොදුරු වී හම්බකරගත් දෙයක්ද නැතිව ජීවිතයේ නන්නත්තාරවන නවක රූපවාහිනී බෙහෝ නිළියන්ට සිදුවන්නේ රූපය වියපත් වීමට පෙර මුදලක් හරි හම්බ කර ගැනීමටයි. ඒ සඳහා සිය ජීවිතය උගසට තබන නිළියන් “ගණිකාවන්” හැටියට හඳුන්වන්නට ඔබට පිළිවන්ද?
උපුටා ගැනීම: ලක්බිම