අපේ ස' ඩෝසෑර් වීම!

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    :lol:
    Huge-Deforestration-220Acers.jpg

    පසුගිය දින කිහිපය තුළ පමණක් ඩෝසර් යන්ත්‍ර යොදාගනිමින් අක්කර 220 ක දැවැන්ත ස්වාභාවික වන විනාශයක් සිදු කොට ඇති බව වාර්තාවෙයි. වන සත්ව සහ වෘක්ෂලතා ආඥා පනත අනුව වන අපරාධ ගණයට ගැනෙන මෙම වන සංහාර සිදුව ඇත්තේ රත්මලේ රක්ෂිතයෙන් අක්කර 150 ක්, අඬියාහින්න රක්ෂිතයෙන් අක්කර 30ක් සහ උඩවලව රක්ෂිතයෙන් අක්කර 40 ක් වශයෙනි. එමෙන්ම මේවා එකම ක්‍රමයකට විනාශ කිරීම තුළින් මෙම වන විනාශයන් අතර යම් සබැඳියාවක් තිබෙන බව පරිසරවේදීහු සැක කරති. එමෙන්ම මෙය පසුගිය කෙටි කාලය තුළ දිවයින පුරා සිදු කර ඇති අක්කර දහස් ගණනක මහා වන මංකොල්ලයේ තවත් කොටසක් පමණක් බව ද ඔව්හු පෙන්වා දෙති.

    රත්මලේ රක්ෂිතයෙන් අක්කර 150 යි..
    හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මායිමේ ඇති රත්මලේ රක්ෂිතයේ වන අලින් ඇතුළු වන ජීවීන් විශාල ප්‍රමාණයකගේ නිජ බිම වූ අක්කර 150 කට අධික ස්වාභාවික වන ගහණයක් යාන්ත්‍රික කියත් උපයෝගි කරගනිමින් වනසා දමා තිබේ. ඇතාබැඳි වැව, කඩවක යන ගම්මානවලට මායිම්ව පිහිටා ඇති එම රක්ෂිතයේ ඇති වීර, පළු, මොර, කැටකෑල, දඹ, කෝන්, විල්ල වැනි වටිනා ශාක රැසක් කපා දමා පුළුස්සා ඇති බවත්, ඇතැම් ගස් යාන්ත්‍රික කියත් මඟින් ඉරා රැගෙන ගොස් ඇති බවත් ප්‍රදේශවාසීහු කියති.

    ආඬියාහින්න රක්ෂිතයෙන් අක්කර 30 යි..
    මේ අතර උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමේ පිහිටි ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයට අයත් මහදිවුල්වැව ජලාශය ආශ්‍රිතව පිහිටි ආඬියාහින්න රක්ෂිතයේ ද අක්කර 30 ක් මීට දින කිහිපයකට ඉහත කපා පුලුස්සා දමා ඇතැ‍යි වාර්තා වෙයි. මෙය ද වසර දහස් ගණනක් තිස්සේ වන අලින් ඇතුළු වන ජීවීන් රැසකට වාසස්ථාන සැපයූ ස්වාභාවික වනාන්තරයක් වන අතර සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව මෙම ප්‍රදේශයේ මිනිස්-අලි ගැටුම අවම වීමට ද මෙම වනය හේතු වූ බව නිරීක්ෂණය වී තිබේ.

    උඩ වලව රක්ෂිතයෙන් අක්කර 40 යි..
    මීට අමතරව උඩවලව ජාතික වනෝද්‍යානය මායිමේ පිහිටි උඩවලව රක්ෂිතයට අයත් අක්කර 40 ක් පමණ ස්වාභාවික වනය ද ඩෝසර් කර ඇතැයි වාර්තා වේ. මෙසේ ඩෝසර් කර ඇත්තේ තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෝදාගම ග්‍රාම නිළධාරී වසමට අයත් රක්ෂිත කොටසකි. බෝදාගම වැව ආශ්‍රිතව පිහිටි පහතරට තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ වලින් යුතු මෙම වන රක්ෂිතය අලි ඇතුන්, ගෝන මුවන් ඇතුළු ක්ෂීරපායී, පක්ෂි, උරග, මත්ස්‍ය, සමනළ විශේෂ රැසකට නිජබිම සපයන ජෛව විවිධත්වයෙන් අනූන ස්වාභාවික වන කලාපයකි.

    දැනට බලපවත්නා පාරසරික නීති සියල්ල "තුට්ටුවකටවත් මායිම් නොකොට" සිදු කරන මේ සෑම වන විනාශයක් පසුපසම ධන කුවේරයන්ගෙන් සහ දේශපාලඥයන් ගෙන් සැදුම් ලත් යාන්ත්‍රණයක් ඇති බව ද ඔවුන් මැර බලය හෝ ධන බලය යොදා මේ සම්බ්න්ධයෙන් වග කිව යුතු නිලධාරීන් සේම ඇතැම් මාධ්‍යවේදීන් ද නිහඬ කොට ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

    ජනාධිපතිගේ සංචාරයෙන් පසු වන සංහාරය වේගවත් වෙලා..
    මෙම වන සංහාරයේ ආසන්නතම ප්‍රතිඵල ලෙස මිනිස්-අලි ගැටුම උග්‍ර වී මිනිස් ජීවිත දේපල සහ වගා බිම් වැනසී යාම සේම මෙරට වන අලින් වඳ වීම, වනය අහිමි ගෝනුුන් මුවන් ඇතුළු වන ජීවීන් දඩ මස් බවට පත් වීම ඇතුළු ප්‍රතිවිපාක පෙන්වා දෙන පරිසර වේදීහු ඒ ඒ ප්‍රදේශ වල උෂ්ණත්වය ඉහළ යාම, ස්වාභාවික ජල මූලාශ්‍ර සිඳී යාම වර්ෂාපතනය අඩු වීම සහ වර්ෂාපතන රටාවන් වෙනස් වීම එහි ද්වීතික ප්‍රතිඵල ලෙස ද පෙන්වා දෙති. එමෙන්ම මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය අප රට "කාන්තාරකරණය"ට ලක් වීම බව පරිසර වේදීන් ගේ නිගමනයයි.

    ඒ අතරේ ඔවුන් වැඩිදුරටත් පවසනුයේ ලක් ඉතිහාසයෙන් වාර්තා වන ලොකුම වන සංහාර වත්මන් රජය බලයට පත් වූ පසු ක්‍රියාත්මක වූූ අතර ජනාධිපතිවරයා සිංහරාජ ලෝක උරුමය වනසමින් කපන පාර නැරඹීමට ගොස් එය අනුමත කිරීමෙන් පසුව වන සංහාරය වේගවත් වී ඇති බවයි. ඒ අනුව "ජීවත් වෙන්න ඔක්සිජන් මොකටද? යනුවෙන් පුත්තලම
    ප්‍රදේශයේ දේශපාලඥයකුගෙන් නැඟුණු අඳ බාල ප්‍රකාශය ජනාධිපති වරයා විසින් වත්මන් "රාජ්‍ය ප්‍රතිපත්ති " තුළට එක් කොට ඇති බවක් පෙනෙතැ‍යි ද පරිසරවේදීහු කියා සිටිති.

    දමයන්ති ගමගේ

     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    72184341_3081363088558493_6685735458061680640_n.jpg


    රටක් තුල සංවර්ධන ක්‍රියාවලියන් සිදුකිරීමේදී පරිසරය සංරක්ෂණය පිලිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය. විශේෂයෙන්ම වැසි වනන්තර , සත්ව වාසස්ථාන, ජල මූලාශ්‍ර ඇතුළුව සියලුම පාරිසරික පද්ධතියන් ආරක්ෂා කලයුතුය. ඒ වෙනුවෙන් නිර්මාණයකරනලද සැලසුම බලගැන්වීමට ඇත්තේ තව දින 38කි.

    எமது சூழலின் பாதுகாப்பினை உறுதி செய்யும் திட்டங்கள் செயற்பட இன்னும் 38 நாட்களே உள்ளன.

    38 days more to implement strategies which will protect our environment.
    පොරොන්දු ඉටු කල නිදහසේ හුස්ම

    කල යුතු දේ අභිබවා පොරොන්දු ඉටු කල නිදහසේහුස්ම


    EJQNosCUEAACDYE

    @nicjosh83 kohomada shapa ponsiye...?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Ponnaya, hema daama wage koheda yanne malle pol answer...

    කුණුහරප කියවෙනවා නේද වෙශියේ......ඔහොම ඉඳින් මම වනදෙයියෝ....ස ගෙන් නිදහසට කරු නු අහල තියෙන්නේ ? උත්තර ආපු ගමන් උඹට එවන්නම්
     

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    හෙට බ්‍රිතාන්‍ය එම්බසිය ඉස්සරහා උද්ගොෂණයක් තියෙනවලු. විමල් විරවංශ තමයි මේක කරන්නේ.මේවගේ ගොන් වැඩ වලින් කනේ පාර වදින්නේ ලංකාවේ සාමාන්‍යයි ජනයාට.හෙට මේක නිසා කලබලයක් ඇති උනොත් බ්‍රිතාන්‍ය VISA වලටත් කෙලවෙනවා.