අපේ හපන්නු!

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ශ්‍රී ලංකාවට ක්‍රෙඩිට්‌ කාඩ් හඳුන්වා දීමේ තිස්‌ වැනි සංවත්සරය ලබන අවුරුද්දට යෙදී තිබේ. ඒ Credit Card එක හඳුන්වා දුන් Golden Key නමැති සමාගම අද දැක ගත හැක්‌කේ උසාවියේ විත්ති කූඩුව තුළ පමණි. කිසිදු ජාත්‍යන්තර Credit Card කොම්පැණියක්‌ සමඟ නොපෑහී ස්‌වාධීන Credit Card කොම්පැණියක්‌ ලෙස සිය බිස්‌නස්‌ පටන් ගත් Golden Key මකබෑ වූයේ තනිවම නොවේ; තැන්පත්කරුවන් 5000 ක්‌ දෙනා සමඟ ය. ඒ මිනිසුන්ගෙන් කට්‌ටියක්‌ වස බිව්වා හ. තව කට්‌ටියක්‌ එල්ලී මළා හ. තවත් කට්‌ටියක්‌ හෘදයාබාධයෙන් මිය පරලොව ගියහ. කොම්පැණිය කෙළවර වූයේ එහි පාලකයන් වංචා කළ බැවිනි. එය මේ රටේ ආර්ථික ඉතිහාසයේ කළු පැල්ලමකි.

    අප ඉහත සඳහන් ඡේදය ලියුවේ පහත සඳහන් ප්‍රවෘත්තියට ප්‍රවේශයක්‌ වශයෙනිá ඉන්දියානු පොලිසියේ මධ්‍යම අපරාධ අංශය විසින් ක්‍රෙඩිට්‌ කාඩ් වංචාවක්‌ සම්බන්ධයෙන් පස්‌දෙනකුගෙන් යුත් කල්ලියක්‌ අත්අඩංගුවට ගත්තේ ය. කියන්නත් නම්බුයි මිතුරු මිතුරියනි, මේ පහෙන් හතරක්‌ ම ලාංකිකයෝ ය· ඔවුහු ජාතියෙන් දෙමළ ය. එහෙත් ඔවුන් කළ වංචාවට හේතුව ජාතියේ වරදක්‌ නොව මනුස්‌සයාගේ වරද බව අවධාරණය කරමු. මේ පිරිස සමඟ Credit Card සහ Debit Card 100 ක්‌, ලැප්ටොප් පරිගණක යන්ත්‍ර Electronic
    Data Capture (EDC) හෙවත් පරිගණක යන්ත්‍රවල හෝ Credit Card වල දත්ත ලබා ගැනීමට හැකි යන්ත්‍රයක්‌ සහ හොර අත්සන් සිය ගණනක සාම්පල සොයා ගැනීමට පොලිසියට හැකි විය. මේ කට්‌ටිය තම බිස්‌නස්‌ කළේ තමිල්නාඩුවේ මාදිපක්‌කම් නගරයේ සිට ය. කණ්‌ඩායමේ එකෙක්‌ ක්‍රෙඩිට්‌ කාඩ් වංචා සම්බන්ධයෙන් අඩු නැතිව තුන්පාරක්‌ හිරේ ගිය හාදයෙකි. ඇමරිකාවේ සිටින මෙබඳුම හොරුන් පිරිසක්‌ එරටදී සොරාගත් Credit Card වල අංක තුන්වරක්‌ හිරේ ගිය හාදයාට Mail කරති. ඔහු ඒ අංක හිස්‌ Credit Card වලට කවා ඉන්දියාවේ ටෙලර් යන්ත්‍රවලින් මුදල් එළියට ඇද ගන්නේ ය. තවත් විටක සුපිරි වෙළෙඳසල්වලින් බඩු තොග මිලට ගන්නේ ය.

    ලාංකිකයෝ හොරකමට කදිම හපන්නු වෙති. එසේම පොලිසියට හසුවීමට ද උපන් හපන්නු වෙති. ඉන්දියානු පොලිසිය අපරාධකරුවන් කතා කරවීම සඳහා යොදන ක්‍රමෝපාය ක්‍ෂණික ප්‍රතිඵල ගෙන දෙන්නේ ය. ලංකාවේ පොලිසිය සැකකරුවන් බිත්ති දිගේ බඩගාවන විට ඉන්දියානු පොලිසිය ඔවුන් ඔලුව පහළට සිටින සේ සීලිම දිගේ ඇවිද්දවයි. මේ ආකාරයේ වධබන්ධන විඳලාත් තුන්පාරක්‌ ඉන්දියානු හිරේÊලැග්ග අපේ මිනිහා ඊළඟ වතාවටත් හසුවූ හැටි බලන්න·

    ලංකාවේදී Credit Card භාවිතා කරන ආකාරය ගැන විදේශිකයන්ට අවවාද දෙන වෙබ් අඩවි රාශියක්‌ අන්තර් ජාලයෙහි තිබේ. එයින් එකක දෙන අවවාදය මෙසේය; "ලංකාවේදී Credit Card පාවිච්චි කිරීමේදී ඔබ අත්‍යන්තයෙන් ම ප්‍රවේසම් විය යුතු ය. කවර විටෙකවත් ඔබේ ඇස්‌ මායිමෙන් එය ඉවත් නො කරන්න. ඔබ කඩයකට ගොස්‌ බඩු මිලට ගනු පිණිස ඔබේ Credit Card පත අයකැමියාට දුන් විට ඔහු එය කුඩා යන්ත්‍රයකට ඔබා එහි මුදල් තිබේ දැයි පිරික්‌සන්නේ ය. මේ කාර්යාවලියේදී ඔබ නො දන්නා දෙයක්‌ සිදු වේ. එනම් ඔබේ Card පතෙහි ඇති සියලුම තොරතුරු යන්ත්‍රය මගින් උකහා ගනු ලැබීමය. එම තොරතුරු පසුව ඉවතට ගන්නා ඔවුහු එමගින් ඔබට හොරා මිලදී ගැනීම් කරන්නට පටන් ගන්නේ ය. දින කිහිපයක්‌ තුළ ඔබේ කාඩ් පතෙහි තිබෙන මුදල් සිඳී යන අතර නැවතී සිටින හෝටලයට ගෙවීමටවත් මුදල් නැති වන තත්ත්වයක්‌ මතු වන්නේ ය. එවිට ඔබට සිදුවන්නේ ඔබේ මවුරට අයත් කොළඹ පිහිටි තානාපති කාර්යාලයට ගොස්‌ දුක කියා අතමාරුවක්‌ ඉල්ලා ගැනීම ය. මේ නිසා ශ්‍රී ලංකාවේදී පාවිච්චි කරනු පිණිස වඩාත් යෝග්‍ය වන්නේ Credit Card නොව කාසි හා නෝට්‌ටු ය."

    කොහොමද නම්බුව?


    http://www.divaina.com/2014/12/17/editor.html