අපේ හිස කන සිරස

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපේ හිස කන සිරස

    images

    සිරස ,
    අපට බොහෝ දේ සමීප කරදුන් මාධ්‍යයක් උවද , පිටුපසින් දේශීය සංස්කෘතිය , ගෞරවය කෙලෙසීමෙහිලා පෙරමුනගත් මාධ්‍යයක් බවට කිව යුතුමය. අප රට තුළ ත්‍රස්තවාදය පවතිනා කාල සීමාව තුළ එයට උල්පන්දම් අල්ලන ආකාරය අපට දැකගත හැකිවිය. විශේෂයෙන් පුවත් පළකිරීමේදී අපට අවාසි වන ආකාරයේ දෑ ඵල කිරීම ඔවුන්ගේ කාර්‍ය විය.

    ඉන්පසුව කරලියට එන්නේ රන් දෙපය හෙවත් ගොන් දෙපැයයි , අපේ ගැහැණුන් ළමුන් කටබලියාගෙන බලාසිටි වේලාව බවට එය පත්විය. කට බලියාගෙන සිටියද කමක් නැත , ජීවිතයට යම් කිසි හොදක් වේනම් යැයි සිතිය හැක.
    නමුත් එහි දක්නට වූයේ මහ නරුම සංස්කෘතික රටාවන් වලින් හෙබි පාරිසරික වටපිටාවකි , බොහෝ ළමුන්ගේ මනස තුළ මෙවන් විරූපී සිතුවිලි පැලපදියම් වීම කිසිවෙකුට නවතාලිය නොහැකි විය. නමුත් දැන් එම තත්වය මග හැරෙමින් තිබෙන බව කිව යුතුය. ඒ සදහා අනිකුත් නාළිකාවල විකාශය වන අපේම අනගි නිපැයුම් වලට ස්තූති වන්ත විය යුතුය.

    තවත අපේ රටේ මහා විකාර මිනිසුන් , මෝඩයන් සිටිනා බවට පෙන්වමින් කොටින්ම කියොතොත් මෝඩ ආතල් දීමට සිරස සුපස්ටාර් උත්සුක වෙමින් සිටී. එහි එන සමහර පුද්ගලයන් විකාර රූපී විලසට හැසිරීම දක්නට හැකි වෙයි
    ඒවා දුටුවිට අපේ රටේ මිනිසුන් ගැන කලකිරීමක් , දුකක් අපටනම් ඇතිවෙයි , නමුත් සමහර උදවියට මෙය මහත් ප්‍රීති ප්‍රමොධයකි. මෙහෙ එන විශේෂ කාරණාව නම් අනිකුත් මාධ්‍ය තුල මෙවන් තරග පැවැත්වුවත් මෙවන් පුද්ගලයන් එහි දක්නට නොලැබීමයි. එනම් මෙහි සැලකල යුතුව එක් කාරණාවක් ඇත, මෙම පුද්ගලයන්ට ගෙවීමක් සිදුකොට මේ ආකාරයෙන් හැසිරෙන්නට උගන්වනවාදැයි සැකයක් මතුවීමයි.

    මෙය ඇත්ත හෝ බොරු වේවා සිරස කල යුතුවන්නේ , මේවා නොපෙන්වා නොස්ලකාහැරීමය..
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    ඇත්ත මචන්, රන් දෙපැය ඇත්තටම පට්ට චාටර්, ඒ දවස් වල අපි සිරසට බැන්නේ....අනිත් චැනල් වල ගත යුතු යමක් තිබ්බ හින්දා. එත්...දැන් නම් ලංකාවේ, රුපවාහිණි චැනල් සේරගේම වැඩ ගැන අප්‍රසන්න හැඟිමක් තියෙන්නේ.. මිනිස්සුන්ට හෙණ ගැහුවත්, ප්‍රසිද්ධියයි......සල්ලි පස්සේ දුවන....ජන මාධයක් අපිට ඉතුරු වෙලා තියෙන්නේ.
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔච්චර බල බල බනින්නෙපා...රිමෝට් එක පාවිච්චි කරන්න ;)
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    sirasa kiyanne me rate thiyana hondama channel eka! ay umbata ITN eke yana VIMASUMA wage sewalamada program penne nedda?:nerd:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    තවත අපේ රටේ මහා විකාර මිනිසුන් , මෝඩයන් සිටිනා බවට පෙන්වමින් කොටින්ම කියොතොත් මෝඩ ආතල් දීමට සිරස සුපස්ටාර් උත්සුක වෙමින් සිටී. එහි එන සමහර පුද්ගලයන් විකාර රූපී විලසට හැසිරීම දක්නට හැකි වෙයි
    ඒවා දුටුවිට අපේ රටේ මිනිසුන් ගැන කලකිරීමක් , දුකක් අපටනම් ඇතිවෙයි , නමුත් සමහර උදවියට මෙය මහත් ප්‍රීති ප්‍රමොධයකි. මෙහෙ එන විශේෂ කාරණාව නම් අනිකුත් මාධ්‍ය තුල මෙවන් තරග පැවැත්වුවත් මෙවන් පුද්ගලයන් එහි දක්නට නොලැබීමයි. එනම් මෙහි සැලකල යුතුව එක් කාරණාවක් ඇත, මෙම පුද්ගලයන්ට ගෙවීමක් සිදුකොට මේ ආකාරයෙන් හැසිරෙන්නට උගන්වනවාදැයි සැකයක් මතුවීමයි.

    මෙය ඇත්ත හෝ බොරු වේවා සිරස කල යුතුවන්නේ , මේවා නොපෙන්වා නොස්ලකාහැරීමය..
    This is call reality show, if you don't know take a look @ this
    http://www.wisegeek.com/what-is-a-reality-show.htm

    final conclusion use your TV's remote dude.
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    මම නම් TV එකේ බලන්නෙ cricket matches විතරමයි :) මොකද ලංකාවෙ එක චැනල් එකකවත් ගන්නම දෙයක් නැතිම තරම් :dull:
    යුද්ධෙ කාලෙ ප්‍රභාකරන් "මහතා" ගැන කියපුවයි, ගොං දෙපැය ගැන නම් කතාකරල වඩක් නෑ :frown: හැබැයි superstar වගේ ඒවා ගැන නම් වරැද්දක් මම දකින්නෙ නෑ :cool:

    එක අතකට ඕව ගැන කෑගහල වැඩක් වෙන්නෙත් නෑ බන් :no:
    internet එකෙන් කැමැති දේ download කලා බැලුවා, කැමති field එකට අදාල news විතරක් කියවනවා ;) ඒක හරිම simple plan ekak :rofl:

     
    Nov 29, 2009
    115
    3
    0
    38
    galle
    මමනම් සිරස බලන්නෙ නෑ අපො තාම චාටර් ද? අනික කවුද බන් සිරස බලන්නෙ
    බලනවනම් බලන්නෙ ගොන් පක්කො.....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    දන් නම් ඔක්කොම චැනල් එකයි... සිරස තමයි චාටර් නාට්‍ය පෙන්නන්න පටන් ගත්තෙ..ඒත් ඉතින් අනිත් උනුත් ඒ වගේම වැඩ කරනවා... හැඩබැයි දැන් නම් ටිකක් හොඳ නාට්‍ය ටිකක් සිරසේ යන්වා... සුපර් ස්ටාර් එකත් හොඳ වැඩසටහනක් තමයි..ඒත් ඒකෙ සමහර අංග වල වැරදි තියෙනවා... මොකද සිරස ඒකෙන් කරන්නේ සල්ලි හොයන එක විතරයිනේ...