අපේ හොදම මිතුරා චීනය ගැන!!

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    main-qimg-fa269205c426571f98930c61ecdaaf1c.png

    චීනයට නිදා ගැනීමට ඉඩ දෙන්න, මන්ද ඇය අවදි වන විට ඇය ලෝකය සොලවනු ඇත ~ Napoleon Bonaparte

    චීනය, ඉතා පැරණි (අවුරුදු 4000 ක් පැරණි) නොනැසී පවතින ශිෂ්ටාචාරයක් ලෙස තවමත් ඉතා ශක්තිමත් වෙමින් පවතින අතර දිනෙන් දින ශක්තිමත් වෙමින් පවතී. චීනය ලංකාවේ පැරණි මිතුරෙකු සහ වෙළඳ හවුල්කරුවෙකු දැන් ලංකාව චීනය උදව්වෙන් බලවත් වීමට උත්සහ කරයි.

    සෑම ශිෂ්ටාචාරයක්ම මෙන්, චීන ජාතිකයින්ටද බොහෝ වාසනා අවාසනා තියෙන්නට විය. විශාලතම ආර්ථිකය වීමේ සිට ජපානය විසින් ආක්‍රමණය කර සිවිල් යුද්ධ සහ සාගත නිසා ඉරා දැමීම දක්වා ආර්ථික දැවැන්තයෙකු ලෙස නැවත නැගී සිටීම දක්වා චීනය බොහෝ දේ අත්විඳ ඇත. මෙතරම් කාලයක් තුළ චීනයේ වර්ධනය ඉතා ආකර්ෂණීය හා ආශ්වාදජනක ය.

    ලක්දිව ශිෂ්ටාචාරය හා චීන ශිෂ්ටාචාරය අතර සෑම විටම පාලමක් ලෙස බුද්ධාගම සමඟ සමීප සංස්කෘතික සබඳතා පැවැත්වූහ.

    බීජිං, ෂැංහයි, ගුවැන්ෂෝ, ෂෙන්සෙන්, ටියැන්ජින් වැනි චීන නගර ඇත්තෙන්ම ආශ්වාදජනක ආර්ථික කලාප වේ. මට හැම විටම අවශ්‍ය වන්නේ ලංකාවේ නගරත් ඔවුන් මෙන් සංවර්ධනය කිරීමයි.

    අද චීනය පාලනය කරන්නේ කොමියුනිස්ට් පක්ෂය විසිනි. කොමියුනිස්ට් පක්ෂය සෑම විටම බටහිර අදිරජ්‍යවදින්ට යටත් විජිතවාදීන්ට එරෙහිව සටන් කළේය. ඒවගේම කොමියුනිස්ට් පක්ෂය සෑම විටම අනෙකුත් රටවල් සමග සුහදශීලිව සම්බන්දකම් පැවැත්තුවේය. එසේම දිලිදු රටවල් සංවර්දනය කිරීමට ඔවුන් අති විශාල ධායකත්වයක් දක්වයි. සුදු අදිරජ්‍යවාදීන් අනෙකුත් රටවල් වලට බෝම්බ මිසයිල සම්භාදක පිරිනැමුවත් චීනය පිරිනමන්නේ පාරවල් නගර ගොඩනැගිලිය. එම නිසා චීනය අද ලෝකයටම ආදර්ශයකි.
    - දිමුත් භානුක

    --------------------------------
    අවධානයයි මේ වන විට බටහිරයන් හා ඉන්දියානු ව්‍යප්තවාදීන් චීන විරෝධයක් ඇති කිරීමට තැත් කරයි මොවුන් ඔබට ණය උගුල චීන කොලනිය වගේ පට්ටපල් බොරු කියා ඔබව චීනයට විරුද්ධ කරන්න ඔබේ මොලපෝෂණය කරයි මොවුන්ගෙන් පරිස්සම් වන්න!!!!1
     
    • Love
    Reactions: xcorat

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    චීනය අපිට උන්ගේ සිල්ක් රූට් ප්‍රොජෙක්ට් කියල දුප්පත් රටවල් කනෙක්ට් කරන්න වරාය, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග සපයනවා. උන් අපිට කියනවා ඒ ඒ යටිතල පහසුකම් නිසා අපිට හරි වාසි කියල. එත් සිල්ක් රූට් ප්‍රොජෙක්ට් එකෙන් කරන්නේ චීනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙහෙසියෙන් ලාභයට සපයාගන්නත් උන්ගේ නිෂ්පාදන ලෙහෙසියෙන් ලාභයට ප්‍රවාහනය කිරීමටත්. අපි මොකෝ උන්ගේ ගානට අඩුවෙන් උන්ට බඩු සපයාවිද?

    ඒ වගේම ඒ ප්‍රොජෙක්ට් වලට අවශ්‍ය ණය අරමුදල් සපයන්නෙත් චීනය, ව්‍යාපෘතිය හදන්නෙත් චීනය, කම්කරු ශ්‍රමය සපයන්නෙත් චීනය, ඉතින් ණය මුදල එහෙම්පිටින් ආපහු චීනේටම යනවා, අපිට ව්‍යාපෘතියත් ණයකුත් තියෙනවා, ණය ගෙවන්න බැරි වුනොත් ව්‍යාපෘතිය හිළව් කරගන්නවා. උන්ට ණය දීමෙන් ලාභය දෙගුණයක්. ඒ යටිතල පහසුකම් වලින් ලැබෙන වාසියට අමතරව.

    චීන්නුන් කොයිතරම් කපටිද? උන් අපේ කනෙන් රිංගා ගිහින්. එත් තවමත් චීනේ චීනේ අපේ මිත්තරයෝ ගගා වැලලෙන්න හදන මැටි මෝල් ජනතාවකුත් ඉන්නවා.
     
    බටහිරයොත් කරන්නේ එකමනේ
    වෙනස තමයි චීනය කියන්නේ අපි වගේම හිතන අපිට සමාන සංස්කෘතියක් තියන රටක් එහෙම රටකට ගැති උනාට කමක් නැහැ
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බටහිරයොත් කරන්නේ එකමනේ
    වෙනස තමයි චීනය කියන්නේ අපි වගේම හිතන අපිට සමාන සංස්කෘතියක් තියන රටක් එහෙම රටකට ගැති උනාට කමක් නැහැ
    බටහිර උනුත් එකම කළා කියල චීන්නුත් කරනවා නම්, බටහිර ට ම කියල වැඩේ කරගත්තොත් වඩා හොඳයි, මොකද උන් තමා අපේ අපනයන භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් ගන්නෙත්, ඒ විතරක් නොවේ ටැක්ස් සහන දීලත් තියෙනවා. එත් අපේ වැඩිම ආනයන කෙරෙන්නේ බටහිරෙන් නොවේ, චීනෙන් :ROFLMAO:
     
    dimuth_bhanuka666

    Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    බටහිර උනුත් එකම කළා කියල චීන්නුත් කරනවා නම්, බටහිර ට ම කියල වැඩේ කරගත්තොත් වඩා හොඳයි, මොකද උන් තමා අපේ අපනයන භාණ්ඩ වැඩිම ප්‍රමාණයක් ගන්නෙත්, ඒ විතරක් නොවේ ටැක්ස් සහන දීලත් තියෙනවා. එත් අපේ වැඩිම ආනයන කෙරෙන්නේ බටහිරෙන් නොවේ, චීනෙන් :ROFLMAO:
    අනේ මෝඩයෝ බටහිර කොටින්ට උදව් කරා තව උන් අපේ සිංහල බෞද්ධ පදනමට කැමති නැහැ ඉතින් මේ වෙලාවේ හොදම චීනය එච්චරයි
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අනේ මෝඩයෝ බටහිර කොටින්ට උදව් කරා තව උන් අපේ සිංහල බෞද්ධ පදනමට කැමති නැහැ ඉතින් මේ වෙලාවේ හොදම චීනය එච්චරයි
    හා, සර් කියන ඕනේ දෙයක් :ROFLMAO:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ජිංගල බහුජ්ජ චීනෙක් වීම ගැන ආඩම්බර වෙමි. 🙏