මචන්ල,
අදට මම එලකිරියට ඇවිත් මාස 3 යි.

දෙවෙනි පාරටත් කරල, 19 වෙනිද ඉවර වෙලා, එපා වෙලා ගෙදර ඉන්නකොට එලකිරියට මට පාර පෙන්නපු නවම් සහෝදරයව ස්තුති පූර්වකව මතක් කරනව


අද වෙනකොට මගෙ මාස 3 යි කොටු 3 ය්, මේ පෝස්ට් එකත් එක්ක පොස්ට් 333 ය්.


ඉතින් මෙ තුනෙ කැලි ගොඩක් තියෙන නිසා හොද වැදගත් Thread එකක් දාන්න හිතුව,
මෙතන මචන්ල ඔක්කොම අන්තරජාලය භාවිතා කරනවනෙ, එක එක data planes. සමහරු 25 Gb පාවිචිකරනකොට සමහරු 1Gb වලට සීමා වෙලා. බිලත් එක්ක කටු කන සහොදරයො ඔනි තරම්. බහුතරයක් පිරිසකට ගොඩක් ලොකු Data plan නැහැ. 1000 න් මෙහා බිලක් තමා හැමොම වගෙ බලාපොරොත්තු වෙන්නෙ, මොකද මෙක මධයම පාන්තික බහුතරයක් ඉන්න රටක් නිසා. පාවිච්චි කරන අය ගොඩක්ම 3Gb වගෙ පාවිච්චි කරන්නෙ ඩයලොග් ,මොබිටෙල්

හච් කියන අමුතු ගෙම් දෙන ඒවා නම් හොද උනාට බාල බඩුවෙ හිලක් කියල එවගෙත් එක එක අව්ල් ලු.


මාසේ අනිතිම වෙනකොට ලිමිට් වෙලා පුදුම දුකක් විදින්නෙ අපි. හැක් කරන්න, DNS වෙනස් කරන්න ලොකු ගේම් දුන්නත් පල රහිත තමා, අනික නිතිවිරොධි.

මේ ගැටලුව මටත් උග්‍ර ලෙස තියෙන නිසා මම පොඩි Guide lines ටිකක් හදාගත්ත, එවා ටික එලකිරි මචන්ල එක්ක බෙදාගන්න හිතුව

ටිකක් කරන්න අමාරු තමා, . 25Gb ලිමිට් වෙන අයට නම් ගෙමක් නැනෙ, 2,3 Gb තියෙන අයට නම් මෙක ඉතා හොද ප්‍රතිපල තියෙනව
බලමු
1) මුලින්ම හොද Data Mange කරගන්න Software එකක දාගන්න එක හොදයි.
මම නම් භාවිතා කරන්නෙ Networx කියන නොමිලෙ දෙන software.මේකෙන් ඔයාලගෙ data Upload/Download වෙන ප්‍ර මානය මැන ගන්න පුලුවන් පහසුවෙන්.
තමාගෙ එක අනුව දෛනික උපරිමය සෙට් කරගන්න බලන්න
2) ඊලග කරුන තමා, ඔන්ලියින් Video බලන එක සීමා කරන්න වෙනව කනගාටුවෙන් උනත්, YouTube, Porn
, වගේ බර Data යන ඒවා සීමා කලොත් ගොඩාක් Data ඉතුරුයි.
, තව Download කරන දෙවල් සීමා කරන්න ඔනි. කරන්න කිව්වට ප්රයෝගිකවනෙ අමාරු
මේක කරන්න ගියාම මුලින් මටත් එපා උනා, මොනා කරන්නද,
.. බලන්න ඔනි Video links තියාගෙන බලන්නෙ පුලුවන් ඔනි දෙයක් ඩයලොග් වගේනම් Midnight පැකෙජ් එක දාලා හිතෙ හැටියට උපරිම වේගෙන් අඩු මුදලකට Download ගන්න පුලුවන් 

3) ඊලගට අන්තර්ජාලෙ සැරි සරනකොටත් බර Data යනවනෙ. මේකටත් පොඩි විසදුම් ටිකක් බලමු,
මුලින්ම හොද වේගවත් එකක් තොර ගන්න, මට නම් Chrome.
මීලගට වෙබ් සයිට් වල Images, Video, Flash clips වගේ එවා disable කරන්න ඔනි, මොන මගුලක්ද ??

නැ නැ, අපිට අවශ්‍ය එදිනෙදා යන එවා ෆිල්ටර් කරන්න Browser එකෙ option තියෙනව
4) ඒ වගේම වෙබ් සයිට් එකක Cache තිබ්බම ස්පීඩ් වෙනව වගෙම වැඩි උනාම ස්ලො වෙන්නත් පුලුවන්, සැලකිල්ලෙන් ඒක බලල කරගන්න.
5) ඒ වගේම අපි භාවිතා කරන සයිට් වල 3rd පාටි add වගේ නොන්ඩි සීන් තියෙනව, Fb also. ඉතින් මේවටත් අපෙ Data යනව, එකට Chrome වල නම් Add Block + කියල Extension එකක් තියෙනව දාගන්න එක ගොඩාක් වටිනව
තවත් කරුනු ටිකක් වශයෙන්
1) Fb Use කරනකොට අපි සයිට් එක පැත්තකින් තියන් ඉන්නව පොඩ්ඩක් Chat,Notifications බලාගන්න, මේ වැඩෙට Fb messenger කියන Software එක අපෙ Data ඉතුරු කරනව
2) තව වෙන සයිට් වල Update බලගන්න අපිට ඔනි වෙනව, Odesk වගේ, එක ඊ මේල් Notification වගෙ දාගත්තම නිතර නොයා බලන්න පුලුවන්
3) ඊමේල් බලන්නත් අයෙ Data යනවනෙ, එකට පහසුවෙන් Gtalk වගෙ Software එකක් හරි Thunderbirds වගෙ එකක් දා ගත්තම ගොඩ.
ඒ වගේම අපේ එලකිරිය පැත්තෙ නිතරම එන්නත් Data යනවනෙ, හොද විසදුමක් වශයෙන් thread subscribe කරගන්න පුලුවන්, instant email alerts ඔනි එකට ටක් ගාල යන්න
.
අමතර බොනස් කරුනු වශයෙන්
Dongle use කරන අය නිකන්ම ප්ලුග් කරනවට වඩා 3m වගෙ extension කෙබල් එකක් දාලා එලියෙන් දාගත්තොත් ඉතා හොද වේගයක් ගන්න පුලුවන් 

දිග වැඩිද මන්ද,
මම හිතන්නෙ මේක 2,3Gb තියෙන අයට ගොඩක් වැදගත්වෙයි, එක එක වලින් පොඩ්ඩ පොඩ්ඩ ඉතුරු උනාම මාසෙ අන්තිම වෙනකන් හොදට Use කලහැකි. 
තව මේකට අමතර කරුනු දාන්න දන්න අය,
අපේ Data ඉතුරු කරගන්න අපිම පෙල ගැසෙමු,

හොදනම් අනිත් අයටත් බලන්න අගේ කිරිමක් වශයෙන් කොමෙන්ට් එකක් දාන් යන්න 

Thank you