අපේ_උපන්දිනේ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
අපේ උපන් දිනේ. යහපාලනයට අවුරුද්දයි.

Happy-First-Birthday-Baby-Girl.jpg

පිරිසක් ජාතික කොඩිය ඔසොවා යහ පාලනයේ වර්ෂ පූර්ණය සමරති. තව පිරිසක් කළු කොඩි ඔසොවා යහ පාලනයට විරෝධතාව දක්වති. තවත් පිරිසක් සුදු කොඩි ඔසොවා යහ පාලනයට ප්‍රතිචාර දක්වති. ස්වකීය දේශපාලන අදහස් හා ප්‍රතිචාර දැක්වීමට බාධාවක් නැත. මේ දේශපාලන නිදහස රට තුළ ස්ථාපනය වූයේ 2015 ජනවාරි 08 දායින් පසුව බව නිසැක ලෙසම කිව හැකිය. බොහෝ දෙනකුගේ මතය වන්නේ 2015 ජනවාරියේ දී දේශපාලන විප්ලවයක් සිදු වූ බවය. දේශප‍ාලන වෙනසක් ලෙස ද එය හඳුන්වනු ලැබේ. කුමක් වුව මේ විප්ලවය සඳහා රුධිර ගංගා ගලා ගියේ නැත. බරපතළ විනාශ සිදු වූයේ නැත. ඒ අතින් බලන විට එය නිහඬ විප්ලවයෙකි.
මේ විප්ලවය හෙවත් වෙනස සඳහා කර - උරදුන් ජනතාව එදා අපේක්ෂා කළේ මොනවා ද? එම අපේක්ෂා මේ වන විට ඉටු වී තිබේ ද? දේශප‍ාලන නායකයන් එදා දුන් පොරොන්දු මොනවා ද? එම පොරොන්දුවලින් කොපමණ ප්‍රමාණයක් ඉටු වී තිබේ ද? යහ පාලනයේ වර්ෂ පූර්ණය සමඟ මෙබඳු අතුරු ප්‍රශ්න ගණනාවක් පැන නඟී. රටේ පවතින සමාජ ආර්ථික හා දේශපාලනික දුර්වලතා මත බලාපොරොත්තු සියයට - සියයක් ඉටු කර ගැනීමේ හැකියාවක් කිසිවකුටත් නැත. එය සාමාන්‍ය තත්ත්වයක් සේ සැලැකිය හැකි ය. එහෙත් ඉදිරි ගමනට අවශය මූලික රාමුවක් හෝ මේ වසර තුළ නිර්මාණය විය යුතුය අප විමසා බැලිය යුත්තේ එය සිදු වී තිබේ ද යන්න ය.
2015 වන විටත් රට තුළ පැවැති තත්ත්වය බෙහෙවින් ඛේදජනක විය. එදා අප දුටුවේ ලෝක ප්‍රජාව විසින් අත්හැර දමන ලද හුදෙකලා රාජ්‍යයෙකි. එහි පාලකයෝ දරුණු ඒකාධිපතියෝ වූහ. ජාතිවාදය හා ආගම්වාදය රට පුරා ම ක්‍රියාත්මක විය. නීතියේ ආධිපත්‍යය බිංදුවට ම කෙලෙසී තිබිණි. සංවර්ධනයට මුවා වී සිදු කරන දූෂණ හා වංචා උත්සන්න වී තිබිණි. ඒ අතර ආර්ථිකය පැවැතියේ ණය බරින් ය. පාලකයන් රටේ සමෘද්ධිය හුවා දැක්වීම සඳහා ව්‍යාජ සංඛ්‍යා - දත්ත ඉදිරිපත් කළ බව ද මෙහි දී සටහන් කළ යුතුය. ජනතාවගේ නිදහස කෙතෙක් දුරකට පිරිහී තිබුණේ ද යත්; පාලකයාට එරෙහි වන තැනැත්තා මහ දවාලේම සුදු වෑන්වලින් පැහැරගෙන යනු ලැබේ. මේ දූෂිත පාලන තන්ත්‍රය අවසන් කිරීමේ වුවමනාවක් ජනතාවට තිබිණි. එහෙත් එදා ඊට නිසි නායකත්වයක් නොතිබිණි.
නිහඬ විප්ලවය සමරන මොහොතේ පළමුව සිහිපත් කළ යුතු ගරු කටයුතු තැනැත්තා වන්නේ මාදුළුවාවේ සෝභිත හිමියන් ය. උන්වහන්සේ නො වන්නට මේ කිසිවක් ම සිදු නොවන බව ජනාධිපතිවරයා මෙන් ම අගමැතිවරයා ද පැහැදිලිව කියා තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස මැතිවරණයක් පැවැත්වීමේ නිදහස එදා තිබුණේ නැත. ජනමාධ්‍ය රජුගේ ය. නීතිය රජුගේ ය. පොලීසිය හා ත්‍රිවිධ හමුදාව ද රජුගේ ය. ඒ අනුසාරයෙන් බලන විට මැතිවරණයත් රජුගේ ය. මාදුළුවාවේ සෝභිත හිමියන් යුක්තියේ කැරැල්ල ආරම්භ කරන ලද්දේ එබඳු පරිසරයක් තුළ සිට ය. සමාජ සංවිධාන, පුරවැසි කමිටු හා වෘත්තීය සංගම් පසුව උන්වහන්සේ වටා රොක් වූහ. අද අප භුක්ති විඳිනුයේ එහි ප්‍රතිඵලය යි.
සමාජයක ඉදිරි ගමනට අවශ්‍ය මූලික සාධකය නිදහස යැයි අර්ථ - දක්වා තිබේ. එහෙත් නිදහස රජුගේ අභිමතය හෝ ජනතාවගේ අභිමතය හෝ අනුව ඉබේ ලැබෙන්නේ නැත. පළමුව ඒ සඳහා වූ ආයතන ඇති කළ යුතුය දෙවනුව එම ආයතනවලට අදාළ නීති - රීති ස්ථාපනය කළ යුතුය. යහ පාලනයත් සමඟ රටේ ජනතාව ලැබූ ප්‍රධාන ජයග්‍රහණයක් වන්නේ එබඳු ආයතන පිහිටුවමින් අදාළ පනත් සම්මත කර ගැනීම ය. මේ ක්‍රියාවලිය විශාල දේශපාලන වෙනසකට හේතු - සාධක වූ බව සමහරුන් දන්නේ නැත. 19 වන ව්‍යවස්ථා සංශෝධනය, කොමිෂන් සභා පිහිටුවීම අප කියන කතාවේ යථාර්ථය පැහැදිලි කරයි. ප්‍රායෝගික වශයෙන් බලන කල අද සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය රට තුළ ක්‍රියාත්මක වෙයි. ජනතාව එහි ප්‍රතිලාභ භුක්ති විඳියි.
අප මුලින් සඳහන් කළ යහ පාලනයේ දේශපාලන රාමුව කුමක් ද? එහි ප්‍රධාන ඉලක්ක දෙකක් පවතී. පළමුවන්න ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරමින් සාධාරණ සමාජයක් ගොඩනැඟීම ය. දෙවන්න ශක්තිමත් ආර්ථිකයක් සමඟ ශීලාචාර සමාජ සංස්කෘතියක් බිහි කිරීම ය. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීම සඳහා ද සාධාරණ සමාජයක් බිහි කිරීම සඳහා ද විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළ යුතුය. සාධාරණ මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතුය. ශක්තිමත් ආර්ථිකයක් සඳහා ලෝකයේ හොඳ හිත දිනා ගත යුතුය. ශීලාචාර සමාජයක් සඳහා ජාතිවාදය හා ආගම්වාදය පිටුදැකිය යුතුය.
අප කියන මේ දේවල් සිදු වෙමින් පවතින්නේද? විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමට මෙතෙක් ශ්‍රී ලංකාව තුළ පහළ වූ කිසිදු නායකයකු ක්‍රියාකර නැත. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා එය අහෝසි කිරීමට කටයුතු ආරම්භ කර ඇත. මේ වසර නිමා වන්නට පෙර මේ ක්‍රමය අහෝසි වනු ඇත. ඒ වෙනුවට ශක්තිමත් පාර්ලිමේන්තුවක් බිහිවනු ඇත. ජාතිවාදය මෙන් ම ආගම්වාදය පිටු දැකීමටත් සාධාරණ සමාජයක් සඳහා ක්‍රියා කිරීමටත් අවශ්‍ය බොහෝ දේවල් ජනාධිපතිවරයා හා අගමැතිවරයා සිදු කරමින් සිටිති. මූලික වශයෙන් ගත් කල වර්තමාන රජය ජාතිවාදය පිටු දකී. ආගම්වාදය පිටු දකී. ඊට අදාළ නීති - රීති ද ළඟදීම සම්මත වනු ඇත. අපට අවශ්‍ය දේශපාලන රාමුව එය යි.
ශක්තිමත් ආර්ථිකයක් යන්න එකවර පහල කර ගත හැකි ආශ්චර්යයක් නොවේ. එය කෙමෙන් උපයා සපයාගත යුතු දෙයකි. ලෝකයේ කිසිදු රාජ්‍යයකට දේශීය ආර්ථිකයෙන් පමණක් අලුත් දියුණුවක් ලැබිය නොහැකි ය. ලෝක ආර්ථිකය හා වෙළෙඳ පොළ එකට ගැට ගැසී තිබේ. එය හරියටම දම්වැලක පුරුක් මෙනි. ගිලිහී ගියහොත් ක්‍රියාදාමය නවතිනු ඇත. 2015 වන විට අපට තිබුණේ පුරුක් ගිලිහී ගිය ආර්ථිකයෙකි. දැන් එය නැවත සවි වී ඇත. ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යුරෝපා සංගමය හා වෙනත් ලෝක සංවිධාන දැන් ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා ආරම්භ කර තිබේ. එහි අර්ථය වන්නේ අපේ අනාගතය සුබදායක බව ය.
මේ සිදු වී ඇති විප්ලවයේ නියමුවා මෛත්‍රීපාල සිරිසේන මහතා බව අමුතුවෙන් කිව යුතු නැත. ඔහු දේශපාලකයකු ලෙස තමන්ගේ ජීවිතය පරදුවට තබමින් මේ වෙනසට නායකත්වය සැපයුවේ ය. ඔහු බුද්ධිමත් නායකයකු බවද සාධාරණ හා යුක්ති සහගත මනුෂ්‍යයකු බවද ශ්‍රී ලංකාවේ බහුතරය පිළිගනිති. ජාතිවාදී හා ආගම්වාදී කණ්ඩායම් රට කුලප්පු කිරීමට යම් - යම් පියවර ගනිමින් සිටිති. එහෙත් ඒවා අසාර්ථක බව හාත්පස බලන විට පැහැදිලි වෙයි. කිසිදු නායකයකුගේ ගමන් මඟ රෝස මල් අතුරා තිබුණේ නැත. සැබෑ නායකයා බාධක - වැට කඩොලු බි‍ඳගෙන ඉදිරියටම යයි. අපේ රාජ්‍ය නායකයා ද එබඳු ය.
 
  • Like
Reactions: ^Buddhika^

KDH

Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    තවත් පිරිසක් සුදු කොඩි ඔසොවා යහ පාලනයට ප්‍රතිචාර දක්වති.

    ඔව් රටම මල ගෙයක් කරලා තියෙන්නේ.

    12494999_1709280415974506_2235066063765250723_n.jpg

    12522967_1666956486904872_9018559782925791716_n.jpg

    12472673_1680105398934146_3377747849298449359_n.jpg

    1930661_936726856419133_4655846873958060439_n.jpg

    කඩ ගානේ යන්න ඕනේ නෑ ජොබ් හොයා හොයා මෛත්‍රී ගේ පුක හෝදපන්.

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044

    :lol::lol::shocked::lol::lol::lol::lol::lol::lol::lol::shocked::lol::lol::lol::lol::lol::lol::shocked::lol::lol::lol::lol::lol::shocked::lol::lol::lol::lol::lol::lol: