අපේ_ලෝක_උරුම

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය හෙවත් යුනෙස්කෝ සංවිධානය 1972 නොවැම්බර් 16 වැනි දින සම්මත කරගත් ලෝක සංස්කෘතික හා පාරිසරික උරුම රැකගැනීම පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය යටතේ ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කැර තිබේ.

    එහි හයවැනි සමුළුව 1982 වර්ෂයේ ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැති අවස්ථාවේදී 200 වැනි ලෝක උරුමය ලෙස අනුරාධපුර පැරැණි නගරයත්, 201 වැනි ලෝක උරුමය ලෙස පොළොන්නරුව පැරැණි නගරයත්, 202 වැනි ලෝක උරුමය ලෙස සීගිරියත් ප‍්‍රකාශයට පත් කැරිණි. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ලෝක උරුම තුන බවට එම පුරාණ නගර පත්විය.

    24062008_071.jpg

    Anuradhapura

    24062008_081.jpg

    Polonnaruwa
    24062008_01.jpg

    Sigiriya

    ඉන් අනතුරුව දස වැනි සමුළුව බ‍්‍රසීලයේ බ‍්‍රසිල් නුවර පැවැති අවස්ථාවේදි සිංහරාජ වැසි වනාන්තරය 405 වැනි ලෝක උරුමය ව්ිය මහනුවර නගරය 450 වැනි ලෝක උරුමය බවට පත්විය. ගාල්ල ඕලන්ද බලකොටුව හා පැරණි නගරය 451 වැනි ලෝක උරුමය බවට පත් විය.

    24062008_03.jpg

    sinharajaya

    24062008_051.jpg

    Galle

    24062008_04.jpg

    kandy

    1991 වර්ෂයේ ටියුනීසියාවේ පැවැති 15 වැනි සමුළුවේදී රංගිරි දඹුල්ල රජමහා විහාරය 561 වැනි ලෝක උරුමය ලෙස ප‍්‍රකාශයට පත්කැරිණි. ඒ අනුව මේ වන විට ශී‍්‍ර ලංකාවේ ස්ථාන හතක් ලෝක උරුම ලෙස නම් කර තිබේ.

    24062008_061.jpg


    2008 වර්ෂය වන විට ලොව පුරා ලෝක උරුම 851 ක් නම් කර ඇත. ඉන් 660 ක්ම සංස්කෘතිකමය පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් වන ස්ථාන වේ. සිංහරාජය ඇතුළු පාරිසරික උරුමයන් සංඛ්‍යාව 166 කි. ඓතිහාසික හා පාරිසරික වශයෙන් වැදගත් කමක් ඇති ස්ථාන සංඛ්‍යාව 25 කි. වැඩිම ලෝක උරුම සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ යුරෝපය හා උතුරු ඇමෙරිකාව මූලික කරගනිමිනි.

    රටවල් 185 ක් අතර පවතින එක`ගතාව මත ලෝක උරුම පවත්වාගෙන යන අතර එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය මෙම උරුමයන් ආරක්ෂා කිරීම සඳහා කොන්දේසි ගණනාවක් පනවා තිබේ. ඒ අනුව ලෝක උරුමය රැුකගැනීම ඒවා සතු රාජ්‍යයන්ගේ වගකීමකි.
    ලෝක උරුමයන්හි පවතින තත්තවයට හානිදායක කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැත. ඒ සියලූ උරුමයන් රැුකගනු ලබන්නේ මුළු මහත් ලෝකයේම දායාදයක් ලෙස සලකමිනි.


    issewe lankadeepen