මෙජර් මුතාලිප් ඝාතනය
2002 පෙබරවාරි මාසයේ ඇති කර ගත් සටන් විරාම ගිවුසුමෙන් පසුව කොටි ත්රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබු ඉහලම ආරක්ෂක අංශ නිළධාරීයා ෙමිජර් මුතාලිප් මහතාය.
වවුනියාෙවි සේවය කරමින් සිටි මේජර් මුතාලිප් මහතා මීට මාස 03 කට පමණ ඉහත දී කොළඹට පැමිණ ඇත්තේ රත්මලානේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක පිඨයේ පරිගණක පාඨමාලාවක් හැදෑරීම ස`දහාය.
කොතලාවල ආරක්ෂක පිඨය බලා යාම පිණිස ෙමිජර්වරයා මැනිටෙවුන් හි සිය නිවසින් පිටත් වී ඇත්තේ උදේ 7.30 ට පමණය. මුතාලිප් මහතා මෝටර් රථයේ පසුපස අසුනේ වාඩි ගෙන සිටි අතර රථය පදවනු ලැබුෙවි යුධ හමුදා රියදුරකු විසිනි. උදෑසන 7.45 ට පමණ රථය පොල්හේන්ගොඩ භද්‍රාවතී මහා විද්‍යාලය ඉදිරිපිට වර්ණ සං×ා කණුව වෙත ළගාවන විට එහි රතු එළිය දැල්වෙමින් තිබුණි. මුතාලිප් මහතා සිටි මෝටර් රථය එහි නවත්වන විට ඉදිරියෙන් තවත් වාහන දෙකක් නවතා තිබුණි. ඊට මොහොතකට පසුව කොටි පිස්තෝල කල්ලි සාමාජිකයන් දෙදෙනා ටේ්රල් වර්ගයේ යතුරු පැදියේ පිටුපස අසුනේ සිටි කොටි පිස්තෝලකරු වහාම බිමට බැස මුතාලිප් මහතාට රථයේ ජනෙල් වීදුරුව ද පසාරු කරගෙන යන පරිදි වෙඩි තබන්නට විය. මුතාලිප් මහතා වෙඩි වැදී ආසනය මත ඇද වැටීමෙන් පසුවත් පිස්තෝලකරු ඔහු අසලටම පැමිණ දිගට හරහට වෙඩි තබා ඇත.
වෙඩි තැබීම අවසන් කළ පිස්තෝලකරු දුවගොස් යතුරු පැදියට ගොඩ වු පසු ඔහුගේ සගයා යතුරු පැදිය පණ ගන්වාගෙන පොල්හේන්ගොඩ පාර ඔස්සේ පලා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
කොටි පිස්තෝල කල්ලි සාමාජිකයන් දෙදෙනා පැමිණ ඇත්තේ ලියාපදිංච් නොකරන ලද සී.සී.අංකයන් සහිත ෙටී්රල් වර්ගයේ යතුරු පැදියකිනි. වෙඩි තැබු කොටි සාමාජිකයා කළු පැහැති ජැකැට්ටුවක් ඇ`ද කළු පැහැති හෙල්මට් එකක් පැළ`ද සිටි බව පොලීසිය පවසයි.
මේජර් මුතාලිප් මහතා ගමන් කළ මෝටර් රථය වර්ණ සං×ා කණු අසල නවතා ගෙන සිටිය දී යතුරු පැදියකින් පැමිණි කිසියම් තැනැත්තෙකු ගිනි අවියක් අතට ගන්වා ගත් බව ඉදිරිපස පැති කණ්ණාඩියෙන් හමුදා රියදුරාට දකින්නට ලැබී ඇත.
ඒ සම`ගම හමුදා රියදුරු පසුපස අසුනේ සිටි මුතාලිප් මහතා අමතමින් සර් කවුදෝ තුවක්කුවක් අතට ගත්තා යැයි පවසා තිබේ. එවිට මුතාලිප් මහතා සිය රාජකාරී පිස්තෝලය අතට ගෙන මෝටර් රථයෙන් බැසීමට හදනවාත් සම`ගම කොටි පිස්තෝලකරු ඔහුට දිගට හරහට වෙඩි තබා ඇත.
කොටි පිස්තෝලකරු මේජර්වරයාට වෙඩි තබද්දී රියදුරු මෝටර් රථය තුළම බිමට හිස නමාගෙන සිට ඇත්තේ වෙඩි ප්‍රහාරයෙන් ෙබිරීම ස`දහාය. කොටි සාමාජිකයින් පලා ගිය පසු රියදුරා නැවතත් මෝටර් රථය හරවාගෙන මුතාලිප් මහතා ඒ ආසන්නයේ පිහිටි ඇපලෝ රෝහල වෙත ගෙන ගොස් ඇතත් ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව හෙලි වී තිබේ.
කොටි පිස්තෝලකරුවන් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කරන අවස්ථාෙවි නාරාහේන්පිට පොලීසියේ පොලිස් පරික්ෂක ධර්මප්‍රිය සහ කොස්තාපල් ඩබ්ලිව්.එල්.කේ.ෆොන්සේකා (10757) යන මහත්වරුන් භද්‍රාවතී මහා විද්‍යාලය අසල රාජකාරීයේ යෙදී සිටියහ.
වෙඩි හ`ඩ ඇසී කොස්තාපල් ෆොන්සේකා මහතා ඒ දෙසට දිව යද්දී දෙදෙනෙකු යතුරු පැදියක නැගී පලා යනවා දැක ඇත. ඔහු වහාම යතුරු පැදියේ අංකය සටහන් කර ගැනීමට උත්සාහ කොට ඇතත් එය ලියාපදිංචි නොකල යතුරු පැදියක් බව දැක තිෙබි.
නාරාහේන්පිට පොලිසියේ රථ වාහන අංශයට සම්බන්ධව රාජකාරී කරන මෙම පොලිස් නිළධාරීන් දෙදෙනා ළගම ඒ අවස්ථාෙවි ගිනි අවි තිබී නැත.
මේජර් මුතාලිප් මහතාගේ සිරුරේ වෙඩි වැදුණු තුවාල 11 ක් පමණ දක්නට තිබිණි යැයි පොලිසිය කියයි.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් සහ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් ලූගොඩ යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය වු ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.
මේජර් මුතාලිප් මහතා ෙමි මස අවසන් වීමට ප්‍රථම මරා දමන බවට කොටි සංවිධානය විසින් ප්‍රකාශයට පත්කොට තිබිණි. යැයි හමුදා බුද්ධි අංශය ම`ගින් මෙම තොරතුරු හෙළිකර ගෙන ඒ බව මුතාලිප් මහතාට ද දැනුම් දී තිබුණි යැයි හමුදා ආරංච් මාර්ග වලින් පැවසේ.
කොටි පිස්තෝල කල්ලිය විසින් මෙම ඝාතනය සිදු කොට ඇති බවත් මේ සම්බන්ධයෙන් යුධ හමුදාව සහ පොලිසිය ඒකාබද්ධව පරික්ෂණ කටයුතු මෙහෙයවන බවත් යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බි්රගේඩියර් දයා රත්නායක මහතා පැවසීය.
සිද්ධිය වු ස්ථානයේ සිටි පොලිස් කොස්තාපල් ෆොන්සේකා මහතා පොලිසියට ප්‍රකාශ කොට ඇති අන්දමට මෙම වෙඩි තැබීමට කොටි සාමාජිකයා කැටර්ස්ලාජ් බෑගයකින් ස්වයංක්‍රීය ගිනි අවිය එළියට ගෙන වෙඩි තබා ඇති බව පොලිස් පරික්ෂණ වලින් හෙලි වී තිෙබි.
වෙඩි තැබීමට යොදා ගෙන ඇත්තේ ටිනියුෂි වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවිය යැයි පැවසේ.
කොටි බුද්ධි අංශ සාමාජිකයන් මුතාලිප් මහතාගේ ගමන් බිමන් ගැන කාලයක් තිස්සේ සෝදිසියෙන් සිට මෙම ඝාතනය සැලසුම් කර ඇති බව පෙනී යන්නේ යැයි යුධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් කීය.
ආරක්ෂක අංශ තුල තිබු අඩුපාඩු

- ශ්‍රී ලංකා යුධ හමුදා බුද්ධි බලකායේ ප්‍රථම අණදෙන නිළධාරී තුමා වු එතුමාට අවශ්‍ය තරම් ආරක්ෂාවක් ලබා නොදී තිබීම.
- පිස්තෝල කරුවෙකු පැමිණ වෙඩි තබන්නට පෙර එතුමාගේ ආරක්ෂාව නිසි ලෙස ක්‍රියාත්මක වී නොතිබීම.
- කොටි පිස්තෝල කරුවන් තම අවි ආයුධ සම`ග කොළඹට පැමිණීමට තරම් ආරක්ෂක අංශ වල තිබු දුර්වලතා.
- අභ්‍යන්තර ආරක්ෂාව පිළිබ`ද ආරක්ෂක අංශ තුල තිබු අල්ප දැනුම.
- කොටි සංවිධානය ගරිල්ලා සටන් ක්‍රම භාවිතා කිරීම හේතුවෙන් සිවිල් වැසියන් අතුරින් ත්රස්තවාදීන් හදුනා ගැනීම ආරක්ෂක අංශ වලට අපහසු වීම.