අපොස සාමාන්‍ය පෙළ පෙළ පොත් අන්තර් ජාලයෙන&#3530

Chooty malli

Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අපොස සාමාන්‍ය පෙළ පෙළ පොත් අන්තර් ජාලයෙන&#3530

    අපොස සාමාන්‍ය පෙළ
    පෙළ පොත් අන්තර් ජාලයෙන්




    පාසල් සිසුන්ට සිය විෂය ධාරාව සඳහා වන පෙළපොත් අන්තර්ජාලය සහ DVD තැටි ඔස්‌සේ හැදෑරීම සඳහා අවකාශ උදා කර දීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය කටයුතු කරන බව එම ආයතනය මගින් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි. එම නිවේදනයේ සඳහන් අන්දමට මෙහි මුල් පියවර වශයෙන් 11 වසර ගණිතය, විද්‍යාව, ඉතිහාසය හා ඉංග්‍රීසි යන විෂයයන්ට අයත් පෙළපොත් මෙසේ අන්තර්ජාලය සහ DVD තැටි ඔස්‌සේ හැදෑරීමට ඉදිරියේ දී හැකියාව ලැබෙනු ඇත.


    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‌ෂණ නියෝජිතායතනය හා අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. පාසල් ගුරුවරයකු විසින් ශිෂ්‍යයකුට උගන්වන පරිදි මේ මෘදුකාංගය සකස්‌ කර තිබේ. අන්තර්ජාල පහසුකම් නැති ශිෂ්‍යයන් සඳහා නැණසල මධ්‍යස්‌ථාන ඔස්‌සේ මේ පහසුකම් ලබාගැනීමට හැකි වන අතර www.edupub.gov.lk
    යන වෙබ් අඩවියෙන් විස්‌තර ලබාගත හැකි ය.\

    අමල් උඩවත්ත