අප එදින් එදා ජිවිතයේ කරන මස් අනුභව කිරීම ප&#35

sunmax

Member
Feb 23, 2011
157
19
0
අප එදින් එදා ජිවිතයේ කරන මස් අනුභව කිරීම ප&#35

බුදු දහමට අනුව අප එදින් එදා ජිවිතයේ කරන මස් අනුභව කිරීම පාපයක්ද ?
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes:ට තේරෙන ආකාරයට පාපයක් ,
    සරලවම හිතුවොත් , අපි කඩෙන් කුකුලෙක් ගත්ත කියල හිතමු ... එතකොට එතන එකෙක් අඩුවෙනවා , ඒ අඩුව පුරවන්න කුකුලෙක් මරල එතනට ගේනවා .... අපි නොගෙන හිටියොත් කඩේ අඩුවෙන්නේ නැති නිසා අලුතෙන් මරල එතනට දන්නේ නෙහෙ ...
    මෙහෙම බලනකොට අපි ගන්න නිසා නේද මරන්නේ.....????:(:(
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මාංශ අනුභවය සම්බන්ධයෙන් බුදුදහම කුමක් පවසනවාද? යන්න (බෞද්ධ) ආගමික විද්වතුන් හා පූජකවරැන්ගෙන් නොව බුදුන්ගේ දේශනය අන්තර්ගත ලියවිල්ල යයි පවසන "ත්‍රපිටකයෙන්" විමසා බැලුවෙමි. එහිදී එම කාරණය සම්බන්ධයෙන් බොහෝ කරැණු මාගේ නෙත ගැටුණි. එයින් කිහිපයක් පහතින් ඉදිරිපත් කරමි. (මෙම කාරණයන් මා විසින් http://www.metta.lk/tipitaka/ යන link එක තුලින් උපුටාගත් අතර එහි මාගේ අදහස් කිසිවක් අංශු මාත්‍රයකින්වත් එක්කොට නැත) මෙහි දී විශේෂයෙන් සදහන් කලයුතු කාරණය නම් මා මෙම කාරණයන් මෙහි ඉදිරිපත් කරන්නේ රටේ බෞද්ධ ප්‍රජාව අපහසුතාවයකට ලක්කිරීම සදහා නොව මේවා බෞද්ධ සමාජයට අනාවර්ණය නොවී පවතින කාරණා යන්නත්, මේවාට ඔය විද්වතුන් හා පූජකවරැ දෙන විග්‍රහය කුමක්ද? යන්න දැනගැනීම සදහාත්, ඒ තුලින් ජාතීන් අතර එකඟවිය හැකි පොදු කාරණයන් පවතින්නේ නම්, එහි දී සාමුහිකව ක්‍රියාකිරීමට එය පිටුවහලක් වන නිසාත්ම පමණි. මේ අභියෝගය ජයගැනීමට හැකිවේ නම්, නියත වශයෙන්ම බෞද්ධ ප්‍රජාවගේ සම්බුද්ධ ජයන්තිය රටේ යහපත් හෙට දවස වෙනුවෙන් අර්ථවත් වනු නොඅනුමානය.
    මෙතැන දී සදහන් කලයුතු තවත් වැදගත් කාරණයක් ඇත. එනම් මෙවැනි කරැණු දැක්වීමක් තුලින් "රටේ සමස්ථ බෞද්ධ ප්‍රජාව මාංශ අනුභව කලයුතුයි" යන්න හෝ "සමස්ථ මුස්ලීම් ප්‍රජාවට සත්ව ඝාතනය සදහා රජය පූර්ණ නිදහස ලබාදිය යුතුයි" අදහස් නොවේ. නිර්මල බුදුදහම පවතිනවා යයි පවසන ලාංකීය සමාජය තුලම,

    • කෙනෙකු "මාංශ ආහාරයට කිසිසේත් නොගතයුතුයි" යයිද,
    • කෙනෙකු "මාංශ ත්‍රිකෝටික ශුද්ධත්වයෙන් පවතී නම් ගතහැකි" යයිද,
    • කෙනෙකු "මාංශ අනුභව කලාට කාරි නැහැ" යයිද
    පවසයි දැන් ඇති ගැටළුව මෙහි සැබෑ තත්වය කුමක්ද? යන්නයි. එනම් මේ පිලිබදව බුදුදහමේ ඉගෙන්වීම කුමක්ද? යන්නයි. එය සොයා ගැනීමට අපට ඇති එකම උරගල "ත්‍රපිටකය" යන්න බව මාගේ විශ්වාසයයි. එහි බෞද්ධ ප්‍රජාවට ද මතභේදයක් පැවතිය නොහැක යන්න ද මාගේ විශ්වාසයයි.
    එසේ නම් දැන් ඒ වෙත අවධානය යොමු කරමු.........
    (මෙහි භාෂා ශෛල්‍ය තරමක් සංකීර්ණ වුවත් එය නිවරැදි කිරීමට යාම මෙම ලිපිය විකෘති කලායන චෝදනාවට යටත් වන්නට සිදුවන වරදක් වියහැකි නිසා එය ඒ අකාරයටම පලකරමි)
    1.jpg
    2.jpg

    3.jpg

    4.jpg

    5.jpg

    6.jpg

    7.jpg

    8.jpg
    මා ඉහත ඉදිරිපත් කර ඇත්තේ තවත් කියවන්නට ලිපියක් නොව සංවාදයට අනිවාර්යයෙන් ගතයුතු මාතෘකාවකි. මෙම ත්‍රපිටක වාක්‍යයන් පිලිබදව කිසියම් කෙනෙකු විග්‍රහයක් ඉදිරිපත් කිරීමට අදහස් කරන්නේ නම්, ඒ සදහා "යහමඟ" අඩවිය සතුටින් ඉදිරිපත් වන්නටත්, අවශය ඉඩ පහසුකම් මේ අඩවිය තුල ලබා දෙන්නටත් සූදානම්. එසේම ඉල්ලීමක්ද කරන්නට අවශ්‍යයි. ඒ මෙම ලිපිය සදහා comments ඉදිරිපත් කිරීමේ දී මෙම ලිපියෙහි අරමුණ හා එහි අන්තර්ගතය සැලකිල්ලට ගෙන සංයමයකින් (සමහරක් Blog වල ලියනවා සේ පහත් භාෂා ශෛලයකින් තොරව) ලියන්නට වගබලාන්න යන්නයි.
    මේකත් කියවන්න.:)

    ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?