අප නොදන්නා ග්‍රහලොව Planet 9 ?

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අප නොදන්නා ග්‍රහලොව Planet 9 ?

උපුටාගැනිමකි

දැනගත් නොදන්නා ග්‍රහලොව

012816_cc_ninthplanet_free-400x214.jpg



මේ ලිවීමට අප අත තබත්දී ප්ලැනට් එක්ස් (Planet X) නමින් හඳුන්වන නාඳුනන ග්‍රහයා ගැන කතාව පැවතුනේ, හඳුනා නොගත් පියාඹන වස්තු, ලොක්නස් ජලාශයේ සත්ත්වයා, නෙමෙසීස් රතු වාමන තාරකාව ආදී මිත්‍යාව කොට පහසුවෙන් බැහැර කෙරිය හැකි දෑ පවතින කල්පිත කලාපයකයි. නමුත් දෛවෝපගත ලෙස දැන් මේ ලියමන පළකරන්නට සිදුව ඇත්තේ තවමත් නොදුටු නවවැනි ග්‍රහයෙක් බොහෝ කලෙක සිට අපෙන් සැඟව සිටින බවට ප්‍රසිද්ධ මාධ්‍ය වල සිදුවූ හෙළිදරවුවත් සමගයි.

නොදන්නා ග්‍රහලොව පිළිබඳ කතාවට මෙතෙක් කලක් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලින් හිතාමතාම වසන්කර තබනු ලැබූ කරුණක්. අන්තර්ජාලයේ ආගමනයත් සමග පැමිණි නිදහස් මාධ්‍යවලදී පවා ඒ ගැන හෙළි කළ සාක්‍ෂි වලට නොයෙකුත් අඩන්තේට්ටම් පැමිණවුණා. අප කතා කරමින් සිටින්නේ භෞතික සහ න්‍යායාත්මක සාධක මත පැවතිය හැකි, අපගේ පැවැත්මට ප්‍රබල බලපෑමක් එල්ලකර හැකි ග්‍රහවස්තුවක් සහ එය බොහෝ අනාගත වාක්‍ය සහ පෙර නිමිති වලින් ගහන ලෝකාවසානය පිළිබඳ භක්තිවන්තයන්ගේ කල්ලි අතර පෝෂණය ලබමින් ඇති පසුබිමකයි..

හඳුනා නොගත් ග්‍රහලොව ගැන කතාව විද්‍යාෙව් කරළියට ආවේ දහ නවවැනි සියවස තරම් ඈත කාලයකයි. ඒ වෙද්දී යුරේනස් සහ නෙප්ට්‍යූන් යන ග්‍රහලෝක දෙකම සෞර ග්‍රහ මණ්ඩලයේ සාමාජිකයන් ලෙස හඳුනාගෙන තිබුණා. අදාල ග්‍රහලෝක දෙකම සොයාගනු ලැබූවේ ඍජු නිරීක්‍ෂණයන් මගින් නොව ගණිතමය දත්ත විශ්ලේෂණ වල ප්‍රතිඵලයක් හැටියටයි. නමුත් යුරේනස් නෙප්ට්‍යූන් ග්‍රහයන්ගේ කක්‍ෂවලට බාධා ඇතිකරන තවත් යමක් අප නොදකින ඉමක සැඟවී ඇති බව පෙනෙන්නට තිබුණා. අප නොදන්නා තවත් සාමාජියෙක් සූර්ය පවුලට සිටින බවට එය පැහැදිලි ඉඟියක් බවට පත්වුණා. ඔවැනි වාතාවරණයක, 1930 වසරේ දී ප්ලූටෝ ග්‍රහලොව සොයාගැනුණා. නොදන්නා ග්‍රහලොවට නමක් ලැබුණු බව පෙනෙන්නට තිබුණත් එය සෑහිමකට පත්වන්නට පුළුවන් තරමේ දෙයක් වූයේ වැහැ.

රාත්‍රීයේ දී සැප නින්දක් පතමින් සිටින ඔබට, නින්ද අහිමිකරමින් සොල්දරය මත කෙරෙන මහා කලබගෑනියක් අසන්නට ලැබෙනවා. ඔබ ගොස් පරීක්‍ෂා කොට කුඩා මීයෙකු අල්වාගන්නවා.ප්ලූටෝගේ සොයාගැනීමමත් එහෙමයි.


යුරේනස් නෙප්ට්‍යුන් වැනි මහා ග්‍රහලෝක වල ගමනට බලපෑමක් ඇති කිරීමට හැකියාවක් ප්ලූටෝවැනි කුඩා ග්‍රහවස්තුවකට හැකියාවක් නැහැ. පර්යේෂකයෝ දිගටම එක්ස් ග්‍රහලොව ගැන සෙව්වා. නමුත් එයට සමගාමීව සිදුවූ කුහුල දනවන කරුණ නම් නොදන්නා ග්‍රහයා ගැන කතාව ප්‍රධාන ධාරාවේ විද්‍යා කතිකාවෙන් පිටමංවී යාමයි.

කෙසේවෙතත් විද්‍යාඥයෝ, පර්යේෂකයෝ දිගින් දිගටම නාඳුනන ග්‍රහලොව සොයා පරීක්‍ෂණ වල යෙදුණා. ඔය අතරවාරයේ අසාමාන්‍ය ග්‍රහවස්තු දර්ශනය වීම් අභාවකාශ දුරේක්‍ෂ වලින් පමණක් නොව ලෝකයේ බොහෝ තැන්වලින් වාර්තා වුනත් ඒ තොරතුරු එක්කෝ අතුරුදන් වුනා. නැත්නම් කාටත් අමතක වුණා. අසූව දශකයේදී අයිරාස් (IRAS) නැමති අභ්‍යාවකාශයේ අඳවා ඇති අධෝරක්ත දුරේක්‍ෂයට නොදන්නා ග්‍රහයා විය හැකි යමක් දර්ශනය වුණා. එමුත් ඒ තොරතුරු හරි හැටි හෙළිවූයේ නැහැ. අයිරාස් දුරේක්‍ෂය තාකෂණික ගැටලුවක් නිසා හිටිහැටියේ අකර්මන්‍ය වූ බව අසන්නට ලැබුණා. ආචාර්ය රොබර්ට් එස් හැරිංටන් නැමති ඇමෙරිකානු තාරකාවිද්‍යාඥයෙකු නොදන්නා ග්‍රහයා ගැන සෙවීම අත්හළේ නැහැ. ඔහු සිය පෞද්ගලික වියදමින් නොදන්නා ග්‍රහයා නිරීක්‍ෂණය කිරීමට දුරේක්‍ෂ මධ්‍යස්ථානයක් තනාගත්තා. එක්ස් ග්‍රහලොවෙහි ගමන්මාර්ගය හැරිංටන් විසින් නිරිමාණය කර තිබුණා. ඒ අනුව එයට ඇත්තේ ඉලිප්සාකාර කක්‍ෂයක්. එක් වතාවක හිරුට ඉතා ආසන්න වන එය පසුව සෞරග්‍රහමණ්ඩලයේ ඈත ඉම දක්වාම ගොස් ගමන් වටයක් සම්පූර්ණ කරණවා. එයට අනුව නොදන්නා ග්‍රහලොවෙහි එක් වසරක් අපේ වසර වලින් වසර දහස් ගණනක්. ආචාර්ය හැරිංටන් ගේ සොයා යාම් වලට වැඩි ආයුෂ තිබුණේ නැහැ. හිටිහැටියේම ඇතිවූ පිළිකා රෝගයක් නිසා ඔහු මරණයටපත්වුණා.

මෙතරම් සුවිශාල විශ්වයක අප දන්නා මානයට එපිටින් හිරු පවුලේ තවත් ග්‍රහලෝක තිබීම මහ අරුමයයක්ද? නමුත් ප්‍රධාන ධාරාවේ විද්‍යාව මෙතරම් ඒගැන තොරතුර පිටමං කරන්නේ මන්ද? නිබිරු ග්‍රහයා, අනුනාකි වරුන්ගේ පුනරාමනය, පෘථිවියේ ධ්‍රැව මාරුවීම සහ අප පෙර ලිවීමෙන් කතාකළ නෙමෙසීස් තාරකාව ගැන කල්පිතමානයේ කතා සම්බන්ධවන්නේ එතැනටයි. සැබැවින්ම අපේ සාමකාමී හිරු පවුලට බලපෑම් ඇතිකරන නොදන්නා අමුත්තා කවුද?

"එන්න සව්දිය පුරමු!
හිරු පවුලට අලුත් සාමාජිකයෙකු එක්වී සිටීම සතුටු වෙමු."


සෞර ග්‍රහමණ්ලයේ නෙප්ට්‍යූන් ග්‍රහයාට ඈත එපිටින් පෘථිවිය මෙන් දසගුණයක ස්තන්ධයක් සහිත ග්‍රහලෝකයත් ඇති බවට සාක්‍ෂි පවතින බව ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා තාක්‍ෂණ ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් මෙයට දින දෙකකට පෙර අනාවරණය මෙයට කරසිටියා. සියලු ලෝක මාධ්‍ය ආයතන එය ප්‍රවෘත්තියක් හැටියට ගෙන නිර්ලෝභීව පළකළා. ගණනය කිරීම් වලට අනුව තවමත් නමක් නැති මේ ග්‍රහලොව හිරු වටා එක් ගමන්වාරයක් සම්පූර්ණ කරන්නට ගතවන කාලය වසර දසදහසේ සිට විසි දහස දක්වා වෙනවා.

ප්‍රධාන ධාරාවේ විද්‍යාව දෙදහස් දහසය වසරේ ජනවාරි මාසයේදී නවවැනි ග්‍රහයෙක් ගැන කරුණු හෙලිකරද්දී, බොහෝ කාලයක් තිස්සේ ඒගැන සෙවූ කණ්ඩායම් උපහාසය මුසු කුතුහලයකින් එකම එක් පැනයක් අසනවා.

"ඉතින් ඇයි දැන් ඔය ගැන හෙළි කරන්නේ?"

කොහොම වුනත් මේවෙලාවේ හැමෝම තෘප්තිමත්. අභාවකාශයේ පිපුණ පළමුවැනි වැනි මල ලෙස, ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සීනියා පුෂ්පයක් මොදුවෙත්දී, එයට පසුදා අපේ හිරු පවුලට අලුත් සාමාජිකයෙටකු ලැබී ඇති බව අසන්න ලැබුණා.

ටයිම් වෙබ් අඩවිය මේ වනයිට අලුත් ග්‍රහලොවට නමක් දැමීම සඳහා ඡන්දවිමසීමක් අරඹා තිබෙනවා. තුන්වැනි ජෝර්ජ් රජුගේ නම අනුව යමින් නව වැනි ග්‍රහලොව “ජෝර්ජ්“ ලෙස නම් කිරීම එ් ගැන කරුණු හෙළිකළ විද්‍යාඥයන්ගේ අභිලාශය වුවත් බොහෝදෙනා තුළ ඒ ගැන වැඩි පැහැදීමක් නැහැ. ඩේවිඩ් බූවී වෙනුවෙන් “බූවී” යන නමද, සටාර් වෝර්ස් චිත්‍රපට මාලාවේ හන් සොලෝ වෙනුවෙන් “සොලෝ” යන නමද, ඩිස්නි සමාගම නිපදවූ ෆ්‍රෝසන් චිත්‍රපටයේ හිම මිනිසා ගේ “ඔලාෆ්” යන නමද සාම්ප්‍රදායික පුරාන දේව කතා වල එන නම් වලට අමතරව නවවැනි ග්‍රහයා වෙනුවෙන් එහි යෝජනා වී තිබෙනවා. වැඩිම පිරිසක් කැමැත්ත දක්වා ඇති නම බවට පත්ව ඇත්තේ සීමාවන්ට අධිපති රෝම දේවතාවා ගේ නාමය වන “ටර්මිනස්” යන්නයි.


අඛිල රන්සිරි මලලගේ (Read sri lanka)
 

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Terminus is the sole planet orbiting an isolated star. Its nearest inhabited neighbor is Anacreon, 8 parsecs (26 light years) away, and it lies approximately 10,000 parsecs from the capital of the First Galactic Empire, Trantor, near the galactic center.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වැනි කුකුළෙක් සිටිය හැකි බව නිගමනය කලේ යුරේනස් සහ නෙප්චූන් දෙදෙනා ගේ ගමන් මාර්ගවල තිබුණු අපවර්තන නිසායි. අලුත් කුකුළා ගේ ස්කන්ධය ඇති කරන ගුරුත්වය එයට හේතු වන බවයි කියන්නේ....
    පොර කොහොමත් රුවිතෙට යන පොරක් වගේ....
    කක්ෂය ඉලිප්සයක් වුනාට අනිත් ග්‍රහලෝක වලට වඩා යම් ආනතයක් ඇතුව නේද අලුත් කුකුළා යන්නේ?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඔය වැනි කුකුළෙක් සිටිය හැකි බව නිගමනය කලේ යුරේනස් සහ නෙප්චූන් දෙදෙනා ගේ ගමන් මාර්ගවල තිබුණු අපවර්තන නිසායි. අලුත් කුකුළා ගේ ස්කන්ධය ඇති කරන ගුරුත්වය එයට හේතු වන බවයි කියන්නේ....
    පොර කොහොමත් රුවිතෙට යන පොරක් වගේ....
    කක්ෂය ඉලිප්සයක් වුනාට අනිත් ග්‍රහලෝක වලට වඩා යම් ආනතයක් ඇතුව නේද අලුත් කුකුළා යන්නේ?




    මේ ග්‍රහලෝකය ගැන තියෙන කල්පිත කතා කොහොම වුනත් පර්යේෂකයන් මේ ගැන විස්තර රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇයි මේ ග්‍රහලෝකය ගැන තොරතුරු මිනිසුන්ගෙන් වසන් කරන්නේ ? මේ ග්‍රහලෝකය ගැන තියෙන සිද්ධාන්තමය කරුණු වර්තමාන තාරකා විද්‍යාව මඟින් බැහැර කල නොහැකි කියලා මම හිතනවා.




     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ



    මේ ග්‍රහලෝකය ගැන තියෙන කල්පිත කතා කොහොම වුනත් පර්යේෂකයන් මේ ගැන විස්තර රාශියක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇයි මේ ග්‍රහලෝකය ගැන තොරතුරු මිනිසුන්ගෙන් වසන් කරන්නේ ? මේ ග්‍රහලෝකය ගැන තියෙන සිද්ධාන්තමය කරුණු වර්තමාන තාරකා විද්‍යාව මඟින් බැහැර කල නොහැකි කියලා මම හිතනවා.





    planet x naththan nibiru grahaya gena kiyala thiyenne sumeriyan purawurtha wala ehemath naththam baibale, wisala rahas godak thiyena grahayek ekayi diunu ratawal wiseshayenma amarikawa oya gena han ganne, wumeriyan kathaa wala inna dewiwaru (aliens) la awe planet x naththan nibiru grahayage idala kiyala sumeriyan text wala thiyenawa mekath thawa loku mathrukawak
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මරුසිරා;19668655 said:
    එතකොට ජෝයිතිෂ කාරයන්ට මොකද වෙන්නේ ?

    රේප් +8
    කාක බුජන්දර නාඩි ග්‍රන්ථයට අනුව සුර්යා වටා ග්‍රහයන් 17 දෙනෙකු පරිබ්‍රමණය වන බව සදහන් වේ .
    එයට අනුව රවී (සුර්ර්යා ,බුද ,සිකුරු ,චන්ද්‍රයා ,අගහරු ,සෙනසුරු ,බ්‍රහස්පති ,මේවා නම් සොයාගෙන තිබෙන්නේ ,මේවා
    මැතකදි හොයා ගත්තුවා ,කන්ටකන් (යුරේනස් ),සමරාසන (නෙප්චුන් ),,බ්‍රමසුරි (ප්ලුටෝ )
    මේවා ඉදිරි කාලයේදී දර්ශනය වෙයි
    වීරන්
    අරකන්
    පෙරුහරන්
    ගුනන්
    දසානි
    උපුටා ගැනීම (අබිනව ලිත් හෝඩිය හා මුහුර්ත සාදනය (ආනන්ද මයිත්‍රී හිමි ):D:D:D:D
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    interstellar එකේ තියෙනව වගේ wormhole එකක් ද දන්නේ නෑ නැත්නම් කලුකුහරයක් ද දන්නේ නෑ ඔච්චර හොයාගන්ට අමාරු
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    කාක බුජන්දර නාඩි ග්‍රන්ථයට අනුව සුර්යා වටා ග්‍රහයන් 17 දෙනෙකු පරිබ්‍රමණය වන බව සදහන් වේ .
    එයට අනුව රවී (සුර්ර්යා ,බුද ,සිකුරු ,චන්ද්‍රයා ,අගහරු ,සෙනසුරු ,බ්‍රහස්පති ,මේවා නම් සොයාගෙන තිබෙන්නේ ,මේවා
    මැතකදි හොයා ගත්තුවා ,කන්ටකන් (යුරේනස් ),සමරාසන (නෙප්චුන් ),,බ්‍රමසුරි (ප්ලුටෝ )
    මේවා ඉදිරි කාලයේදී දර්ශනය වෙයි
    වීරන්
    අරකන්
    පෙරුහරන්
    ගුනන්
    දසානි
    උපුටා ගැනීම (අබිනව ලිත් හෝඩිය හා මුහුර්ත සාදනය (ආනන්ද මයිත්‍රී හිමි ):D:D:D:D


    :D:D:D
    11.gif



    interstellar එකේ තියෙනව වගේ wormhole එකක් ද දන්නේ නෑ නැත්නම් කලුකුහරයක් ද දන්නේ නෑ ඔච්චර හොයාගන්ට අමාරු

    :D

    එල මචන් වැදගත්....

    11.gif
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කාක බුජන්දර නාඩි ග්‍රන්ථයට අනුව සුර්යා වටා ග්‍රහයන් 17 දෙනෙකු පරිබ්‍රමණය වන බව සදහන් වේ .
    එයට අනුව රවී (සුර්ර්යා ,බුද ,සිකුරු ,චන්ද්‍රයා ,අගහරු ,සෙනසුරු ,බ්‍රහස්පති ,මේවා නම් සොයාගෙන තිබෙන්නේ ,මේවා
    මැතකදි හොයා ගත්තුවා ,කන්ටකන් (යුරේනස් ),සමරාසන (නෙප්චුන් ),,බ්‍රමසුරි (ප්ලුටෝ )
    මේවා ඉදිරි කාලයේදී දර්ශනය වෙයි
    වීරන්
    අරකන්
    පෙරුහරන්
    ගුනන්
    දසානි
    උපුටා ගැනීම (අබිනව ලිත් හෝඩිය හා මුහුර්ත සාදනය (ආනන්ද මයිත්‍රී හිමි ):D:D:D:D

    එකියනේ දැනටත් ඔය නැකත් බලන්නේ එහෙම ඔය උබ දාල තිබ්බ සොයානොගත් ග්‍රහයින්වත් ගණන් අරන්ද ?:confused:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මරුසිරා;19674260 said:
    එකියනේ දැනටත් ඔය නැකත් බලන්නේ එහෙම ඔය උබ දාල තිබ්බ සොයානොගත් ග්‍රහයින්වත් ගණන් අරන්ද ?:confused:
    oya gara kiyala jothish wala kiyanne ahase inna grahayangen niwedkathwayak thiyena aya withrayi salakanne ,e grahayan pruthuwiyata balapana kaalayata eyalath yoda ganawa
    man sacn karala atikal eka dannam