මේ 21වන සියවසයි.කාර්මික විප්ලවයෙන් ඇරඹී මිනිසා විවිධ දියුණු තාක්ෂණයන් විද්යුත් බලය තුලින් වර්ධනය කිරීම සඳහා තම මනස මෙහෙයවන්නා වූ කාලයකි.අතීතයේ තිබූ සන්නිවේදන ක්රම ගිලිහී ගොස් නව තාක්ෂණික ක්රම භාවිතා කර සිදුවන්නා වූ සන්නිවේදන ක්රම භාවිතයට හුරුවීමත්සමඟ අද මුළු ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වී ඇත.බටහිර චින්තනය තුළින් ඇරැඹි මෙම කාර්මික විප්ලවය මගින් අද දින සෑම රටක්ම පාහේ බටහිරකරණයට යොමුවේ.
සංස්කෘතියක් තළට තවත් සංස්කෘතියක් රිංගවීම ලෙසින් මෙම ක්රියාවලිය තුලින් සංස්කෘතීන් මිශ්රවී නව සංස්කෘතියක් බිහිවේ.එම බිහිවන්නාවූ නව සංස්කෘතිය අචිචාරු සංස්කෘතියකි.ආසියානු රටවලට මෙම සංස්කෘතින් මිශ්රවීම ඔවුන්ගේ සිරිත්විරිත්වලට ,ආගමට,සදාචාරයට,හා ඔවුන් කලක් තිස්සේ රැකගෙන ආ ආචාරධර්මවලට දැඩි බලපෑමක් එල්ල කරයි.විශේෂයෙන්ම ශ්රීලාංකිකයන් වන අපට මෙම ක්රියාඅවලිය තුළින් ඇතිවන්නා වූ ඝට්ටනය තදින්ම බලපායි.එය මොලයක් ඇති ඕනෑම ශ්රීලාංකිකයකුට තේරෙන්නාවූ කරුණකි.
මෙම සංස්කෘති මිශ්රවීම තුළින් අපගේ ආචාරධර්මවලට,අපගේ සිරිත්විරිත්වලට සිදුවන්නාවූ හානිය සුලුපටු නොවේ.ගෝලීයකරණය යනු මෙයයි.
ගෝලීයකරණය නරක දෙයක් නොව එය මගින් අප මනසට ලබා ගන්නා දේ අනුවයි විනාශය සිදුවන්නේ.ඉතින් අප දැන දැනත් මේ විනාශය කරා ඇදීයන්නේ ඇයි?අප විසින්ම අපගේ ජාතිය හා ආගම විනාශ කරගන්නවාද නැතහොත් අප සැම එකාමෙන් ශක්තිමත්ව නැඟී සිට අපට සිදුවන්නාවූ මෙම අභාග්ය සම්පන්න ඉරණම වලක්වාගන්නවාද යන්න සිතා බැලිය යුත් කාලයයි මේ.අපට අපගේ මනස පාලනය කිරීමට නොහැක්කේ මන්ද?නූතන බටහිර විද්යාවටත් හසුකරගත නොහැකි(බොරු කළ නොහැකි)දෘෂ්ටියකින් යුතු නිර්මල බුදු දහම පවත්නා රටක් වන අප රටේම වුන්ගේ මනස මෙතරම් දුර්වල තත්වයකට ඇදවැටුනේ ඇයි?හේතුව අධ්යාත්මය පරයා ලෞකිකත්වයේ නැගී සිටීමයි.
තමන්ගේ සැප පමණක් සිතන,මුදලේ බලයට ඔලුව නමන,මුදල්වලට ඕනෑම පහත් වැඩකට පෙලඹෙන තත්ත්වයට අපගේ සිත කිලිටි වී ඇත.
මේ බුදුන්ගේ දේශය යැයි කියා ගන්නා මිනිසුන් වෙසෙන අභිමානවත් ජාතියකට හිමිකම් කියන අපගේ ශෝචනීය ඉරණමයි.අපගේ සිත්වල මෙම කිලිටි අදහස් පවතින් තාක්කල් අපට කවදාවත් ජාතියක් ලෙස නැගී සිටීමට නොහැක.තවත් කාලයක් මේ ක්රියාවලිය දිගටම රැදුනොත් අපට අපටම කියා ජාතියක් ආගමක් කියා දෙයක් ඉතුරු නොවේ.බටහිරින් එන ඕනම කුණුගොඩක් මහ ඉහලින් පිලිගන්නටත් අප කාලයක් තිස්සේ රැකගෙන ආ අපගේ ආචාර ධර්ම,සිරිත් විරිත් සමච්චලයට ලක් කිරීමටත් අද සමහර තරුණ පිරිස් පුරුදු වී ඇත.
අපට අපගේ අභිමානවත් අතීතයකට උරුමකම් කියන ලද ඒ අභිමානවත් සංස්කෘතිය එසේ අමතක කළ හැකිද?ගෝලියකරණය තුළින් අප අපගේ රටට සංස්කෘතියට හානියක් නොවන කොටස් පමණක් අප ලබා ගත යුතුයි.එසේ නොමතිව බටහිරෙන් කියන සෑම දෙයක්ම හිස්මුදුනින් පිලිගැනීමට නොගොස් නුවණින් විමසා බලා කටයුතු කල යුතුයි.එසේනම් අප අපගේ සිත් පාලනය කර ලෞකික පැත්තට බර වූ අපගේ ජීවිතවලට අධ්යාත්මික ආලෝකය ලබාගැනීම තුළින් වඩාත් යහපත් ජීවිතයක් ගත කරනවාද,නැතහොත් මුදල් පසුපසම ගොස් කාර්යබහුල ලෞකිකව පමණක් සිතන අසහනකාරී ජීවිතයක් ගතකර හිස් මිනිසෙකු ලෙසම මිය යනවාද යන්න සිතා ආපසු හැරිය යුතු කාලයයි මේ.