අප හැරුණු කොට අනකුත් ජීවින්, ලෝක ගැන බුදු ද&#3

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
ඉහලම ස්ථර(ලෝක) ලෙස හදුන්වන්නෙ අරූපාවචර බ්‍රහ්ම ලෝකයන් 4..ඒ ලෝක වල ජීවීන්ට රූපයක් නැතිනිසා ඇවිදින්න කතාකරන්න කන්න බෑ..පේන්නෙ ගද සුවද දැනෙන්නෙ නෑ...එම ජීවීන් ඕපපාතික ලෙස උප්පත්තිය ලබනවා..මනුෂ්‍ය භවයක ඉපිද අනාගාමී වූ පුද්ගලයන් තමයි අරූපාවචර ලෝකයක උපත්තිය ලබන්නෙ...මෙම ලෝක වල ආයූෂ මහා කල්ප 1000යි..ඉන් 500 ක් ඉවර වෙන්න ඉස්සර රහත් වෙනවා නම් ඔහු අන්තරා පරිනිබ්බායි ලෙස හඳුන්වනවා. 500 ට පසු රහත් වෙනවා නම් උපහච්ච පරිනිබ්බායි ලෙසයි හඳුන්වන්නේ. උත්සාහ නොගෙන රහත් වෙනවා නම් අසංකාර පරිනිබ්බායි. උත්සාහ ගෙන රහත් වෙනවා නම් සසංකාර පරිනිබ්බායි ලෙස ද හඳුන්වනවා.

You find these details in Buddhist books. I studied them well and thoroughly and got an 'A' pass in Buddhism at the O/L. :cool:

You too can study them well and get a good pass at exams. :)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
Let's discuss what our religious texts say about this, as well as our own view on the issue.

දිව්‍ය ලෝක ගැන විශ්වාස නොකළට කමක් නැහැ. යහපත් ලෙස හැසිරීමට, ශීල සමාධි ප්‍රඥා දියුණු කර ගැනීමට එය බාධාවක් නෙවෙයි. නමුත් මෙන්න මෙහෙම කතාවක් කියනවා: යම් කැලෑ පාරක හොර මුලක් ඉන්න බව මිනිස්සු කියනවා. අප එය විශ්වාස කරන්නෙ නෑ. නමුත් වඩා සුදුසු කොයි දේටත් සූදානමින් යාමයි. ඒ නිසා, හොරු නැති බව විශ්වාස කළත් අප යන්නෙ පිරිසක් සමග, වටිනා දේ සඟවාගෙන. ධර්මයේ හැසිරීමත් ඒ වගේ. අපාය, දිව්‍යලෝකය ගැන විශ්වාස නොකළට, කර්මය විශ්වාස නොකළට කමක් නැහැ. මාර්ගයේ ගමන් කිරීම කෝකටත් හොඳයි. :D
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඔය දිව්‍ය, බ්‍රහ්ම වගේ වචන යොදාගෙන තියෙන්නෙ තේරුම් ගැනීමේ පහසුවට...ඇත්තටම ඉන් අදහස් වෙන්නෙ මිනිස් මනසට වඩා ඉහල මනසක් තියන 'ජීවීන්'..:yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
Sudunone,

What I believe in is scientific attitude.

Example - We have reason to believe in the solar system (sun and the planets), the universe, theory of relativity, electromagnetic waves, etc.

Sometimes we have give wrong answers to the science papers in order to get an A. For example, pluto is now not a plant but a "dwarf planet".

Therefore, everything described in science is not exactly the truth.

Here we are discussing about the "spiritual structure" of the universe, and what you mentioned 'solar system', 'electromagnatic waves'....etc are just the physical structure.
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔය දිව්‍ය, බ්‍රහ්ම වගේ වචන යොදාගෙන තියෙන්නෙ තේරුම් ගැනීමේ පහසුවට...ඇත්තටම ඉන් අදහස් වෙන්නෙ මිනිස් මනසට වඩා ඉහල මනසක් තියන 'ජීවීන්'..:yes:

බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නෙනම් මනස ගොඩක් දියුණු කළ, ධ්‍යාන ලාභීන් බව දැක්වෙනවා.
දිව්‍යලෝකවල එහෙමම නෙවෙයි නේද? සම්‍යක්දෘශ්ටික මෙන්ම මිත්‍යාදෘශ්ටික දෙවි වරුනුත් ඉන්නවනෙ. (තමන්ගෙ ආගමේ අය ඇරුණුකොට වෙනත් ආගම්වල අයටත් දිව්‍යලෝකෙ යන්න පුලුවන් කියල පිළි ගන්නෙ බුද්ධාගමේ විතරයි වෙන්නැති.)

වෙනත් ජීවීන් බව තවත් පැහැදිලි වෙනවා ඔවුන්ගේ රූපය මිනිසුන්ට වඩා සියුම් බව දැක්වීමෙන්, ඔවුන්ගේ ආහාර අපට වඩා වෙනස් බව දැක්වීමෙන්, ඔවුන්ගේ ජීවිත කාල අපට වඩා වෙනස් බව දැක්වීමෙන්.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බ්‍රහ්ම ලෝකවල උපත ලබන්නෙනම් මනස ගොඩක් දියුණු කළ, ධ්‍යාන ලාභීන් බව දැක්වෙනවා.
දිව්‍යලෝකවල එහෙමම නෙවෙයි නේද? සම්‍යක්දෘශ්ටික මෙන්ම මිත්‍යාදෘශ්ටික දෙවි වරුනුත් ඉන්නවනෙ. (තමන්ගෙ ආගමේ අය ඇරුණුකොට වෙනත් ආගම්වල අයටත් දිව්‍යලෝකෙ යන්න පුලුවන් කියල පිළි ගන්නෙ බුද්ධාගමේ විතරයි වෙන්නැති.)

වෙනත් ජීවීන් බව තවත් පැහැදිලි වෙනවා ඔවුන්ගේ රූපය මිනිසුන්ට වඩා සියුම් බව දැක්වීමෙන්, ඔවුන්ගේ ආහාර අපට වඩා වෙනස් බව දැක්වීමෙන්, ඔවුන්ගේ ජීවිත කාල අපට වඩා වෙනස් බව දැක්වීමෙන්.

අරූපාවචර ලෝක වල ඉපදෙන්නේ අරූප ධ්‍යාන ලබපු අය...මනුෂ්‍යයෙක් වශයෙන් ඉපිද අරූප ධ්‍යාන ලබාගෙන ඒවාට සමවැදී ඉන්න තියන ආශාව ඒකට බලපානවා..(සත්ත්වයා සසර බැද තබන බැමි වලින් එකක් තමයි අරූපරාගය)

නෑ..මිථ්‍යාදෘෂ්ටිකයෙකුට සුගතියේ ඉපදෙන්න තියන අවස්ථාව ඉතාම අඩුයි..‍ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි පියවර සම්මා දිට්ඨීය තියෙන්න ඕනි මනුෂ්‍ය ලෝකයට වඩා ඉහල ලෝකෙක ඉපදෙන්න..(ඉහල ලෝක කිව්වෙ මානසික මට්ටමෙන්...)අඩුම තරමින් කර්මයවත් විශ්වාස කරන් ඕනි...
 
අවස්ථාව ඉතා අඩුයි. නමුත් කුසල කර්ම කිරීමට ආගම බාධාවක් නොවෙයිනෙ.

සිදුහත් බෝසතාණන් නොයෙකුත් ආචාර්යවරුන් ළඟට ගියානෙ. ඒ ආචාර්යවරුන් අතර හිටියා රූපාවචර/ අරූපාවචර ධ්‍යානලාභීන්. අසිත තවුසාත් බ්‍රහ්ම ලෝකෙකනෙ උපදින්න නියමිතව තිබුණෙ. ඉතා දිගු ජීවිත කාලයක් ඒ ලෝකවල ඇති නිසා ඒ ආගමිකයන් හිතුවෙ ඒක සදාකාලිකයි කියල. කොච්චර දිග වුණත් කෙළවර වෙනව කියල තේරුම් ගත්තෙ බුදු හිමියන්. නමුත් භාවනායෝගීන් ඉන්නවා වෙනත් ආගම්වලත්.

බුද්ධෝත්පාද කාලවල සුගති පිරී යනවා කියන්නෙ කුසල් කරන පුද්ගලයින් වැඩි නිසා. අනික් කාලවලත් හොඳ වැඩ කරන අය යනවා. බ්‍රහ්ම ලෝකවල යන්නනම් ධ්‍යාන වඩන්නම ඕනෙ. නමුත් ශක්‍රයා එහෙම දිව්‍ය ලෝකෙ ගිහින් තියෙන්නෙ බලවත් කුසල කර්ම නිසා-මට මතක විදිහට කරුණු 5ක් කියවෙනවා; ජීවිතය පුරාම බොරුවෙන් වැළකීම, දෙමවුපියන්ට සැලකීම... ඔය ආදී වශයෙන්. (මං ඔය සීන් එක දැන ගන්නකොට ටූ ලේට්. ඒ වෙනකොට සෑහෙන්න බොරු කියල, අම්මලා එක්ක රණ්ඩු කරල එහෙම තිබුණේ. :() ඒ වගේ කුසලයන් කිරීමට බෞද්ධයෙක්ම වෙන්න ඕනෙ නෑ.

නමුත් ඇතැම් ආගම්වල අකුසල කිරීමට පොළඹවනවා. උදාහරණයක් විදිහට ඇතැම් බටහිර රටවල ජීවත් වෙලා වැඩක් නෑ කියල හිතුනම දිවි නසාගන්න, දිවි නසන්න උපකාර කරනවා. (euthanasia) ඇතැම් දරුවන් දැඩි සේ ගිලන් වූ මවුපියන්වත් එලෙස මරා දමනවා. කෙළින්ම ආනන්තරීය පාපකර්ම.

රෝගී වූ සහ අනවශ්‍ය සතුන් මැරීමනම් අතීතයේ සිට සිදු වුණා ඒ රටවල-ඔවුන් හිතන්නෙ සතා දුක් විඳීමෙන් බේර ගත්ත කියල. ඉතින් හොඳ කරනවා කියල හිතල කරන්නෙ නරක වැඩ. දැන් වුණත් ආගමෙ නාමයෙන් මිනී මැරීම, සතුන් බිලි දීම වගේ වැඩ කළාම දිව්‍ය ලෝකෙ යන්න බෑ. නමුත් අනාථයින්ට සැළකීම, වයෝවෘද්ධයින් රැක බලා ගැනීම, සත්ව අවිහිංසාව වගේ දේවලට කැප වුණු අන්‍යාගමිකයින් ඉන්නවනෙ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බුද්ධෝත්පාද කාලවල සුගති පිරී යනවා කියන්නෙ කුසල් කරන පුද්ගලයින් වැඩි නිසා. අනික් කාලවලත් හොඳ වැඩ කරන අය යනවා. බ්‍රහ්ම ලෝකවල යන්නනම් ධ්‍යාන වඩන්නම ඕනෙ. නමුත් ශක්‍රයා එහෙම දිව්‍ය ලෝකෙ ගිහින් තියෙන්නෙ බලවත් කුසල කර්ම නිසා-මට මතක විදිහට කරුණු 5ක් කියවෙනවා; ජීවිතය පුරාම බොරුවෙන් වැළකීම, දෙමවුපියන්ට සැලකීම... ඔය ආදී වශයෙන්. (මං ඔය සීන් එක දැන ගන්නකොට ටූ ලේට්. ඒ වෙනකොට සෑහෙන්න බොරු කියල, අම්මලා එක්ක රණ්ඩු කරල එහෙම තිබුණේ. :() ඒ වගේ කුසලයන් කිරීමට බෞද්ධයෙක්ම වෙන්න ඕනෙ නෑ.

ඒක ඇත්ත..ඒක තමයි මං කලින් පෝස්ට් එකේ කීවේ කර්මය පිළිගැනීම ගැන...සමහරු පිං පව් ගැන විශ්වාස කරන් නෑනෙ...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
කුසලය කියන්නෙ මොකක්ද කියන එකවත් තේරෙන්න ඕනෙ තමයි. නැත්නම් කුසල් කියල රැස් කරන්නෙ අකුසල්නෙ.
කර්මය පිළි ගන්නම අවශ්‍ය නෑ නේද? මොකද, සමහරු ඉන්නව හොඳ දේවල් කරන, නමුත් කර්මය, පුනර්භවය විශ්වාස නොකරන. මගෙ යාලුවෙක් ඉන්නව පරම්පරානුගතව කොමියුනිස්ට් චින්තනයක් තියෙන. කර්මය කියන වචනෙටත් හිනා වෙනවා. නමුත් එයා හරියට අනික් අයට උදවු උපකාර කරනවා; සතුන් රැක බලා ගන්නවා; බොරු කියන්නෙ, පරුෂ වචන කියයන්නෙ, හොර කරන්නෙ නැහැ; රස්සාව හරියට කරනවා. එයානම් කෙළින්ම දිව්‍යලෝක යන සයිස් එක්කෙනෙක්. හොඳ වැඩ කරන්නෙ ඒවායින් අනික් අයට හොඳක් වෙන නිසා සහ එයා හරි කියල පිළි ගන්න නිසා. නැතුව ඒවයින් හොද විපාක ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
සිදුහත් බෝසතාණන් නොයෙකුත් ආචාර්යවරුන් ළඟට ගියානෙ. ඒ ආචාර්යවරුන් අතර හිටියා රූපාවචර/ අරූපාවචර ධ්‍යානලාභීන්. අසිත තවුසාත් බ්‍රහ්ම ලෝකෙකනෙ උපදින්න නියමිතව තිබුණෙ. ඉතා දිගු ජීවිත කාලයක් ඒ ලෝකවල ඇති නිසා ඒ ආගමිකයන් හිතුවෙ ඒක සදාකාලිකයි කියල. කොච්චර දිග වුණත් කෙළවර වෙනව කියල තේරුම් ගත්තෙ බුදු හිමියන්. නමුත් භාවනායෝගීන් ඉන්නවා වෙනත් ආගම්වලත්.

ඔව්..උද්දකරාමපුත්ත නෙවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යානය හා ආලාරකාලාම ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ලබාගෙන හිටියා කියලා තියනවා..ඒගොල්ලො හිතන් හිටියේ ඒක නිවන කියලා...
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කුසලය කියන්නෙ මොකක්ද කියන එකවත් තේරෙන්න ඕනෙ තමයි. නැත්නම් කුසල් කියල රැස් කරන්නෙ අකුසල්නෙ.
කර්මය පිළි ගන්නම අවශ්‍ය නෑ නේද? මොකද, සමහරු ඉන්නව හොඳ දේවල් කරන, නමුත් කර්මය, පුනර්භවය විශ්වාස නොකරන. මගෙ යාලුවෙක් ඉන්නව පරම්පරානුගතව කොමියුනිස්ට් චින්තනයක් තියෙන. කර්මය කියන වචනෙටත් හිනා වෙනවා. නමුත් එයා හරියට අනික් අයට උදවු උපකාර කරනවා; සතුන් රැක බලා ගන්නවා; බොරු කියන්නෙ, පරුෂ වචන කියයන්නෙ, හොර කරන්නෙ නැහැ; රස්සාව හරියට කරනවා. එයානම් කෙළින්ම දිව්‍යලෝක යන සයිස් එක්කෙනෙක්. හොඳ වැඩ කරන්නෙ ඒවායින් අනික් අයට හොඳක් වෙන නිසා සහ එයා හරි කියල පිළි ගන්න නිසා. නැතුව ඒවයින් හොද විපාක ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් නෙවෙයි.

එළ එළ!!!:)
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මනුෂ්‍ය ලෝකය දුක-සැප සමබරව තියන තැනක්...

මානසික තත්ත්වයන් අනුව මිනිසාට වඩා පහල ස්ථර එහෙමත් නැත්නං ලෝක 5ක් තියනවා..ඒවා දුක්ඛ ලෝක ලෙස හදුන්වන්නෙ..අතිකුෂද්‍රජීවී වෛරස් වල ඉදන් අලියා දක්වා සියලුම සතුන් අයත් සත්ත්ව ලෝකයත්(තිරච්චීණ යෝනි) මානසික තත්ත්වයන් මත පදනම්ව වර්ග කලොත් මනුෂ්‍ය ලෝකයට වඩා පහල ලෝකයක්...ඒ බව පැහැදිලියි නෙ...
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
දුක සැප දෙකම අවබෝධ කරන්න පහසුයි මනුෂ්‍යයෙකුට.

මොනවද පහළ ලෝක?
නිරය, ප්‍රේත, තිරිසන්...?
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
දැන් ඔය දේව, බ්‍රහ්ම වගේ නම් වලින් හදුන්වන ජීවීන්ට මහාලොකු බලයන්, මැවීමේ හැකියාවන් කිසිදෙයක් නෑ...තියෙන්නෙ මිනිසාට වඩා දියුණු මනසක් විතරයි...දැන් බල්ලො, වදුරෝ වගෙ සත්තුන්ට වඩා දියුණු මනසක් මිනිසාට තිබුණට මිනිසාට මහාලොකු බලයක් නෑ නෙ...:rofl:
 
roshant

Member
Sep 25, 2008
4,836
157
0
Mars-Deimos-Phobos
thla 31 k gana sadhan wenava
mata suthraya mathka na ban

The 31 planes of existence

Typical life span not set unless shown in paranthesis; time is in our earth years, for the devas their celestial days and years are different from our concepts of time:
1. Purgatory
2. Asuras
3. Ghosts
4. Animals
5. Humans
6. Devas of the Four Great Kings (9 million years)
7. The 33 Gods (36 million years)
8. Yama devas (144 million years)
9. Contented devas (576 million years)
10. Devas delighting in creation (2.3 billion years)
11. Devas wielding power over others’ creations (9.2 billion years)
Numbers 1 – 11 are in the realm of the sense world, can experience sense pleasures and displeasures, mostly pleasure for the devas (impermanent gods or angels).
12. Retinue of Brahma (one-third of an aeon) [1]
13. Ministers of Brahma ((half an aeon) [1]
14. Great Brahmas (one aeon) [1]
15. Devas of limited radiance (2 aeons) [2]
16. Devas of unbounded radiance (4 aeons) [2]
17. Devas of streaming radiance (8 aeons) [2]
18. Devas of limited glory (16 aeons) [Third jhana, minor degree]
19. Devas of unbounded glory (32 aeons) [Third jhana, medium degree]
20. Devas of refulgent glory (64 aeons) [Third jhana, highest degree]
21. Very fruitful devas (500 aeons) [4]
22. Unconscious beings (500 aeons) [4]
23. Devas not falling away (1,000 aeons) [4]
24. Untroubled devas (2,000 aeons) [4]
25. Beautiful, clearly visible devas (4,000 aeons) [4]
26. Clear-sighted devas (8,000 aeons) [4]
27. Peerless devas (16,000 aeons) [4]
Numbers 12 – 27 are in the realm of form. There is a subtle body and these deva realms are superior to those in the sense realm. One attains rebirth to these planes based on kamma and spiritual attainments. Attainment of certain jhanas at the time of death or sometime during your life can lead to these levels. The jhana level associated with the levels above is shown in [brackets].
28. Sphere of Infinity of Space (20,000 aeons)
29. Sphere of Infinity of Consciousness (40,000 aeons)
30. Sphere of No-thingness (60,000 aeons)
31. Sphere of Neither Perception nor Non-Perception (84,000 aeons)
Numbers 28 – 31 are in the realm of the formless. This means there is no body of any kind. There is just a type of consciousness, conventional existence as we know it, but without a body. The life spans are very long in the formless realm and one attains to these levels by the formless jhanas these planes are named after, jhanas or realms 5 to 8. Numbers 28- 31 are not necessarily the best places to be. At these levels, one cannot hear the Dhamma from a Buddha or arahant on earth or any other planet.
The best destinations are the pure abodes at numbers 23 – 27 which are deva realms for non-returners. Rebirth to these planes means that enlightenment will be attained while at one of these planes of existence.
 
  • Like
Reactions: sudunone