අබ්දුල්... මේ තරම් කීකරුද කළුගල්
උපුටා ගැනීමකී -> http://www.divaina.com/2012/07/15/feature06.html
අබ්දුල්... මේ තරම් කීකරුද කළුගල්
"මේ තරම් සියුමැලි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා.....
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා....."
සුනිල් එදිරිසිංහයන්ගේ හඬ ඈතින් ඇසෙන හෝරාවක ඓතිහාසික කදම්භ නදිය පසුකර මම ඡේතවන මහා දාගැබ දෙසට පියවර මනිමින් සිටියෙමි. මල්වතු ඔය නිසොල්මනේ ගලා බසී. ඔය ඉවුර ආසන්නයේ කුඩා අතුපැලකින් කටුවකින් ගලකට කොටන හඬක් ඇසේ. මම ඒ දෙසට පියවර මැන්නෙමි. කුඩා අතුපැල වසා පැතිරී අතුපතර අතරින් කටුමැටි බිත්තියකට හේත්තු වී මා දෙස බලා සිටින පොළොන්නරුවේ මහා පැරකුම්බාවන්ගේ පිළිsරුව දුටු සැණින් තිගැස්සීමි. දෑතේ පුස්කොළ පොත රඳවා ගත් මහා පැරකුම්බාවන් නිසොල්මනේ මා දෙස බලා සිටී. මම තවත් ඒ දෙසට ළංවීමි. හිත්පිත් නැති කළුගල් කුට්ටි තුළින් ජීවය ලැබූ අපේ උරුමයන් තැන තැන මහත් අභිමානයෙන් යුතුව සැදී පැහැදී සිටිනු දක්නට ලැබිණි. පෙම්වතා තම කරවටා අත යෑවූ නිසා ලැඡ්ජාවට පත් ඉසුරුමුණි පෙම්වතිය බිම බලා සිටී. මන්දස්මිතය මුසු වූ ඉසුරුමුණි පෙම්වතාගේ ප්‍රේමාන්විත බැල්ම ඈ දෙසට යොමු වී තිබේ. ඇතැම් පුරාවස්තූන්ට ජීවය ලැබ රටේ සතර දිග්භාගයේ නොව විදේශවල ද ඇවිදින මේ යුගයේ ඉසුරුමුණි විහාරයේ ලැගුම්ගෙන සිටි ඉසුරුමුණි පෙම් යුවළ හොර රහසේම මෙතැනට පැන ආවේදැයි මා තුළ කුකුසක් මතුවිණි. පෙම් යුවළට පසෙකින් තබා තිබූ සඳකඩ පහණේa ගමන් කරන ඇත්, අස්, ගව ආදී සත්ව හා ලියවැල් පන්තීන් දුටුවිට මා පැමිණ සිටිනුයේ අභයගිරි විහාරයට දැයි සැක සිතිණි. එහෙත් ඒ කුකුස වැඩිවෙලා නොපැවතිණි.
".... එන්ඩ මහත්තයා වාඩිවෙන්ඩ.... " ඉතාම ළෙන්ගතු හඬක් සමඟ අබලන් වූ පුටුවක් ද රැගෙන මේ උරුමයන්ට දෑස් දුන් මිනිසා මිදුලට බැස්සේය. පුටුව මිදුලේ තබා ඔහු මට මිදුලට ආරාධනා කළේ මඳක් නැමී ඔහුගේ පැල්පතට ඇතුල්වන්නට යැමේදී මට කිසියම් අපහසුවක් ඇතිවේදොaයි යන සැකය නිසා යෑයි මට සිතිණි.
මගේ මාධ්‍ය සගයා සැපයූ තොරතුරු සියයට දෙසීයක් නිවැරැදිය. මේ ළෙන්ගතු මිනිසාගේ සෑම වචනයකම, බැල්මකම ඇත්තේ අව්‍යාජ බව හා අහිංසක බව පමණි. ඔහු ඉරහඳ අල්ලන්න යන්නේ නැත. මහා මන්දිර, යාන - වාහන, දහසින් බැඳි පියලිs, තාන්න - මාන්න බලාපොරොත්තු වන්නේ නැත. ඔහුගේ මුළු ජීවිතයම මේ කලාව හා බැඳී, එතී බද්ධ වී තිබේ. එය සම්, මස්, ඇට, ලේ නහර හරහා ඇට මිදුළු තුළට කිමිද අද ඔහුගේ ආත්මය බවට පත්ව තිබේ. එදා හෙළ රජ දවස අතීත ශ්‍රී විභූතිය ඉස්මතු කරන්නට වෙර දැරූ ඒ වීරෝදාර පරපුරේ මුල් පුරුකක් වී ඔහු අනිවාර්යයෙන්ම සිටින්නට ඇත. එම ආත්මීය ගති ලක්ෂණ, සංසාරගත පුරුද්ද, අවිච්äන්නව අද දක්වා පැමිණ ඇතැයි මට සිතේ.
ඔහු සමඟ කතාබහ කිරීම පවා ඉතාමත් ප්‍රියජනකය. ඒ වදන් එතරම් ළගන්නාසුලුය. හිත් පිත් නැති කළුගලක් සංවේදී මානව රූපයක් කිරීමට ඒ සිතිවිලි සමත් වන බව ඔහුගේ කතා විලාශයෙන්ම පෙනේ.
ඔහුගෙන් ලද කහට කෝප්පයේ රස බලමින් මම ඔහු සමඟ කතාබහට එක්වීමි.
කතාබහ ආරම්භයේදීම ඔහු මුස්ලිම් ජාතිකයකු සේම ඉස්ලාම් භක්තිකයකු වීම පිළිබඳව මම මවිතයට පත් නොවීමි. දිවංගත ගායන ශිල්පීන් වන අල්aහාඡ් මොහිදින් බෙග්, ඒ. ඡේ. කරීම් ආදීන් ගැයූ ගීතවලින් සියයට අසූවක්ම බුදුගුණ ගීතයි. මර්සලින් ජයකොඩි පියතුමන් හැඳින්වූයේ "පන්සලේ පියතුමා" යනුවෙනි.
කමල් පෙරේරාගේ අබ්දුල් වාහීඩ් උපන්නේ 1948 වසරේ නොවැම්බර් මස (දිනය මතක නැත) අනුරාධපුර පැරැණි රෝහලේදීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලා භාරකරුවකු වූ අබ්දුල්ගේ පියා විවාහ වූයේ මුස්ලිම් ජාතික කාන්තාවක සමඟය.
අබ්දුල් කලාකරුවා අපූරු කතාවක් කීවේය. "..... 1950 ගණන්වල සෙනරත් පරණවිතාන මහත්තයා අපිත් එක්ක බෝල ගහනවා....... මට එතකොට වයස අවුරුදු 5 ක් 6 ක් ඇති...... අපේ තාත්තා සංචාරක බංගලාවේ වැඩ කරපු හින්ද මමත් හුඟක් වෙලාවට ඉන්නේ සංචාරක බංගලාවේ..... ඉතිං පරණවිතාන මහත්තයා අපි සෙල්ලං කර කර ඉන්නකොට ඇවිල්ලා අපිත් එක්ක ෆුට්බෝල් ගහනවා..." ඔහු වසර ගණනාවක අතීතය ආවර්ජනය කළේ මහත් සොම්නසිනි.
කුඩා කල සිටම කලා නිර්මාණ සඳහා විශේෂයෙන් ගල් කැටයම් සඳහා විශේෂ ඇල්මක් දැක්වූ අබ්දුල් වාහීඩ් තරුණයාට මධ්‍යම සංස්කෘතික අරමුදලේ රැකියාවක් ලැබීම ඔහුගේ මනදොළ සපුරාලන්නක් විය. ඊට හේතු වූයේ සඳකඩපහණ, කොරවක්ගල්, මුරගල් ආදී අපේ අතීත ශ්‍රී විභූතියේ අභිමානවත් අවශේෂයන් අතර දවසේ වැඩි කාලයක් ගත කිරීමට අවකාශ සැලසීමයි.
අභයගිරි විහාර පරිශ්‍රයේ නිසල පරිසරයක වැඩ හිඳිනා මුළු ලොවක් වශී කළ සමාධි බුදුරුව දෙස අබ්දුල් පැය ගණනාවක් බලා සිටියේය. සඳකඩපහණේ නිර්මාණ රටාවන් අතරේ ඔහුගේ නෙත සිත නැවතී තිබිණ. ඒ නිකම්ම නොවේ. කෙසේ හෝ තම අතින් මෙවන් නිර්මාණ එළිදැක්වීමටය.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ රාජකාරියෙන් විශ්‍රාම ගත් පසු ඔහුගේ සියලු කාලය ගෙවුණේ ගල් කැටයම් අතරේය. ඒ අනුව සඳකඩ පහණ, මුරගල, කොරවක්ගල, බුදු පිළිම, සීගිරි අප්සරා මූර්ති, ඉසුරුමුණි පෙම් යුවළ, දේව රූප ආදී වූ විවිධ කලා නිර්මාණවලට ඔහු ජීවය දුන්නේය.
අබ්දුල්ගේ නිවසේ ඉදිරිපස කොටසේ වූ මේසය මත ගලින් නිම වූ කුඩා නිර්මාණ කීපයකි. ඒ අතර දුර්වර්ණ වී ගිය සම්මාන සහතිකපත් කීපයකි. විවිධ තරග ඉසව්වලින් විශිෂ්ට ජයග්‍රහණ ලැබීම හේතුවෙන් එම සහතිකපත් ලැබී තිබිණ. ඒ ජයග්‍රහණ කඩදාසියකට පමණක් සීමා වී තිබේ. ඒ සහතික පත්‍රයට වඩා නව තාක්ෂණික උපකරණ කීපයක් ඔහුට ලබා දුන්නේ නම් එය කෙතරම් අගනේදැයි මට සිතිණ. එහෙත් අබ්දුල් මේ සියලුම දේවල් උපේක්ෂාවෙන් දරා සිටී.
මා ඔහු හමුවන මොහොතේ ඔහුගේ කටුවෙන් හා මිටියෙන් ජීවය ලැබීම ආරම්භ වී තිබුණේ සකල කලාවන්ට අධිපති ලක්ෂ්මී දෙවඟනගේ රූපයයි. ලක්ෂ්මී දෙවඟනගේ මුද්‍රිත පින්තූරයක් ඔහු ඉදිරියේ නූලකින් එල්ලෙමින් තිබේ.
තිලෝගුරු බුදුහිමියන්ගේ කරුණාව, ප්රඥව, ශාන්ත බව ආදී ලොව්තුරු බුදුගුණ ද, පරාක්‍රමබාහු නිරිඳුගේ හෝ කපිල නම් සෘෂිවරයාගේ හෝ ප්‍රතිමාවේ තිබිය යුතු ගාම්භීsර බව හා පෞරුෂය ඉසුරුමුණි පෙම් යුවළගේ ප්‍රේරaමාන්විත බව හා කෝල හැඟුම් සමුදාය සඳකඩපහණේ සත්ව හා ශාක පන්තීන්ගේ ලාලිතය, ගල්ටැම් හිසක පලාපෙති මෝස්තරයේ විචිත්රත්වය ආදී කොටගත් හැඟුම් සමුදායන් කළුගලකින් මූර්තිමත් කිරීම කොතරම් අසීරු කාර්යයක් දැයි අපට සිතේ. මාස ගණනක් දිවා - රාත්‍රී වෙහෙස වී නිම කළ නිර්මාණයක් එක කටු පහරකින් ඉවත දමන්නට සිදු වේ. එය එතරම් සූක්ෂමව කළ යුත්තකි.
දැඩි සංයමයක්, ඉවසීමක්, කැපවීමක්, පරිකල්පන ශක්තියක්, අවබෝධයක්, සතතාභ්‍යාසයක්, ප්‍රතිභාවක්, සුපහන් හැඟීමක්, මෘදු සිතක් මෙවන් නිර්මාණ සඳහා තිබිය යුතුය.
මම හොරැහින් ඔහුගේ දෙඅත බැලීමි. යකඩ කටුවට හා මිටියට නැඟූ කරගැට ඉස්මතු වී නැවත සමතලා වී ගොස් අත්ලේම කොටසක් බවට පත්වී ඇත. මම ඔහුගේ උපකරණ දෙස බැලීමි. විවිධ හැඩයේ යකඩ කටු හා මිටියක්, කුඩා නූල් පන්දුවක්, හුනුqකෑල්ලක්, අඟුරු කෑල්ලක්, පැන්සලක්, ඉඳ ගැනීමට කුඩා බංකුවක් හැරෙන්නට අන් කිසිවක් ඔහුගේ මේ මහා කර්මාන්ත ශාලාවේ නොවීය. මේ ආයුධවලින් සන්නද්ධ අබ්දුල් නිර්මාණ ශිල්පියා නිසොල්මනේ නිවී හැනහිල්ලේ තම නිර්මාණ කරමින් සිටී.
අද අප සිටිනුයේ "නැනෝ" තාක්ෂණික ලොවකය. අද ඕනෑම කාර්යයක් සඳහා නව තාක්ෂණයේ අවි ආයුධ, ආම්පන්න තිබේ. ගල්කැටයම් සඳහාද නව තාක්ෂණය යොදාගත හැකිය. ඒ පිළිබඳව මම ඔහුගෙන් විමසුවෙමි. ඔහුගේ පිළිතුර මහද කම්පා කරවීය. මිනිසුන් මෙතරම් අකාරුණික මන්දැයි සිතාගත නොහැකි තරම්ය. මේ ඔහුගෙන් මට ලැබුණු පිළිතුරයි.
"මට ආරංචියක් ආවා අනුරාධපුරෙන් ටිකක් දුර තැනක මේ වගේ වැඩ කරන වැඩපොළක් තියෙනවා කියල. ඒ අයිතිකාර මහත්තයා අනුරාධපුරේ එක එක තැන්වලට මැෂින්වලින් කපපු කැටයම් යොදලා තියෙනවා මං දැක්කා....... ඉතිං මං ගියා ඒ වැඩපොළට..... මං මිදුලට යනකොට මහත්තයෙක් ඇවිල්ලා කීව "පොඩ්ඩක් ඔහොම ඉන්න ලොකු මහත්තයා දැං එළියට එයි කියල" මට ඇහුණ ඇතුළෙ මැෂින් වැඩ කරනව..... මට ඕන වුණේa ඒ මැෂින්වලින් කොහොමද ගල් කැටයම් කැපෙන්නේ කියලා බලාගන්ඩ... ටික වේලාවකින් ඒ අයිතිකාර මහත්තයා එළියට ආව....... මං ඉතිං කාරණේ කීව..... මහත්තයා ටිකක්වෙලා කල්පනා කරල කීව.... පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ කියල....... එහෙම කියල මහත්තයා ඇතුළට ගියා..... ඒ වෙලාවේ ලයිට් ගිහිංද කොහෙද වැඩ කරපු මැෂින් ඔක්කොම නැවතුණා..... කොහොමහරි මහත්තයා ඇවිල්ල මට කීව ගිහිං බලන්න කියල..... මම ඉතිං ගිහින් බැලුව... බැලුවට වැඩක් නෑනේ......... මැෂින් වැඩ කරන්නේ කොහොමද කියල දැනගන්ඩ බැහැනේ...... අනික ඒව නැවතිල....... අනික මට වෙන විස්තර මොනවත් ලැබුණෙත් නැහැ............ මං ඉතිං අහිතක් හිතුවේ නෑ..... ඒ මහත්තයා හිතන්ඩ ඇති මං ඒව බලල ඉගෙන ගෙන ලොකු වැඩපොළක් අනුරාධපුරේ දායි කියල. අනේ මගෙ තුංහිතකවත් එහෙම දෙයක් නෑ. මම කැටයම් කීපයක් කරල ගමට රටට පෙන්නන්ඩ උත්සාහ කරනව මිසක්....." යෑයි පැවසූ ඔහු නිර්ව්‍යාජ ලෙස සිනාසුණේය.
5 වැනි ශේ්‍රණිය දක්වා පමණක් ඉගෙනගෙන ඇති මේ නිර්මාණකරුවාගේ සිත යොමු වූයේ පොතපතේ දැනුමට වඩා මෙම සුවිශේෂී නිර්මාණ කලාව වෙතයි. දිනක් ඔහුගේ මිතුරකු ගඩොල් කැටයක් උපයෝගී කර ගනිමින් කරන ලද කැටයමක් ඔහුගේ සිත පැහැර ගත්තේය. ඒ ඔස්සේ ඔහුද ගඩොල්කැටයක් මත නිර්මාණයක් කළේය. මෙය දුටු පුරාවස්තු අනුරූ අලෙවි කරන්නකු අබ්දුල් වාහිඩ්ට පැවසුවේ කළුගල් උපයෝගී කරගෙන කැටයම් කරන ලෙසටයි. ඒ අනුව යමින් එදා මෙදා තුර ඔහු විසින් ජීවය දෙනු ලැබූ නිර්මාණ සංඛ්‍යාව ගිණිය හැකි වුවද ඒවායේ පවතින ජීව ගුණය සජීවී බව ප්‍රතිභාව ගණනය කළ නොහැකිය.
අද ඔහු ඉදිරියේ ඇති අභියෝගය වන්නේ නවීන තාක්ෂණ ක්‍රමවේදයන් අනුව තම නිර්මාණයන් එළි දැක්වීමයි. ඒ සඳහා ඔහුට අතදිය හැකි කෙනකු වේ නම් මේ ඔහුගේ ලිපිනයයි.
කේ. පී. අබ්දුල් වාහීඩ්, රජරට ගල් කැටයම්, පූජා නගරය (ඡේතවන ස්තූපය අසල), අනුරාධපුරය.." දුරකථනය -0770650194
සුමේධ කරුණාරත්න
ඡායාරූප - නෝමන් ද සිල්වා

elakiri!